මියගිය අයෙකුගේ වකුගඩු කුමකටද...?

මියගිය අයෙකුගේ වකුගඩු කුමකටද...?
=========================

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරතව සිටියදී කාන්තාවක  මියයාමේ සිද්ධිය සැකසහිත බවට ඇයගේ පවුලේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබේ.

දෙදරු මවක වන නිලුකා නිල්මිණි නැමැති අදාළ කාන්තාව 2015 වසරේ ජූලි මස 03 වනදා ගෘහ සේවයට පිටත්ව ගොස් තිබූ බව වාර්තා වෙයි.

අදාළ කාන්තාව මේ මස මුල්දින කිහිපයෙන් පසු සිය දියණිය සමග දුරකථනයෙන් කතා කර නොමැති අතර පසුව ඇයගේ මිතුරන් බව කියන පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ නිලුකා පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

තවත් පුද්ගලයෙකු විසින් ඇය මියගොස් ඇති බවට දැනුම් දී තිබේ.

ඇයගේ මළ සිරුර ගෙන්වා ගැනීම සඳහා ස්වාමිපුරුෂයාගේ කැමැත්ත අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දුන්නද ඒ වන විට එම කාන්තාව අතහැර  විදෙස් ගතව සිටින සැමියා අදාළ අවසරය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා කැමැත්ත දීමටනම් ඇයගේ වකුගඩු රෝහලකට ලබාදීමට කැමැති බවට දරුවන්ගෙන් ප්‍රකාශ එවන ලෙස අදාළ පුද්ගලයා ඉල්ලා තිබේ.

පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මුදල් ගෙවා මියගිය කාන්තාවගේ මළ සිරුර ඥාතීන් විසින් ගෙන්වා ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
Nilanthi kaluarachchi 
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network