“බිරිඳ ගැබිණියක්“..! “සැමියා පොලිසියේදී ගැහැණියක්“ වෙයි..!

“බිරිඳ ගැබිණියක්“..! “සැමියා පොලිසියේදී ගැහැණියක්“ වෙයි..!


කුරුණෑගල යන්තම්පලාව නගරයේ වෙළඳසැලක් බිඳ භාණ්ඩ සොරකම් කළ බවට සැකපිට යුවළක් අත්අඩංගුවට ගැණුනා. කුරුණෑගල මූලස්ථාන පොලිසියට රැගෙනආ මෙම යුවළෙහි කාන්තාව ගැබිණියකි. පිරිමියාගෙන් පොලිසිය ප්‍ර‍ශ්න කිරීම ඇරඹුවද ඔහු වචනයකුදු පැවසුවේ නැති තැන පොලිස් උපක්‍ර‍ම භාවිතයෙන් ප්‍ර‍ශ්න කිරීමට සැරසේද්දී ගැබිණි බිරිඳ එකවරම පවසා ඇත්තේ “අනේ සර් එයා පිරිමියෙක් නෙවෙයි, ගැහැණියක්. මේ ඉන්න මිස් කොනකුට කියා පරීක්ෂා කරල බලන්න“යි කියාය.

ඒ අනුව තොරතුරු විමසද්දී අණාවරණ වී ඇත්තේ ගැබිණි කාන්තාව සහ පිරිමි වෙසින් සිටි කාන්තාව වසර 3ක පමණ කාලයක් තිස්සේ අඹුසැමියන් සේ පවුල්කන යුවළක් බවය. පිරිමි වෙසින් සිටි කාන්තාව හමුවනවිට ගැබිණි කාන්තාව වෙනත් පුරුෂයකු හා විවාහව දරුවකුද සිටි අයෙකි. පුරුෂයා හැරගොස් ඇතිනිසා පිරිමි වෙසින් සිටි කාන්තාව හා පෙම් සබඳතාවක් අරඹා ඇති ඇය, තම පෙම්වතා පිරිමියකු නොවනබව දැනගෙන ඇත්තේ කලකගතවීමෙන් පසුවය.

පසුව දෙදෙනා අතර අසම්මත සම්බන්ධයක් පවත්වාගෙනගොස් තිබෙනවා. ගැබිණි කාන්තාව ඒ ඇසුර පවතිද්දීම වෙනත් පුරුෂයකු හා සම්බන්ධයක්ද ඇතිකරගෙන ඇති අතර ඇය ගැබ්ගෙන ඇත්තේ ඔහුගෙනි. ඒ බව දැනගත් පිරිමි වෙසින් සිටි කාන්තාව ගැබිණියට පිහියකින්ද ඇන ඇතිබවද පොලිසිය අණාවරණය කරගෙන තිබෙනවා.

පිරිමි වෙසින් සිටි කාන්තාව බැලූ බැල්මට පිරිමියකුසේම පෙනෙනා බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ. පිරිමි වෙසින් සිටි කාන්තාව පිරිමින් කරන රැකියා කරමින්, කුඩාකල සිටම පිරිමියකුසේම හැසිරුණු අයෙකු බවයි වාර්තා වන්නෙ. ඇය මත්පැන් සහ දුම්වැටි පානයටද ඇබ්බැහි අයෙකු බවයි පැවසෙන්නේ.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network