රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනු - මෙම පෙස්සමට අස්සන් කර මව්බිම බෙරගන්න  (stop rani)

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනු - මෙම පෙස්සමට අස්සන් කර මව්බිම බෙරගන්න 

ලංකා ඉතිහාසයේ දැවැන්තම මුදල් වංචාව වන මහා බැංකු හොරකම , එය සිදුවූ ආකාරයත් එයට වගකිවයුතු පුද්ගලයිනුත් පැහැදිලි දත්ත හා සාක්ෂි මගින් ඔප්පු වී තිබියදීත් එම වගකිවයුත්තන් නිතිය හමුවට ගෙන ඒම වෙනුවට තවදුරටත් ඔවුන් ආරක්ෂා කිරීම මගින් අගමැති වරයා වශයෙන් තම තම තනතුරේ මූලික වගකීම් නින්දනීය ලෙස පැහැර හැර ජනතාව තබා ඇති විශ්වාශය දරුණු ලෙස කඩ කර ඇති නිසා රනිල් වික්‍රමසිංහට අගමැති ධුරයෙන් වහා ඉල්ලා අස්වීමට බලකරමු





මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි

“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි



තමන් විසින් දුෂීත බැදුම්කර නිකුත්කිරීම සිදු කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් කෝප් කමිටුව හමුවේ සාක්ෂි දුන් බව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩියූ ගුණසේකර මහතා පවසයි.

සිරස රූපවාහිනියේ නිව්ස්ලයින් වැඩසටහනේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් විසින් සභාපති ධුරය දරන ලද සමයේ මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සකසන ලද වාර්තාවේ මේ බව සටහන් කර ඇති බවයි.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හම්බන්තොට විකිණීම හා රාජපක්‍ෂ ණය (Hambanthota Port)

හම්බන්තොට විකිණීම හා රාජපක්‍ෂ ණය


==========================
හම්බන්තොට වරාය චීනයට විකිණීමට අවශ්‍ය සියළු දෙය කර අවසන් බව මුදල් ඇමතිවරයා පවසනවා. මෙය විකිණීම සඳහා ගේන සුපුරුදු තර්කය වෙන්නේ හම්බන්තොට වරාය සුදු අලියෙක් හා එමගින් රට ණය වෙලා කියන එක. ආණ්ඩුව ගේන මේ තර්ක දෙකම වැරදයි. හම්බන්තොට වරාය පාඩු ලබනවනම් චීන පුද්ගලික සමාගමක් ඒක සල්ලිවලට ගන්නෙ ඇයි? ඔබ අහල තිබෙනව ද පුද්ගලික අංශය තමන්ට ලාභයක් ලබන්න බැරි සම්පතක් විශාල මුදලක් වියදම් කරල සල්ලිවට ගනී කියල. චීන සමාගම මේක ගන්නව කියන්නෙ ම මේක ලාභ උපයන හා ඉපැයිය හැකි එකක්. පසුගිය කාලෙ දත්ත අරගෙන බැලුවත් ඒ කතාව තේරුම් ගන්න පුළුවන්. මේ ආණ්ඩුවේ ම දත්තවලට අනුව, හම්බන්තොට වරායේ 2013 ලාභය රුපියල් මිලියන 585.2යි. එතකොට 2014 දී ඒක වැඩි වෙනවා රුපියල් බිලියන 5.39කට(මිලියන 5390ක්). අති විශාල ලාභයක්. හැබැයි ඉන් පස්සෙ ලාභය දන්නෙ නැහැ. අනිවාර්යනේ ම වැටිල ඇති. මොක ද වත්මන් ආණ්ඩුව ආපු ගමන් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය හා එහි වර්ධනය අඩුවෙලා ලාභ ලබන ආයතන වැටුණා. නොකඩවා වර්ධනය 7ක තිබුණු ආර්ථිකයක් එකවර ම 2.5ට බැස්සාම ලාභය අඩුවෙනවා හා පාඩු වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි.  

හම්බන්තොට වරාය තරම් දියුණු කළ හැකි වෙනත් වරායවල් ලෝකයේ තිබෙනවා නම් ඒ ඉතා ස්වල්පයක් විය හැකියි. ඒ තරමට හම්බන්තොට වැදගත්. අනික මේකෙ උපක්‍රමික සාධකය තරම් වෙන මොනවත් මාර්කට් කරන්න ඕන නැහැ. දැන් එවැනි වරායක් තමා මේ අය තමන්ගේ තිබෙන නොහැකියා හා බැරිබැරිතා නිසා විකුණන්න යන්නෙ. 

මේ විකිණීම හරහා ඩොලර් බිලියනක (හරියට ම ඩො බිලියන 1.1ක්) ණය අපට අඩු කරන්න පුළුවන් කියල අගමැති වික්‍රමසිංහ කිව්වා. ඒක අති විශාල මුදලක්. පොර්ටි සිටියට ආයෝජනය කරන්නෙත් ඩොලර් බිලියන 1.5යි. ඒකෙන් අපට තවත් දෙයක් පැහැදිළි වෙනවා. ඒ තමයි මේ ව්‍යාපෘථි ණය වෙලා කළත් ඒවා රටේ ජාතික ධනය බවට පත්වෙලා. ඕන වෙලාවක විකුණන්න පුළුවන් කියන්නෙ මේ හරියට ලඟ තිබෙන රත්තරන් වගේ. එහෙනම් මහින්ද ගත්ත ණය රටට බරක් කියල කාට ද කියන්න පුළුවන් ද? ඕනැනම් ඔය අධිවේගී මාර්ග, මත්තල, විතරක් නෙමෙයි නොරොච්චෝලෙ පවා විකුණල කන්න පුළුවන්. හිතන්න. 

හැබැයි මේ ආණ්ඩුව කිසිදු ව්‍යාපෘථියක් නැතුව මාස 21ට ගත්ත අති විශාල ණය කන්දරාව නැවත මුදල් කරන්න බැහැ. ඒ සේරෙම එදාවේලට අරගෙන තියෙන්නෙ. වෙනස මේකයි.
- මහින්ද  පතිරණ -
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“බැදුම්කර වංචාව වැළැක්වූවානම් VAT ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි

“බැදුම්කර වංචාව වැළැක්වූවානම් වැට් ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි



වසරක කාලයක්‌ තුළදී හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම විසින් බැඳුම්කර ලබාගැනීමට රුපියල් බිලියන 66 ක්‌ රජයේ මුදල් මහබැංකුව හරහා පාවිච්චි කර ඇතැයි කෝප් කමිටුවේ සාමාජික ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

මහ බැංකුව මෙම මුදල් රජයට ලබාදී ඇත්තේ කිසිදු ආරක්‌ෂණයකින් තොරව යෑයිද ඊයේ (27 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.

2015 පෙබරවාරි මස 27 දා සිදු කළ පළමු බැඳුම්කර නිකුතුවට වඩා වැඩි පාඩුවක්‌ 2016 මාර්තු 29 වැනිදා සිදු කළ දෙවන බැඳුම්කර නිකුතුවෙන් සිදුව ඇති බව දැනට සිදුකරන පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇතැයි කී ඇමැතිවරයා රජයේ මුදල්වලින් බැඳුම්කර මිලදී ගෙන එම බැඳුම්කර යළි වැඩි පොළියට රජයටම විකිණීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතයක්‌ සිදුව ඇති බව තමා පුද්ගලිකවම විශ්වාස කරන බවද සඳහන් කළේය.

මෙම සිද්ධියේදී මුදල් මණ්‌ඩලයේ තීරණවලට පටහැනිව මහ බැංකු අධිපතිවරයා කටයුතු කර ඇති බව පෙනී යන බව කී ජයසේකර මහතා බැඳුම්කර ලබාගන්නා සෙසු සමාගම් සිය ප්‍රාග්ධන ප්‍රමාණය ඉකුත් වසරේදී සියයට 38 කින් වර්ධනය කරගන්නා විට පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සියයට 1850 කින් ප්‍රාග්ධන වැඩිකරගෙන ඇති බව කීය.

බැඳුම්කර නිකුතුව පිළිබඳ කෝප් කමිටු වාර්තාව නිකුත් කිරීමෙන් පසුව දින කිහිපයක්‌ විවාද කළ හැකි බවත් ඉන් පසුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කථානායකවරයාට එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට හා අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලබාදිය හැකි බව එම මාධ්‍ය හමුවේදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

සිදුවන දූෂණ වංචා වළක්‌වා ගන්නේ නම් වැට්‌බදු පමණක්‌ නොව වෙනත් බදු පැනවීමක්‌ද අවශ්‍ය නොවන බව ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

etisalat : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වෙගවත්කරයි

එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වෙගවත්කරයි

Etisalat telcom
එක්සත් අරාබි එමීරයේ එටිසලාට් හි වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇති, එහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ, මොහොමඩ් බින් සුලේමාන් ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස පත්ක එවා ඇත. ඔහු සෞදි රජ පවුලේ සමීපතම ඥාතියෙකු වන බවද සදහන්වේ.

ශ්‍රීපාද රක්ෂිත කළාපයේ සිදුකෙරෙන ඉදිකිරීමක් නිසා දැඩි විරෝධයකට ලක්ව සිටින එටිසලාට් හි වෙළදපොල දිනෙන් දින කඩාවැටීමට ලක්වෙමින් පවතින අතර ඒ හේතුවෙන් සමාගමේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු දැඩි අර්බුදයකට ලක්වෙමින් පවතින බව එහි අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

සමාගමේ මෙහෙයුම් කටයුතු නැවත සක්‍රීය කිරීම සහ සෞදි රජුගේ අරමුදල් මත සිදුවන ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් සහ ඉදිරි සැලසුම් වේගවත් කිරීම සදහා සුලේමාන් ලංකාවට එවා ඇති අතර මේ වන විට අදාළ ඉඩමේ නව සම්ප්‍රේශන කුළුනක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කර තිබෙන බවට සදහන් වේ.

හෝටලයක් මුවාවෙන් ඉදිකරමින් පවතින්නේ ඉස්ලාමීය මධ්‍යස්ථානයක් බවට මේ වන විට හෙළිදරව්වී ඇති අතර එම ස්ථානය කේන්ද්‍රකරගෙන ශ්‍රීපාද අඩවිය ඉස්ලාම්කරණය කිරීමේ දැවැන්ත මෙහෙයුම මේ වනවිට ආරම්භකර ඇත.

මේ අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සමාගම් ප්‍රධානීන් ඉස්ලාමීය රටවල මෙරට තානාපති කාර්යාල සමගද සාකච්ඡාකර තිබෙන බවට තොරතුරු වාර්තාවන අතර ඒ හරහා රජයට බලපෑම් කර කෙසේ හෝ ශ්‍රීපාද අඩවියේ මෙහෙයුම ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය සහසුකම් සපයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උතුරේ පොලිස් ලොක්කන්ට ප‍්‍රභාකරන් බලකායෙන් ලිපියක් – ලබා දෙන්නේ දින 21 ක් පමණයි ලු

උතුරේ පොලිස් ලොක්කන්ට ප‍්‍රභාකරන් බලකායෙන් ලිපියක් – ලබා දෙන්නේ දින 21 ක් පමණයි ලු



දින 21 ක් තුල සියලුම දෙමළ නිලධාරීන් පොලිසියෙන් වහා ඉල්ලා අස් වෙනු.
ප්‍රභාකරන් බලකායෙන් නිවේදනයක්..

උතුරු පළාතේ සේවය කරන සියලු ද්‍රවිඩ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් තර්ජනාත්මක ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතයි. මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ ‘‘ ප‍්‍රභාකරන් බලකාය’’ නමින් නම් කර ගන්නා කණ්ඩායමක් විසින්.

එහි දැක්වෙන්නේ යාපනය සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන තෙක් දෙමළ පොලිස් නිලධාරීන් තාවකාලිකව සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.

උතුරු පළාතේ පොලිස් කාර්යාලයන්හි හා පොලිස් ස්ථානයන්හි රාජකාරී කරන දෙමළ නිලධාරීන් වෙනත් ප‍්‍රදේශයකට මාරු කරන ලෙසට ද අදාළ ලිපියෙන් බලපෑම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ලබාදෙන්නේ දින 21 ක් පමණක් බව ද එහි සඳහන්.

කෙසේ වෙතත් මෙම ලිපිය යොමු කළේ කවුරුන්දැයි සොයා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උතුරට ස්වයං අයිතිය දුන්නාද ? Royal Borough of Kingston twins with Jaffna

උතුරට ස්වයං අයිතිය දුන්නාද ? Royal Borough of Kingston twins with Jaffna



ජාත්‍යන්තරයට කේලම් කියමින් උතුරේ හමුදාව ඉවත් කිරීමට බල කරමින්, ස්වයං පාලන අයිතිය ලැබුනා සේ හැසිරෙන උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්ගේ කෙරුවාව රාජ්‍ය නායකයින් නොදුටු ලෙස හැසිරෙන්නේ මේ ඔවුන්ද ගිවිසුම් ගත වූ ක්‍රියාවන් වූ බැවින් බව මේ වන විට සාක්ෂි සහිතව ඉටු වෙමින් පවති.

Royal Borough of Kingston twins with Jaffnaq
=============================

Northern Provincial Council Chief Minister C V Wigneswaran said the event was a "historic" occasion, as he addressed the ceremony attended by hundreds of locals.

His comments were echoed by Councillor Kevin Davis, who spoke of how Kingston has twinned with other cities around the world, such as in Korea and Germany, that have also suffered the "tragic loss" of war.

"One aspect is key... How can we support the reconstruction of Jaffna into a new democratic society?" said the councillor, adding that Kingston also has much to learn from Jaffna.

Though the borough does not have the largest Tamil constituency in the United Kingdom, Tamil has become Kingston's official second language - a fact reiterated by the borough's MP James Berry. He called the local community's Tamil population "exemplar", noting their high educational achievements and contributions to healthcare and business.

The move to twin the two regions drew support from all political parties in the UK noted Mr Berry. Thought the project would not solve all the war-torn regions problems, "it is a step in the right direction," he added.

Justice Wigneswaran was also upbeat about the move, thanking both Sri Lanka's Prime Minister Ranil Wickremesinghe and Sri Lanka's newly appointed High Commissioner who was in attendance, for their assistance in passing through the project. "We have come together to collaborate in keeping with 13th amendment," said the chief minister, adding that he was looking forward to "building an inclusive society and providing justice for all".

Part of doing that will have to include "reducing all forms of violence" he said, pointing out that there were "150,000 armed men in the North taking over land and livelihood". The Sri Lankan soldiers also pose a threat to the physical safety of women in the region he said, highlighting in particular the vulnerability of the tens of thousands of Tamil war widows in the North-East.

“The military is a stumbling block,” said Justice Wignewswaran. “They are running restaurants and hotels and occupying areas of tourist value.” “An inclusive society cannot be built with a counter-terrorism mind set,” he added.

Discriminatory laws, which were still present on the island, need to be done away with said the chief minister, stating it was “vital” that the international community supports the Sri Lankan government in the field of affirmative action.

The minister also highlighted several areas of business investment and development in Jaffna, including numerous factories across the peninsula.

“We look forward to the growth of British and diaspora investment,” he concluded. “May Kingston lead the way.”

http://www.tamilguardian.com/content/royal-borough-kingston-twins-jaffna
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සියල්ලන්ගේම යුක්ති සහගත සටන වත්මන් පාලනය වෙනස් කිරීමයි

සියල්ලන්ගේම යුක්ති සහගත සටන වත්මන් පාලනය වෙනස් කිරීමයි



වත්මන් පාලනය සහ පාලකයන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකුටත් යුක්ති සහගත අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සියලු දෙනාගේම යුක්ති සහගත සටන වන්නේ මෙම පාලනය වෙනස් කිරීමේ සටන බව මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ අතර දීර්ඝ කාලයක් මැතිවරණ කල් දැමු ලොව එකම ආණ්ඩුව ලෙස වත්මන් ආණ්ඩුව සම්මානයට ලක්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා  මෙම අදහස් පළ කළේය.

මේ අතර ස්වාභාවික ආපදාවන්ට මුහුණදීම සඳහා රජය නිසි වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

පන්නල නගර ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“අර්ජුන් ගැන කතා අතාරින්න.. නාමල් ඇතුලට නොදා ඉන්නම්“ Ranil &Mahinda ඩීල් එකක් !

“අර්ජුන් ගැන කතා අතාරින්න.. නාමල් ඇතුලට නොදා ඉන්නම්“ රනිල්ගෙන් මහින්දට ඩීල් එකක් !

23569-5323tggහිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව සිදුකරන FCID සහ CID විමර්ශන නවතා දැමීම සදහා මහබැංකුවේ සිදුවී තිබෙන වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහබැංකු අධිපතිට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සිදු කරන ක්‍රියාකාරකම් නවතා දමන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිවී තිබෙනවා.

ඒ සදහා හිටපු ජනාධිපතිවරයා එකග වූ බවයි සිරිකොත ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

මේ අතර පෙරේදා හිටපු මහ බැංකු අධිපතිට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමත් සමගම හිටපු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී මන්ත්‍රීවරු නිශ්ශබ්ධ කර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කර ඇති අතර හදිස්සියේ පාර්ලිමේන්තුව තුලට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගත් බවයි එම වාර්තා සදහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් ඊයේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කර සිටියේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපතිවරයාට නඩු පැවරිය යුතු බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැදුම්කර මගඩිය නිසා මහ බැංකුව ගැන විශ්වාසය බිදිලා.. රටට අපකීර්තියක් වෙලා.. අයෝජකයන් මෙරට පස් පාගන්නේ නෑ.. – susil

බැදුම්කර මගඩිය නිසා මහ බැංකුව ගැන විශ්වාසය බිදිලා.. රටට අපකීර්තියක් වෙලා.. අයෝජකයන් මෙරට පස් පාගන්නේ නෑ.. – susil

මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර අක‍්‍රමිකතාවයන් සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා නිවැරදිකරුවකු හෝ වැරදිකරුවකු කිරීමට අරනු ලබන උත්සාහයන් තුලින් සිදුවන්නේ මහ බැංකුව ගැන ඇති විශ්වාසය බිද වැටීම බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

එනිසා ඒ සම්බන්ධයෙන් වූ කෝප් වාර්තාව සියලූ අංශවලට යොමුකර අවශ්‍ය නම් කව දුරටත් පරීක්‍ෂණ කිරීමට කොමිසමක් පත් කළ යුතු බවද ඔහු පවසයි.

බැදුම්කර සිදුවීම ගැන විගණකාධිපතිවරයාගේ වාර්තාව කිසිවෙකුට අභියෝගයට ලක් කල නොහැකි බවත් විගණන මූලධර්මවලට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඕනෑම අයෙක් විගණන වාර්තා සකසන්නේ එම මූලධර්ම පදනම් කරගෙන බවද් ඇමතිවරයා පෙන්වා දෙයි.

බැදුම්කර සිදුවීම නිසා රට අපකීර්තිය පත්වූ නිසා ආයෝජකයන් රටට ගෙන්වාගැනීමට නොහැකි වී ඇතැයිද ඇමතිවරයා එහිදී වැඩිදුටත් කියා සිටියේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැදුම්කර මගඩිය ගැන කෝප් සභාපති හා මාධ්‍ය වැරදිකරුවෝ.. ඔවුනට දඬුවම් කල යුතුයි Ranil වික්‍රමසිංහ

බැදුම්කර මගඩිය ගැන කෝප් සභාපති හා මාධ්‍ය වැරදිකරුවෝ.. ඔවුනට දඬුවම් කල යුතුයි.. – අගමැති රනිල්..



මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති හිටපු පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව සම්බන්ධයෙන් පසුගිය වසරේ දින 100 ආණ්ඩුව සමයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජූලි 06 වෙනි දින පාර්ලිමේන්තුව මහ ලේකම් වෙත ලිපියක් යවමින් පවසා සිටියේ අතුරු කොමිටියේ අනුමැතියෙන් තොරව මෙම වාර්තාව මාධ්‍ය වෙත දීම කෝප් කොමිටියේ සභාපති හිටපු පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර වැරදිකරුවකු කොට දඬුවම් ලබා දිය යුතු බවත් එය ප්‍රචාරය කල මාධ්‍ය ආයතනවලටද දඬුවම් කල යුතු බවත්ය.

නමුත් එදා ඩිව් ගුණසේකර මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති ලෙස එදා පැවසූ දෙය සත්‍ය වී ඇති අතර වෙනසකට ඇත්තේ එදා ඩිව් ගුණසේකර කෝප් කොමිටියේ සභාපති ලෙස එදා එම වාර්තා ඉදිරිපත් කලේ මහින්ද රාජපක්ෂ පාලනය කාලේ පත්වූ සභාපති වීම හා අද එම කරුණ සම්බන්ධයෙන් පරීක්ෂාකොට එම තීන්දුවවම සමාන තීන්දුවක් ලබා දී ඇත්තේ යහපාලන රජය යටතේ පත්වූ පාර්ලිමේන්තුවේ කෝප් කොමිටියේ සභාපති සුනිල් හදුනෙත්ති විසින් වීමයි.

එදා දින 100 ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති වැරදිකරුවකු කොට දඬුවම් පැමිණිය යුතුය කියා පාර්ලිමේන්තුව මහා ලේකම්ට 2015 ජූලි 6 දාතමින් යවන ලද ලිපිය හා මධ්‍ය වෙත කියූ කරුණු පහතින් දැක්වෙයි.

මූලාශ‍්‍රය මෙතනින්

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‘අාවා‘ මග එන නිමලන් දිල්ලූ ජූඩ් පහීල් සන්නා – ආරක්ෂක අංශ හෙළිකරන සියලු තොරතුරු මෙන්න

‘අාවා‘ මග එන නිමලන් දිල්ලූ ජූඩ් පහීල් සන්නා – ආරක්ෂක අංශ හෙළිකරන සියලු තොරතුරු මෙන්න


ආවා කල්ලියට අමතරව තවත් පාතාල කල්ලි 5ක් උතුරේ ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසනවා.

නිමලන්, දිල්ලූ, ජූඩ්, පහීල්, සන්නා යනුවෙන් එම කල්ලි ක්‍රියාත්මක බවයි ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත්තේ.

ආවා කල්ලිය මෙහෙයවන්නේ විනෝදන් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද අනාවරණ වී තිඛෙනවා.

ඉකුත් අප්‍රේල් මාසයේ සිට ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ 2013 වසරේ නිවසකට කඩාවැදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදීමේ චෝදනා මතයි.

ජෙයනන්දන්, ජග්ගුනරාසා, අංගලිගංම් ප්‍රශංසා, ජෙයම්, කාන්දන්, සිවලිංගම් සහ රාසයියා නමැති පුද්ගලයින් ද ආවා කල්ලියේ ප්‍රධාන ක්‍රියාකාරකයින් ලෙස හඳුනාගෙන තිඛෙනවා.

උතුරු පළාත තුළ පාතාල කල්ලි මෙලෙස හිසඑසවීමට පටන්ගෙන ඇත්තේ 2009 වසරේ යුද්ධය නිමා වීමෙන් පසුවයි.

දකුණු ඉන්දීය චිත්‍රපටවල ආභාෂය ද මීට බලපා ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

යුද්ධයෙන් පසු උතුරු පළාතේ මූල්‍ය ආයතන රැසක් පිහිටුවා තිඛෙනවා. එම මූල්‍ය ආයතන මගින් ලබාදෙන ණය පහසුකම් මත වාහන මිලදී ගෙන අදාළ ණය ගෙවීම් පැහැරහරින පුද්ගලයින්ගෙන් එම වාහන බලහත්කාරයෙන් රැගෙන ඒමට මෙම පාතාල කල්ලි යොදාගෙන ඇති බවද අනාවරණ වී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ආර්ථික ඔස්තාර්ලාගේ  මව විකුණා හෝ සල්ලි සෙවීම 

ආර්ථික ඔස්තාර්ලාගේ  මව විකුණා හෝ සල්ලි සෙවීම 
===================================


ලෝක උරුමයක් වන ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82 ක් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා එක්සත් එමීර් රාජ්‍යයට අයත් සමාගමකට ලබාදී තිබෙන බව තෙත්බිම් උරුමය සංවිධානය පවසනවා.

මස්කෙළිය හා නල්ලතන්නියට අතර මැද ප්‍රදේශයෙන් මෙම අක්කර 82ක ප්‍රමාණය ලබාදීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ලෝක උරුම තත්ත්වයත් දැඩි අනතුරකට ලක්විය හැකි බවද එම සංවිධානයේ ලේකම් කැලුම් තුෂාර මහතා පවසනවා.

මෙරට තුළ ක්‍රියාත්මක දුරකථන සමාගමක් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදුකිරිමට නියමිත බවද ඔහු කියා සිටියා.

ශ්‍රීපාද කඳු මුදුනේ ආදම්ගේ පාසටහන් ඇති බවට විශ්වාස කර ඒ සඳහා ඉස්ලාම් බැතිමතුන් ගෙන්වාගැනීම සඳහා මෙම හෝටල් ව්‍යාපෘතිය සිදුකරන බවට වාර්තාවන බවද ලේකම්වරයා  වැඩිදුරටත් පවසා ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රාජපක්ෂලාට මඩ ගහන්න ගිහින් හත්පොලේ ගා ගත් සිරිසේනගේ හුජ්ජ කොල්ලෝ

රාජපක්ෂලාට මඩ ගහන්න ගිහින් හත්පොලේ ගා ගත් සිරිසේනගේ හුජ්ජ කොල්ලෝ



මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වල ශ්‍රී පාද අඩවියට හෙලිකොප්ටරයක් ගොඩබස්සවා ඇති බව දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සීග්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ. එතැන අරාබි ජාතිකයින් පිරිසක් සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු දැකගන්නට තිබේ.VAT, බැදුම්කර හොරු,රටපුරා ඝාතන වසා ගැනිම සදහා රාජපක්ෂලා ගැන බද්ධ වෛරයෙන් සිටින යහපාලන අමනයන් ඔහුන්ගෙන් මාසිකව සොච්චම් වැටුප් ලබන වෙබ් සහ සමාජ වෙබ් බලුකාය යොදා ගනිමින් අදාළ

නල්ලතන්නි පොලිස් වසමට අයත් වනශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන එම ප්‍රදේශය සිරිසේන වැනි හිකනලුන්ට මහත් හිසරදයක්ව ඇති බැසිල් රාජපක්ෂට අයත් එකක් බවට පෙන්විමට දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.අවාසනාවට ඇත්ත කතාවනම් 2010 සිට 2015 ජනවාරි 8 වැනිදා දක්වාත් පසුව අද දක්වාත් යහපාලන ගෝබෙල්ස් න්‍යායට හසුව සිටින ඇතැම් ප්‍රගතිශීලින් පවා යහපාලන කුලීකරුවන්ගේ මඩ ඇත්ත ද කිය සොයා බැලිමට කටයුතු කිරිමයි.

ඒකත් බැසිල්ගෙ ද?

ශ්‍රී පාද පුද බිමේ ඉඩමක හෝටලයක් තනන්නට ඉඩම ලබා දුන්නේ කවුද? කවදාද ? බැසිල්ද ? සිරිසේනද?

හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී සිරිසේන ජනාධිපති වරයා විසින් ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිර මෙම ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම මුස්ලිම් වරුන්ට ලබා දී ඇත.ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට කටයුතු කලේය.ඉන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු මෙම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කලේ එටිසාලට් සමගම මගින් කටයුතු කලේ ෆයිසර් මුස්තාපා හරහාය.මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ පටලව නව ගමනක් ආරම්භ කිරීමට එරෙහි කැරැල්ලක් නිර්මාණය කිරීමටත් ඒ හරහා රටේ සිදුවන දැවෙන ගැටළු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි.

බුකිය පුරා මඩ ප්‍රචාර අවලාද නගමින් බැසිල් රාජපක්ෂගේ වැඩක් බවට පත් කරන්නට උත්සහ කරන සියලු දෙනාට මෙය විසදා ගත හැකි ක්‍රමයක් යෝජනා කිරීමට කැමැත්තෙමි.දහස් ගණනක ජනතාවක් සමග ශ්‍රී පාද පුද බිමට ගොස් මෙම ඉඩම ලබා දුන්නේ කවුරුන් විසින් දැයි සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස සිරිසේන ආණ්ඩුවට බල කර සිටිමු.අදාල ඉඩමේ කිසිදු ඉදි කිරීමක් සිදු කිරීමට ඉඩ නොතබන බවටත් ඉඩම ලබා දීමට යෝජනා කල අයත් ඉඩම ලබා දීමට කටයුතු කල අයට එරෙහිව නිසි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරමු.

සිරිසේන ජනාධිපතිවරයා හරහා මෙම ඉඩම ලබාගත් ෆයිසර් මුස්තාපා ෆයිසර්ගේ මජර මාෆියාකරු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩා හරහා මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට විකුණු බව ඉතා පැහැදිලිව තහවුරු වි තිබේ.ඊට අදාළ සාක්ෂි රැසක් අප සතුව ඇති අතර එවා අවශ්‍ය විටකදි අනාවරණය කිරිමට අප කටයුතු යොදවා තිබේ.

කවුද මේ ඩිඩා …

2011 වසරේදී මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය මලයාසියා ජාතික දතෝ ටියෝන් ටින් සින්ග් නැමැත්තාට හිමි Oceanic Games (Pvt) Ltd සමාගමට පැවරිමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, එම ගනුදෙනුවට මොහොමඩ් ඉල්ලියාස් නමැති ව්‍යාපාරිකයකු ද සම්බන්ධ බවට අනාවරණය කල අතර අදාළ පරික්ෂණ කටයුතු ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ බලපෑම මත මුලුමනින්ම ඇනහිට තිබේ….


ප්‍රභු පුතාගේ ඩො.මි. 650 ඩුබායි ගිණුම් වල් ඇති බව පවසමින් යහපාලන් ටොයියන් පසුගිය කාලසිමාවේ මාධ්‍ය හරහා කරනම් ගසමින් අවසානයේ සිරිසේනගේ විධායක බලයද රැගෙන (පොන්න) මංගල සමරවිර, රාජ්‍ය නොවන සංවිධානයක ඩොලර් ගිලින නීතිඥයෙකු  වන ජෙ.සි වැලිඅමුණ සමග ඩුබායි රටේ බැංකු පිරික්සිමෙන් පසුව මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු අනාවරණයක් නොකර ඇටි කෙහෙල් කෑ රිලවුන් මෙන් සිටිම සම්බන්ධයෙන් අප අදාළ තොරතුරු අස්ථානගත කර ඇති පුද්ගලයෙකු හරහා අදාළ ගිණුම සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු පසුගියකාලයේ අනාවරණය කළා.

කවුද මේ ෆයිසර් මුස්තාපා

ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට මේ  ඔත්තු සේවා අනාවරණය කර තිබේ.


මල්වානේ මාලිගාවෙන් පසුව ශ්‍රී පාද හරහා බැසිල් අල්ලා ගැනිම….

සිරිසේන ජනාධිපතිවරයාට ඇති ලොකුම හිසරද කාරයන් අතර බැසිල්ටද ඇත්තේ ප්‍රධානම තැනකි.නව ජාතික බලවේගයක ගොඩනැගීමේ දැවැන්ත කාර්යය ඉතාම සුමටව ක්‍රියාවට නංවමින් සිටින බැසිල් රාජපක්ෂ ගම් මට්ටමේ යන්තම් හෝ හොරිකඩ සිරිසේනගේ හොරි කඩන්නට කල්පනා කරන මිනිසුන් පව දක්ෂ ලෙස මහින්ද සමග ගොඩනැගෙන දැවැන්ත ජාතික බලවේගයට එකතු කරන්නට සමත්ව තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

තවත් හංගන්න නම් බෑ.. මහින්ද යුගයේ මහා ණය රහස හෙලි වෙයි.. මෙන්න ඇත්ත..

තවත් හංගන්න නම් බෑ.. මහින්ද යුගයේ මහා ණය රහස හෙලි වෙයි.. මෙන්න ඇත්ත..



2020 වන විට අපේ රටේ ණය බර අඩු කරන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කලේය. එය ජනතාවට තාවකාලික අස්වැසිල්ලක් වුවත් මෙය ලෙහෙසියෙන් කල හැකිද යන්න සොයා බැලීම වැදගත්ය.

එහිදි 1990 සිට ශ්‍රීලංකාවේ තිබු රජයන් විසින් ඊට පෙර රජයන් ගත් ණයද ඇතුලත්ව ඉදිරියට ශේෂය ගෙන යනු ලබන අතර ඒ ඒ වර්ෂවල දල ජාතික නිෂ්පාදනය හා ඉදිරියට පවත්වාගෙන යනු ලබන ණය ප්‍රමාණයන් හා එම වසරේ ලබා ගත් ණය රාජ්‍ය ණය National Debt ලෙස අර්ථ දැක්වෙන අතර සෑම වසරක් අවසානයේ එය එම වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස පෙන්නුම් කරයි.

මේ අනුව ශ්‍රීලංකාව් දීර්ඝකාලීන යුද්ධයකට මුහුණදෙමින් ලබාගත් ණය ප්‍රමාණය 1990 ප්‍රේමදාස යුගයේ 98% ප්‍රමාණයේද, 1992 රනිල්- ඩිබී.යුගයේ 95% ප්‍රමාණයෙද, 1995 සිට චන්ද්‍රිකා යුගයේ 106% දක්වාද [ ශ්‍රීලංකා ඉතිහාසයේ පලමුවරට වසරේ දල ජාතික නිෂ්පාදනයට වඩා වැඩි ] රනිල් 2002 සිට 103% දක්වාද 2005 සිට 2014 වනවිට 71% දක්වාද [ 1977 ට පෙර තිබූ තත්ත්වයට] පවත්වාගෙන ගොස් ඇත.

රටකට ණය අවශ්‍ය වනුයේ රටේ බදුවලින් ලැබෙන ආදායම අපේක්ෂිත ඉලක්කයට නොපැමිණීම.රාජ්‍ය මුල්‍යම තත්ත්වය අස්ථාවර විම, රජයේ ආයෝජන වැඩිවීම. දේශපාලන පොරොන්දු ඉටුකිරීම. යුද්ධයක් පැවතිම මෙන්ම අපේක්ෂිත ආර්ථික වර්ධන වේග ඉලක්ක ලබා නොගැනීම යන කරුණු මතයි.

මේ අනුව ශ්‍රීලංකාව නිදහසෙන් පසුව එනම් 1950 සිට අද මේ වනවිටත් ඉහත අවස්ථාවකන් ඉටු කර ගැනීමට දේශිය සහ විදේශීය ණය ලබාගෙන ඇත,එමෙන්ම රටක ණය ප්‍රමාණය ගණනය කරන්නේ අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය GDP හා එතෙක් එම රට ලබාගත් ණය ප්‍රමාණයේ හා අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස සලකාය.

එහෙත් පුදුම දනවන කරුණ නම් දැන් රටේ යුද්ධයක් නොමැතිව විශාල ප්‍රමාණයේ සoවර්ධන කටයුත්තක් සිදු නොවි විශාල සහනාධාර රටේ ජනතාව නොදි, පොහොර සහනාධාරය අඩුකොට, ග්‍රාමීය ආර්ථික සoවර්ධන කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් නොමැතිව, 2015 සහ මේ වසර වන විට ණය ප්‍රමාණය 76% දක්වා වැඩි වී ඇත. මෙය රාජපක්ෂ ලබාගත් ණය ගෙවීමට යයි කීවත් මහින්ද රාජපක්ෂ 2005 දි රට භාරගන්නා අවස්ථාවේදි ඒ වන තෙක් රටේ හිටපු පාලකයන් විසින් ලබාගත් රටේ සමස්ථ ණය ප්‍රමාණය එම වසරේ දල ජාතික නිෂ්පාදනයෙන් 105% ක් දක්වා ඉහළ ගොස් තිබූ බැව් සියළු පාර්ශවයන් හoගමින් මේ දිනවල කථා කරන බැව් දැක ගත්ස් හැකිය.

මහින්ද රාජපක්ෂ යුගයේ 30 වසරක් මේ රටේ තිබු කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකොට රටට සාමය ලබාදුන් අතර රටේ අධිවේග මාර්ග වන දකුණු අධිවේගය කටුණායක එක්ස්ප්‍රස්වේ, කෙරවලපිටිය තාප විදුලිබලාගාරය, නොරොච්චෝලේ , ඉහළ කොත්මලේ , හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොල අලුතින් ඉදිකිරිම, පාරවල් කාපට් කිරිම විශ්වවිද්‍යාල අලුතින් ඇතිකිරිම, මහින්දෝදය පාසැල් වැඩපිළිවෙළ, පොහොර සහනාධාරය, පාසල් නිල ඇදුම්, රාජ්‍ය සේවය පුලුල් කොට ලක්ෂ 6 ක් තිබු රජ්‍ය සේවකයින් ලක්ෂ 11 දක්වා වැඩිකිරිම වැනි රජය විසින් විශාල වශයෙන් මුදල් ආයෝජන සිදු කොට සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය 71% දක්වා අඩු කල අතර මෙය ශ්‍රීලංකා 1977 ට පෙර තිබු වසරේ දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතය වීම වාර්තාගත තත්ත්වයකි.

එමෙන්ම වර්තමාන අගමැතිවරයා මීට පෙර දෙවරක් රටේ පාලනය මෙහෙය වූ අතර එනම් 1992 සිට 1994 දක්වාත 2001 සිට 2004 දක්වාත් නමුත් ඒ කාලවල රටේ සමස්ථ ණය ප්‍රමාණයන් 95% වඩා වැඩි මට්ටමේ තිබු බව පහත සඳහන් මහ බැoකුවේ වගුවෙන් පැහැදිලිවේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නව ව්‍යවස්‌ථාවෙන් ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌  U.F.S.L

නව ව්‍යවස්‌ථාවෙන් ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ 
- ඇමැති මංගල සමරවීර -
==================


උපාලි ද සේරම්

වත්මන් රජය විසින් සකස්‌ කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බවට පත් වන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

මෙම එක්‌සත් රාජ්‍යය තුළ ජාති, ආගම් වශයෙන් නොබෙදී සියලු දෙනාට එකට ජීවත් විය හැකි පරිසරයක්‌ ගොඩනඟන බව පැවසූ විදේශ ඇමැතිවරයා මෙම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන බවද කීවේය.
ෆෙඩරල් රාජ්‍යයක්‌ ලෙස හඳුන්වන්නේත් නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බව සඳහන් කළ විදේශ ඇමැතිවරයා 1997 වසරේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ එවකට ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී. එල්. පීරීස්‌ මහතා ඉදිරිපත් කළේත් ෆෙඩරල් රාජ්‍යයක්‌ සඳහා වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පතක්‌ බවද කීය.

ඇමැතිවරයා මෙම තොරතුරු පැවසූවේ 25 වැනිදා සවස විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
උ.ගැ.නිලන්ති කළුආරච්චි ෆෙස්බුක් පිටුවෙන්
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සලාව ආයුධ ගබඩාව පුපුරවා කොටි සිලාවතුරෙන් ආයුධ ගෙන්වයි

සලාව ආයුධ  ගබඩාව පුපුරවා කොටි සිලාවතුරෙන් ආයුධ ගෙන්වයි 



පසුගියදා , සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට හදුනානොගත් කණ්ඩායමක් පහරදිම සහ එක් නාවික හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් පැය ගණනාවක් රදවාගෙන තබා ගැනිම ඇතුලු සමස්ථ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයට කරන ලද අනාවරණය හේතුවෙන් ආරක්ෂක ප්‍රධානින් තීගෑස්මකට ලක්ව සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී මෙම පහරදිම සිදු වුනා.
කේරල ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය රැසක් බෝට්ටු මගින් රැගෙන එමින් සිටියදි මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක විසින් ඔහු අල්ලා ගැනිමට කටයුතු කිරිමත් සමග පසුගිය  (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් නාවික හමුදා සෙබළුන් පිරිසකට පහරදීමට කටයුතු කල බවට වාර්තා පලවුවද අදාළ බොට්ටු හරහා රැගෙන විත් ඇත්තේ කේරල ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍ය පමණක් නොව T56 වර්ගයේ ගිනී අවි ඇතුලු ආයුධ රැසක් බව හමුදා බුද්ධි අංශ වාර්තා මගින් තහවුරු කර ඇති අතර අදාළ ආයුධ තොගය හසුවිම වලක්වා ගැනිම සදහා බෝට්ටු රැගෙන ආ කණ්ඩායම ගම්වාසීන් කුලප්පු කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.
නාවික හමුදා සේබළුන් තිදෙනාට එල්ල වු අනපේක්ෂිත ප්‍රහාරයත් ගම්වාසීන් කුලප්පු කරමින් සිද්ධිය වෙනතකට යොමුකර ඇති අතර පසුව පොලිසිය කල සෝදිසි මෙහෙයුමකදි ගොඩබිමට පැමිණි බොට්ටු කිසිවක් එම ස්ථානයේ තිබි නැති බවද තහවුරු වි තිබේ.
අදාළ වාර්තාව හරහා  හමුදා බුද්ධි අංශ පෙන්වා දි ඇත්තේ ඉන්දීයානු මුහුදු සීමාවේ නතරකර ඇති නෞකාවවක සිට අදාළ ආයුධ මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය මන්නාරම මුහුදු සීමාව හරහා රටතුලට රැගෙන එන බවයි.අදාළ අවි නෞකාව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි හමුදා බුද්ධි අංශ මගින් ආරක්ෂක මණ්ඩලයට වාර්තා සපයා ඇතී නමුත් එය කිසිදු ගණනකට ගෙන නැති බවයි අප ආරක්ෂක වාර්තාකරු සදහන් කළේ.

එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් මෙම ආයුධ නෞකාව සපයා ඇති බවට බුද්ධි අංශ සැක කරන අතර ඒ පිළිබඳව ඉන්දිය  විශේෂ වාර්තාකාරිණි ආසෝ ඛාන් (Aazo Khan) තොරතුරු අනාවරණය කර ගැනිමට කටයුතු කරමින් සිටි.
දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන උතුරු පළාතේ තිබෙන පාතාල සන්නද්ධ කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවයි.
විශේෂයෙන්ම “ආවා ගෲප්” නමැති පාතාල කණ්‌ඩායම සිය ක්‍රියාකාරකම් ඉහළ දමා තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.
මේ අතර මන්නා පිහිවලින් සහ කඩුවලින් සන්නද්ධව යතුරුපැදිවලින් ගොස්‌ විවිධ අපරාධ සිදුකිරීම නිසා ආවා ගෲප් කල්ලිය යාපනය පුරා භීෂණය පතුරුවා හරිමින් සිටිති.
යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල කරනු ලැබුවේ තම කල්ලිය විසින් බවත් එය සිදුකරනු ලැබුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු ඝාතනය කිරීමට එකට එක කිරීමක්‌ ලෙස බවත් කියමින් ආවා ගෲප් කල්ලිය යාපනය නගරය පුරා අත් පත්‍රිකා බෙදාහැර තිබිණි.
ආවා ගෲප් කල්ලිය අත් පත්‍රිකා බෙදූ බව කියන සිද්ධිය පොලිසිය ප්‍රතික්‍ෂේප කරන අතර ඔවුන් පවසන්නේ යාපනය ප්‍රදේශයේ ජනතාව භීතියට පත්කිරීමට සංවිධානාත්මක පිරිසක්‌ මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල් වීරවංශගේ නිවසේ තරුණයෙක් මිය යයි.. බිරිදගෙන් කට උත්තර ගනී..

විමල් වීරවංශගේ නිවසේ තරුණයෙක් මිය යයි.. බිරිදගෙන් කට උත්තර ගනී..



ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවස තුලදී තරුණයෙකු මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වීරවංශ මහතාගේ පුත‍්‍රයාගේ සමීප මිතුරෙකු වන තරුණයෙකි.

ඔවුන් දෙදෙනා කලක පටන් මිතුරන් වන අතර බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණෙන බව වාර්තා වෙයි.

ඊයේ රාත‍්‍රියේදී එහි සිටියදී මෙම තරැණයා මිය ගොස් ඇති අතර වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය විසින් ජයවර්ධනපුර රෝහලට ඇතුලත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇතැයි දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් ඇති අතර තලංගම පොලීසිය විසින් වීරවංශ මහත්මියගෙන් ප‍්‍රකාශයක්ද සටහන් කරගෙන තිබේ.

මියගිය තරැණයාගේ මව විසින් සදහන් කර ඇත්තේ තරුණයාගේ පියාද මිය ගියේ මේ ආකාරයෙන්ම බවත් එය හෘදයාබාධයක් නිසා බව පසුව හෙලි වූ බවත්ය.

මෙම මරණය සිදුවෙද්දී වීරවංශ මහතා කොළඹින් පිට කටයුත්තක් සදහා සහභාගී වීමට ගොස් නිවසට පැමින සිට නැත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කුමන්ත්‍රණය තහවුරුයි.. උතුරේ කළබල මැඩීමට එක්සත් ජාතීන්ගේ හමුදාවක්…

කුමන්ත්‍රණය තහවුරුයි.. උතුරේ කළබල මැඩීමට එක්සත් ජාතීන්ගේ හමුදාවක්…



අතුරැදහන් වූ කාර්‍යාල පනතේ 27.3 යටතේ ජාත්‍යන්තර සම්මුතියක් ගැන කියවේ. එම ජාත්‍යන්තර සම්මුතිය අනුව ජාතීන් අතර ආරවුලක් ඇති වූ විට විදේශීය හමුදා වලට ලංකාවට පැමිණිය හැකිය. ඒ අනුව මැච් එක නතර කරන්නේ උතුරේ කළබල මැඩීමට යාපනයට ගොඩබසින එක්සත් ජාතීන්ගේ හමුදා විසින් වීමේ වැඩි ඉඩක් මේ වන විට ගොඩ නැගී ඇත.

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නොපැමිණීමට බල පෑ ප්‍රධාන කරැණ වූයේ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නොතිබීමයි.

අද ඒසේ නොවේ. 2015.12.10 දින සිට අතුරැදහන් තැනැත්තන් කියමින් යුද්ධ කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව ඇතුළත් වී සිටී. මෙකී ජාත්‍යන්තර සම්මුතියට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එංගලන්තය ඇතුළත් වී නො සිටියදී ලංකාව ඇතුළත් වී ඇත. ඉන් පසුගිය යුධ ගැටුම් සහ සිදුවී ඇති සිදුවීම් සම්බන්ධව සෙවීමට නොහැකි බව දැන දැනත් එකී ජාත්‍යන්තර සම්මුතියට ලංකාව එකග කරගෙන ඇත්තේ අනාගතයේ උතුරැ නැගෙනහිර සිදුවන වෙනම රටක් සදහා වන අරගයකදී ජාත්‍යන්තර මැදිහත් වීමකට අවශ්‍ය වන නීතිමය ආරක්ෂාව සහ වගවීම තහවුරැ කර ගැනීමට ය.

එනම් ඉදිරියේදී උතුරේ මතුවන වෙනම රටක් සදහා වන අරගලයක් 2009 දී පාලනය කළ අකාරයට පාලනය කිරීමට ආණ්ඩුවට/රජයට නො හැකි වන අතර විදේශීය හමුදා මැදිහත්වන සංකීර්ණ සමාජමය, ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් මතුවන දිගු කාලීන සිවිල් අරගලයක් දක්වා දිව යන තත්ත්වයක් කරා වර්ධනය වෙයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

”දුෂණ විරෝධීයැයි කියාගන්නා රන්ජන්” බැඳුම්කර මගඩිය යටගැසීමට හවුල්වෙයි..!  

”දුෂණ විරෝධීයැයි කියාගන්නා රන්ජන්” බැඳුම්කර මගඩිය යටගැසීමට හවුල්වෙයි..!


කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු වෙනම වාර්තාවක් සකස් කර ඉදිරිපත් කිරීමට යාම තුල මේ වනවිට කෝප් කමිටුව තුල අර්බුදයක් නිර්මානයවී ඇත. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හිටපු අධිපතිවරයා බැඳුම්කර වෙන්දේසියේදී වරදක් කර නැති බව කියමින් ඔහුව නිදොස් කොට නිදහස් කරමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මහබැංකු අධිපතිවරයාට එරෙහිව ඉතා සවිස්තරාත්මක චෝදනා එල්ල වී තිබියදී නිතර දූෂණය පිළිබඳ කතාකරන එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායකගේ මෙම අවස්ථාවේ භූමිකාව දෙස කාගෙත් අවධානය යොමුවී ඇත. මන්දයත් රන්ජන් රාමනායක පසුගිය කාලය පුරාවට වංචා දුෂණ සම්බන්ධයෙන් නිතර හඩක් නගන බව මාධ්‍ය තුල පෙන්නුම් කරන ලදි. තමාගේ මෙම භූමිකාවට අගයකිරීමක් ඉල්ලා පසුගිය දිනෙක ඔහු මාධ්‍යවේදියෙකු සමග ගැටුමක්ද නිර්මානය කරගන්නා ලදි.

එක්සත් ජාතික පක්ෂයෙන් මන්තී‍්‍රවරු 10දෙනෙක්ද මෙම කමිටුවට අයත් වෙති. ඔවුන් වන්නේ රන්ජන් රාමනායක, රවීන්ද්‍ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අළුවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා, අබ්දුල්ලා මහරුෆ් යන අයයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කිළිනොච්චියේ පොලිස් නිලධාරියෙකුට පිරිසක් වටවී පහරදීලා

කිළිනොච්චියේ පොලිස් නිලධාරියෙකුට පිරිසක් වටවී පහරදීලා

කිළිනොච්චි පොලිසියේ නිලධාරියෙකුට මීට සුළු වේලාවකට පෙර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පොලිසි සැරයන්වරයෙකුට මෙලෙස පිරිසක් වට වී පහරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

කිළිනොච්චි රෝහල ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් සඳහන්.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන් සමරවික්‍රම නැමැත්තෙක්. මේ වන විට ඔහුව කිළිනොච්චි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල ඉදිරිපිට බීමතින් හැසිරුණු පුද්ගලයෙකුව පාලනය කිරීමට යෑමේදී ඒ අසල සිටි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

....... වෙඩි කෑමට නියමිතය....

....... වෙඩි කෑමට නියමිතය....



රටේ ජාතික ආරක්ෂාව 2002 රනිල් පාළනය යටතේ පවාදීමෙන් දූෂණය කලේය. කරැමෙක මහත 2016දීත් අද එලෙසම සිදුවන්නේය. එදා පාවාදීම කෙලවර වන විට රටේ බුද්ධි අංශයේ 53 ඝාතනය වී LTTE වෙත අධිතාක්ෂණික සංන්වේදන උපකරණ එක්වී උතුරේ කොටි පොලිස් උසාවි රේගු සංස්කෘතික  සියල්ල සම්පුර්ණ  කරගෙන තිබුණි.

අද උතුරේ  පොළිස් නිළධාරීන් කපා කොටා යන සන්නද්ධ කල්ලිය. 2015 ජනවාරි බලය මාරුවන විට නොතිබූ කල්ලි අද පුහාර වල වගකීම භාරගෙන අත්පතිුකා බෙදමින් යයි.

රටේ බුද්ධි අංශ නිළධාරීන් නොමරා මරයි. ඹවුන් විව්ධ චෝදනා කරමින් රිමාන්ඩ් කරමින් ඹවුන්ගේ රාජකාරි අනන්‍යයතාවය අණාවරණ කරයි. මීලගට ඹවුන්ට  බෙදුම්වාදීන්  අතරට ගොස් බුද්ධි තොරතුරු ලබාගත නොහැකිය .ඹවුන් ඉතා සූක්ෂම ලෙස අනාවරණය කොට හමාරය.

රනිල් යටතේ මේ රටේ බුද්ධි අංශය කොතරම් පාච්චලයට ලන්වෙන්නේද යත් විවිධ බොරැ චෝදනා කරමින් සිරගත කරන බුද්ධි නිළධාරීන්ට රජයේ පාර්ශ්වයෙන්ම විවිධ චෝදනා එල්ල කරමින් උසාවියට දැඩි ඇප ආවරණ ඉල්ලා සිටින තැනට පත් කරයි. ඒවා ගෙවා දැමීමට රජය ඉදිරිපත් නොකරයි පෞද්ගලිකව එකී නිළධාරියෙක් එම ඇප ගෙවීම සිදුකල යුතුය . නැත්නම් ගෙවන තුරැ නැවත රිමාන්ඩ් ය. ඇප ලැබූ එක්නැලිගොඩ නඩුවේ කර්නල් ෂම්මි ඇතුළු අනෙක් බුද්ධි නිළධාරියෙක් අද නැවත රිමාන්ඩ් වූයේ ගෙවිය යුතු ඇප මුදල් ලක්ෂ 30 නැතිවීම නිසාය.

කිසිදු බියක් නොමැතිව රනිල්ගේ2002 ආන්ඩුව යටතේ හමුදා කදවුරැ ඉදිරිපිටට පැමිණි බෙදුම්වාදීන් හමුදා සෙබළුන්ට ඇදිවත ඹසවා පෙන්නුවේය.ගඩොල් බෑ වලින් පහර දුන්නේය. අදද ඹහුගේ ආන්ඩුව යටතේ හමුදා සෙබළුන් හොරකමේ ආවා යැයි දේවස්ථාන තුලට ගෙනගොස් පහර දී ගෙන දමව්නේය. ඒවාට එරෙහි වන කොන්ද පණ ඇති නිළධාරීන් මාරුකරන්නේය.

සහජීවනය අපට පමණක් නොවේ.එහෙත් රනිල් යටතේ හැමදාම සිදුවන්නේ  සහජීවනය වෙනුවෙන් කියා රටේ ජාතික ආරක්ෂාව හෑප්ලු  කිරීම්ය. එය රට තුල මෙන්ම රටෙන් පිටතත් දරුනුවට කිුයාත්මක වෙන්නේ ඹහුගේ පාලනය යටතේය. 2002ද අදද එය නොවෙනස්ව කිුයාත්මක වේ.

ආන්ඩුවක් මේ තරම් රටේ ආරක්ෂාව හෑල්ලු නොකල යුතුය . එකී මෙකී නොකී ෆෙඩරල් ජාත්‍යන්තරය  විසදුම්  බලය බෙදීම් ඒකාබද්ධ කිරීම් සියල්ල පැමිණෙන්නේ  රනිල් පාලනය කරන විටය.

එක්කෝ මේ රට පැවතිය යුතුය .නැත්නම් කෑලි කෑලි වලට බෙදා ගත යුතුය. බොරැවට සුදනන් වීමට මේ කොලේ හංගා ගසමින් කෑලි කැඩුවා යන්නට අසුනොවී වැඩෙි කොට ජාත්‍යන්තර පිලි ගැනීමේ ගෞරව මැද මැරීයන්නට දැගලීම නතරවිය යුතුය. නැත්නම් වෙඩි කෑමට අනිවාර්යයෙන්  නියම වීමට හිත හදා ගත යුතුය. දිගින් දිගටම එක  අරමුනක් වෙනුවෙන් රටේ ජීවිත කැපකල හමුදාවන්ට රිදවීම අවසානයේදී  පුපුරා යාමක් සිදුවුවහොත් එයින් රටක්ම අසරණ වන්නට ඉඩ තිබෙන බව ලියා තැබිය යුතුය .

.......නුවන් මොණරවිළ ......
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එජාප භීෂණය යලි මතුවේ.. සමූපකාර ඡන්දය පැරදුනා කියා කඩුවෙන් කොටයි…

එජාප භීෂණය යලි මතුවේ.. සමූපකාර ඡන්දය පැරදුනා කියා කඩුවෙන් කොටයි…





මහව සමූපකාර ඡන්දය ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එජාප අපේක්ෂක ප්‍රදීප් ජයසිංහ විසින් සුපුරුදු එජාප භීෂණය වපුරා තිබේ.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ප්‍රභල ක්‍රියාකාරිකයෙක් වූ මෙන්ම අදාල මැතිවරණයේදී ජයග්‍රාහී අපේක්ෂකයෙක් වූ සුරංග රසික නම් වූ තරුණයාට කඩුවකින් කොටා තුවාල සිදු කර ඇත. ප්‍රහාරයෙන් ඔහුගේ හිසට සහ පපු ප්‍රදේශයට බරපතල හානි සිදු වී ඇත.

ප්‍රහාරය එල්ල කල, ප්‍රදීප් ජයසිංහ යනු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගේ ප්‍රභල ආධාරකරුවකු බවත් වාර්ථා වේ.

හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නව නායක කැළුම් ජයසුමන මහතාද ඔහුගේ සුව දුක් බැලීමට ගොස් සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

CSN බලපත්‍රය අවලංගුයි

CSN බලපත්‍රය අවලංගුයි

සී.එස්.එන්. ආයතනයට මෙරට තුළ භෞමික රූපවාහිනි විකාශන මධ්‍යස්ථානයක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා ලබා දී ඇති විකාශන බලපත්‍රය අවලංගු කර තිබේ.

 විකාශන බලපත්‍රයේ වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන් ජනාමාධ්‍ය ප්‍රවෘත්ති අමාත්‍යංශය  විසින් බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනමාධ්‍ය  අමාත්‍යංශය මගින් උපදෙස් ලබා දී තිබේ.

 ඒ අනුව අදාළ විකාශන බලපත්‍රය අවලංගු කර ඇති බව සී.එස්.එන්. ආයතනයට ලිපියක් මගින් දැනුම්දී ඇති  බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා සඳහන් කළේය.

 2011 වසරේ මාර්තු මස තුන් වන දින එම ආයතනයට විකාශන බලපත්‍රයක් නිකුත් කර තිබුණි.

එම බලපත්‍රයේ 3 , 11 සහ 14 යන වගන්ති අදාළ ආයතනය මගින් උල්ලංඝණය කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා සඳහන් කළේය.

 මේ සම්බන්ධයෙන් විමසීමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සම්බන්ධ කරගැනීමට අද දෙරණ කළ උත්සාහය සාර්ථක වුයේ නැත.

 මේ අතර සි.එස්.එන්.ආයතනයේ සභාපති රොහාන් වැලිවිට මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ තීරණය සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් ඊයේ පස්වරුව වන විට තමාට හෝ තම අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබී නොතිබූ බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.. සෞදි රජුගේ අරමුදලින් එටිසලාට් ශ්‍රීපාද රක්ෂිතය අල්ලයි !

ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.. සෞදි රජුගේ අරමුදලින් එටිසලාට් ශ්‍රීපාද රක්ෂිතය අල්ලයි !



ශ්‍රී පාද පූජා භූමියට අයත් රක්ෂිත කළාපය හෙළි කරමින් දැවැන්ත සංචාරක නවාතැන්පොළක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

එක්සත් ආරබි එමීර්වරයාට අයත් එටිසලාට් ශ්‍රී ලංකා සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදුකරමින් පවතින අතර මේ වන විටත් එහි මූලික අඩිතාලම දමා, ගබඩා පහසුකම් ඇතුළු වැඩබිමකට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇත.

ශ්‍රීපාද කදු මුදුනේ ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් ඇතැයි ඉස්ලාම් භක්තිකයන් අතර ඇති පිළිගැනීමට අනුව මින් පෙර අවස්ථා කිහිපයකදී සෞදි අරාබියෙන් සහ මැලේසියාවෙන් පූජක කණ්ඩායම් පැමිණ විමර්ශනය කර තිබූ බව වාර්තා විය. මේ වන විට ශ්‍රී පාදස්ථානයේ ඉස්ලාම් බලය තහවුරු කර ගැනීම සදහා සැලසුම්සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදියේ සලමාන් රජු සෘජුවම මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.

සංචාරක නිකේතනයක් ඉදිකිරීම සදහා යැයි පවසමින් ශ්‍රී පාද රක්ෂිතයේ අදාළ ඉඩම් කොටස වෙන් කරවාගැනීම සදහා සෞදි රජුගේ නියෝජිතයන් සෘජුවම අගමැතිවරයා සම්බන්ධකරගෙන ඇති අතර ඔහුගේ අනුදැනුම පරිදි  අක්කර 82ක භූමි ප්‍රමාණයක් එටිසලාට් සමාගමේ නියෝජිතයන්ට විකුණා ඇති බවද වැඩිදුරටත් අනාවරණය වේ.

සෞදි හා පාකිස්ථානයෙන් සංක්‍රමණය වූ පූජකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙරට මුස්ලිම් පල්ලි අශ්‍රිතව ක්‍රියාත්මක වන මද්‍රසා පාසල් තුළ ශ්‍රීපාදස්ථානය මුස්ලිම් උරුමයක් බව පවසමින් කලක පටන් කුඩා දරුවන්ට ඉගැන්වීම් සිදු කෙරෙන අතර, ඉස්ලාම් භක්තියකයන්ට ශ්‍රීපාදස්ථානයේ අයිතියක් ඇති බවට හැගවෙන ප්‍රකාශද මේ වන විට සැලසුම් සහගතව ප්‍රචාරය කරමින් සිටී.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මියගිය අයෙකුගේ වකුගඩු කුමකටද...?

මියගිය අයෙකුගේ වකුගඩු කුමකටද...?
=========================

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරතව සිටියදී කාන්තාවක  මියයාමේ සිද්ධිය සැකසහිත බවට ඇයගේ පවුලේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබේ.

දෙදරු මවක වන නිලුකා නිල්මිණි නැමැති අදාළ කාන්තාව 2015 වසරේ ජූලි මස 03 වනදා ගෘහ සේවයට පිටත්ව ගොස් තිබූ බව වාර්තා වෙයි.

අදාළ කාන්තාව මේ මස මුල්දින කිහිපයෙන් පසු සිය දියණිය සමග දුරකථනයෙන් කතා කර නොමැති අතර පසුව ඇයගේ මිතුරන් බව කියන පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ නිලුකා පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

තවත් පුද්ගලයෙකු විසින් ඇය මියගොස් ඇති බවට දැනුම් දී තිබේ.

ඇයගේ මළ සිරුර ගෙන්වා ගැනීම සඳහා ස්වාමිපුරුෂයාගේ කැමැත්ත අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දුන්නද ඒ වන විට එම කාන්තාව අතහැර  විදෙස් ගතව සිටින සැමියා අදාළ අවසරය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා කැමැත්ත දීමටනම් ඇයගේ වකුගඩු රෝහලකට ලබාදීමට කැමැති බවට දරුවන්ගෙන් ප්‍රකාශ එවන ලෙස අදාළ පුද්ගලයා ඉල්ලා තිබේ.

පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මුදල් ගෙවා මියගිය කාන්තාවගේ මළ සිරුර ඥාතීන් විසින් ගෙන්වා ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
Nilanthi kaluarachchi 
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වාසු කොළඹ නගර සභාවෙන් බිලියන බාගයක් වන්දි ඉල්ලා නඩු යයි..

වාසු කොළඹ නගර සභාවෙන් බිලියන බාගයක් වන්දි ඉල්ලා නඩු යයි..



පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නනායක්කාර මහතා කොළඹ නාගරික කොමසාරිස්වරයාගෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලා එන්තරාවාසියක් යව ඇත.

මන්ත‍්‍රිවරයා කියා සිටින්නේ ඒකාබද්ද විපක්‍ෂය විසින් පසුගිය අගෝස්තු පළමුවැනිදා සූදානම් කර තිබූ මහජන රැලිය සදහා හයිඞ් පාක් පිටියේ පැවැත්වීම නාගරික කොමසාරිස්වරයා විසින් මුලින් අවසර දී අවසාන මොහොකේ එය අවලංගු කිරීස නිසා සිදු කළ හානියට වන්දි වශයෙන් මෙම මුදල ගෙවන ලෙසයි.

මෙම මුදල නොගෙවන්නේ කොළඹ දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරන බවද නානායක්කාර මහතා දන්වා යවා ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෝප් කමිටුවේ එජාප වාර්තාවෙන් බැදුම්කර බෑණා-මාමා නිදොස් කොට නිදහස් 

කෝප් කමිටුවේ එජාප වාර්තාවෙන් බැදුම්කර බෑණා-මාමා නිදොස් කොට නිදහස් 



පසුගිය වසරේ මහ බැංකුව විසින් සිදුකල බැඳුම්කර නිකුතුවේදී එවකට මහ බැංකු අධිපති කිසිදු වරක් කර නැතැයි කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින් වාර්තාවක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එජාප වාර්තාවෙන් බැදුම්කර වංචා චෝදනාවලින් හිටපු මහ බැංකු අධිපතිවරයා නිදොස් කර තිදහස් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටු තීරණය බෙදු තීරණයක් වන අතර එජාපය පවසන්නේ බැදුම්කර වංචාවක් සිදුව නැති බවයි.

අනෙක් සාමාජිකයින් වංචාවක් සිදුවූ බව කියමින් සබාපතිවරයාගේ වාර්තාවට එකගව සිටී.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන්  5ක්‌ රහස්‌ පොලිසියට - කවුරුහරි ජනාධිපතිට වහාම  පත්තරේ යවන්න 

මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන්  5ක්‌ රහස්‌ පොලිසියට - කවුරුහරි ජනාධිපතිට වහාම  පත්තරේ යවන්න 



-කීර්ති වර්ණකුලසූරිය ( ඉරිදා දිවයින )

වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්‌දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි. හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්‌දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක්‌ ලබාගැනීම යන චෝදනා මෙම ආරක්‌ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇත.මොවුන්ට එරෙහිව පරීක්‌ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස්‌ පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත.මෙලෙස කටඋත්තර ලබාගත් එක්‌ ආරක්‌ෂක ප්‍රධානියෙක්‌ සහ හිටපු ආරක්‌ෂක නිලධාරියාට රුපියල් ලක්‌ෂ 3 ක්‌ වටිනා රොලෙක්‌ස්‌ ස්‌විස්‌ අත්ඔර්ලෝසුවක්‌ ලබාදීම ගැනද තොරතුරු හෙළි වී තිබුණි.එම ආරක්‌ෂක ප්‍රධානියාට එරෙහිව එකී හිටපු ආරක්‌ෂක නිලධාරියා රහස්‌ පොලිසියට කටඋත්තරයක්‌ ද ලබා දී ඇත.මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හිටපු ආරක්‌ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහි චෝදනා පසුබිමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානියකු ද සිටින බවයි.කටඋත්තර ලබාගත් හිටපු ආරක්‌ෂක ප්‍රධානීන් ගැන මූල්‍ය අපරාධ අංශය හා රහස්‌ පොලිසිය නීතිපති වෙත වාර්තා යොමු කිරීමට ද නියමිතය.මේ අතර ගාලු කොටුවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් ද වරදකරු වී නාවික හමුදා සේවයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෑතක දී රියාර් අද්මිරාල් ධුරයට උසස්‌ කර ඇත.මෙලෙස වන්නි මෙහෙයුමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම නිසා හමුදා අංශවල කටයුතු අවුල්සහගත වීමේ තත්ත්වයක්‌ මතු වී ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි …ශ‍්‍රීලනිප හා එජාපය අතර මතභේදයක්

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි …ශ‍්‍රීලනිප හා එජාපය අතර මතභේදයක්



පාර්ලිමේන්තුව උණුසුම් වෙයි …ශ‍්‍රීලනිප හා එජාපය අතර මතභේදයක්
මේ මස 25 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කමිටු වාර්තාවේ අවසන් වාර්තාව සකස් කිරීම ඊයේ මධ්‍යම රාත‍්‍රිය අසන්න වන තෙක් සිදු වූ අතර එහිදී මහත් ගාලගොට්ටියක් ඇතිව තිබේ.

බැදුම්කර මගඩියක් සිදුව නැතැයි එජාප මන්ත‍්‍රිවරැන් කියද්දී විපක්‍ෂ හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරැන් ඊට විරැද්ද වීම නිසා අවසන් වාර්තා සකස් කිීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.

හිටපු මහ බැංකු අධිපතිවරයාට පක්ෂපාතීව එජාප මන්ත‍්‍රිවරැුන් දිගින් දිගටම අදහස් පල කර අතර අනෙක් මන්ත‍්‍රිවරැුන් ඊට විරැද්දව අදහස් පලකලහ.

ඒ අනුව 25 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව බෙදුනු වාර්තාවක් වන බව වාර්තා වන අතර එජාප මන්ත‍්‍රිවරැුන් මහ බැංකුවේ හිටපු අධිපතිට පක්‍ෂවත් සෙසු පිරිස විරැුද්දවත් ලෙස අවසන් වාර්තාව සකසා ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කළොත් වාසිය ජාත්‍යන්තර කොටි ජාලයට

යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කළොත් වාසිය ජාත්‍යන්තර කොටි ජාලයට 



කීර්ති වර්ණකුලසූරිය 

යුද හමුදා බුද්ධි සේවා ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ එම ධුරයෙන් ඉවත් කළහොත් ජාත්‍යන්තර කොටි ජාලය ගෙනයන රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් ගැන සිදුවන විමර්ශන මුළුමනින්ම බිඳ වැටෙන බව විදෙස්‌ ගත ශ්‍රී ලාංකික සංවිධාන කියා සිටී.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සැබෑ තත්ත්වය ඉදිරිපත් කර හදිසි සංදේශයක්‌ එවීමට ක්‍රියාකර ඇතැයි එම සංවිධාන ප්‍රකාශකයෙක්‌ ඊයේ (18 දා) ප්‍රංශයේ පැරිස්‌ නුවර සිට "දිවයින"ට පැවැසීය.

බ්‍රිගේඩියර් සාලේ වහාම එම ධුරයෙන් ඉවත්කරන ලෙස සිවිල් සංවිධාන ජනපතිවරයාගෙන් ඉල්ලා ඇතත් මෙතෙක්‌ ඒ පිළිබඳව ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

වන්නි මෙහෙයුම සමයේ සුරේෂ් සාලේ ජාත්‍යන්තර කොටි ජාලයේ ක්‍රියාකාරකම් හෙළිකරමින් ශ්‍රී ලංකාවේ ආරක්‌ෂාවට විශිෂ්ට සේවාවක්‌ කළ බවද එම විදෙස්‌ගත සංවිධාන හෙළි කරයි. 

බ්‍රිගේඩියර් සාලේ එම ධුරයෙන් ඉවත් කළ හොත් විශාලතම වාසිය සැලසෙන්නේ ඊළාම් ඩයස්‌පෝරාවට බවද එම ප්‍රකාශකයා පැවැසීය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සම්බන්ධව සේවය කළ සුරේෂ් සාලේ මහතා ප්‍රංශ කොටි ජාලයේ රහස්‌ රැසක්‌ සොයාගෙන තිබිණි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එදා උඩුගමිපළ මෙදා ශානි අඛෙිසේකර 

එදා උඩුගමිපළ මෙදා ශානි අඛෙිසේකර 


2002 වර්ෂයේදි එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රේමදාස උඩුගමිපොළ නම් 󠆒**** එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරිමෙි කුමන්ත්‍රණයක් ඇති බවට පවසා අගමැතිවරයා හට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් තම පොලිස්පති සිහිනය සැබෑ කර ගැනිමට කිසිදු පිළිගත හැකි සාක‍ෂි නොමැතිව එවකට එල්ටිිටිඊ ත්‍රස්ථයන්ට එරෙහිව රහසිගත මෙහෙයුමි සිදු කළ හමුදා සන්නද්ධ බුද්ධි බළකායට අයත් මිලේනියමි සිටි ආරක‍ෂිත නිවාසය වටලා එහි සිටි බුද්ධි නිළධාරින් හා තොරතුරුකරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබිය. එදා පාදඩ සුනඛ උඩුගමිපොළ සිදු කළ ක්‍රියාව හේතු කොට ගෙන සිය ජාතික යුතුකම ඉටු කිරිම සදහා ක්‍රියාකාරි ලෙස ත්‍රස්ථ මර්ධන ක්‍රියාන්විත වළ නිරතව සිටි දක‍ෂ බුද්ධි නිළධාරින් පිළිබද සියළු රහස් හෙළි කරනු ලැබිය. එහි ප්‍රථිපළයක් ලෙස එම දක‍ෂ බුද්ධි නිළධාරින්ට හා තොරතුරුකරුවන්ට එල්ටිටිඊ ත්‍රස්ථයින්ගේ වෙඩි උණ්ඩයට බිලි විමට සිදුවු අතර තවත් පිරිසකට තම මවි රට හැර යැමට සිදු විය. මෙි හේතුවෙන් එල්ටිටිඊ ත්‍රස්ථයින් හට සන්නද්ධ බුද්ධි බළකාය අඩපණ කොට තම සංවිධානයේ ශක්තිය සිය ගුණයකින් වැඩි කර ගැනිමට හැකියාව ලැබුණි. මෙම ක්‍රියාවළිය එවකට ජන සමාජයේ ඛෙහෙවින් කථාබහට ලක් වු සිදුවිමක් වු අතර එයට මිලේනියමි සිටි මහා පාවාදිම වශයෙන් ව්‍යාවහර කරන්නට සාමාන්‍ය ජනතාව පෙළඹුණු අයුරු සියළු දෙනාට අද මෙන් මතක ඇති බව නිසැකය. 
පසුව මෙි සමිබන්ධයෙන් එවකට රාජ්‍ය අමාත්‍යවරයාව ලෙස කටයුතු කළ තිලක් මාරපන මහතා පාර්ලිමෙින්තුවෙිදි කථා කරමින් සිය කණස්සල්ල පළ කර තිබුණි (එම කතාව පහතින් නරබන්න ) . තවද මෙහි අතුරු ඵලයක් ලෙස විශාල රාජ්‍ය රහස් සතුරා අතට පත් වු අතර, එල්ටිටිඊ සංවිධානයට හිසරදයක්ව සිටි ප්‍රබළ බුද්ධි නිළධාරියෙකුව සිටි කර්නල් මුතාලිෆ් වැනි විරුවන් දැයට අහිමි විය. 
මොහුගේ මෙම ක්‍රියාවළියෙන් අඩපණවු හමුදා බුද්ධි අංශය එවකට ශේෂව සිටි දක‍ෂ බුද්ධි නිළධාරින් කිහිපදෙනෙකු විසින් යළිත් ජිවය ලබාදි ලොව අංක එකේ ත්‍රස්ථයින් ලෙස සැළකු එල්ටිටිඊ සංවිධානය සදහටම තුරන්කරන්නට ක්‍රියාකළහ. එම දක‍ෂ බුද්ධි නිළධාරින් අතරින් වර්තමාන බුද්ධි අධක‍ෂවරයාද ප්‍රමුඛ කාර්්‍යභාරයක් ඉටු කරන ලද අයෙකු වෙි. 
එදා උඩුගමිපළගේ අඩිපාරේ යමින් මෙදා අපරාද පරික්ෂන දෙපාර්තමෙන්තුවෙි සේවයෙ නියුතු= ශානි අඛෙිසේකර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සමිබන්ධයෙන් බුද්ධි අංශය සමිබන්ධ කිරිමට දැඩි පරිශ්‍රමයක් ගන්නා අයුරු පෙනි යන අතර මෑතකදි ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගත් බුද්ධි අංශ බළලත් නිළධාරියාගේ ඡායාරූපයට ලසන්ත වික්‍රමතුංග ඝාතකයාගේ රුව සමාන බව චෝදනා එල්ලකලද එම ඡායාරූපය ශානි අඛෙිසේකරට බොහොසේ සමාන බව පහත දක්වා ඇති ඡායා රූපයෙන් මනාව පැහැදිලිවෙි.මෙම සත්‍යතාව මාධ්‍ය හරහා ප්‍ර්‍රවාරය විම වැලැක්විමට මෙහු මහත් පරිශමයෙදෙන බව ඉතාගොදින් පැහැදිලි වෙි.





තවද ඔවුන්  මෙම සිදුවිම මෙරට සංස්කෘතිට සංකර සිරිත් විරිත් හඳුන්වා දෙමින් ලාංකිය ජනමනස විකෘති කිරීමෙි මෙහෙයුමක නිරත බහු ජාතික සමාගමි කරුවන්ට අයත් රූපවාහිනි නාලිකාවක් වශයෙන් නමි දරා සිටින එල්ටීටීඊ සංවිධානට පක‍ෂක්ග්‍රාහිලෙස පුවත් වාර්තා කරණයක නිරතව සිටි කූපප්‍රකට රජාගේ නාළිකා හා පාදඩ වෙබි මාධ්‍ය කලාවක නිරත වෙබි මාධ්‍ය පුවත්  ආයතනයක් හා සමිබන්ධ වෙමින් මෙම කාරනය  ජනතාවගෙන් වසන් කිිරිමට කටයුතු සිදු කරන බවට ලියුමිකරුට වාර්තා වි ඇති අතර මෙම ඝාතනය බුද්ධි අංශයට පැවරිමට මුදලට කහින නිතිඥයන් යැයි කියාගන්නා පිරිසක් වෙරදරන බවද පෙනේ තවද මෙම සිද්දියට සමිබන්ද නියම සැකකරුවන් සැගවිමට කටයුතු කරන බවත් ඒතුලින් හමුදා බුද්ධි අංශය ට එම වරද පැටවිමට උත්සහ කරන බව ගැහැදිලිවෙි.   
.


එදා උඩුගමිපළ මිලේනියමි සිටි පාවාදිම තුළින් සිදුකළ බුද්ධි අංශයේ මහා පාවා දිමට නොදෙවෙනි අයුරින් මෙදා ඔහු අනුගමනය කරමින් ශානි අඛෙිසේකරද බුද්ධි අංශ පාවා දිමට සැරසෙන අයුරු ඔහුගේ ක්‍රියාවන් තුළින් දැක ගත හැක . තවද ඔහු තම ජේ්‍යෂ්ඨයින් පරයා නැගි සිටිමින් පොලිසියේ ඉහළම පුටුවට දත නියවන මොහුට උඩුගමිපළට සිදුවුදේම ඉතා ඉක්මනින් සිදුවනු නොඅනුමානයි.  අමිබලන්ගොඩ ප්‍රදේශයේ ඉපිද සාමාන්‍ය පෙළ හැදෑරිමෙන් පසු පොලිස් විශේෂ කාර්්‍ය බළකායට එක්වි ඉන් අනතුරුව රහස් පොලිසියට එක්වන මොහු එහි නියෝජ්‍ය අධ්‍යක‍ෂකවරයා හා අධ්‍යක‍ෂවරයා අභිබවමින් සිය හිතගියාවන් සහ වරප්‍රසාද වෙනුවෙන් රට ජාතිය පාවා දිමට ක්‍රියා කරන අයුරු මොහුගේ හැසිරිමෙන් මොනවට පැහැදිලි වෙි.කෙසේ වෙතත් එදා උඩුගමිපළ මෙන්ම මෙදා ශානි අඛෙිසේකර ජාතික ආරක‍ෂාව තුටිටුවකට මායිමි නොකොට සිදු කරන මෙම ක්‍රියාතුළින් රටත් ජාතියත් සදාතනික අන්ධකාරයකට වැටෙනු නොවනු මානය. එබැවින් තම පෞද්ගලික අභිමතයන් හා වරප්‍රසාධයන් පසෙකලා වගකිමකින් යුතුව රටෙිත් ජාතියේත් ආරක‍ෂාවට හා ප්‍රගමනයට තම දායකත්වය ලබා දෙන ලෙස සියළු පොලිසියේ නිළධාරින් හා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර  රට ජාතිය පාවා දෙන්නන් වෙතොත් ඔවුන් සදා තනික කුණු බක්කියට දැමිමට කටයුතු කරන මෙන් දේශමාමක ඔබලාගෙන් අයැද සිටිමි. 
තවද ලසන්ත වික්‍රමතුංග ඝාතන පරික‍ෂණ වෙනත් දිසානතියකට යොමුකිරිමට උත්සහ දරණ ශානි අඛෙිසේකර එම පරික‍ෂණ කටයුතු වලින් ඉවත් කොට පොලිසියේ කිර්ති නාමය සුරකිය හැකි නිර්දේශපාලනිකරණයෙන්  තොර අවංක සෘජු තිරණ ගත හැකි පොලිස් නිළධාරියකු පති කිරිම වඩාත් යෝග්‍ය යනු අති අතර එමගින් පොලිසියේ කීර්ති නාමයක් රටෙි අනාගයත්, ආරක‍ෂාවත් සුරක‍ෂිත කර ගත හැකි වනු ඇතැයි පෙන්වා දිමට කැමැත්තෙමි. තවද එවන් පොලිස් නිළධාරින් ඔිනෑ තරමි පොලිස් දෙපාර්තමෙින්තුවෙි සිටින බව පැවසි යුතුමය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network