ඒ අනතුර මට වැළක්විය නොහැකි එකක් – මාරාන්තික අනතුර ගැන කුලසේකර කතා කරයි

ඒ අනතුර මට වැළක්විය නොහැකි එකක් – මාරාන්තික අනතුර ගැන කුලසේකර කතා කරයි



කඩවත, රන්මුතුගල ප්‍රදේශයේදී පසුගියදා ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකරගේ වාහනයේ ගැටී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පැවැත්වුණා.

එහිදී සාක්ෂි ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර පවසා තිබුණේ එම අනතුර තමන්ට වැළක්විය නොහැකි අනතුරක් බවයි. තමන් වාහනය අධික වේගයෙන් ධාවනය නොකළ බවත් අනතුරට ලක් වූ පුද්ගලයා තම වාහනයේ වැදුණු බව තමා නොදන්නා බවත් කුලසේකර සඳහන් කර තිබුණා.

එමෙන්ම යම්කිසි නොසන්සුන්කාරී බවක් දුටු විගසම තමන් වාහනය නැවැත් වූ බවත්, තමන් වාහනය පදවාගෙන ගියේ පැයට කිලෝ මීටර් 50ටත් අඩු වේගයෙන් බවයි කුලසේකර මරණ පරීක්ෂණයේදී පවසා තිබුණේ.

කුලසේකර මෙම අනතුරට මුහුණ පෑවේ ගම්පහ ප්‍රදේශයේ සිය මවගේ නිවසට ගොස් නැවත කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network