විහාරමහා දේවි උද්‍යානයෙන් බිහිවූ ව්‍යාපාරික කත.

විහාරමහා දේවි උද්‍යානයෙන් බිහිවූ ව්‍යාපාරික කත.


( හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවැත්තූ කතාවක් අනුසාරයෙන්- වියත්මග ක්‍රියාකාරී නිවන්ත ප්‍රනාන්දු විසින් )

ලංකාව වැනි රටක ආර්ථිකය දියුණු කිරීමට නම් විශාල පරිමාණ ආයේජකයන්ට පහසුකම් සලසනවා මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන්ට අත හිත දීම ඉතා වැදගත්බව කුරුණෑගල පැවති වියත්මග සම්මන්ත්‍රණය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූවා. කතාව අතරතුර ඔහු තම අත් දැකීම් රැසක් ගැන කතා කලා. මේ ඉන් මට සිතට කා වැදුන එක උදාහරණයක්.

“පසුගිය රජය සමයේ සැවොම සාමූහික තීරණයකට එලැඹියා එවකට විහාරමහා දේවී උද්‍යානය අසල තිබූ අලංකාර මල්පැල විකිණීමේ ස්ථානය බත්තරමුල්ල දියත උයන නිර්මාණය අවසන් වූ පසු එම ස්ථානය කරා ගෙන යෑමට.මෙම කාර්යය අවසන් වූ පසු විහාරමහා දේවී උද්‍යානයේ නවීකරණය කටයුතු සොයාබැලීම පිණිස සුපුරුදුලෙස දිනක් ගෝඨාභය රාජපක්ෂ මහතා එහි යන විට කාන්තාවන් දෙදෙනෙකු ඔහු හමුවීමට දරන උත්සාහයක් දුටුවා. එවකට තීබූ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයින් එම දෙදෙනා හට ඔහු කරා පැමිණිමට ඉඩ අහුරන බව පෙනුනා.
පසුව ඔහුගේ මැදිහත් වීමෙන් ඔවුන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මුණගැසී ඇත.

ගෝඨාභය: මොකද ඔබලා මා හමුවීමට උත්සාහ කලේ ?

කාන්තාවන් දෙදෙනා: සර්,සර්ලා කරපු වැඩෙන් අපිට දැන් ජීවත්වෙන්න වත් විදිහක් නෑ.

ගෝඨාභය: (විමතියට පත්වෙමින්) මට පැහැදිලි මදි. දැන් මොකක්ද වෙලා තියෙන්නේ?
එක් කාන්තාවක්: සර්ලා මෙතන මල් පැල විකුණන එක නැවැත්තුවා. මම මෙතෙක් කල් ඒකට ආපු අයට අච්චාරු විකිණුවා. මෙයා කැවුම් විකිණුවා. දැන් අපිට බඩේ පාර. ඇයි සර් අපිට මෙහෙ කරන්නේ ?

ගෝඨාභය: කලබල වෙන්න එපා. අපි උත්සාහ කරන්නේ හැමදේම පිළිවෙළක් ඇතුව කරන්න. මම ඔය දෙන්නටම පාරේ තියෙන කරත්ත දෙකක් අපේ වියදමෙන් අරන් දෙන්නම්. ඒ කරත්ත පාවිච්චි කරලා ඔය කරන් ආපු වැඩේ පිළිවෙළට කරගෙන යන්න".
ඉන්පසු අප වියදමෙන් ගත් එම කරත්ත දෙක නොමිලේ ඔවුන් දෙදෙනාට පරිත්‍යාග කිරීමට අපට හැකිවිනි.

ඉන් වසරකට පසු මෙම පරිශ්‍රයේ ආපනශාලා සංකීර්ණයක් (FOOD COURT) සෑදීමට අප තීරණයකට එලැඹි එහි නිරීක්ෂණ චාරිකාවක යෙදෙන අතරතුර යලිත් වරක් පෙරකී කාන්තාවන් දෙදෙනාගෙන් කැවුම් විකිණූ කාන්තා මා හමුවීමට පැමිණයය.

කාන්තාව: සර්, මට ආරංචි උනා මෙතන FOOD COURT එකක් හදනවා කියලා. මට එකෙන් කඩයක් ඉල්ලා ගන්න ආවේ.

ගෝඨාභය: මට කණගාටුයි. මේ කිසිම කඩයක් අපි නොමිලේ ලබා නොදෙන්න තීරණය කරලා තියෙන්නේ. මේකට නම් අනෙක් අය වගේම සාධාරණ විදියට මුදල් ගෙවල තමයි කඩයක් ගන්න පුලුවන්.

කාන්තාව: නිකං නෙවෙයි සර්. මම අවශ්‍ය මුදල දෙන්නම්. දැන් මගේ ආදායම හොඳයි සර්ල දුන්න කරත්තය නිසා.

ඉන් ටික දිනකට පසු නියමිත අත්තිකාරම් මුදල ඇයගෙන් ලබාගෙන එක් ව්‍යාපාරික ස්ථානයක් ඇයවෙත වෙන් කරදෙනු ලැබූවා.

ඉන් ටික කලකට පසු ගෝඨාභයජනාධිපතිතුමා සමග බෙල්ලන්විල ව්‍යායාම මංතීරූව හා ආපනශාලා සංකීර්ණය විවෘත කීරිමට සහභාගි විය. ඔහු පුදුමයට පත්කරවමින් පෙරකී කැවුම් විකිණූ කාන්තාව මෙහිද සිටියාය.

ගෝඨාභය: ඔයා මොනවද මෙහේ කරන්නේ?

කාන්තාව: සර්, මම මෙහෙනුත් කඩයක් ගත්තා. යැයි ඇය පැවසුවා.

එවිටම එකල අමාත්‍යන්ශයේ අතිරේක ලේකම්තුමා ගෝඨාභය ලඟට විත් ඇය දැන් ලොකු වියාපාරික කාන්තාවක් බවත් ආහාර පාන අලෙවිසැල් 03 ක හිමිකාරිත්වයක් හා රථ වාහන කීපයක් ඇයට හිමි බව දන්වා සිටියා.

මෙය කණවැකුණු මොහොතේ ගෝඨාභයගේ මතකය මීට වසර කීපයකට පෙර එම කාන්තාවන් දෙදෙනා මා හමුවීමට පැමිණ ඔහුට චෝදනා කල අවස්ථාව සිහිපත්විය.
මෙය සිත් හි තබා ගෙන ගෝඨාභය ඇයගෙන් විමසුවේ ඇයත් සමග පැමිණි අච්චාරු විකිණූ කාන්තාව ගැනයි. එවිට ඇය පැවසූයේ එම කාන්තාවද ත්‍රීවීලර් රථ කීපයක් ධාවනයට යොදවා ඇති බවයි.

මෙම කතාව මගින් ඉමහත් සතුටට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම කාන්තාව ජනාධිපතිතුමාටත් හඳුන්වා දී ඇත.

රජයක් කල යුත්තේ නාගරික සංවර්ධන ක්‍රියාවනට බාදාවක් වන කුඩා ව්‍යාපාරිකයන් පාරට දැමීම නොව ඔවුන්ටද උදව් කිරීමයයි සැලකූ නිසා ගෝටාභය රාජපක්ෂ ඔවුන්ගේ ප්‍රශ්නය විසඳා ඇත. පසුගිය රජයේ සංවර්ධන ආකල්පය සරලව ගැබ්ව ඇති මේ සත්‍ය කතන්දරය අවස්ථාව ලබා දුනහොත් ආර්ථිකමය දියුණුව ලබා ගැනීමට සාමාන්‍ය මිනිසුන්ටද හැකියාවක් ඇති බව මොනවට කියාපායි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network