අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත තුල සැඟවුන ජාතික උවදුර.
( මහාචාර්ය ජී එල් පීරිස්)
1.ජිනීවා යෝජනාවලට සම අනුග්‍රාහකත්වය ලබා දීමෙන් සිදුකර ගත් ජන්ම පාපය
අතුරුදන් වූවන් පිළිබඳ විශේෂ කාර්යාලයක් පිහිටුවීම පසුගිය ඔක්තොබර් මස 1දා ජිනීවාහිදී ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේදී ඉදිරිපත් කරන ලද යෝජනාවලට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය ලබා දීම තුලින් එකඟවූ ප්‍රධානතම පොරොන්දුවක් ඉටුකිරීමකි. මෙම පොරොන්දුව ජිනීවා යෝජනාවේ 4 වන ක්‍රියාත්මක ඡේදයේ පැහැදිලිව සටහන් වී තිබුනි. මෙම යෝජනාව ක්‍රියාත්මකකිරීම සඳහා ඇති දඩි බලපෑම රටවල් 24ක් විසින් පසුගියදා මානව හිමිකම් කවුන්සිලයේදී කරන ලද නිවේදනයත් බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රණ මණඩලයේ සාකච්චාවල වාර්තාත් මගින් තහවුරු වෙයි. ඔවුන් ශ්‍රී ලංකා රජයට බලකර සිටියේ තමන් විසින්ම පොරොන්දුවූ ආකාරයට දැන් කටයුතු කරන ලෙසය. එහි ප්‍රතිඵලය ලෙස හඳුන්වා දී ඇති අතුරුදන් වූවන් පිළිබඳ විශේෂ කාර්යාලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත රටට ඉතා අහිතකර ප්‍රතිපල ලබාදෙන්නකි.
11.අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය යන නම සම්පූර්ණයෙන්ම වැරදි ව්‍යවහාරයකි.
ඇත්තෙම මේ පනතෙන් කරන්නට බලාපොරොත්තු වන්නේ අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටවීමේ මුවාවෙන් පුලුල් බලතල සහිත අර්ධ අධිකරණ ස්වරූපයෙන් ක්‍රියාත්මකවන යාන්ත්‍රණයක් තුලින් විවිධ පුද්ගලන්ට සාක්කි සඳහා බලකිරීම, අධිකරණ අවසරයකින් තොරව රෑ දවල් සීමාවක් නොතකා ආරක්ෂක කඳවුරකට වුවත් ඇතුලුවීම, සංවේදීබව නොතකා ඕනෑම දත්තයක් එකතුකිරීම, එවා ඇතුලත් ලේඛණ සකස්කිරීම හා බෙදාහැරීම, අහිතකර ප්‍රතිපල ගෙන දිය හැකි පුලුල් කාර්ය පරාසයක් සඳහා විදේශිකයන් සම්බන්ධකර ගැනීම වැනි කරුණු සඳහා බලය ලබා දීම වැනි දෑ සිදුවන අතර සාක්කි ආඥා පනත වැනි ව්‍යවස්ථාපිත ආරක්ෂාවන් අහිමිකොට ජනතාවට පමනක් නොව රටේ ඉහලතම අධිකරණයන්ටත් නිසි තොරතුරු ලබා නොදී සම්පූර්ණ රහස්‍යතාවයෙන් කටයුතු කිරීමටත්, මහාධිකරණයකට පමණක් හිමි අකාරයේ දණ්ඩ නීති බලතල බාවිත කිරීමටත් ඉඩ සැලසීමයි.
111.රටේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් වීම
යෝජිත කෙටුම්පතේ ඉතාම අනර්ථදායී අංගයක් වන්නේ අතුරුදහන් වුවෙකු විස්තරකෙරෙන ආකාරයයි. අතුරුදන්වු තැනැත්තා වශයෙන් හඳුන්වන්නේ යම් තැනැත්තෙකුගේ ඉරණම හෝ සිටින ස්ථානය සාධාරණලෙස නොදන්නා බවට විශ්වාස කරනු ලබන්නාවූද ඒ තැනැත්තා ගණනය නොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙස විශ්වාස කරනු ලබන්නාවූද උතුරු නැගෙනහිර පලාත්වල සිදුවූ සන්නද්ධ ගැටුම් අතරතුර හෝ එහි ප්‍රතිපලයක් ලෙස නැතහොත් එම සන්නද්ධ ගැටුම්වලට පසු යුද්ධයේදී අතුරුදහන් වූවායැයි හඳුන්වනු ලබන අයෙකි ( (27 )කොටස ).
නීතිය මේ ආකාරයට යම් ප්‍රදේශයකට පමනක් සීමා කරන්නේ මන්දයි මෙහිදී විශාල ප්‍රශ්නයක් මතුවෙයි. උතුර නැගෙනහිර පමනක් නොව දකුණේ හා බටහිරද මිනිස් ජීවිතවලට සමාන ඇගැයීමක් තිබිය යුතුය. අතුරුදහන් වූවන්ගේ ඉරණම පිළිබඳ මහත් සැලකිල්ල රටේ එක ප්‍රදේශයක වැසියන්ට පමනක් සීමා කරන්නට දරන වෑයම පිළිගත නොහැක්කකි.
IV. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සංයුතිය
මෙම යෝජිත ආයතනයේ වැදගත්කම තවදුරටත් ප්‍රත්‍යක්ෂ වන්නේ එහි සාමාජිකයන් නම් කරන්නේ සත් දෙනෙක්ගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිසාය. ( 4(1) a කොටස ). මෙහි සමාජිකයන් වීමට අපේක්ෂිත සුදුසුකම් විශේෂ අවධානයකට ලක්විය යුතුය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සමාජිකයන්, සිද්ධිමය කරුණු සෙවීම හෝ විමර්ශණය සිදුකිරීම, මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර මානුෂීය නීතිය, මානව ප්‍රතිචාර වැනි දෑ පිළිබඳ පුර්ව පළපුරුද්දක් සහිත හෝ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ කර්තව්‍ය ඉටු කිරීමට අදාල වෙනත් සුදුසුකම් ඇති අය විය යුතුය ( 4(2) b කොටස ) . මෙම පුද්ගලයන් ලාංකිකයන් විය යුතුයැයි කිසිදු සඳහනක් නැත. මෙහි වචන පරිස්සමෙන් බාවිත කර ඇත්තේ පැහැදිලිවම විදේශිකයන් ඉලක්ක කරගෙන බව පෙනී යයි.
V. නීතියේ සාධාරණත්වය විපරිත කරන විමසීම් ක්‍රියා පරිපාටිය .
තමන්ට ලැබෙන පැමිණිල්ලක් මත විමර්ශණයක් හෝ පරීක්ෂණයක් ආරම්භ කිරීමට කාර්යාලයට බලය ඇති අතර එම පැමිණිල්ල පිළිබඳ සම්පූර්ණ රහස්‍යතාවක් තබාගෙන කටයුතු කල හැක. කාර්යාලයෙහි සෑම සමාජිකයෙකු, නිලධාරියෙකු, සේවකයෙකු සහ උපදේශකයෙකු මේ පනත යටතේ තම කාර්ය ඉටුකිරීමේදී හැර තමා වෙත රහසේ දැනුම්දෙන ලද කරුණු සම්බන්දයෙන් එම තැනැත්තා විසින් රහස්‍යභාවය ආරක්ෂා කරමින් එසේ ආරක්ෂා කිරීමට ආධාර කල යුතුය.මෙහිදී ඉතා වැදගත් වනුයේ ' යම් ලිඛිත නීතියක එයට පටහැනිව කුමක් සඳහන් වුවත්' රහස්‍යභාවය රැකිය හැකියයි කියා තිබීමය. මේ අනුව තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන පැහැදිලිවම මෙමගින් කඩකොට තිබේ.
පනත සම්මත වුවහොත් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයෙහි මෙම රහස්‍යතාවට අභියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් බලයක් නොමැත.
මෙම තත්වය යටතේ ලංකාවේ ආරක්ෂක අංශ හා මහජනතාවට ඇති උවදුර ඉතා පැහැදිලිය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට නම සඳහන් නොවන, කිසිදු හඳුනාගත හැකි විස්තරයක් නොමැති, අබිරහස් පුද්ගලයෙකු විසින් දුන්නායයි කියනා තොරතුරක් මත විමර්ශණයක් ආරම්භ කොට , තමුන්ට රිසි පරිදි පරීක්ෂණ පවත්වා තම තීරණ කිසිදු අකාරයක නීත්‍යානූකූල අභියෝගයකට ලක් නොවී, නීතිය ක්‍රියත්මක කරණ හෝ නඩු පවරන ආයතයකට යොමුකල හැක.
මෙහි ඇති තවත් ඉතාමත්ම හාස්‍යජනක මෙන්ම බියකරු ලක්ෂණයක් වන්නේ අතුරුදහන්වූවායැය් පරීක්ෂණ කරමින් සිටින ලබන පුද්ගලයෙකු යම් හෙයකින් ජීවතුන් අතර සිට හමු වුවහොත් එම පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු හෙලිදරව් කල හැක්කේ එම පුද්ගලයාගේ කැමැත්තට යටත්ව පමනක් වීමයි. මෙහි විපරිත ප්‍රතිපලය නම් විමර්ශණයක් අතරතුර අතුරුදහන්යැය් විශ්වාස කල පුද්ගලයා වෙන රටක හෝ යහතින් ඉන්නා බව සොයාගත්තද එතෙක් පැවති පරීක්ෂණය පිළිබඳ හා එතෙක් සැකකරුවන් ලෙස නම් කෙරුන අය පිළිබඳ සාධාරණ සත්‍ය කිසිදිනක හෙලි නොවීමයි.
මෙම පනතේ සැබෑ අරමුණ සත්‍ය සෙවීම නම් මෙවැනි ගුප්ත හා රහසිගත ක්‍රියාපටිපාටියන් රැසක් මෙම පනතට අන්තර්ගත කිරීමෙන් එහි නිර්මාතෘවරුන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවීම වැලක්විය නොහැක.
VI. පැහැදිලිවම පෙනීයන විදේශ බලපෑම්
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට අවශ්‍යයැය් සිතෙන ආකාරයකට විදේශ රජයක් හෝ ඕනෑම ආයතනයක් සමඟ ගිවිසුම් වලට එළඹීමට පුලුල් බලයක් ඇත. එමගින් දේශීය හෝ විදේශීය , ලියාපදිංචි වූ හෝ ලියාපදිංචි නොවූ ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් සමඟ ගිවිසුම් ගතවිය හැක. තවත් අසාමාන්‍ය වගන්තියක් වන්නේ මෙම කාර්යාලයට ඍජුවම දේශීය හෝ විදේශ මූලාශ්‍ර වලින් අධාර හෝ ත්‍යාග ලබා ගැනිමට බලය තිබීමයි ( (21) කොටස ).
VII. විදේශිකයන් විසින් ඇඟට නොදැනී කාර්යාලයේ බලතල බාවිත කිරීමට ඇති ඉඩකඩ
පනතේ වගන්ති සකස් කොට ඇත්තේ එවායේ යටි අරමුණ පහසුවෙන් හඳුනාගත නොහැකිවන ලෙසය.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට අවශ්‍ය පරිදි නිලධාරීන් හා සේවකයන් බඳවා ගැනීමට බලය ඇත. ඒ අනුව කාර්යාලය සමඟ ගිවිසුම් ගතව එයට යහමින් අධාර ලබා දෙන රාජ්‍ය නොවන සංවිධාන හා අනෙකුත් ආයතන වලට සම්බන්ධ පුද්ගලයන්ට නිත්‍යානුකූල ක්‍රමවේදය තුලම කාර්යාලයේ නිලධාරීන් හා සේවකයන් ලෙස පත්වීම් ලබා ගත හැක.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට සෙවීම් ඒකකයක් තිබිය යුතු අතර එය විධායක නිලධාරියෙකු යටතේ පාලනය වන බවත් එම ඒකකයට අදාල තාක්ෂණ දැනුම හා අධිකරණ විශේෂඥ්ඥ දැනුම ඇති පුද්ගලයන් හා ප්‍රවීණ, පළපුරුදු හා සුදුසුකම් ඇති විමර්ශකයන් ඇතුලත් විය යුතු බවත් කියවේ. මේ අනුව ආධාර දෙන විදේශ ආයතන වලට කාර්යාලයේ අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධවීමට හා සෙවීම් ඒකකයට ඍජුවම බලපෑම් කිරීමට අවස්ථාව උදා වනු ඇත.
රජය විසින් හෝ යම් රාජ්‍ය ආයතනයක් විසින් හෝ යම් රාජ්‍ය නිලධාරියෙකු විසින් යම් තැනැත්තෙකු රඳවා තබාගෙන ඇති බවට හෝ කලින් රඳවාතබා ගෙන සිටි බවට සැක කරනු ලබන යම් රඳවා තබා ගැනීමේ ස්ථානයකට, පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ වෙනත් යම් ස්ථානයකට දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඕනෑම වෙලාවකදී වරෙන්තුවක් නොමතිවඇතුලුවී විමර්ශනය කිරීමට සහ කාර්යාලය මගින් පවත්වනු ලබන යම් විමර්ශනයක කාර්යය සඳහා අවශ්‍ය යය් සලකනු ලබන යම් ද්‍රව්‍යයක් පරීක්ෂා කිරීමට සහ එහි පිටපත් හෝ උදෘත ලබා ගැනීමට, තහනමට ගැනීමට සහ රඳවා තබා ගැනීමට කාර්යාලයේ යම් නිශ්චිත නිලධාරියෙකුට බලය පැවරිය හැක ( 17(2) කොටස ). මෙය ඉතා කල්පනාකාරීව අධ්‍යයනය කල යුතු අවදානම් සහගත වගන්තියකි.
තවත් සැකකටයුතු යෙදුමක් නම් ' නිශ්චිත නිලධාරියා ' යන්නයි. ඔහුගේ සුදුසුකම් පැහැදිලි කර නොමැති නිසා විදේශ අනුග්‍රාහක ආයතනයක් විසින් නම් කරන විදේශිකයෙකු මෙම තනතුරට පත් කරනු ලැබුවහොත් නිසැකවම ඔහුට රාජ්‍ය ආරක්ෂාවට පවා බලපාන තොරතුරු පහසුවෙන්ම ලබා ගත හැකි ආකාරයේ අසීමිත බලයක් ලබෙනු ඇත.
මේ කියනා නිශ්චිත නිලධාරීන්ට පොදු හෝ පෞද්ගලික ස්ථාන වලට ඇතුල්වී සෝදිසිකිරීමට හා පරිග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොලීසියට හා සමාන බලයකින් ලැබේ. සුදුසුකම් මොනවාදැයි සඳහන් වී නොමැති මේ නිශ්චිත නිලධාරීන්ගේ අදහස් හා තීන්දු මත පසුකාලීනව අපේ හමුදා සාමාජිකන්ට හා ජනතාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග පවා තීරණය වනු ඇත. අනියතාකාරයෙන් පත්කරනු ලබන මෙකී නිශ්චිත නිලධාරීන්ට ලබා දී ඇති දරුණු බලතල බාවිතයට අධිකරණ සහාය ලබා දීමට මෙම පනතින් අදහස් කෙරෙයි.
VIII. අසීමිත හා වගකීමකින් තොර බලය පැවරීම්
කාර්යාලයට ලබා දෙනු ලබන අධික බලතල සලකා බැලීමේදී එවා අන් පුද්ගලයන්ට හෝ ආයතන වලට පැවරීමේදී ඉතා සුපරික්ෂාරී විය යුතු නමුදු බලය පැවරීම සම්බන්ධව ඉතා ලිහිල් අකාරයකට කටයුතු කල හැකි ආකාරයේ වගන්ති ඕනෑකමින්ම පනතෙහි ඇතුලත් කර ඇති බව පෙනේ. උදාහරණයක් වශයෙන් පනතෙහි සඳහන් ඒකක හා අංශ වලට අමතරව කාර්යාලයේ පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අවශ්‍යයැයි හැඟෙන කමිටු, ඒකක හා අංශ කලින් කල පිහිටුවීමට හා කාර්යාලයේ බලතල එවාට පවරා දීමට බලය ලබා දී ඇත( 11 (e) කොටස ).
මෙහි ප්‍රථිපලය වන්නේ ජාතික ආරක්ෂාවට දැඩිලෙස බලපෑ හැකි බලතල රාශියක් කිසිදු වගකීමක් හෝ පිලිගත් මාර්ග නිර්දේශනයකින් තොරව සුදුසුකම් හෝ තොරාගැනීමේ පටිපාටිය පැහැදිලිකොට නැති නිලධාරීන් රැසකට පවරා දීමට හැකියාව ලැබීමයි. මෙය කිසිසේත්ම පිළිගත හැකි තත්වයක් නොවේ.
IX සියලු මහජන අධිකාරියන් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ දමනයට ගැනීම
කාර්යාලයේ සර්වබලධාරිත්වය පැහැදිලිවම මතුකොට පෙන්වන වගන්තියක් වන්නේ, මෙම කාර්යාලයේ කාර්යභාරය ඉටුකර ගැනීම සඳහා යම් රජයේ ආන්ඩුවේ, පළාතේ හෝ පළාත් පාලන ආයතනයකින් හෝ නියෝජ්‍ය ආයතනයකින් නැතහොත් එහි සේවයේ නියුක්ත යම් සේවකයෙකුගෙන් අවශ්‍ය සහාය ඉල්ලා සිටීමට ඇති බලයයි. එහි තවදුරටත් කියැවෙන්නේ වෙනත් යම් ලිඛිත නීතියක හෝ එය යටතේ සාදන ලද නියෝගයකට පටහැනිව කුමක් සඳහන් වුවද කාර්යාලයේ සහාය සඳහා ඉල්ලීමක් කරනු ලබන එවනි යම් අධිකාරියක්, නියෝජ්‍යායතනයක් හෝ නිලධාරියෙකු විසින් එම සහාය ලබා දිය යුතු බවයි.
තවත් විශේෂ අවධානය යොමු විය යුතු කරුණක් නම් ප්‍රකාශයක් ලබා දීම හෝ ඔහු සන්තකයේ ඇති ලේඛනයක් හෝ වෙනත් දෙයක් ඉදිරිපත් කිරීම සඳහා කාර්යාලයට පැමිනෙන ලෙස ලංකාවේ සිටින හෝ පදිංචි ඕනැම තැනැත්තෙකු කැඳවීමට ඇති බලයයි ( 12 ( c ) කොටස ). මෙය වරදක් ඔප්පුවන තුරු යමෙක් නිවැරදිය යන උපකල්පනය, දණ්ඩ නීතිය යටතේ තමුනට හානිකර විය හැකි දෙයක් නොකියා සිටීමට ඇති අයිතිය වැනි මුලික නීති සිද්ධාන්ත වලටද පටහැනිය.
X. මුක්තිය අසීමිතව ප්‍රදානය කිරීම
සද්භාවයෙන් කරන රාජකාරී කටයුතු වලදී මහජන ආයතන හා නිලධාරීන්හට යම් ආකාරයක මුක්තියක් ලබා දීම නීතිය විසින් පිලිගත් කරුණක් වුවද මෙම පනත එම වාසිය සීමාව ඉක්මවා ගෙන ගොස් ඇත. තම ක්‍රියාවන් වෙනුවෙන් නීතියෙන් මුක්තිය ලබා දෙන පරාසය කාර්යාලයේ සමාජිකයන්ට පමනක් නොව ඔවුනට උදව් ලබා දෙන නිලධාරීන්ට හා සේවකයන්ටද බලපවත්වයි. කාර්යාලයට රිසි පරිදි නිදහසේ විවිධ පුද්ගලයන් එහි සහායට බඳවා ගැනීමටත් මාර්ග නිර්දේශනයන්ගෙන් තොරව බලතල බෙදාහැරීමටත් ඇති පුලුල් බලය පිලිබඳ මීට පෙරද සඳහන් වූ නිසා මේ සියලු දෙනා නීතියට ඉහලින් ඔසවා තැබීබට කරන්නාවූ යෝජනා සියලු සමාජ මූලධර්මයන්ට පටහැනි වු අප්‍රසන්න දෙයක් ලෙස හැඳින්විය හැක.
XI. අගෞරව කිරීම පිළිබඳ විධිවිධාන වල දැඩිකම
පනතේ 24 (1) කාර්යාලයේ අධිකාරී බලතල වලට අපහාස කිරීමේ වරදට අසුවිය හැකි කරුණු 10ක් පෙන්වා දී ඇත. මෙම කරුණු අදාලවන පරාසයන් අතිශයින්ම පුලුල්ය. එය තවත් භයානක වන්නේ අධිකාරියට අපහාස කලා යැයි එහි නිලධාරීන් විසින් යමෙකුට චෝදනා කල හොත් එය මහාධිකරණයට අපහාස කලාක් මෙන් සලකා බරපතල දඩුවම් නියමකල හැකි බැවිනි.
XII. පනතේ ඇති අවධානම
කාර්යාලය මගින් ගන්නාවූ තීරණ මත අපරාධ හෝ සිවිල් වගකීමක් ඇති නොවිය යුතුය ( 13 (2) කොටස ) යන වගන්තිය දෙස පමනක් බලා මෙම පනතේ ඇති අවධානම ලඝු කොට නොසැලකිය යුතුය.
එම වගන්තියේ ආරක්ෂාව අදාල පරීක්ෂණයට සීමාවන අතර එමගින් ලබා ගන්නා තොරතුරු වලින් කාර්යාලයට පසුකාලීනව කල හැකි බොහෝ කටයුතු වලින් ආරක්ෂාවක් ලබා නොදෙයි. ස්වාභාවික යුක්තිය යටපත් කරන සුවිශේෂ බලතල බාවිත කරමින් එක් කරගත් දත්ත හා තොරතුරු කිසිදු සීමාවකින් තොරව අන්තර්ජාතික අධිකරණයන් වෙත යොමු කිරීමටත් ඒ අනුව ජිනීවා යෝජනා වලට සම අනුග්‍රාහකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා රජය පිළිගත්තාවූ ක්‍රියාපටිපාටියන්ට අනුව ක්‍රියා කිරීමටත් මෙම පනතින් ඉඩ පෑදේ.
මෙම පනත තුල සැඟවුන උපද්‍රවයේ විශාලත්වය එය හුදකලාව අධ්‍යයනය කිරීමෙන් පමනක් වටහා ගත නොහැක.එය හොඳින්ම වටහා ගැනීමට නම් මෑත කාලයේ සාකච්චාවට ලක්වූ යුධ අපරාධ චෝදනා, දෙමුහුම් අධිකරණ යාන්ත්‍රණය, අතීතයට බලපාන අපරාධ නීති, හමුදා නිලධාරීන් ඉලක්කකරගත් විශේෂ ක්‍රියාකාරකම් හා වර්ථමාන රජය විසින් ජිනීවා යෝජනා වලට සම අනුග්‍රහකත්වය සපයමින් එකඟ වූ කරුණු වැනි සියල්ල සැලකිල්ලට ගත යුතුය. අප මුහුන පා සිටින්නේ කෙතරම් අවධානම් සහගත තත්වයකටද යන්න වටහා ගත හැක්කේ එවිට පමනි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න