“බස්‌ එලවන්න රියදුරන් ඉන්දියාවෙන් ගේන්න කියා බස් ගැමුණු කියනවා…” – ත්‍රිරෝද රථ සංගමයේ සභාපති

ගැමුණු කියනවා…” – ත්‍රිරෝද රථ සංගමයේ සභාපති





වෘත්තිකයන් ලක්‍ෂ 10 ක්‌ පමණ සිටින ත්‍රිරෝද රථ කර්මාන්තය ඉවත් කරන්න කියලා කෑගහන “බස්‌ ගැමුණුට” එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා. තමන්ගේ බස්‌ කර්මාන්තයවත් හදාගන්න බැරි “බස්‌ ගැමුණු” කොහොමද අපේ ත්‍රිරෝද රථ කර්මාන්තය ඉවත් කරන්නේ යෑයි ලංකා ස්‌වයං රැකියා ත්‍රිරෝද රථ නියුක්‌තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.
ඒ මහතා එසේ පැවැසුවේ ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ත්‍රිරෝද රථ මෙරටට ගෙන්වීම නතර කළ යුතු බවට පසුගියදා මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.
බස්‌ ගැමුණු කියනවා ත්‍රිරෝද රථ කර්මාන්තය නිසා ඒ අයට පාඩුවක්‌ තියෙනවා කියලා. ත්‍රිරෝද රථ වෘත්තිකයන් දසලක්‍ෂයක්‌ ඉන්නවා. ලක්‍ෂ පනහක පමණ ජනතාවක්‌ මේ කර්මාන්තය නිසා ජීවත් වෙනවා. පෝෂණය වෙනවා. මේ බස්‌ ගැමුණු ප්‍රයිවට්‌ බස්‌ රථ හත්දාහක්‌ අටදාහක්‌ විතර තියාගෙන කෑගහනවා. අපේ ත්‍රිරෝද රථ වෘත්තිකයන්ට ආණ්‌ඩුවක්‌ ගෙදර යවන්නත් පුළුවන්. ඒ වගේම ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යන්න උදව් කරන්නත් පුළුවන්. මේ ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ ගෞරවය හෑල්ලුවට ලක්‌ කරන ගැමුණුට එරෙහිව ඉදිරියේදී මුළු ලංකාවේම ඉන්න ත්‍රිරෝද රථ වෘත්තිකයන් සියලු දෙනා පෙළගස්‌වනවා.
ප්‍රයිවට්‌ බස්‌වල ගමන්කරන තමන්ගේ මගියාට සලකන්න බැරි බස්‌ ගැමුණු, කොන්දොස්‌තරලා ඉතිරි නොදී මගීන්ගෙන් රුපියල් දෙක, තුන වංචා කරන විට නිහඬව ඉන්න ගැමුණු කරන මෙවැනි ප්‍රකාශ අපි දැඩි ලෙස හෙළා දකිනවා.
අපි බස්‌ ගැමුණුට කියන්නේ ත්‍රිරෝද රථ කර්මාන්තයට අත තියන්න එන්න එපා කියලයි. එහෙම වුණොත් බස්‌ ගැමුණුට වැඩ වරදිවී.
අනිත් එක බස්‌ ගැමුණු කියනවා බස්‌ කර්මාන්තයේ වැඩකරන්න රියෑදුරන් හිඟයි කියලා. ඒ නිසා ඉදිරියේදී බස්‌වල වැඩකරන්න රියෑදුරන් ඉන්දියාවෙන් ගෙන්වන්න වෙයි කියලා ඔහු කියනවා. තමන්ගේ බස්‌ කර්මාන්තය රැක බලා ගන්නේ නැතුව බොරුවට මේ ත්‍රිරෝද රථ කර්මාන්තය විනාශ කරන්න හදනවා.ඒ වැඩ හරියන්නේ නෑ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network