සාත්තර රත්තරංගෙන් කෙන්දර සුමනෙට අභියොගයක්

සාත්තර රත්තරංගෙන් කෙන්දර සුමනෙට අභියොගයක්



තමාට සාපරාධී අපහාස සිදුකිරීමට එරෙහිව, ජ්‍යොතිර්වේදී සුමනදාස අබේගුණවර්ධනගෙන් රුපියල් ලක්ෂ 100 ක වන්දි මුදලක් ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං පවසනවා.  

පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, එම මාධ්‍ය හමුවේදී ජ්‍යොතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා.

එහිදී ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන, දේවාලයක් පවත්වාගෙන යමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකරන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සම්බන්ධයෙන් චෝදනා එල්ලකළේ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව පුදපූජා කටයුතු සිදුකළ බවටයි.   

ගාල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං ඒ සම්බන්ධයෙන්  දැඩි ප්‍රතිචාරයක් දැක්වූවා. 

ඔහු කියා සිටියේ තමන් කිසිවිටෙක දේවාලයේ අයහපත් පූජා සිදු නොකරන බවයි. 

සුමනදාස අබේගුණවර්ධන වත්කම් රැස් කරගත් ආකාරය සොයා බලන ලෙසද, ඔහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේ අසත්‍ය ප්‍රචාර සිදු නොකර අවශ්‍යනම් වත්මන් ජනාධිපතිවරයාට සමීපවන ලෙස සුමනදාස අබේගුණවර්ධනට අභියෝග කරමින්. 

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ දුරකථන සංවාදයේ නිරතවූ ජ්‍යොතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන, හිටපු ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු  සම්බන්ධයෙන්ද  එදින අදහස් පළ කළා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network