විමල් වීරවංශට අධිකරණයෙන් නොතීසි

විමල් වීරවංශට අධිකරණයෙන් නොතීසි

එක්සත් ජාතීන්ට එරෙහි විරෝධතා ව්‍යාපාරය


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණය කිරීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කොට ඇත.

කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය කළේ.

පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ සැකකරුවන් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවයි.

එම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇති වූ අතර මහජනයාට දැඩි පීඩාකාරී තත්වයකට මුහුණ දීමට සිදු වූ බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් ලෙස නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ විමල් විරවංශ සහ ජයන්ත සමරසිංහ ඇතුළු හත් දෙනෙකුට ලබන මස 18 වන දා අධිකරණයේ පෙනී සිටින මෙන් සිතාසි නිකුත් කළේය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ද්
Copyright © 2012 Sri Av Tv Network