ලොව විශාලතම නිල් මැණික ලෙස වාර්තා අතරට එක්වන නිල් මැණිකක් මෙරට පතලකින් හමුවී ඇතැයි මැණික් විශේෂඥයන් පවසනවා. (විඩියෝව සහිතයි )
ලොව විශාලතම නිල් මැණික ලෙස වාර්තා අතරට එක්වන නිල් මැණිකක් මෙරට පතලකින් හමුවී ඇතැයි මැණික් විශේෂඥයන් පවසනවා.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ ආයතනය ප්‍රකාශකර ඇත්තේ කැරට් 1404.49 ක බරින් යුත් මෙවැනි නිල් මැණිකක් මීට පෙර හමුවී නොමැති බවයි.
එහි මිළ ඩොලර් මිලියන 100 ක් ලෙසට ඇස්තමේන්තු කර තිබෙනවා.
කෙසේවෙතත් එහි හිමිකරු ප්‍රකාශ කරන්නේ මෙම නිල් මැණික වෙන්දේසියකදී ඩොලර් මිලියන 175 කට අලෙවි කල හැකි බවයි.
මෙම නිල් මාණික්‍යයේ වත්මන් හිමිකරුවා බී බී සී ලෝක සේවයට ප්රකාශර ඇත්තේ මෙම මැණික දුටු වහාම තමාට එය මිළදී ගැනීමට සිතුනු බවයි.
එහෙත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නැහැ.
එම මැණික දුටු පළමු අවස්ථාවේ එය ලොව විශාලතම නිල මැණික වනු ඇතැයි විශ්වාස නොකල බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.
කෙසේවෙතත් මැණික මිළදී ගනු ලැබුවේ කොපමණ මුදලක් ගෙවා ද යන්න පිළිබඳව ද ඔහු හෙළිකර නැහැ. වත්මන් හිමිකරුවා විසින් මෙම මැණික නම්කර ඇත්තේ ඇත්තේ ආදම්ගේ තරුව ලෙසටයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න