නාමල් පරදියි - දහම් සිරිසේන සුපිරි BMW i8 රථයක් බස්සයි

නාමල් පරදියි - දහම් සිරිසේන සුපිරි BMW i8 රථයක් බස්සයි




සරල චාම් දේශපාලනයක් කරනවා යැයි පම්පෝරි ගසමින් මෛත්‍රිපාල සිරිසේන බලයට පැමිණියත් මේ වන විට ඒ සියල්ල පුස්සක් වෙමින් පවතී.

ඒ ජනාධිපතිගේ  පුත් දහම් සිරිසේන මහතා ලංකාවට ගෙනෙන ලද නවතම වර්ගයේ සුපිරි BMW i8 රථයක් පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවිවල වාර්තා පල වීමත් සමගයි.

නමුත් පසුගිය සමයේ හිටපු ජනපතිගේ පුත් නාමල් රාජපක්ෂට මොවුන් විවධ චෝදනා එල්ල කළ අතර මේ වන විටත් එ්වා ඔප්පු වී නැත.





එහි වටිනාකම ලංකාවේ  මුදලින් රුපියල් 21,496,250.00 ක් බවත් එහි දැක්වෙනවා.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නිදහස් දිනයේ හමුදා පෙළපාලි වහාම අඩු කරන්නැයි ඉන්දීය රජයෙන් ලක් රජයට නියෝගයක්

නිදහස් දිනයේ හමුදා පෙළපාලි වහාම අඩු කරන්නැයි ඉන්දීය රජයෙන් ලක් රජයට නියෝගයක්






68 වන නිදහස් දිනය සැමරීමේදි ත්‍රිවිධ හමුදාව සහ පොලීසි යොදා ගනිමින් සිදුකරන උත්තමචාර පෙළපාලි අඩු කරන ලෙස ඉන්දීය රජය ලක් රජයට අද හදිසියේම දැනුම් දී තිබෙන බව වාර්තා වේ. ඉන්දීය මෙරට මහකොමසාරිස්වරයා හරහා ඉන්දීය රජය ජනාධිපති සිරිසේනට සහ අගමැති රනිල්ට මේබව දැනුම් දී තිබේ. ඒ අනුව මෙවර නිදහස් දින උළෙලේදී ත්‍රිවිධ හමුදා පොලිස් උත්තමචාර සදහා හමුදා,පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් හා සෙසු නිලයන් අඩුවෙන් සහාභාගී වීමට නියමිතය. සෑම වසරකම 3000 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් සහභාගීවන නමුත් මෙවර එය ඉතා අඩු අගයක් ගනු ඇතැයි තොරතුරු වාර්තා වේ.

එමෙන්ම ඉන්දීය රජය ලක් රජයට දැනුම් දුන් අනෙක් කාරණාව නම් ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරිමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මෙම කාරණා දෙකම ඉන්දීයාව හරහා රජයට බල කිරිම පිටුපස සිටින්නේ තවමත් ඊළාම් සිහිනය අත් නොහළ දෙමළ සන්ධානයයි. ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් එංගලන්‍තයේ සංචාරයක නිරතව සිටින අතර ඔවුන් තම ජාත්‍යන්තර සගයින් ( දෙමළ ඩයස්පෝරාව)හරහා මෙම බලපෑම ඉන්දීය රජයට කර ඇත.

ජාතික නිදහස් දිනයක් වැනි රටක අභිමානවත් දවසක රටේ අභිමානය විදෙස් රටකට හා අන්තවාදි පිරිසකගේ උවමනාවන් වෙනුවෙන් බිලිදීම මේ රටේ බහුතර ජනතාවට කරන බලවත් අසාධාරණයක් නොවන්නේද?
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“මහින්ද සුලඟයි මහින්ද සුවඳයි” එයි ! මෛත්‍රි ඇතොත් අපිත් නෑ

“මහින්ද සුලඟයි මහින්ද සුවඳයි” එයි ! මෛත්‍රි ඇතොත් අපිත් නෑ

      


“මෛත්‍රිත් එක්ක මහින්ද එක්වුවත් අපි වෙනමම පක්ෂයකින් පළාත් පාලන මැතිවරණයට එක්වෙනවා. ආයේ මෛත්‍රිපාල සිරිසේන සමඟින් කිසිදු ගනුදෙනුවක් නෑ.ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු සන්ධානයේ පාළාත් පාලන මන්ත්‍රිවරු 152 දෙදෙනාගෙන් 130 දෙනෙකු පමණ ස්තිර වශයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරඟ නොකරන බව” ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි සන්සදයේ කැදවුම්කරු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේන කලහේවත්ත පවසයි.

ඔහු එසේ පැවසුවේ ඊයේ (27) ගාල්ල කඡ්චුවත්ත පුරාණ විහාරස්ථානයේ දි පැවැති ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි වරුගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවක දීය.

එහිදි අදහස් දැක්වූ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේන කලහේවත්ත,

අපේ මන්ත්‍රිවරුන්ට වරදාන හා වරප්‍රසාද ලබාදෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගෙන් වෙන් කරගැනිමට අපෙන් ගිය මැති ඇමතිවරු කටයුතු කරනවා . එහෙත් අප ස්ථිර වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දරණ නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නේ නෑ .ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යනු කොළඹ ඩාර්ලිපාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේ බෝඞ් ලෑල්ල නෙමෙයි .

මෙහි දි අදහස් දක්වු නාගොඩ ප්‍රාදේශිය අජිත් එඬේරච්චි ,

අප පක්ෂය මං කොල්ලකාරයන් අතට පත්ව තිබෙනවා.ස්ථිර වශයෙන් ම කියනවා අපි තරඟ කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි .මේ පක්ෂය දෙකට කඩපු මෛත්‍රිපාල සිරිසේන දෙවරක්ම අප පක්ෂය පරාජය කළා.පක්ෂය කඩාගෙන ගිය පාඩමක් ඉගන්නන්නට මේදා පළාත් පාලන මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ මැතුමා සමඟ එක් වෙමු. මහින්ද සුලඟයි මහින්ද සුවඳයි මිස කිසිවක් අපට උවමනා නෑ .



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මුල්ගල් ගලවා ගෝඨාභය නාමය හමුදා ඉතිහාසයෙන් මකන්න යයි.

මුල්ගල් ගලවා ගෝඨාභය නාමය හමුදා ඉතිහාසයෙන් මකන්න යයි..

පිවිතුරු හෙළ උරුමය විසින් එම පක්ෂ මූලස්ථානයේ පවත්වන ලද මාධ්‍ය සාකච්චාවකදී එහි ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

උදය හෝමාගමට ගියේ ඇයි ?

හෝමාගම උසාවිය අසල සිදුවුණු සිදුවීමට මාව සම්බන්ධ කරන්න විශ්‍රාමික දේශප්‍රේමීන් උත්සහ දරමින් ඉන්න නිසා මේ ගැන කරුණු පැහැදිලි කල යුතුයි. මෙතන වැරදි දෙකක් උනා. පළමුවැන්න රණවිරුවන්ගේ ප්‍රශ්ණයේදී සෘජු තීරනයක් දෙන්න කියල විවෘත අධිකරණයේ නැගී සිටිමින් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ඉල්ලීමක් කලා. ඇත්තෙන්ම මහේස්ත්‍රාත්තුමාට සෘජු තීරණයක් ගන්න නීතියේ ප්‍රතිපාදන නෑ. මොකද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කෙනෙක් නීතිපතිවරයාගේ එකගත්වයෙන් තොරව මහේස්ත්‍රාත්වරයාට ඇප දෙන්න බෑ. සාමාන්‍ය නීතිය යටතේ අත්අංගුවට පත්වීනම් පොලීසියේ විරෝධතාවය නොතකා ඇප ලබා දීමට බලයක් මහේස්ත්‍රාත්වරයාට තියෙනවා. නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඒක නෑ.

ඒ වගේම උසාවියේ නඩුතීන්දුවක් දුන්නම නඩු තීන්දුවට එකග නැත්නම් ඉහල උසාවියකට අභියාචනා කිරීමට හැකියාව තියෙනවා.  දේශපාලන තීන්දු වගේ අධිකරණ තීන්දු බලපෑම් කරල වෙනස් කරන්නට බෑ. මේ පිළිබදව අවබෝධයක් නොතිබීම තමයි මේ කළබල ඇතිවීමට බලපෑවෙ.

ඒ වගේම මේ සමාජයේ ඥානසාර හිමියන් රක්ෂිත බන්දනාගාර ගත කිරීම ගැන කම්පනයක් ඇතිවෙන්න බලපෑවෙ රටේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොකෙරෙන නිසයි. මන්නාරම උසාවියට ගල්ගැසූ අය තවම නිදැල්ලේ.  විල්පත්තු වන සංහාරය කළ අය තවමත් නිදැල්ලේ. මන්ත්‍රීවරියක් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් දින 21ට පසුව තමයි අත්අඩංගුවට ගත්තේ. ඒ ගත් සැනින් ඇප ලැබුනා.  ඒවගේම ඇබිලිපිටියේ සුමිත් ප්‍රසන්න ඝාතනයේ ඇසින් දුටු සාක්ෂි තිබියදී අත් අඩංගුවට ගත්තේ නෑ.  ඒ             අත් අඩංගුවට ගැනීමේ නියෝගය ඊයේ නිකුත්වුනා. අදවත් ඔවුන්ව අත්අඩංගුවට ගනීවි කියල අපි බලාපොරෝතතු වෙනවා.

මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන පසුබිමක් තුල ස්වාමීන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සමාජය තුල කම්පනයක් ඇති කලා. නමුත් අපිට නීතිය ක්‍රියාත්මක නොවීමට මිස නිතිය ක්‍රියාත්මක වීම ගැන අපේ විරෝධය පල කරන්න බෑ.

උසාවිය අසල ඇතිවුනු ගැටුමත් එක්ක භික්ෂුන්වහන්සේලා නීතිඥවරු සහ ගිහි පිරිස් අපිට කතාකරමින් කිව්ව මේ අවස්ථාවට මැදිහත්වී මේක සමථයට පත්කරන්න දායක වෙන්න කියල. මොකද මේක අධිකරණයටත්  හොද නෑ බුද්ධ ශාසනයටත් හොද නෑ කියල තමයි ඔවුන් කියා සිටියේ.

ඒ වනවිට මා එම් ඩී එච් ජයවර්ධන විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින්. ඒ අනුව මම හවස 5.40ට පමණ එතනට පැමිනියා. ඒ වනවිට මුරුත්තේටුවේ ආනන්ද හිමියන් උඩුවේ ධම්මාලෝක හිමියන් වැනි රට පිළිගත් භික්ෂුන් වහන්සේලා ගනනාවක් මේ ප්‍රශ්නය සමථයකට පත්කිරීමේ උත්සහයක යෙදිල හිටියා.

අපි ඒ හිමිවරුන් සමගත් කතා කරල ඉන් අනතුරුව ඥානසාර හිමියන් ප්‍රකාශයක් කලා තමන් වරදක් කරල තියෙනවා ඒනිසා බන්ධනාගාරයට යන්න ඉඩ දෙන්න කියලා. ඒ අනුව පස්වරු 6 විතර වෙනවිට ප්‍රශ්නය සමථයකට පත්කරගන්න අපිට පුළුවන් වුනා

ලංකා හමුදාව දුර්වල කිරීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගිය සතියේ ලංකාවේ හිටිය හිගෝ ස්වේය (hugo Swire)  මහතා විසින්  බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියක වන සියෝ‍ෆෙන් මැක්ඩොනා (Siobhain Mcdonagh)  කියන මන්ත්‍රිවරියට ලිපියක් යවනවා ලංකාවේ යුද හමුදාවට පවුම් මිලියන 6.6ක් නැත්නම් රුපියල් මිලියන 200කට මදක් වැඩි මුදලක් දෙනවාය කියලා හිගෝ ස්වේය (hugo Swire) රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවේදී ප්‍රකාශයට පත්කලා. එතකොට කොටි හිතවාදී දෙමළ බලවේග වල පිඩනය හමුවේ ඇයි ලංකාවට සල්ලි දුන්නේ කියලා මන්ත්‍රිතුමිය ප්‍රශ්න කලාම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් හිගෝ ස්වේය ඊට උත්තර යවනවා මේ ලිපියේ කියන්නේ ශ්‍රි ලංකාවට මුදල් දෙන්නේ වෙන මොකටවත් නෙවෙයි යුද අපරාධ සම්බන්දයෙන් වග විමේ ක්‍රියාවලියට අවශ්‍ය යටිතල පහසුකම් හදන්න. යුද අපරාධ පරික්ෂණ ඉදිරියට කරන්න හමුදාව තුල සිදුකල යුතු වෙනස්කම් කරන්න. බ්‍රිතාන්‍යය හමුදාව ආදර්ශයට අරගෙන අපේ හමුදාව හදන්නයි හදන්නේ කියලා. කවුද මේ ආදර්ශයට ගන්න හදන්නේ යුද අපරාධ ඉරාකය හා ඇෆ්ගනිස්තානය කල බවට ලෝකය පුරා මාධ්‍ය චෝදනා කිරීම නිසාත් බ්‍රිතාන්‍යය හමුදාව සිදුකල යුද අපරාධ සොයා බලන්න චිල්කොට් කොමිසම පත්කළේ බ්‍රිතාන්‍යය. පත්කල වර්ශය 2010. අපේ රටෙත් ඊට සමගාමිව පත්කලා උගත්පාඩම් කොමිසම. උගත්පාඩම් කොමිසම මාස 16ක් ගත වන විට තමන්ගේ වාර්තාව රටේ ජනාධිපතිවරයාට භාර දෙද්දි වසර 6ක් ගතවෙලත් චිල්කොට් වාර්තාව තාම ලබා දීලා නෑ. හමුදාවෙන් බලපෑමක් තියෙනවා බ්‍රිතාන්‍යය ආණ්ඩුවට රාජ්‍ය රහස් වලට සංවේදි නිසා මෙය හෙළි කරන්න එපා කියලා. අද වෙනතුරු චිල්කොට් වර්තාවේ තියෙන්නේ මොනවද කියලා රට ලෝකය දන්නේ නෑ. අපේ රටේ උගත් පාඩම් කොමිසම හදලා රණවිරුවන්ට දඩුවම්කරලා තියෙනවා, හිරේදාලා තියෙනවා, මරණ දඩුවම නියම කරලා තියෙනවා. එහෙම නම් මේ කිසිත් නොකර බලපෑම් කරලා ඉරාකයේ පමණක් සමාන්‍ය ජනතාව දස ලක්ෂයක් පමණ ඇමරිකාව,බ්‍රිතාන්‍යය ඇතුලු මිත්‍ර හමුදාව මරා දමා තිබෙනවා. මේවා හංගන් ඉන්න බ්‍රිතාන්‍යය ඒ වගේ ලංකාවේ හමුදාව හදනවා කියනවා.

ශ්‍රි ලංකාවේ හමුදාව කියන්නේ ලෝකයේ භායානකම කුරිරු ත්‍රස්තාවාදීන් පරාජය කල විරෝධාර හමුදාව. බ්‍රිතාන්‍යය හමුදාව 1981 දී පොක්ලන්තය යුද්ධය.සති දෙකයි තිබුණේ ඒකට යුද්ධයක් කියන්නත් බෑ ඇවිල්ලා ගහනකොට බ්‍රිතානයට තිබිලා අජන්ටිනාව අල්ලගත්ත පොක්ලන්තය සහ ජෝජියාව කියන දුපත් වලින් අජන්ටිනාව ඉවත් වුණා. 1981 සති දෙකේ පොක්ලන්ත යුද්ධයේ ජයග්‍රහනය හැරුනු කොට කිසිම යුද්ධයක් ජයග්‍රහනය කරලා නෑ. වියට්නාමය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, පැරදුණා. මෙවැනි පැරදුණු හමුදාවක් ආදර්ශයට අරගෙනද අපේ හමුදාව වෙනස් කරන හදන්නේ. ඊළග බෙදුම්වාදී යුද්ධයක් ඇතිවුණ වේලාවක දිනන හමුදාව පරදින හමුදාවක් කරන්නද බ්‍රිතාන්‍යය හමුදාව රට තුලට වද්ද ගන්නේ කියන ප්‍රශ්නය අපිට ආණ්ඩුවෙන් අහන්න තිබෙනවා.මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා  බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මෙහේ ඇවිත් බොරු කියලා ගියත් තමන්ගේ රටේ බොරු කියන්නෙ නෑ.හිගෝ ස්වේය (hugo Swire) සියෝ‍ෆෙන් මැක්ඩොනා (Siobhain Mcdonagh) කියන මන්ත්‍රිවරියට යැවු ලිපියහදපු එකක් කියලා හිතන්න පුළුවන් මම එක නිසා මේ ලිපිය මට ලැබුණට පස්සේ ඒ මන්ත්‍රිතුමියගේ නිල වේබ් අඩවියේ ලිපිය ඒ ආකාරයෙන්ම තිබෙනවා. ඒ නිසා මේ ලිපිය ඉතා පැහැදිලි අව්‍යජ ලිපියක්. අපේ යුද්ධය ජයග්‍රහනය කල හමුදාව බ්‍රිතාන්‍යය ආධාර හා උපදෙස් මත පරාජිත හමුදාවක්  කරන්න එපා කියලා රටට ආදරේ පිරිසක් විදිහට අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

සිහින විකිණීම නවතා වැඩට බසින්න.

ඒ වගේම තව වසර 15කින් බස්නාහාර පලාත තියෙන්නේ කෙසේද කියන මෙගා පොලිස් සැලැස්ම එළිදක්වන්න නියමිතයි.  නමුත් තමුන්නාසේලා දැක්කා වසර 5 කට පස්සේ පසුගිය දා ඇද වැටුනු ධාරානිපාත වර්ෂාවෙන් කොළඹ නගරය යටවෙලා ගමනා ගමනය හිර වුනා.  මේ කොළඹ නගරය 2010 ජුනි මාසෙ පාර්ළිමේන්තුවත් යට කරමින් මහ වැස්සක් ඇද හැළුනට පස්සෙ නැවත යටවුනේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩට බැස්සා. මාධ්‍ය සන්දර්ශණ පැවැත්තුවෙ නෑ. කෙලින්ම වැඩට බැස්සා. වත්මන් ආණ්ඩුවට කොළඹ නගරය භාර දෙද්දි කොහෙවත් කුණු තිබුනෙ නෑ. යටවුනේ නෑ. අනවශ්‍ය තැන්වල පෝස්ටර් ඇලවුනේ නෑ. පදික වේදිකාවේ වෙළදාම් කලේ නෑ.  අනවසර ඉදිකිරීම් සිදුවුනේ නෑ. අද මේ සියල්ලම සිදුවෙනවා. ඒ නිසා අපි මෙගා පොලිස් ඇමතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා වසර 15කින් කොළඹ නගරය සුහුරු නගරයක් කරන්න  කලින් 2014 තිබුනු පිරිසිදු පිළිවෙල නගරය යලි අපිට ලබාදෙන්න කියල.

ඒ වගේම කතා වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයට ගනිමින් වැඩට බහින්න. එතුමා සිහින විකුණමින් කාලය ගතකලේ නෑ. මාධ්‍ය සන්දර්ශණ පවත්වමින් කාලය ගතකලේ නෑ.  නමුත් මුළු ලෝකෙම කොළඹ නගරය ගැන කතාකරන්න පටන් අරන් ලෝකයේ අංක 01 නගරය බවට පත්කරගන්න අපිට පුළුවන් වුනා.

මුල්ගල් ගලවා ගෝඨාභය නාමය හමුදා ඉතිහාසයෙන් ඉවත්කල හැකිද?

අපි දැක්කා ගිය සතියේ ජනාධිපතිතුමන් අබාධිත රණවිරුවන් වෙනුවෙන් අත්තිඩියේ තියෙන මිහිදු සෙත් මැදුරේ පිහිනුම් තාටාකය විවෘත කරන්න ගියා. මේ පිහිනුම් තාටාකය සදහා මුල්ගල තැබන්න යන්න හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමාට හදිසි රුස්වීමක් තිබුණු නිසා එතුමාගේ බිරිද           ආරක්ෂ ආමත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ආයොමා රාජපක්ෂ මැතිනිය තමයි මුල් ගල තිබ්බේ. සේවා වනිතා ඒකයෙන් තමයි අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගත්තේ එක නිසා එතුමියට සම්පුර්ණ සුදුසුකම් තියෙනවා ගිහිල්ලා මුල්ගල තියන්න. මේක විවෘත කරන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා එම මැතිනියගේ නම සදහන් මුල්ගල අතුරුදහන් වෙලා තියෙනවා. ගෝඨාභය මැතිතුමාගේ නම මුල්ගල් ගලවලා හමුදා ඉතිහාසයෙන් අයින් කරන්න බෑ කියලා අපි මේ ආණ්ඩුවට සිහිපත් කරනවා. ඒ වගේම ආණ්ඩුවය සිහිපත් කරනවා මම කියන්නේ බොරුය කියලා පෙන්වන්න හරි එක ගෙනැල්ලා තිබ්බ තැන සවිකරලා ඡයාරුප අරගෙන මාධ්‍යයට නිකුත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ඩිලාන් පෙරේරා මන්ත්‍රිතුමනි, උදය විමල් ගන්නැද්ද? එන්නැද්ද?

මා මිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතිතුමන් සදහන් කරනවා එතුමන්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් සන්ධානයක් හදනවා ඒකට විමල්වයි ගම්මන්පිලවයි ගන්නේ නෑ. ඒ දෙන්ගේ නායකත්වයෙන් තියෙන ජාතික නිදහස් පෙරමුණයි, පිවිතුරු හෙළ උරුමයි කියන පක්ෂ දෙක ගන්නේත් නෑ. ජාතික නිදහස් පෙරමුණ සම්බන්දයෙන් මා මිත්‍ර විමල් විරවංශ මහතා උත්තරයක් ලබා දේවි. පිවිතුරු හෙළ උරුම සම්බන්දයෙන් මා පිළිතුරු ලබා දෙන්නම් ඩිලාන් පෙරේරා මැතිතුමනි මිදි වැලට උඩ පැනලා උඩ පැනලා මිදි කඩා ගන්න බැරිවුනු නරියා කියුවෙත් ඔය ටිකම තමයි. ඩිලාන් නරියත් මේ කියන්නේ මිදි ඇබුලයි කියලා තමයි. එතුමගේ සන්ධානෙට අපි ගන්නවාද කියන ප්‍රශ්නය මතුවෙන්නේ අපි ඒ සන්ධානෙට යනවනම් විතරයි. පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙලා සතියක් ඇතුලත අභයාරාමයේ පවත්වපු මාධ්‍ය හමුවේ දී මමත් විමල් විරවංශ මන්ත්‍රිතුමත් ඉතා පැහැදිලිව සදහන් කරා මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ නායකයා වී සිටින තුරාවට අපි නැවත සන්ධානයෙන් තරග කරන්නේ නෑ කියලා. අපි එන්නෙ නෑ කියලා මාස 05කට පස්සේ එත් එකතු කරගන්න උත්සහ දරලා දරලා අපි මේ අය ගන්නේ නෑ කියලා කියන්නේ උඩ පැනලා උඩ පැනලා කඩා ගන්න බැරිවුනාම මිදි තිතයි කියුව නරියව සිහිපත් කරමින් කියන එක අපි ඩිලාන් පෙරේරා ඇමතිතුමන්ට සිහිපත් කරන්න ඔනේ. ඩිලාන් පෙරේරා මන්ත්‍රිතුමන් අපිට බැන වැදුනට එතුමාට අමතක වෙලා තියෙනවා අපි පසුගිය2015 ජනවාරි මාසයේ සිට ගොඩනැගුව මහින්ද සුළගට පින් සිද්ධ වෙන්න තමයි බදුල්ලේ ජනතාවට බයේ ජාතික ලැයිස්තුව පිටුපස සැගවුණු එතුමාට පස්සේ දොරෙන් පාර්ලිමේන්තුවට එන්න සිද්ධ වුණේ කියන එකත් අපි එතුමන්ට සිහිපත් කරනවා. අපිට බැනලා ඉතිරි ඡන්ද ටිකත් නැති කර ගන්න එපා කියලා මිත්‍රයෙක් විදිහට එතුමාට පොඩි උපදෙසක් ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‘සිංහලේ’ දිනක් ඇතුලත විසුරුවා හරින්න සූදානම්..

'සිංහලේ’ දිනක් ඇතුලත විසුරුවා හරින්න සූදානම්..



‘සිංහලේ’ ජාතික බලමුළුව එකදු දේශපාලඥයෙකුගෙන් රාජ්‍ය නොවන සංවිධානයකින් එකදු රුපියලක් හෝ ගෙන ඇතැයි ඔප්පු කරන්නේ නම් දිනක් ඇතුලත තම සංවිධානය විසුරුවා හරින්න සූදානම් යයි එම සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

   කොටස් වෙ‍ළෙඳපොළ අඛණ්ඩ බිඳ වැටීමක් (video )

                                                                කොටස් වෙ‍ළෙඳපොළ අඛණ්ඩ බිඳ වැටීමක් (VIDEO)



කොළඹ කොටස් වෙළඳපොළ අද අඛණ්ඩව තුන්වන දිනටත් පහළ ගොස් තිබේ.

වසරක පමණ කාලයක සිට කොළඹ කොටස් වෙළඳපොළ පහළ වැටෙමින් ඇති තත්ත්වය හමුවේ තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි ආයෝජකයින් පවසයි.

කොළඹ කොටස් වෙළෙදපොළ සියලු කොටස් මිල දර්ශක අගය ගෙවුණු වසරක කාලය තුළ ඒකක 1300 කින් පමණ පහළ ගොස් තිබේ.

එය 17 % ක පහළ යාමක්.

ආයෝජකයින් පෙන්වා දෙන්නේ, වසරකට පෙර රුපියල් ලක්ෂයක් ආයෝජනය කර තිබූ අයකුට මේ වන විට රුපියල් 25000 ක් පමණ පාඩුවක් විදීමට සිදුව ඇති බව ය.

කොටස් වෙළඳපොළ හා තමන් පත්ව ඇති මම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා රජය යම් වැඩ


                      
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හෝමාගම උසාවිය ළඟ කලබල කළ අය අල්ලයි ?

හෝමාගම උසාවිය ළඟ කලබල කළ අය අල්ලයි ?
 , කේ බුද්ධික කුමාරසිරි


 
බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අඟහරුවාදා (26) හෝමාගම මහේස්ත්‍රාත්  උසාවිය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු පිරිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝමාගම පොලිසිය සැරසෙයි.‍
අධිකරණයට අපහාස කිරීම, රජයේ නිළධාරීන්ට තර්ජනය කිරීම, රජයේ දේපළවලට හානි කිරීම, අයුතු ජන රාශිය, පොලිස් නිළධාරීන්ට පහර දීම, අධිකරණයේ නඩු භාණ්ඩ රැගෙන යාම ඇතුළු චෝදනා එකොළහක් පමණ මෙම පිරිසට ඇති බවත් එම කළහකාරීන් කවුරුන්ද යන වල වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඇසුරෙන් සෙවීම මේ වන විට ආරම්භ කර ඇති බවත් හෝමාගම පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය
ඔවුන්ගේ  විස්තර සොයා බලා අධිකරණයට වාර්තා කරන බවද එම ප‍්‍රකාශකයා කීවේය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විදුලි කාර්මිකයාට පොලිසියෙන් “විදුලි සැර

විදුලි කාර්මිකයාට පොලිසියෙන් “විදුලි සැර
බිමල් ශ්‍යාමන් ජයසිංහ


 
හය මාසයක දී පොලිස් බල ප්‍රදේශ දහයක කඩ  තිස් හයක්  කඩා රුපියල්  දස ලක්ෂයක පමණ බඩු සොරකම් කළැයි  විදුලි  කාර්මිකයෙක්  අත්අඩංගුවට  ගනු  ලැබීය. ඔහුගේ  ගම් ප්‍රදේශය වන කුරුණෑගල දී  එම භාණ්ඩ  විකුණා ඇතැයි ද ඉන් කොටසක්  සොයා ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එක්‌නැලිගොඩ කොටි සබඳතාවල හඬපටයක්‌ යුද හමුදාව සීඅයිඩියට භාර දෙයි

එක්‌නැලිගොඩ කොටි සබඳතාවල හඬපටයක්‌ යුද හමුදාව සීඅයිඩියට භාර දෙයි




ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය සඳහා රහස්‌ පොලිසිය ඉල්ලා සිටි සහයෝගයට අනුව තමන් භාරයේ තිබූ, ඉකුත් වන්නි මානුෂීය මෙහෙයුම සමයේ එල්ටීටීඊයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති ත්‍රස්‌තවාදියකුගේ හඬ පටයක්‌ රහස්‌ පොලිසියට භාර දීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

Operation Double Edge දන්නේ නැත්නම් කියවන්න –

මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට ප්‍රගීත්,ගඳරුවන් හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්” කොළඹ පදිංචිව සිටි සිංහල කොටියකු වූ ප්‍රදීප් රංජිත් නමැති මෙම ත්‍රස්‌තවාදියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විදේශගත වන අවස්‌ථාවකදී ගමන් ගන්නා ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක්‌ එල්ලකර ජනපති ඝාතනය කිරීමට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සමඟ සැලසුම් කරනු අයුරු මෙම හඬ පටයේ ඇතුළත් බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මාවිල්ආරුවෙන් ඇරඹි නැගෙනහිර යුද මෙහෙයුමෙන් පසු දියත් කළ වන්නි අවසන් මානුෂීය මෙහෙයුම සමයේ පී. රංජිත් නමැති මෙම ත්‍රස්‌තවාදියා එල්ටීටීඊ බුද්ධි අංශ නායකයන් සමග සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා ඝාතනයට මෙසේ සැලසුම් කර ඇත.

ඒ දිනවල ව්‍යාජ කොටි බුද්ධි සේවයක්‌ ආරම්භ කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ක්‍රියාත්මක කර තිබූ “ඔපරේෂන් ඩබල් එඡ්” මෙහෙයුමට අනුව පී. රංජිත් නමැති ත්‍රස්‌තවාදියා හිටපු ජනාධිපතිවරයා ඝාතනයට එල්ටීටීඊය සමඟ සිදු කළ කථා බහ පටිගත කිරීමට හැකි වී ඇත.

වන්නි මානුෂීය මෙහෙයුමටත් පෙර සිටි මෙකී සිංහල කොටියා ඒටීටීඊයේ සාම්පූර් බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ තවේන්ද්‍රන් සමග සබඳතා පවත්වා තිබූ අතර පසුව රංජිත් නොදැනුවත්වම තවේන්ද්‍රන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ඔත්තුකරුවකු බවට පත්ව ඇත.

හිටපු ජනාධිපතිවරයා ඝාතනයට ඔහු කරන ලද සැලසුම පටිගත කිරීමට යුද හමුදා බුද්ධි අංශ සමත්වී ඇත්තේ හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධ වූ තවේන්ද්‍රන් කරනු ලැබූ අනාවරණයන් අනුවය. පී. රංජිත් නමැති ත්‍රස්‌තවාදියා තවෙන්ද්‍රන් හමුදාව හා සම්බන්ධ වීමෙන් පසුවද ඒ බවක්‌ නොදැන දකුණේ කටයුතු හා ප්‍රභූ ඉලක්‌ක පිළිබඳ ඔහුට එත්තු සපයමින් දිගින් දිගටම සබඳතා පවත්වා ඇත.
සමන් ගමගේ

දිවයින 22-01-2015
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‘මෘතෘභූමියේ ගමනක අවසානය’ විශේෂ දේශණය විමල්ගේ හඬින් සජීවීව 

‘මෘතෘභූමියේ ගමනක අවසානය’ විශේෂ දේශණය විමල්ගේ හඬින් සජීවීව මෙන්න…

ජාතික නිදහස් පෙරමුණ විසින් රට පුරා පවත්වන්නට කටයුතු යොදා ඇති ‘මෘතෘභූමියේ ගමනක අවසානය’ දේශන මාලාව අද දිනයේ සිට ඇරඹෙයි.

මෙහි පළමු දේශණය ජාතික නිදහස් පෙරමුණේ නායකල විමල් වීරවංශ මහතා විසින් අද දිනයේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර ‘අපේ ගම’ ශ‍්‍රවණාගාරයේදී පවත්වයි.

එහි සජීව විකාශණය මෙතනින්…


සජීවීව ඔබත් සම්බන්ද වීමට පහත දිගුවට යන්න.



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උතුරේ අර්බුදය ඝාතන භූමිය දක්වා -ඕමන්තෙහි නැවතත් පරික්ෂාවට

උතුරේ අර්බුදය ඝාතන භූමිය දක්වා -ඕමන්තෙහි නැවතත් පරික්ෂාවට


උතුරේ ආරම්භ වි ඇති බල අරගලයත් සමග දකුණේ දේශපාලන නායකත්වයන් සහ විවිධ මතධාරීන් ඉලක්ක කර උතුරෙන් පැමිණේන නාදුනන තුවක්කු කරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල විමේ අවදානමක් සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ හදිසි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.මේ හේතුවෙන් උතුරේ සිට දකුණට පැමිණෙන සෑම අංශයක්ම වහාම ක්‍රියාත්මක වන පරිදි පරික්ෂාවට ලක්කිරිමට ආරක්ෂක අමාත්‍යංශය හරහා නියෝගයක්ද නිකුත් කර තිබේ.

මේ වනවිට දැඩි මතවාදී ගැටුමක සිටින විග්නේෂ්වරන් පිළේන් සහ සම්බන්ධන් පිළේන් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තොරතුරු ලබාදී ඇති බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කර සිටියා.

ඒ අනුව ඕමන්තෙහි නැවතත් පොලීසියේ සහ හමුදාවේ පරීක්‍ෂා කිරීම ආරම්භ කර ඇති අතර උතුරේන් දකුණට පැමිණේන සියලු පුද්ගලයන් දැඩි පරික්ෂාවකට ලක් කිරිමටද නියෝග ලබාදී තිබේ.මිට අමතරව විදේශ ගතව සිටින් එල්ටීටීඊ කාඩරයන් පිරිසක්ද මෙම මෙහෙයුමට සම්බන්ධ බවට සුදානමින් සිටින බැවින් ඔහුන් සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලද දැනුවත් කර තිබේ.(මේ සියල්ලම රහසේ සිදුවෙමින් තිබේ)

ජාතික ආරක්ෂාව බල්ලට දමා කටයුතු කල යහපාලක මෛත්‍රී-රනිල් හේතුවෙන් රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂාව සම්බන්ධයෙන් තිබු සහතිකය ඉවත්ව ගොස් තිබේන අතර ඇතැම් විට දෙමල දේශපාලන නායකයන් අතර අර්බුදයට මුවාවි දකුණේ බෙදුම්වාදයට විරුද්ධ දේශපාලන නායකයන් ඝාතනය කිරිමට සුදානමක් පවතින බවද මේ වනවිට අනාවරණය වෙමින් පවති.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“LTTEය යුරෝපයේ තහනම් කිරීම වැරදියි.. කදිරගාමර් කළේ නොහොබිනා වැඩක්” – එරික් සෝල්හයිම් කියයි

“LTTEය යුරෝපයේ තහනම් කිරීම වැරදියි.. කදිරගාමර් කළේ නොහොබිනා වැඩක්” – එරික් සෝල්හයිම් කියයි

eric solhime with ltteකොටි සංවිධානය (LTTE) යුරෝපා සංගමය තුළ තහනම් කිරීම ශ්‍රී ලංකාවේ සාමය ඇති කිරීමට බාධාවක් වූ බව පවසන නොර්වේ හිටපු සාමා නියෝජිත එරික් සෝල්හයිම්, හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඒ වෙනුවෙන් කටයුතු කිරීම දැඩිව විවේචනයට ලක්කර තිබේ.

යුරෝපය සහ ලෝකය පුරා යමින් LTTE සංවිධානය තහනම් කරන ලෙස ආණ්ඩු වලට ඒත්තු ගන්වන්නට ලක්ෂ්මන් කදිරගාමර් මහතා සෑහෙන කාලයක් ගත කළ බව ශ්‍රී ලංකා රජයත් කොටි සංවිධානයත් අතර 2002 ආරම්භ වූ සාම ක්‍රියාදාමයේ ප්‍රධාන පහසුකාරක එරික් සොල්හයිම් ප්‍රකාශ කොට තිබුනේ දෙමළ ජනයාට යුක්තිය (Justice for Tamils) විසින් කැනඩාවේ සිට අන්තර්ජාල ගත කෙරෙන වීඩියෝ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

“මම තාමත් හිතන්නේ එය වැරදි උපාය මාර්ගයක් ලෙසයි.”

පැරිසිය මුලස්ථාන කොටගත් ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සංවිධානයේ (OECD) සංවර්ධන ආධාර කමිටුවේ වර්තමාන ප්‍රධානී සොල්හයිම් පවසන්නේ ලෝකය සමග සබඳතා පැවැත්වීමට කොටි නායක වේලුපිල්ලේ පිරබාහරන්ට තිබූ ඉඩකඩ LTTE තහනම මගින් අහුරා දමන ලද බවයි.

“අප කළ යුතුව තිබුනේ සම්පුර්ණයෙන්ම එහි අනික් පැත්ත. LTTE ය සමග සම්බන්ධය වැඩිව තිබූ තරමට හොඳයි. ප්‍රභාකරන් සමග කතා කිරීමේ අවස්ථාව දේශපාලන නායකයන් බොහෝ දෙනකුට සැලසුනා නම් දේශපාලන විසඳුමකට එකඟ වීමට ඔහුට බලපෑමක් කරන්න තිබුණු හැකියාව වැඩියි.”

යැයිද ඔහු පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර බිදවැටුණු රාජ්‍යතාන්ත්‍රික සබදතා යළි ගොඩනගා ගැනීම සදහා වසර 9කට පසු නෝර්වේ විදේශ අමාත්‍ය වරයා පසුගිය සතියේ ලංකාවේ සංචාරයක නිරත විය. රජයේ ඉහළපෙලේ නියෝජිතයන් හමුවූ ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ යෝජනාවෙන් නිර්දේශිත යුධ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබිණි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පරිවාස නිලධාරිනිය නාන හැටි බලන්න CCTV හයි කරලා

පරිවාස නිලධාරිනිය නාන හැටි බලන්න CCTV හයි කරලා 


පරිවාස නිලධාරිනියකගේ නාන කාමරය හා වැසිකිලිය දෙසට CCTV  කැමරා යොමු කර  කාන්තාවන්ගේ දර්ශන නැරඹු බවට කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් ලැබෙයි. 

කැමරා සවිකළ බව පැවසෙන  ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන්ට මරන තර්ඡන කළ  බව පවසමින් ඹවුන් විසින්ද පැමිණිලි කර ඇත.

කඩුගන්නාව හේනාවල තෙමහල් නිවසක පදිංචි පරිවාස නිලධාරිනියක නිවසේ නාන කාමරය දෙසට  ඉහළ මාලයේ පදිංචි කරුවන් CCTV කැමරා යොමු කර ඇති බව සඳහන්. 

රූගත කළා  යැයි කියනා දර්ශන ඇත්දැයි පරික්ෂාව  සදහා  මොරටුව විශ්ව විද්‍යාලයට එම උපාංග යැවීමට කටයුතු කර ඇත.

පරිවාස නිලධාරිනය හා ඇගේ සහෝදරයෙකු ව්‍යාපාරික ස්ථානයේ හිමි කරුවන්ට  තර්ජනය කළ  බව පැවසෙන  සිද්ධිය පිළිබඳවද  කඩුගන්නාව පොලිසිය විමර්ශන  පවත්වයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හෙළ උරුමයේ තවත් එකෙකුට මෛත්‍රී පයින් ගහයි – ITN ධනුෂ්ක දොට්ට

හෙළ උරුමයේ තවත් එකෙකුට මෛත්‍රී පයින් ගහයි – ITN ධනුෂ්ක දොට්ට


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී වර්ෂ පුර්ණය වෙනුවෙන් ‘නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිසෙක්’ යන තේමාවෙන් එළිදක්වා තිබූ ගීතය ජනාධිපතිවරයාගේ වර්ෂ පූර්ණයේ නිල ගීතය මේගා පොලිසී අමාත්‍ය සහ ප්‍රා නායක මෙන්ම යහපාලනයෙන් කණ රත්වෙන්න කා හෙට අනිද්දාට ප්‍රගීත් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට නියමිත අමාත්‍ය පාඨ්ළී චම්පික රණවක මහතාගේ “බටයා” නොහොත් ඇමතිගේ මාධ්‍ය නිවේදන FAX කරමින් ගොට්ට අල්ලමින් සිට විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සමග මෛත්‍රීපාලනයට හෙත්තුව දා ගැනිමෙන් පසුව ස්වාධීන රුපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස පැනගත් ධනුෂ්ක රාමනායකගේ වැඩක් බව අනාවරණය වි තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්කර ගනිමින් වත්මන් යහපාලනයෙන් ඉවත් විම සදහා දැන් සිටම කඳවුරු බැදිමට කටයුතු කරන ලෙස උසේ තරමට චම්පිකට මොළේ නැති ප්‍රගීත් ඝාතනයේ ප්‍රධාන සැකකරු,මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික මහතා සිය ඇම්බැට්ටයන් රැලට අවවාද අනුශාසනා කර තිබේන බව අප විශේෂ වාර්තාකරු පසුගියදා අනාවරණය කළා.

මෙම මරි මෝඩ තකතීරූ කටයුත්ත නිසා රාමනායක මහතාට තනතුරද අහිමි වීමට නියමිත බවත් පැවසේ. මේවන විට ලක්හඬ ගුවන් විදුලියද වලපල්ලට යවා තිබෙන ධනුෂ්ක රාමනායක වැනි ජාතිවාදී අති පණ්ඩිතයන් පැමිණ ස්වාධීන රූපවාහිනිය පමණක් නොව මේවන විට ජනාධිපතිවරයගේ ප්‍රතිරූපය මුලුමනින්ම වනසා දමා ඇති බවට ස්වාධීන රූපවාහිනී සේවකයෝ පෙන්වා දෙති.

වත්මන් සභාපති සහ ඉහළ කළමණාකාරීත්වයේ අපි නොදන්න ලයිව් ගේම් නිසා වසර 6ක් අංක 1කේ වැජඹුනු නාළිකාව 2015 දෙසැම්බර් වන විට 4 හා 5 අතර දෝළනය වෙමින් තිබේන බවත් පසුගියදා අනාවරණය වුනා.

කියවන්න –ITN මාධ්‍ය ජාලයට කෙළවෙන දවස වැඩි ඈතකනම් නොවේ

පසුගියදා චම්පිකගේ “බටයා” හෙවත් ධනුෂ්ක රාමනායකගේ කටුනායක ‘Eagles Lagoon View’ හෝටලයේ පැවති විවාහය උත්සවය අතරතුර පමණ ඉක්මවා අඩියක් ගසා සිටි ඉන්දික තොටවත්ත දෛවඥයා එම අවස්ථාවට එක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා නරක අකාරයට අපහස වන අයුරින් කතා කර ඇති අතර “තමුන්නාන්සෙට රාජ යෝගයක් නෑ. මහින්ද රාජපක්ෂගෙ ජන්ම කේන්දරයේ මහා නරක වෙලාවක තමයි ජනාධිපතිවරණය පැවැත්වුනේ. ඒක නිසයි තමුන්නාන්සෙ බලයට ආවෙ. තමුන්නාන්සෙගෙ යහපාලන ආණ්ඩුව තව මාස 6 කින් හබස්. මගේ අනාවැකිය බොරු වුනොත් මම අනාවැකි කීම නවත්වනව… ඒ විතරක් නෙවේ ඔබ තුමාට ජිවත් වෙන්න වාසනාව නෑ …”යනුවෙන් මෛත්‍රීගේ මුනටම කල ප්‍රකාශයෙන් පසුව ජාතික හෙළ උරුමය සමග මෛත්‍රී දැඩි ලෙස කලකිරිමකට ලක්ව සිට තිබේ.

කියවන්න –“කවුද මේ පිස්සා මෙතන්ට ගෙනාවේ “තොටවත්තට,මෛත්‍රීගේන් කුණු බැනුම්

මෙම වීඩියෝව ස්වාධින රූපවාහිනියේ දින කිහිපයක් විකාශය විය. එමෙන්ම එහි පිටපත් අනෙක් රූපවාහිනී මාධ්‍ය ආයතන වලටද නිකුත් කිරීමට කටයුතු කර තිබූ අතර ඔවුන් කිසිවකුත් ඒ විකශය සිදු නොකළේය. ජාතික රුපවාහිනියේ සභපති රවී ජයවර්ධන මහතා වෙත මෙම වීඩියෝවෙ පිටපතක් යොමුකර තිබු අතර ඔහු ඒ නරබා ජනාධිපති කාර්යාලයෙන් විමසා තිබුණේ මේ වීඩියෝව හදපු පිස්සා කවුද යන්න බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එය විකාශය කිරීම කළ නොහැකි බව ඔහු දන්වා ඇති අතර එහි පිටපතක් ජනාධිපති කාර්යාලයට ද පසුව ලැබී තිබිණි. ඉන් පසුව එය ස්වාධීන රූපවහිනියේ විකාශය වීම හා අන්තර්ජාලයෙන්ද ගලවා දමන ලෙසද නියෝගයක් ජනාධිපති කාර්යාලය ලබා දි ඇති බවත් දැන ගැනිමට ඇත. එමෙන්ම මේවන විට අරෝෂ ප්‍රනාන්දු හා මෙම ගීතයට නිමැවීමට දායක වුවන් තම තමන්ගේ ෆේබුක් ගිණ්නුම්වල තිබු ඡායාරූප හා විස්තරද මේවන විට ඉවත් කර ගෙන තිබේ. ධනුෂ්ක රාමනායක සිය පක්ෂයේ නායකයන්ගේ උපදෙස් අනුව නිමාණය කළ මේ ගිතය නිසා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට වූ හානිය ඉතා බරපතල බැවින් වහාම ධනුෂ්කව නිශන්ත ශ්‍රී වර්ණසිංහ මෙන් කණෙන් ඇද එලියට දැමිමට නියමිතයි.

කියවන්න –හෙළ උරුමයේ කණ අත ගා…නිශාන්තට පයින් ගහයි….

මේ අතර මෛත්‍රීපාල සිරිසේනගෙන් කුණුහරූපයෙන් බැනුම් අසා පිචං වු ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොක්කන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම ගීතය ප‍්‍රචාරය වන්නේ ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ කිසිදු අනුදැනුමකින් නොවන බවයි.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පනාගොඩ හමුදා කඳවුරට ගහන සැලැසුම හැදුවේ මමයි

පනාගොඩ හමුදා කඳවුරට ගහන සැලැසුම හැදුවේ මමයි
  


කීප විටක් උත්සාහ කොට මා සම්බන්ධ කරගත් දුරකථන ඇමතුමකි.


‘මම ඉළුක්කුඹුර’ අනෙක් පසින් ඇසෙයි. එසේ කියන විටම මගේ මතකයට ආවේ ජවිපෙ රත්නපුර හිටපු සන්නද්ධ නායක ගුණරත්න සහ බළංගොඩ හිටපු සන්නද්ධ නායක සමන් මහත්තයා විසින් සටන පාවා දෙනු ලැබුවකු ලෙස පසුගිය ලිපි පෙළේ දිගින් දිගටම සපථ කළ ඉලූක්කුඹුරගේ චරිතයයි.
ඉලූක්කුඹුර ජීවත්ව සිටිනවාද? නැත්නම් මළවුන් අතරද යන්න අප දැන උන්නේ නැත. ගුණරත්නලා හරියට දැන උන්නේද නැත. ඉලූක්කුඹුර ගැන තොරතුරු අසමින් මවෙත ලැබුණු පණිවුඩ ප‍්‍රමාණයද සුළු නැත.




‘මම සටන පාවා දුන්නේ නෑ. මට ඇත්ත කියන්න  ඕනෙ’ ඉලූක්කුඹුර මට කියයි. ඒ අනුව ඉළුක්කුඹුරට අවස්ථාව දෙන්නට අපි තීරණය කළෙමු.


පර්සි කොළඹආරච්චි ඔහුගේ ඇත්ත නමයි. ඔහුගේ පියා හිටපු හමුදා නිලධාරියෙකි. මාතර පිටබැද්දර පාසලේ නවය පන්තියේදී පර්සි ජවිපෙට ‘කොක්ක’ ගැසුවේය. ඒ ඉහළ පන්තියක සිටි රණසිංහ හරහාය. මේ කාලයේ ජවිපෙ මාතර දිස්ත‍්‍රික්කය භාරව සිටියේ ඞී.එම්. ආනන්ද සහෝදරයාය. දෙනියාය ආසනයේ දීර්ඝ කාලීන ශිෂ්‍ය අංශ නායකයකු ලෙස පර්සිට, ඞී.ඇම්ව මුණගැසුණේය. පසුකාලීනව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයට පැමිණෙන පර්සි එහිදී දේශපාලන විද්‍යාව විශේෂ උපාධිය හැදෑරීමට පටන් ගනී. දිගින් දිගටම ජවිපෙ ක‍්‍රියාකාරී ශිෂ්‍ය නායකයාවූ පර්සිට එක්තරා මොහොතක විශ්ව විද්‍යාලයේ තවදුරටත් සිටින්නට අවස්ථාව ඇහිරිණ. ඒ අනුව පක්ෂය විසින් පර්සි විශ්ව විද්‍යාලය තුළින් එළියට ගනු ලැබිණ

ඉන් පසු ජවිපෙහි පූර්ණ කාලිකයකු හැටියට පර්සි රඟ දක්වයි.


දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය හෙවත් ජවිපෙහි සන්නද්ධ අංශයේ නායකයාවූ සමන් පියසිරි ප‍්‍රනාන්දු, පර්සිට මුණ ගැසුණේ මේ අතරය. එතැනින් පසු පර්සිගේ ජීවිත සටහන පක්ෂයේ හා රටේ වූ විශේෂ සිදුවීම් සමග මෙතැන් සිට දිග හරිමි.

විශ්වවිද්‍යාලයෙන් දොට්ට බැස්සාට පසු පර්සි විවිධ තැන්හි විවිධ නම් වලින් පෙනී සිටියේය. දේශපේ‍්‍රමී අරගලය තුළ රවී, හේමන්ත, ඉළුක්කුඹුර වැනි නම් වලින් පෙනී සිටි සන්නද්ධ නායකයා පර්සි කොළඹආරච්චිය. පර්සිට පක්ෂයෙන් ලැබුණු පළමු වගකීම කොළඹ දිස්ත‍්‍රික්කයේ ‘ඞී-4’ කලාපයේ සංවිධායකයා කිරීමයි. 1987 - 1988 කාලයේදී මේ පත්වීම සිදුකෙරිණි. මේ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ දිස්ත‍්‍රික්කය D-1,D-2,D-3,D-4 ලෙස කලාප හතරකට බෙදාගෙන තිබිණි. D-4 කලාපයට අයත් වුණේ අවිස්සාවේල්ල, පුවක්පිටිය, කොස්ගම, කඩුවෙල, හෝමාගම, මහරගම ආදී ප‍්‍රදේශය.
ඞී-4 කලාපයේදී හේමන්ත ලෙස පෙනී සිටි පර්සි කොළඹආරච්චි යටතේ පක්ෂයේ ප‍්‍රචාරක අංශය, භික්ෂු සංවිධානය, ශිෂ්‍ය සංවිධානය ආදී සියල්ල තිබිණි.
මේ කාලයේ ඞී-4 කලාපයට අයත්වූ පනාගොඩ යුද හමුදා කඳවුරු ප‍්‍රහාරය රටේම අවධානයට පාත‍්‍ර වූවක් විය.


‘මේ කාලයේ පක්ෂයට බරපතළ ආයුධ හිඟයක් තිබුණා. ඒ නිසා දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය දිගින් දිගටම ආයුධ එකතු කිරීමට සැලසුම් කළා. ඒ අතරේ තමයි පනාගොඩ යුද හමුදා මූලස්ථානයට දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය විසින් ප‍්‍රහාරයක් එල්ල කෙරෙන්නේ මට මතක හැටියට 1988 දී.


පනාගොඩ හමුදා ප‍්‍රහාරය සඳහා සැලසුම හැදුවෙ මම. ඒ වගේම මට තව වගකීම් කීපයක් තිබුණා. මේ ප‍්‍රහාරය සඳහා දේශපේ‍්‍රමී ව්‍යාපාරයට සම්බන්ධ අති දක්ෂ පුහුණු සන්නද්ධ නායකයන් විශාල පිරිසක් පිටස්තර ප‍්‍රදේශ වලින් කැඳවීම් කළා. ඒ ආපු පිරිස් වලින් එක කොටසක් භාරව හිටියෙ මම. ඒ අයට නවාතැන් දීම වගේම රැුගෙන එන ආයුධ ගබඩා කිරීමට සුදුසු තැන් සූදානම් කළෙත් මමයි. හැබැයි ඒ සියලූ ස්ථානවල වගකීම මට තිබුණෙ නෑ. විශාල ප‍්‍රහාරයක් නිසා අපි කොටස් බෙදාගෙන හිටියෙ.


මම පනාගොඩ කිට්ටුව ගෙවල් දෙකක් පිටුපස ‘ආමරි’ (ආයුධ ගබඩා කිරීමට කොන්ක‍්‍රීට් වළවල්) හැදුවා. මා භාරව සිටි කණ්ඩායම එදා ? නවාතැන් ගත්තෙ පනාගොඩ ගලේ පන්සලේ. එතනට කෑම්ප් එක හොඳට පේනවා. ඒ කාලෙ ගලේ පන්සලේ හිටපු කෙනෙක් ජවිපෙට සම්බන්ධයි. ඒ නිසා සන්නද්ධ අංශයේ 50 කට පන්සලේ නවාතැන් ලැබුණා. හැබැයි ඔය ප‍්‍රහාරයට මම ගියේ නෑ. මම කළේ සැලසුම දීම හා නවාතැන් සැපයීම විතරයි.’ පර්සි කියයි.
තීරණය ගත් දවසේ අලූයම 2.00 පමණ කඳවුරට පැති කීපයකින් ජවිපෙ සන්නද්ධ අංශය කඩා පැන්නෝය. වැඩි වේලාවක් ගත නොවිණ. කඳවුරෙන් වෙඩි හඬ එක දෙක ඇසෙන්නට විය.


දිගට හරහට වෙඩි පත්තු වෙද්දි අපි දැනගත්තා, සටනක් ඇති වුණ බව. මොකද මම හොඳටම දන්නවා පනාගොඩ ප‍්‍රහාරයට දේශපේ‍්‍රමී සන්නද්ධ නායකයො ගෙනිච්චෙ කම්බි කපන කතුරු විතරයි. ඒත් කෑම්ප් එකට ඇතුළු වෙන්න. ඒක කෑම්ප් එක මායිමේ වෙල පැත්තෙන් සාර්ථකව සිදුවී තිබුණා. කොහොමත් ටික වේලාවක් යද්දි ‘පැරා’ ගැහුවා. ඒ ලයිට් එළිය කඳවුර විතරක් නෙවෙයි මුළු ගමම එළිය වුණා. ඒ එක්කම තිබුණු උත්තරේ තමයි ‘වහා පසු බැස යාම.’


පැරා ලයිට් එළිද සමග සන්නද්ධ කණ්ඩායම පසුබැස ගියහ. මේ ප‍්‍රහාරයේදී එක් යුද හමුදා නිලධාරියකු මරණයට පත්විය. ඔහු කෝප‍්‍රල් කුමුදුය.


‘කුමුදු ගැන මට යමක් කියන්න තියනවා. ඔහු පනාගොඩ යුදහමුදා කඳවුරට අනියුක්තව සේවය කළේ. නමුත් කෝප‍්‍රල් කුමුදු තමයි කඳවුර ඇතුළෙන් මේ ප‍්‍රහාරය සැලසුම් කළේ. ඒ කියන්නෙ කුමුදු දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නිලධාරියෙක්. ඔහු එදා දවල් කෑම්ප් එකේ රාජකාරි කරලා රාත‍්‍රිය ‘ ඕෆ්’ වෙලා හිටියෙ.


ඔහු රැ අපේ ප‍්‍රහාරයට උදවු කරන්න එද්දි රාත‍්‍රි රාජකාරි කළ සෙබළෙක් ඔහුව සැක කළා. නමුත් මුහුණ හරියට දැක්කෙ නෑ. සෙබළා හිතුවේ ඔහු එළියෙන් කෑම්ප් එක ඇතුළට පැනපු කෙනෙක් කියලයි. කුමුදු කෑගහලා තියනවා, ‘මම කුමුදු කුමුදු’ කියලා. ඒත් වෙඩි තියලා තියනවා. කෙසේ වෙතත් පනාගොඩ ප‍්‍රහාරය සාර්ථක වුණේ නෑ. මා භාරව සිටි කණ්ඩායම ආයුධ ගෙනාවෙම නෑ. හැබැයි අනෙක් කණ්ඩායම් වලින් ආයුධ යම් ප‍්‍රමාණයක් රැගෙන ගිහින් තිබුණා.’


‘දැන් සමහරු කියනවනෙ, මම පාවා දුන්නා කියලා.. අහගන්න පළමුවැනි උත්තරේ පර්සි තවත් කතාවක් මාතෘකා කරයි.


‘මම අවස්ථා ගණනාවකදී හමුදාවේ හා පොලිසියේ අත්අඩංගුවට පත්වුණා. ඒ බොහෝ තැන්වලදි මට ගහද්දි මම කිව්වේ පාතාලෙ එකෙක් කියලා. අවිස්සාවේල්ල පොලිසියට අහුවෙලා වේළපු හරක් ලිංගයෙන් ගැහුවා. ඒ පාරවල් වදිද්දි හම පුපුරනවා. ඒත් මම කිව්වේ පාතාලෙ නම් ටිකක්.


රත්නපුරේ දිස්ත‍්‍රික් සන්නද්ධ අංශ නායකයා විදිහට මම ගියේ 1989 මැද. එහෙ මාසයක් දෙකක් විතරයි හිටියෙ. ඒ ඉළුක්කුඹුර කියන නමින්. එහෙදි අත්අඩංගුවට පත්වුණේ මම ජවිපෙ බව දැනගෙනමයි. ඊට පස්සෙ පාතාලෙ කියලා කියන්න බෑ. ජීවිතේ ගලවා ගන්නත්, ඊළඟට පක්ෂය බේරාගන්නත් විදිහට දන්න ඇත්තවල් කියන්න  ඕනෙ. කියන දේවල් ඇත්ත බව හමුදාව පිළිගන්නත්  ඕනෙ. ඒ වාතාවරණය උඩ මම පනාගොඩ ප‍්‍රහාරයේ සමහර දේවල් කිව්වා මාව අල්ලගත්ත ගමන් පතුරු යන්න ගැහුවා.


‘කියපිය ඇත්ත’ දෙක තුන වදිද්දි ‘ඇත්ත කියන්නම්’ කියලා මට කෙඳිරි ගෑවුණා.


‘මොනවද, කියපිය’ එහෙම කියද්දිත් ගහනවා. මම ඒ වෙලාවේ කිව්වා මං රත්නපුරේ නෙවෙයි, කොළඹ වැඩ කළේ කියලා. (පොළොව යට ආයුධ හංගපු තැන්) දෙකක් ගැන කිවුවා.


දැන් මම කළේ පාවා දීමක්ද?


ඒක පාවාදීමක් නෙමෙයි. මම කියපු තැන් දෙකම කලින් හෙළිවූ තැන් දෙකක්. ඒ තැන්වලට අමතරව තව බොහෝ තැන් මම දැන හිටියා. ඒත් කිව්වෙ නෑ. තැනක් දෙකක් කියද්දි ප‍්‍රහාර එල්ල කරන එක අඩු වෙනවා. මොකද තොරතුරු වමාරනවා කියලා ඔවුන් හිතන නිසා.


මම හෙළිකළ තැන් ගැන ඊළඟට කියන්නම්, පර්සි මහතා මා දෙස බලයි. මම ඔහුට එකඟතාව පළ කළෙමි.


‘අතුරුගිරිය මුල්ලේගම චන්දරේ අයියා කියලා පක්ෂයට සම්බන්ධ කෙනෙක් හිටියා. එයාගෙ පවුලම පදිංචි වෙලා හිටිය ගේ පිටුපස්සෙ ආමරි තිබුණා. පනාගොඩ හමුදා ප‍්‍රහාරයෙන් එකතු කරපු ආයුධ දාන්න. නමුත් චන්දරේ අයියගේ ගේ පිටුපස ආමරි තියන බව මට කලින් හෙළි කළේ පද්මසිරි හා දේවා කියන අපේ සන්නද්ධ අංශයේ දෙන්නෙක්. මට ආරංචි හැටියට හෝමාගම පොලිසියෙන් ඔවුන් පැන ගිය බව ආරංචි වුණා.


ඊළඟට මම තව තැනක් කිව්වා. එම ස්ථානය මුලින් හමුදාවට හෙළි කළේ කොළඹ දිස්ත‍්‍රික්කයේ සන්නද්ධ අංශයේ වැඩ කරපු පති සහෝදරයා සහ කල්ප සහෝදරයා.


දරුණු ප‍්‍රහාර හමුවේ ඉලූක්කුඹුර හෙළි කළ තොරතුරු හමුදාවේ බලවත් ප‍්‍රමෝදයට හේතුවිය.


‘දැන් යමං.. පෙන්නපිය ඒවා’ වාහන සූදානම් වෙයි... ක්ෂණික විහිදුම් බළකායේ (ඍෘත්‍) නිලධාරීන් පිරිසක් වහ වහා ඉලූක්කුඹුර හා වාහනවලට නැගගත්හ.


‘ආර්.ඞී.එෆ් එකේ ලූතිනන් සිරිසාන්ත තමයි මාව ‘ආමරි’ පෙන්නන්න එක්ක ආවේ. මම ඒ තැන්වලට එද්දි ඒ එක තැනකවත් පක්ෂයේ කිසිම සහෝදරයෙක් හිටියෙ නෑ. සමහර තැන් හමුදාව විනාශ කරලා තිබුණා. සමහර ගෙවල් පාළුවට ගිහින්. ඒත් ආමරි ඒ විදිහටම තිබුණා.


ලූතිනන් සිරිසාන්ත ඇතුළු හමුදා නිලධාරීන් තීරණය කළා මම ඇත්ත කිව්ව බව. සන්සන්දනාත්මකව ඔවුන් තොරතුරු වාර්තා කරගත්තා. අපි ගැවසුණු ප‍්‍රදේශයේ ප‍්‍රබල සහෝදරවරුන් ඉන්න තැන් සේරම මම දැන හිටියා. හැබැයි කිව්වෙ නෑ. මම කිව්වේ ඊට මාස ගාණකට පෙර හෙළි කර තිබුණු තැන්,
පර්සි කියයි. D-4 කලාපය භාරව සිටියදී හේමන්ත යන නමින් සිටි පර්සි, කොස්ගම පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය. ඒ පක්ෂ සගයකු වූ ලී නැමැත්තාද සමගය.


එදා ඔවුන් ඇල්ලූවේ යුදහමුදාව හා පොලිසිය මගින් ඒකාබද්ධව කළ හදිසි මෙහෙයුමක් නිසාය.


කොස්ගම ප‍්‍රදේශයේ ජවිපෙ හි සන්නද්ධ සාමාජිකයකු වූ චන්දරේ හමුවීමට ඉලූක්කුඹුර ගියේය. ඒ කාලයේ චන්දරේ යනු යමක් කමක් තිබුණු ආර්ථික හයියක් ඇති සගයෙක් විය. ඔහුගේ ජීවනෝපාය වූයේ ඌරන් ඇති කර විකිණීමය. චන්දරේගේ ගෙදර කොයි වේලේ ගියත් කෑම ටිකක් කෑ හැකි බව දන්නා ඉලූක්කුඹුර කොස්ගම ගෙදරට ගියේ ඔහුද හමුවී ආහාර ගැනීමේ අරමුණිනි. නමුත් ආපසු ඒමේදී ඉලූක්කුඹුර හා ලී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


අවිස්සාවේල්ල සිට කඩුවෙල, මහරගම දක්වා ජවිපෙ D-4 කලාපය බාර හේමන්ත දැන් කොස්ගම පොලිස් අත්අඩංගුවේය. එහෙත් මේ ඉන්නේ ආණ්ඩුවම හොයන ජවිපෙ සන්නද්ධ නායකයකු බව හඳුනාගන්නට එදා කොස්ගම පොලිිසිය අසාර්ථක විය. එය පොලිසියට මග හැරුණේ කෙසේද?
       
     මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න




‘නුඹ අපේ මිනිහෙක්’ ගීතය හදා ඇත්තේ ජනපති අනුමතියෙන්..  නිෂ්පාදකගෙන් සියල්ල හෙළි වෙයි..

‘නුඹ අපේ මිනිහෙක්’ ගීතය හදා ඇත්තේ ජනපති අනුමතියෙන්.. 
නිෂ්පාදකගෙන් සියල්ල හෙළි වෙයි..


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තියේ පළමු සංවත්සරය සමරමින් නිර්මාණය කරන ලද ගීතය ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද්දක් බව කලම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය විසින් අනාවරණය කර ඇත.

‘නුඹ අපේ මිනිහෙක්’ ලෙස නම් කර තිබුණු මෙම ගීතය හරහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකත්වයට පත්වීම නූතන මහා පරාක‍්‍රමබාහු රජුගේ ආගමනය ලෙස හඳුන්වාදී තිබිණි.

කෙසේ වෙතත් ඊට එල්ල වූ දැඩි විරෝධය නිසා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් පවසා සිටියේ මෙය ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති කාර්යාලයේ අනුමැතියකින් තොරව සමාජ ජාල විසින් ප‍්‍රචාරය කරන ලද්දක් බවයි.

නමුත් ගීතයේ නිර්මාතෘ ආචාර්ය අරෝෂ ප‍්‍රනාන්දු විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කර තිබූ ඡුායාරූප වලින් කියැවුනේ 2015 දෙසැම්බර් 11වනදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් ගීතය අසා අනුමත කළ බවයි

අරෝෂ ප‍්‍රනාන්දු එහි කලින් සදහන් කර තිබුනේ ජනවාරි 2වන දින පොළොන්නරුවේදී රූපගත කිරීම් සිදුකර ඇති බවයි.

මේ වන විට අරෝෂ ප‍්‍රනාන්දු මහතා තමන් විසින් පළ කර තිබූ සියලූ ඡයාරූප ගලවා දමා තිබුනද  කලම්බෝ ටෙලිග‍්‍රාෆ් විසින් ඒවා පිටපත් කර ගෙන ඇත.












මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කතෝලික අගරදගුරුතුමන්ට සෙනෙහසින් ලියන වග නම්

කතෝලික අගරදගුරුතුමන්ට සෙනෙහසින් ලියන වග නම්



(මේක සෙනෙහසින් ලියන්නේ. ඒ නිසා මේකේ තියෙන කරුණු කැත විදිහට පාවිච්චි නොකරයි කියල හිතනවා. දේශපාලනයට බැස්සට පස්සේ හාමුදුරුවන්ට වේවා රදගුරුතුමන්ට වේවා කියන්න තියෙන දේ මුහුණට කියන්න වෙනවා !! )

මම ඉගෙනගත්තේ කතෝලික පාසලක. සාමාන්‍යයෙන් ලංකාවේ කතෝලිකයන් සංස්කෘතිය අනුව පන්ති දෙකක ඉන්නේ . මගේ පාසල සාමාන්‍යයෙන් පළමුවන - ඉහල පන්තියට අයිතියි කියල රටේ මිනිස්සු හිතන් ඉන්නේ. එහෙත් ඉස්කෝලේ ටිකෙන් ටික ඉහල යන්න යන්න තේරුනා සාමාන්‍යයෙන් බටහිර සිරිත් අනුකරණය කරන (හෝව් !! කවුරු කාවවත් අනුකරණය කලාට මගෙන් ප්‍රශ්නයක් නැහැ. ඔවුන් එක්ක ජිවත් වෙන එක හිනා වෙන එක සතුටු වෙන එක විතරක් නෙමෙයි ඔවුන් එක්කම ඒවා අනුකරණය කරන එක වුනත් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත් අනුකරණය කියන්නේ අනුකරණය ) කතෝලික පිරිස අන්තිම සුළුතරයක් බව. සාමාන්‍යයෙන් පාසලේ පුජකතුමන්ලා තමයි සිංහලෙන් කතා කිරීම අධෛර්යමත් කිරීම වැනි දේවල් කරන්නේ. එහෙත් ඒ පුජකතුමන්ලත් ඒ දේ කරන්නේ ඔවුන්ට එක නියම වෙලා තියෙන නිසා - ඔවුන් ඒ බර කරට ගෙන තියෙන නිසා බව දැන් හොඳට තේරෙනවා. ඔවුන්ගෙනුත් බහුතරය අයිති පොළොවේ පයගහල ජිවත් වෙන පන්තියට. 

දුප්පත් හා මැද පන්තියේ කතෝලිකයන් තමයි මාව හැදුවේ. ගුරුවරු හා මිතුරන්. ඔවුන්ට නම් ඔය අගරදගුරුතුමා කියන බොරු අදහස් නැහැ. මට හොඳට ම මතක දෙයක් තියෙනවා. ලංකාවට කතෝලික ආගම ගෙනාපු පෘතුගීසින් ලංකාවේ රජවරුන් අතින් ආසියාවේ ලබපු දරුණු ම පරාජයන් ලබපු හැටි අපට බොහොම රසවත් ව විස්තර කලේ කන්‍යා සොහොයුරුතුමියක්. 8-9 වසර වලදී මේක කියල දෙනකොට කතෝලික මිතුරන් කිහිප දෙනෙක් ම ලංකා පෘතුගීසි ක්‍රිකට් තරගයක ලංකාව පැත්තේ ඉන්න ප්‍රේක්ෂකයෝ වගේ උද්දාමයෙන් කරපු හුමිටි තැබීම මට මතකයි. ඔවුන් දැනන් හිටිය ජේසුතුමන් ව වඳින්න පෘතුගීසින් ව සාධාරණිකරණය කරන්න ඕන නැති බව. චාරිකා වලදී රුවන් වැලි සෑයට ගියහම රුවන් වැලි සෑය කතෝලික නොවුනට ඒ ඔවුන්ගේ ඉතිහාසයේ කොටසක් බව ඔවුන් සැලකුව. මේ වගේ ම දෙයක් මටත් තියෙනවා. බෞද්ධ වුනත් අපේ ඉස්කෝලේ උගන්නන්න හම්බවෙච්ච කාලේ මම ඉස්කෝලේ පල්ලියට ගිහිල්ල පොඩි කාලේ ඇහුනු ගීතිකා හිතෙන් අහනවා. අර කියපු කන්‍යා සොහොයුරුතුමිය තමයි ඒ කාලේ අලි විද්යාත්මක පොරක් වෙලා හිටපු මට පෝයට පන්සල් යාම කියන්නේ ආගමික වැඩක්ම නෙමෙයි සමාජීය වැඩක් බව පුද්ගලිකව ම කියල තේරුම් කරේ. තවත් බොහොම රසවත් අත්දැකීමක් මතක් වෙනවා. චිත්‍ර උගන්නපු ගුරුතුමා මට කිව්වා ජාතක කතාවක් විස්තර කරන්න කියල. මම ඉස්සරහට ගිහින් විස්තර කරනගමන් කිව්වා මේකේ සත්තු කතාකරනවා......ඒවා ඇත්තද නැද්ද කියල මම දන්නේ නැහැ කියල.........උත්තරේ............පණ්ඩිතය නොවී කතාව කියනවා........අපට ඕන කතාව මිසක් විද්‍යාව නෙමෙයි. ....මේ අය දන්නවා ද දන්නේ නැහැ මේ අය ජිවිතයක් කොච්චර වෙනස් කරා ද කියල. 

සිංහල වේවා දෙමල වේවා මොන වර්ගයේ වේවා මේ රටේ මිනිස්සුන්ට බක පණ්ඩිත කම් ඔළුවට ගහන්නේ විශ්වවිද්යාලෙකින් ටිකක් ඉගෙනගත්තට එහෙම පස්සේ. අගරදගුරුතුමන්ටත් වෙලා තියෙන්නේ ඒක බවයි පෙනෙන්නේ. සිංහ ලේ කියන සංවිධානය හෝ වෙනත් යම් සංවිධානයක් වාර්ගිකව අන් මිනිසුන් පෙලනවා නම් ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. ඔවුන් ආරක්ෂාවට තර්ජනයක් නම් එහෙම කරන්න පුළුවන්. ඇත්තටම එහෙම ගන්න එක ආණ්ඩුවේ වගකීමක්. එහෙත් සිංහ ලේ කියන නම තියෙන නිසා සංවිධානයක් තහනම් කරනවා නම් එක සිංහල ජනතාවට එරෙහි වාර්ගික පීඩනයක් !! ඒ අනුව දැන් ක්‍රියාමාර්ග ගන්න ඕන අගරදගුරුතුමට එරෙහිවයි. ජාතිවාදියා අගරදගුරුතුමයි. (තව අතුරු කතාවක් කිව්වොත් හරිහමන් භාෂණ නීතියක් තියෙන රටක තහනම් වෙන්නේ සිංහ ලේ කියන නම නෙමෙයි 'අම්ම කැලේට ගියා ද ?' කියන ප්‍රශ්නය !!!) හුදෙක් නම් නිසා තහනම් කරනවා නම් කතෝලික සභාවත් තහනම් කරන්න වෙයි. ඇයි එක සර්වාගමික සභාව නොකර කතෝලික සභාව වෙන්නේ ?

ඊළඟට රදගුරුතුමා ඒකීය බවටත් බැනල තිබ්බ. ඇතැම් දෙනා ඒකීය බවෙන් අදහස් කරනවලු ලංකාවේ හැමෝම එකවගේ හිතන්න පතන්න ඕන කියල !! කොහෙද දන්නේ නැහැ මේ ඇතැම් දෙනා ඉන්නේ ? ඇත්තටම මේ ඇතැම් දෙනා සිංහල හෝ ලංකාවේ වෙනත් වර්ගවල සාමාන්‍ය මිනිස්සු අතර නැහැ. කාට ද ඕනේ හැම වර්ගෙම ඉන්න මිනිස්සුන්ට තමන් හිතන පතන විදිහ බලෙන් දෙන්න ? බොහෝ විට සිංහල වර්ගවාදී ගණයට වැටෙන අය තුළවත් එහෙම දයක් නැහැ. ගොඩක් වෙලාවට සිංහල වර්ගවාදයට වැටෙන සුළුතර පිරිස පවා ඉල්ලන්නේ සිංහලයන්ට සිංහල වීම නිසා වැඩිපුර ඓයිතිවාසිකම් මිසක් අනික් හැමෝම සිංහල විදිහට හිතපියව් කියන එක නම් නෙමෙයි. 

ඔය ඒකීය පටලගනිල්ලත් උගත්කම වැඩිවීමේ ප්‍රතිපලයක්. සාමාන්‍යයෙන් සුදන්ගේ ඒකීය රාජ්‍ය වල සුදු මිනිස්සු හිතන පතන විදිහට හැමෝම හිතන්න ඕන. අවසානයේ කල්ලෝ අරුන් මුන් ඔක්කොම දියවෙලා යන්න ඕන සුදු සංස්කෘතියට. (නමට නම් සියලු සංස්කෘති ඉවසනවා. එහෙත් ප්‍රයෝගික ව වෙන්නේ අනෙක් සියලු දෙනා ටිකෙන් ටික සුදු සංස්කෘතියට තම අංග ලබාදෙමින් ඒ හා සමජාතීය වීම. ඒ විදිහට හිතීම) රදගුරුතුමා ඒ රටවල තියෙන ප්‍රශ්න ඔළුවට අරගෙන ලංකාවේ ගැලරියට කියන බණ වලින් කාටවත් සෙතක් නැහැ. මෙහෙ එහෙම ඇතැමුන් නැහැ. ඉන්නවා නම් ඉන්නේ අර ෆෙස්බුකියේ සිරිපාලලා වගේ පිරිස්. ඒ විතරක් නෙමෙයි රදගුරුතුමා ගේ කතා ඇහුවම අනෙක් අය කෙසේ වෙතත් රදගුරුතුමා නම් තමන් හිතන විදිහට හැමෝම හිතන්න ඕන කියල හිතන බව හිතෙනවා. ඒක නේ තමන්ගේ මතයට එකඟ නැති වුනු ගමන් තහනම් කරන්න යන්නේ. 


ලංකාවේ දේශපාලනයේ ඒකීය කියන වචනය යෙදෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලතල හා ප්‍රාදේශීය බලතල අතර බලතුලනයේ සීමාවන් ගැන කතාකිරිමටයි. නැතුව ඒකීය කියන එකෙන් රටේම සංස්කෘතිය සමජාතීය කරන මතවාදී ඒකත්වයක් ඇතිකරන පිස්සුවක් මේ රටේ රදගුරුතුමා ඇතුළු උගත් බුද්ධිමතුන් කියාගන්න ඇතැම් පිරිස් වලට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ. 

අවසාන වශයෙන් ලේබල් පෙනෙන තරම් අහිංසක නොවෙන බව පිළිගන්න වෙනවා. එහෙනම් ඒවා අහිංසක කරන්න බලන්න ඕන. අපි අහිංසකයි කියල හිතන බොහෝ දේ අහිංසක නැහැ. සාමාන්‍යයෙන් කතෝලික පල්ලිවල තාප්පෙට හේත්තු කරලා පාරට පෙනෙන්න වැඩියෙන් ම ගහන පාඨය මොකක් ද ? 'වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ සියල්ලන් ම වෙත එව. මම ඔබට සහනය දෙමි'...........මේක අහිංසක ද? ජේසුස් වහන්සේගේ මානව ප්‍රේමය ගලන කෙතරම් විශිෂ්ට අවවාදාත්මක වැකි තියෙනවා ද ? ඒ තියෙද්දී මේක ම ඇයි ? හැමෝට ම ප්‍රචාරක අරමුණු තියෙනවා. එක තමයි තිත්ත ඇත්ත. අවසාන වශයෙන් අපට ඕන වෙන්නේ මේ ප්‍රචාරක යුද්ධය සඳහා ලෝක සන්ධර්භය තුල සාධාරණ එකඟතා ටිකක්. ලංකාවේ බුද්ධ සාසනය ප්‍රමුඛතාවෙහි ලා වැඩි උවමනාවකින් රැකගැනීම කියන්නේ එසේ තිබිය යුතු යයි අප සලකන සාධාරණ එකඟතාවක්. සාමාන්‍ය කතෝලිකයන්ට විතරක් නෙමෙයි මම හොඳින් දන්නා බොහෝ මුස්ලිම්වරුන්ට පවා මේ ගැන කිසිම කහටක් නැහැ. උගත් බුද්ධිමත් (කියල හිතන් ඉන්න අධිපතිවාදින්ට ) තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 

අවසාන වශයෙන් සිංහ ලේ කියන්නේ මගහැර යා හැකි තහනම් කර 'විසඳිය හැකි' දෙයක් නෙමෙයි. රටේ හැමෝට ම එක ම ලේ නම් ඒ එක ම ලේ සිංහ ලේ බව නම් සිංහ ලේ පිරිස කියන්නේ ඔවුන් ඇත්තටම කරන්නේ හොඳ දෙයක්. (එක එහෙම ද නොවෙයි ද කියන එක සැකයි. ) එක අනික් ජනවර්ග අකමැත්තෙන් පිළිගන්න ඕන නැහැ. එහෙත් මතවාදයක් හැටියට එක ලෙන්ගතුයි. අතීත සිංහල රාජ්‍යය ඔබටත් අයත් කියන ආරාධනය කරන්නේ. ඔබේ අනන්‍යතාව එලෙසින්ම තබාගෙන ලංකාවේ ඓතිහාසික උරුමය ඔබත් ලබාගන්න කියලයි කියවෙන්නේ. ලේබලයකින් අනන්‍යතාව නැතිවෙන්නේ නැහැ. බොහෝ දෙනා තේරුම් නොගන්න දෙයක් තමයි සිංහ ලේ කියන එකයි ශ්‍රී ලංකික කියන එකයි අන්‍යෝන්‍ය ප්‍රතිවිරුධ්ධ දෙකක් නෙමෙයි කියන එක. මම කියන්නේ නැහැ එක එකමයි කියල. එහෙත් ප්‍රතිවිරුධ්ධ නැහැ. ඔය ජනවර්ග හැටහුටහමාරක් එකතුවෙච්ච කිසිම දවසක තනි රාජ්‍යයක් නොවිච්ච හුදු විසිරුණු ජනකොටස් එකතුවක් වෙච්ච හින්දුන් 40 % ක් ඉන්න ඉන්දියාවේ 'හින්දුස්තාන්' කියන එකයි ඉන්දියා කියන එකයි ප්‍රතිවිරුධ්ධ නැහැ. ඉන්දියා ඓතිහාසික සභ්‍යත්වයෙන් අඩක්වත් නියෝජනය නොකරන හින්දු සංස්කෘතියට අයිති දෙයක් තමන්ගේ එකමුතුවීමේ ලේබලයක් ලෙස ගන්න ඉන්දියාව ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මෙහෙ ඉතින් බක පණ්ඩිතයෝ නේ ඉන්නේ. ශ්‍රී ලාංකිකත්වය කියන අලුත් ජාතිකත්වය වෙනුවෙන් ඓතිහාසික සිංහල සංකේත සියල්ල හෙට උදේ නැගිටින කොට නැතිකර ගනිවු !! කියලයි මෙහෙ ඉන්න පණ්ඩිතයන්ට හිතෙන්නේ. 

(හොව් !! දැන් මම මේ කියන්නේ දෙමල සංකේත නැතිකරගනිවූ කියල එහෙම නෙමෙයි. හරි ද ? ඒවත් තියාගන්න. පස්සේ දවසක කොටිය වුනත් ප්‍රාදේශීය සංකේතයක් වුනාට කමක් නැහැ. )


-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හිරුණිකා යහපාලනයට ලොකු කළු පැල්ලමක් එක් කලා.. අත්අඩංගුවට ගන්න මාසයක්‌ බලා හිටියා

හිරුණිකා යහපාලනයට ලොකු කළු පැල්ලමක් එක් කලා.. 
අත්අඩංගුවට ගන්න මාසයක්‌ බලා හිටියා..

‘දෙමටගොඩදී තරුණයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන්න මාසයක්‌ බලාගෙන ඉන්න සිද්ධ වුණා. පැය 2 කින් කරන්න තිබුණු වැඩේ එසේ නොකරපු නිසා යහපාලන ආණ්‌ඩුවට ලොකු කළු පැල්ලමක්‌ එකතු වුණා’ යෑයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පැවසීය.

හිරුණිකාගේ මේ ක්‍රියාව නිසා යහපාලන ආණ්‌ඩුව මහජනතාව අතරේ දැඩි අපකීර්තියකට ලක්‌වූ බව ද රාමනායක මහතා කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා එසේ පැවසීය.

එහිදී තවදුරටත් රාමනායක මහතා මෙසේ ද කීය.

“හිරුණිකා කියන්නේ මගේ හොඳම මිතුරියක්‌. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි දෙන්නා පාර්ලිමේන්තුවේදී ලොකු සටනක්‌ කළා. කොයි තරම් මිතුරුකමක්‌ තිබුණත් ඇය වැරදි වැඩක්‌ කළා නම් ඒකට එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හිරුණිකාට වැඩිය මම ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි යහපාලන ආණ්‌ඩුවටයි ආදරේ කරනවා. හිරුණිකා වැරැදි නම් ඒකට එයාට දඬුවම් ලැබෙන්න ඕනේ. අපි ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනඟපු ආණ්‌ඩුව විනාශ කරන්න දෙන්න බෑ. හිරුණිකා වගේ අත්දැකීම් අඩු දේශපාලනඥවරියක මේ අයුරින් හැසිරීම වැරදියි. එය නරක පූර්වාදර්ශයක්‌ වෙන්න පුළුවන්”

– දිවයින
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ISIS පුතු සිය මවට වෙඩි තබා ඝාතනය කරයි

ISIS පුතු සිය මවට වෙඩි තබා ඝාතනය කරයි



සිරියාවේ ISIS සංවිධානයේ සාමාජිකයකු විසින් සිය මවට එරෙහිව මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

බි‍්‍රතාන්‍යය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණ මධ්‍යස්ථානය පවසා ඇත්තේ 20 හැවිරිදි අලි සක්ර් අල් කාසිම් විසින් සියගණනක් ජනතාව ඉදිරියේදී සිය මවට වෙඩි තබා මරා දමා ඇති බවයි.

ISIS අගනුවර ලෙස සැලකෙන රක්කා නගරයේදී මෙය සිදුව ඇති අතර 40 හැවිරිදි ලෙනා නම් කාන්තාවක් ඇය සේවය කළ තැපැල් කාර්යාලය අසලදී මෙලෙස මරණ දඬුවමට පාත‍්‍රවී ඇත.

ISIS සංවිධානයට ද්‍රෝහී වීම ඇයට එරෙහිව නැගුණු චෝදනාවයි.  රක්කා නගරය අතහැර ISIS සංවිධානයෙන් පලාගොස් ජීවත්වීම සඳහා ලෙනා සිය පුතු වෙත ඉල්ලීමක් කර ඇති අතර තම මවගේ සැලසුම පිළිබඳව අල් කාසිම් විසින් සිය අණදෙන නිලධාරීන්ට වාර්තා කිරීමට කටයුතු කර ඇතැයි පැවසේ.

ලෙනාට මරණ දඬුවම පැණවූ ත‍්‍රස්තවාදීන් එය ක‍්‍රියාත්මක කිරීම සඳහා ඇයගේම පුතුට නියෝග කර තිබේ.

ISIS ත‍්‍රස්තවාදී සංවිධානය සිරියාවේ හා ඉරාකයේ විශාල ප‍්‍රදේශයක් පාලනය කරමින් සිටින අතර ඔවුන්ගේ අණසකට නතු නොවෙන්නන් සාහසික ලෙස ඝාතනය කිරීම සාමාන්‍ය තත්වයක් වී ඇති බව සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න





වල් නසන අජිනමොටෝ

වල් නසන අජිනමොටෝ

වල් නාශකයක් ලෙස භාවිත කළ විස රසායනිකයක් වන ග්ලයිෆොසේට් තහනම සමග වගාවන්හි වල් මර්දනය සඳහා වෙළඳපොළේ ඇති මොනෝ සෝඩියම් ග්ලූටනමේට් (අජිනමොටෝ* තවත් කෘෂි රසායනයක් සමග මිශ‍්‍රකර ඉසින බවට වාර්තාවේ.

නාඋල ඇතුළු ප‍්‍රදේශ රැුසක මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක වේ.

‘අපි අක්කරයකට ටැංකි පහක් ගහනවා. එක ටැංකියකට අජිනමොටෝ ග‍්‍රෑම් 100ක් දානවා. බලාගෙන ඉද්දී වල් මැරෙනවා. උපරිම සතියයි. තිබ්බ තැනක් හොයන්න බෑ‘ යනුවෙන් මෙම ක‍්‍රමය අත්හදා බැලූ ගොවියෝ කියති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර සංවිධාන පවසා සිටියේ මෙය ඉතා බරපතල තත්ත්වයක් බවත් ආහාර පිණිස වෙළඳපොළේ පවතින රසකාරකයක් හරහා වල් මර්දනය වනවා නම් ඒවා ආහාරයට ගන්නා මිනිසුන්ට කුමක් සිදුවන්නේද යන්න සොයාබැලිය යුතු බවත්ය. මෙවැනි විකෘති රසායන ද්‍රව්‍ය අවබෝධයකින් තොරව යෙදීමෙන් ඉදිරියේදී බරපතල පරිසර ගැටළු පැන නැගිය හැකි බවටද ඔවුහු අනතුරු අඟවති.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වැලිමඩත් නොසන්සුන්

වැලිමඩත් නොසන්සුන්


වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇතිවී තිබෙනවා.
මත්පැන් අලෙවිසැලකදී පහරකෑමට ලක්වූ බව පැවසෙන තරුණයෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමිනුයි නොසන්සුන්තාව ඇතිව තිබෙන්නේ.
මත්පැන් අලෙවිසැලක පිරිසක් මෙම තරුණයාට පහරදී තිබෙන්නේ පසුගිය 31 වනදායි.
පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කෙරුණු අතර බදුල්ල මහ රෝහලේදී  ඊයේ (10) රාත්‍රියේ ඔහු මියගොස් තිබෙනවා.
මේ පිළිබඳ කුපිත වූ ප්‍රදේශවාසීන් මත්පැන් අලෙවිසැලට ද පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් ගස් කපාදමා මාර්ග අවහිරකර ඇති අතර වතු නාමපුවරු ද විනාශකර දමා ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

 පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වනවිට යොදවා තිබෙනවා.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යහපාලනයට අවුරුද්දයි.. සිංහල-බෞද්ධ මලමිණිය රැගෙන විලාප තබමින් අවමගුල් පෙරහැර යනවා

යහපාලනයට අවුරුද්දයි.. සිංහල-බෞද්ධ මලමිණිය 
රැගෙන විලාප තබමින් අවමගුල් පෙරහැර යනවා..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වර්ෂ පුර්ණ පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනකි.

අදට 2015 ජනාධිපතිවරණයට වසරකි. ඒ වෙනුවෙන් ආණ්ඩුව රාජ්‍ය මට්ටමෙන් සැමරුම් උත්සව සංවිධානය කර ඇත. මටත් ඒ සදහා ආරාධනා ලැබී තිබේ. ඒවාට සහභාගී නොවීමට මම තීරණය කළෙමි. (මා ඒ වෙනුවෙන් පළ කෙරෙන ලිපි එකතුවට ලිපියක් පමණක් ලීවෙමි. ලිපි එකතුව සංස්කරණය කරනු ලබන්නේද රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රකට ආරක්ෂකයෙකු වූ මගේ මිත්‍රයෙක් වීමද උත්ප්‍රාස ජනකය.) ඒ ඔවුන් සමරන දේ හා මා සමරණ දේ අතර වෙනසක් ඇති නිසාය. මා සමරන්නේ පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්‍රයේ බිද වැටීමයි. ව්‍යාජ රැඩිකල් වාමාංශිකයින් මොනවා කීවද එය ඉතා තීරණාත්මක දේශපාලන සංසිද්ධියකි.

රාජපක්ෂ තන්ත්‍රයේ මෙම බිදවැටීම කොතරම් තීරණාත්මකද යන්න රාජපක්ෂ තන්ත්‍රයට සෙවන දුන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිවාදී කේන්ද්‍රයේ සිටින පිරිස් වලට මෙම පරාජය ක්ෂතිමය අත්දැකීමක් වී ඇති ආකාරයෙන් පෙනේ. (“යුතුකම සංවාද කුළකය” නමින් ගොනුවී ඇති පිරිස්වල කතිකාව පරීක්ෂා කිරීම මෙහිදී වැදගත්ය.) රාජපක්ෂ පරාජය කොට සිරිසේන ජයග්‍රණය කලේ ලක්ෂ 62 ට 57ක් වශයෙනි. මෙහි තීරණාත්මක බව තේරුම් ගත යුත්තේ ජනාධිපතිවරණය සම්බන්ධව ඊට පෙර රාජපක්ෂ කදවුර තුළ පැවැති තක්සේරුව දෙස බැලීමෙනි.

මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කලේ සිරිසේන ෆොන්සේකා තරම්වත් ඡන්ද ගන්නේ නැති බවයි. දකුණේ ජනයා සිංහල-ජාතිකවාදයට පිටින් සංවිධානය කීරීමට ඇති හැකියාව ඓතිහාසික වශයෙන් අවසන්ව ඇතැයි ඔවුහු තීරණාත්මක ලෙස විශ්වාස කළහ. සිදුවුනේ කුමක්ද යන්න පිළිබදව තවමත් ඔවුන්ට තක්සේරුවක් නැත. ඔවුන්ට අනුව එය බටහිර හා ඉන්දීය තානාපති කාර්යාල වල කුමන්ත්‍රණයකි.

දැන් සිංහල-ජාතිකවාදයේ දේශපාලන මදුසමය අවසන්ය. තම පුතුන්ගේ දේශපාලන අනාගතය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද සිංහල ජාතිය පාවාදීමට බොහෝ දුරට ආසන්න බව මගේ මේ මොහොතේ තක්සේරුවයි. කොහොමත් ඔහු කළේ වැල යන අතට මැස්ස ගැසීමයි. ගුණදාස අමරසේකරට දැන් ඊළග ගැලවුම්කරුවා (Messiah) එනතුරු “ගමනක මුල” නැවත ලිවීම ආරම්භ කිරීමට පුලුවන. ඒ සදහා මම ඔහුට චිර ජීවනය ප්‍රාර්ථනා කරමි. අව්‍යාජ සිංහල ජාතිකවාදීන් ගේ ලේ රත් කරමින් දැන් “සිංහ ලේ” විවෘතවම කරළියට පැමිණ ඇත. සිංහල ජාතිකවාදය (හෙගලියානු අර්ථයෙන්) එහි දයලෙක්තික වර්ධනයේ තීරණාත්මක අවසානයට පැමිණ ස්ව්‍යං-විනාශය කරා ගමන් කරමින් සිටී. “සිංහ ලේ” ව්‍යාපාරය ඒ අවමගුල් පෙරහැරේ මිනී බෑන්ඩ් එකයි (ජාත්‍යන්තරවාදීනි!!! කරුණාකර ඔවුන්ට බාධා නොකරන්න!!!). “අව්‍යාජ” සිංහල ජාතිකවාදීන් මෘත කලේබරය පසුපස විලාප තියමින් ගමන් කිරීම අපට දැකිය හැක.

ඊනියා යහපාලන ආණ්ඩුවේ (මම මේ ආණ්ඩුව සදහා යහපාලන ආණුඩුව යන වචනය භාවිතා නොකරන බව සලකන්න) පළමු වසර සැමරීමට මට කිසිදු වුවමනාවක් නැත. මා සම්බන්ධ වන්නේ ජනවාරි 8 සිදුවූ වැදගත් දේශපාලන විපර්යාසය පසුපස පැවැති පොදු අභිලාෂ ඉදිරියට ගෙනයාමේ අරගලයකටයි.

– ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සරත් ෆොන්සේකාගේ ෆෑන්ටසි සිහිනය

සරත් ෆොන්සේකාගේ ෆෑන්ටසි සිහිනය


සරත් ෆොන්සේකාගේ හිතවතෙකු ලෙස කටයුතු කල සංජීව සමරසිංහ ඔහු සරත් ෆොන්සේකාගේ මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කලේය. මේ ඔහු විසින් සරත් ෆොන්සේකා පිළිබදව සිදු කල හෙලිදරව්වයි

Q: සංජීව සමරසිංහ කියන්නේ කවුද?

සංජීව සමරසිංහ කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 25කට වැඩි කාලයක් කි‍්‍රයාකාරීව හිටපු පුද්ගලයෙක්. ඒ වගේම ලේක්හවුස් ආයතනයේ අවුරුදු 25ක් මාධ්‍යවේදියෙක් විදිහට වැඩකරලා එජාපයේ විවිධ වගකිවයුතු තනතුරු දරපු කෙනෙක්.

Q: මොනවද ඒ තනතුරු?

මම ජාතික සේවක සංගමයේ ලේක්හවුස් ශාඛාවේ ලේකම් හැටියටත් ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙත් හිටියා. ඒ වගේම මම එක්සත් රාජ්‍ය මාධ්‍ය සේවක සම්මේලනයේ සභාපතිවරයා හැටියටත් කටයුතු කළා.

Q: එතකොට සංජීව සමරසිංහ ගිය අඟහරුවාදා හිටි හැටියේම මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වනවා තමන් ගත්ත කිසියම් දේශපාලන තීන්දුවක් ගැන ජනතාව දැනුවත් කරන්න. මොකද්ද මේ දේ කරන්න ආසන්නතම හේතුව?

සංජීව සමරසිංහ තමයි සරත් ෆොන්සේකා මහත්තයත් එක්ක දීර්ඝකාලයක් එකට හිටිය සිවිල් පුද්ගලයා හැටියට ඉතිහාස ගතවෙන්නේ. සාමාන්‍යයෙන් සරත් ෆොන්සේකා දන්න අය දන්නවා කිසිම කෙනෙක්ට එයත් එක්ක වැඩිකාලයක් ඉන්න බෑ. නමුත් මගේ මිත‍්‍ර මාධ්‍යවේදී සහෝදරයන් ගණන් හදලා මට කිව්වා ‘ඔයා තමයි සරත් ෆොන්සේකත් එක්ක දීර්ඝ කාලයක් හිටිය පුද්ගලයා’ කියලා.

Q: ඔය දීර්ඝ කාලයක් කියලා කියන්නේ කොච්චර කාලයක්ද?

අවුරුද්දයි මාස නවයක්.

Q: මොනවද ඔය දෙන්නා කළේ? එකට හිටියා කියන කතාව තව ටිකක් විස්තර කරන්න?

පසුගිය 2009 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තීරණය කළා පොදු අපේක්ෂකයා හැටියට සරත් ෆොන්සේකා මහත්තයව ගේන්න. මම එතකොට ජාතික සේවක සංගමයේ ලේකම්වරයා හැටියටත් එක්සත් රාජ්‍ය මාධ්‍ය සේවක සම්මේලනයේ සභාපතිවරයා හැටියටත් ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ තීරණය අපට දැනුම් දුන්නට පස්සේ අපි තීරණය කළා සරත් ෆොන්සේකා මහත්තයට සහයෝගය ලබාදෙන්න. පස්සෙ ඔහු මාව පෞද්ගලිකව කැඳවලා කිව්වා ‘සංජීව මට රාජ්‍ය මාධ්‍යයෙන් බරපතළ විදිහට ගහනවා. මේක මට උසුලන්න බැරිතරම් අමාරුයි. ඒ නිසා ඔයාට පුළුවන්ද රාජ්‍ය මාධ්‍යයේ බහුතර සේවක පිරිසක් ඉන්නේ මගෙත් එක්ක කියලා පෙන්නන්න’ කියලා.

Q: ඔය කියන්නෙ කොයි කාලෙද?

2010 ජනාධිපතිවරණය කාලේ. ඉතින් ලංකාදීප පත්තරේ සම්පූර්ණ පිටුවක් මේ සඳහා වෙන්කළා. එතකොට එදා එතුමාට විශාල පැහැදීමක් මම ගැන ඇති වුණා. මේ ආකාරයට කටයුතු කරලා එතුමා ඒ ඡුන්දෙන් පරාද වුණාට පස්සේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පළමු වැනි උද්ඝෝෂණය ලෑස්ති කළෙත් මම. එදා, තමයි එතුමාව අත්අඩංගුවට ගත්තේ. එතකොට පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඒ පුද්ගලයව අතහැරියා. නමුත් මම එතුමාව අතහැරියේ නෑ. මම දිගින් දිගටම එතුමත් එක්ක රැඳී හිටියා. ඒ වගේම උසාවියට ගේන හැම දවසකම මම එතැනට ගියා. ඊට පස්සේ එතුමා නිදහස් වුණාට පස්සේ එතුමා මට කියනවා ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාර ලේකම්වරයා විදිහට වැඩබාර අරගෙන මේ කටයුත්ත කරන්න කියලා. ඊට පස්සෙ මම එතුමත් එක්ක එතුමාගේ කාර්යාලයේ මේ වැඬේ පටන් ගන්නවා.

Q: සංජීව, එදා සරත් ෆොන්සේකා ළඟින්ම හිටිය සියලූ දෙනාම පාහේ අත්අඩංගුවට පත්වුණා. නමුත් සංජීව සමරසිංහ අත්අඩංගුවට පත්වෙන්නෙ නෑ. ඔබ කියන විදිහට ඔබ ඔච්චර ළඟින් සරත් ෆොන්සේකා ඇසුරු කළා නම් ඔබ කොහොමද බේරුනේ?

සරත් ෆොන්සේකා මහත්තයාව අත්අඩංගුවට අරගෙන දවස් දෙකකට පස්සේ, නන්නාඳුනන කණ්ඩායමක් මාව හොයාගෙන එනවා. මේ අය අතරමඟ එද්දී මට දුරකතන ඇමතුමක් එනවා ‘සංජීව අයියේ, ඇඳන් ඉන්න ඇඳුමපිටින් දරුවොත් එක්ක පනින්න’ කියලා මම එහෙම්ම වෙලෙන් එගොඩට පැනලා, හැතැම්ම 4ක් විතර, මගේ දරුවොත් අරගෙන මමයි මගේ බිරිඳයි දිව්වා. එහෙම දුවලා පන්සලක ශාලාවක තමයි මම නැවතුනේ. ඊට පස්සේ ලේක්හවුස් එකේ ඉන්න මගේ මිත‍්‍රයෙකුට මම කතාකරලා කිව්වා මට මෙහෙම ප‍්‍රශ්නයක් වුණා. දැන් මම මොකද කරන්න ඕන කියලා. මට හිතාගන්න බෑ කියලා. ඊට පස්සේ ඒ මනුස්සයා ඇවිත් අපිව එයාගේ ගෙදරට එක්ක ගිහින් මට ඒ අයගේ ගෙදර කාමරයක් දීලා, මාස දෙකක් මටයි මගේ දරුවන්ටයි කන්න දිදී තියාගෙන හිටියා.

Q: ඔය කියන කතාව ඇත්ත කියලා ඔප්පු කරන්න මොනවද තියෙන සාක්ෂි?

සාක්ෂි තමයි මෙහෙම ඉන්නකොට උපුල් ජයසූරිය මහත්තයා මට කතා කළා. කතා කරලා ඇහුවා සංජීව මොකද්ද ඔයාට ඇතිවුණු ප‍්‍රශ්නෙ සහ දැන් ඔයා කොහෙද ඉන්නෙ කියලා. මම කිව්වා මම අහවල් තැන ඉන්නෙ කියලා. එතකොට උපුල් ජයසූරිය මහත්තයා මට කිව්වා ‘රයිට් ඔයා, පොලිස් ආරක්ෂාව ඉල්ලලා පොලිස්පතිට ලියුමක් දාන්න. ඊට පස්සේ ඒ ලියුමට පබ්ලිසිටි එකක් දෙන්න’ කියලා. මම ඒ කිව්ව විදිහට කටයුතු කළා. ඊට සති දෙකකට විතර පස්සෙ රාගම පොලීසිය මට දුරකතනයෙන් කතාකරලා කිව්වා. ‘අපි පොලිස් ආරක්ෂාව ලබාදෙනවා, කරුණාකරලා ගෙදර එන්න’ කියලා. ඊට පස්සෙ තමයි මම ගෙදර ආවේ.

Q: සංජීව ඔබ කියන විදිහට ෆොන්සේකා හිරෙන් නිදහස් වෙලා එනතුරුත් ඔබ ෆොන්සේකා වෙනුවෙන් බලාගෙන හිටියා. ඊට පස්සෙ ඔහු ඔබට ආරාධනා කරන්නෙ ඔහුගේ මාධ්‍ය ලේකම් වෙන්න කියලා. ඔබ කියන විදිහට අවුරුදු 28ක් ඔබ එජාපයේ තනතුරු දරමින් එජාපය වෙනුවෙන් වැඩකරපු කෙනෙක්. එතකොට එජාපයෙන් බලපෑම් ආවේ නැද්ද ඔබ දිගින් දිගටම ෆොන්සේකත් එක්ක වැඩකරන්න යෑම ගැන?

එක්සත් ජාතික පක්ෂයෙන් කිව්වා, ඔය තෝරාගැනීම කරන්න එපා කියලා. ඒක පැහැදිලිවම ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහත්තයා කිව්වා ඔය මෝඩ තීරණය ගන්න එපා කියලා. අදටත් ඒක ඒ මනුස්සයා කියනවා.

Q: එතරම් බලපෑම් කරලත් ඔබ ඇයි ඒ තීරණේ ගත්තේ?

එජාපයේ අර්බුදයක් තියෙනවනේ, ඔය අර්බුදෙත් එක්ක මට දැනුනා මේ විදිහට මේ පක්ෂය ඉදිරියට යන්න බෑ කියලා.

Q: ඒ මත ඉදිරියට යන්න පුළුවන් පක්ෂයක් විදිහට ඔබ ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පිළිගත්තා?

ඔව්, මොකද සමාජය තුළ තිබුණා වගේ මෙයා මේ යුද්දේ කරලා, මේ රට ගලවාගත් නිසා මෙයාට යම්කිසි ගමනක් යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මගෙත් තිබුණා. මෙයා රටට සේවයක් කරයි, මොහුට රට ගැන කැක්කුමක් තියෙනවා කියන හැඟීම මටත් තිබුණා.

Q: ඔබ එජාපයේ අර්බුදය නිසා, එජාපයට අනාගතයක් නෑ කියලා හිතලා, අනාගතයක් තියෙනවා කියලා හිතලා සරත් ෆොන්සේකත් එක්ක එකතු වුණා. ඔබ දැන් හිතනවද ඒ ගත්ත තීරණය නිවැරැදියි කියලා? පැහැදිලිවම නෑ. මම එදා ගත්තේ මගේ ජීවිතේ වැරැදිම තීන්දුව.

Q: ඔබ කිව්වා, ඔබ හිතුවා කියලා සරත් ෆොන්සේකා රට බේරගත්ත වීරයා නිසා, ඔහුට රට සම්බන්ධයෙන් නිවැරැදි දැක්මක් තියෙනවා කියලා. තාමත් ඔබ හිතනවද ඒක එහෙමයි කියලා?

පැහැදිලිවම නෑ.

Q:ඇයි එහෙම හිතන්නෙ? හිතන්නේ?

ඔහුත් එක්ක වැඩිම කාලයක් හිටිය පුද්ගලයා හැටියට, ඔහුත් එක්ක සමීපවම කටයුතු කරපු පුද්ගලයා හැටියට මට ඔහුගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන්කම ලැබුණා. ඒ මම හිතුවා මේ පුද්ගලයට කවදාහරි දවසක මේ විපක්ෂ බලවේග ඔක්කෝම ටික ඒකරාශි කරගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම මගේ විශ්වාසයක් තිබුණා සරත් ෆොන්සේකා මහත්තයා කොයි වෙලාවක හරි එජාපයත් එක්ක එකතුවෙයි කියලා.

Q: සංජීව දැන් බළලා මල්ලෙන් එළියට පැන්නා නේද? ඔබ හිතාගෙන හිටියා ෆොන්සේකා කවදාහරි එජාපයට එයි කියලා. ඒක නොවන තැන ඔබ දැන් එළියට ඇවිල්ලා ෆොන්සේකවත් ඔහුගේ දේශපාලන ව්‍යාපාරයත් විනාශ කරන්න කුමන්ත‍්‍රණය කරනවා?

නෑ. මම එහෙම කුමන්ත‍්‍රණයක් කොයි වෙලාවෙවත් කළේ නෑ. ඔහුව එජාපයට ගන්න නෙවෙයි, මේ ආණ්ඩුව පෙරළා දමන්න නම් මේ රටේ ඉන්න සියලූම විපක්ෂ බලවේග ඒකරාශි විය යුතුයි කියන තැන තමයි මම හැමදාමත් හිටියේ. නමුත් මොහුත් එක්ක කාලය ගත කරද්දී මොහුගේ අදහස් මට තේරෙද්දී මට වැටහුණා මම ජීවිතේ ගන්න ඕන ඉතාම වැරැදි තීන්දුව මම අරගෙන ඉන්න බව.

Q: නමුත් සංජීව, ඔබ මේ මැතිවරණයක් කටේ තියාගෙන විශාල ආන්දෝලනයක් කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් එළියට බැසීම තුළ උත්සහ කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සහ එහි නායකයාව සමාජය තුළ කුජීත කරන්න නෙවෙයිද?

පැහැදිලිවම නෑ. මේක මම ඔබට පැහැදිලිවම කිව්වා. මේ සම්බන්ධය නිසා මම දීර්ඝ කාලයක් තිස්සේ මානසිකව විඳපු පීඩාව.

Q: ඔය කියන තරම් මානසික පීඩනයක ඔබ හිටියානම්, ඒ කියන්නේ ඔබ අවුරුදු 1 1/2ට ආසන්න කාලයක් මානසික පීඩනයක ඉඳලා තියෙනවා. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මේ ලොකු මැතිවරණයකට මුහුණ දෙන්න ඉන්න කට උඩ, ඇයි මේ එකපාරටම අයින් වෙන්නේ?

අයින් වෙන්න හේතුව පසුගිය පෙබරවාරි 6 වැනිදා තමයි මම නැවත මේ පක්ෂ කාර්යාලයට එන්නෙ නෑ කියලා තීරණේ කළේ.

Q: ඇයි ඒ?

හේතුව, 6 වැනිදා ඇතිවෙච්ච සිද්ධියක්. ඉදිරි ප‍්‍රධාන රැුස්වීම් 91ක් තීරණය කරලා තියෙද්දී එතකොට මේ රැස්වීම්වල වගකීම කිසියම් ප‍්‍රමාණයකට මට තියෙනවා. මොකද සංවිධායකවරුන්ගේ සම්බන්ධීකාරක විදිහට පත් කරලා තිබුණෙත් මාව. එතකොට ඔහු එදා පැය 1 1/2ක් විතර මේ සම්බන්ධව මාත් එක්ක සාකච්ඡුා කළා. සාකච්ඡුාව අවසානයේදී පෙබරවාරි 6 වැනිදා රාත‍්‍රී 8.00 විතර මෙයා මගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා, ‘සංජීව මේ මැතිවරණයට සතියක් දෙකක් තියෙද්දී අපි මේ මැතිවරණයෙන් ඉවත් වුණොත් ඔයා මොකද හිතන්නෙ’ කියලා. මම කිව්වා එහෙම කළොත් ඔක්කොටම ඉස්සරවෙලා සියලූම සංවිධායකවරුන්ට වහ බෝතල් ගාණේ දෙන්න, එකක් මට දෙන්න කියලා. එතකොට මගෙන් ඇහුවා ‘ඇයි’ කියලා. මේ සංවිධායකවරු තෝරා ගැනීමේදී මේකෙ ඉන්ටර්විව් බෝඞ් එකක් නෑ. තනිකරම ඒකාධිපතියෙක් විදිහට තමයි මෙයා මේ සියලූ කටයුතු කරන්නෙ. මේ පක්ෂයේ විවිධ තනතුරුවල යම් යම් පුද්ගලයෝ හිටියට ඔවුන් ඉන්නේ නාමිකව විතරයි. මේ පක්ෂයේ බලය විමධ්‍යගත කරලා නෑ. එතකොට මේකෙ තීන්දු ගන්නෙත් මොහු. තීන්දු කි‍්‍රයාත්මක කරන්නෙත් මොහු. තීන්දුවලට අණ දෙන්නෙත් මොහු. එතකොට මෙතැන ප‍්‍රශ්නෙ තියෙන්නේ මොහුට දේශපාලන අවබෝධයක් සහ විඥානයක් නෑ. ඔහු අපේක්ෂකයන් ඉන්ටර්විව් එකට කැඳවනවා. ආපු ගමන් කියනවා හරි ඔයාට මම දෙන්නම් අවිස්සාවේල්ල ආසන සංවිධායකකම. දැන් මේ එන මනුස්සයා හොල්මන් වෙලා එළියට යන්නෙ. මොකද එයා එන්නේ මහ දැවැන්ත පුරුෂයෙක් ගාවට, දැවැන්ත පක්ෂයක් ගාවට. මේ එන පුද්ගලයා හිතනවා, ඉන්ටර්විව් එකේදී මගේ අධ්‍යාපන සුදුසුකම් අහයි, වෙනත් සුදුසුකම් අහයි, මාව පරීක්ෂාවට ලක් කරයි. ඊට පස්සේ පක්ෂයේ බුද්ධි අංශ කණ්ඩායමක් ගෙවල්වලට ගිහින් පරීක්ෂා කරයි. නමුත් එහෙම මොනවත් මෙතැන සිද්ධ වෙන්නේ නෑ. ආපු ගමන් දුන්නා පත්වීම. දීලා ඊට පස්සේ තවත් කවුරු හරි අවිස්සාවේල්ලෙන් ආවම කියනවා ඔයා මීට ටිකකට කලින් ආව නම් හරි දැන් පොඞ්ඩකට ඉස්සරවෙලා මම සංවිධායකකම දුන්නා කියලා. ඒ නිසා මම ඔයාට සම සංවිධායකකම දෙන්නම් කියලා කියනවා. සමහර වෙලාවට අතිශයෙන් සුදුසු පුද්ගලයෝ ආවොත් එයාටත් දෙනවා සංවිධායකකම. එහෙම එකම ආසනේ මම හිතන්නේ ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ගත්ත නරකම තීන්දුව ගත්තෙත් මේ පක්ෂය. ඒ කියන්නේ එකම ආසනේ ප‍්‍රධාන සංවිධායකවරු දෙන්නෙක් ඉන්නවා.

Q: උදාහරණයක් දෙන්න?

අවිස්සාවේල්ල ආසනේ. අවිස්සාවේල්ල ආසනේට මුලින්ම ආව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සීසර් රණවීර කියලා මහත්තයෙක්. එතුමා ඇවිල්ලා අවිස්සාවේල්ල ආසනේ සංවිධායකකම ගත්තා. ඊට පස්සේ ආවා එජාපයේ නිමල් ආර්. පීරීස්. දැන් නිමල් ආර්. පීරීස්ව තියන්න බෑනේ සම සංවිධායක හැටියට, මට කිව්වා දෙන්නම තියන්න කියලා. මම කිව්වා සර්, මේක විහිළුවක් කියලා. එතකොට කියනවා ‘නෑ, නෑ, නෑ මමනේ කියන්නේ ඔයා තියන්න’ කියලා. ප‍්‍රධාන සංවිධායකවරු දැන් බුරුතුපිටින්. ඕක තමයි වුණේ.

Q: ඔබ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ඉන්න සංවිධායකයෝ බහුතරයකට සුදුසුකම් නෑ කියලද?

නෑ…. නෑ…. සුදුසුකම් තියෙන පුද්ගලයොත් ඉන්නවා. අවංක මිනිස්සු ඉන්නවා. ඒ අවංකකම තිබුණට ඔවුන්ට ඇත්තටම මේ දේශපාලන කටයුතු කරගෙන යෑමේ හැකියාවක් නෑ. සමහර අය ජීවත්වෙන්නවත් බැරි තරම් අන්ත අසරණයි. ඉතින් මේගොල්ලෝ කොහොමද ආසනයක් සංවිධානය කරන්නේ?

Q: ඔබ කියනවා සරත් ෆොන්සේකාට කිසිම දේශපාලන දැනුමක්, විඥානයක් නෑ කියලා. අවුරුදු 1 1/2ක් ඔහුත් එක්ක ඉඳලත් ඇයි ඔබ උත්සහ නොකළේ ඔහුට ඒ දේශපාලන දැනුම, විඥානය දෙන්න?

මම උත්සහ කළා. ඒකට මම විද්වතුන්, බුද්ධිමතුන් ඊළඟට වෘත්තියෙන් ඊට පස්සේ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්, වෛද්‍යවරුන්, කථිකාචාර්යවරුන් වගේ උදවිය ගෙනැල්ලා මම උත්සහ කළා මේ පක්ෂයට සමාජ කතිකාවතක් හදන්න පුළුවන් පුද්ගල කමිටුවක් හදන්න. ඒක හදලා ඔහුට උපදෙස් දෙන්න. නමුත් මේ ඔක්කෝම කරලා ඉවර වුණාට පස්සේ සරත් ෆොන්සේකා මහත්තයා කිව්වා, ‘මේ යක්කුන්ට පිස්සු. මේ මිනිස්සු කියන දේවල් මේ ජනතාව පිළිගන්නේ නෑ’ කියලා.

Q: එතකොට ඔබ පිළිගන්නවාද ෆොන්සේකාට උපදෙස් දෙන්න ඔබ ගෙනාවේ පිස්සෝ ටිකක් කියලා?

පැහැදිලිවම නෑ. ඒ මිනිස්සුන්ට පිස්සු නම් මම ඒ මිනිස්සුන්ව එකතු කරන්නේ නෑනේ මේ පක්ෂෙට.

Q: මට මතකයි 2010 ජනාධිපතිවරණය සමයේ සරත් ෆොන්සේකාට විරුද්ධව රාජ්‍ය මාධ්‍ය මෙහෙයුමක් දියත් කළා. ඔහු මානසික විකෘති භාවයකින් පෙළෙන්නෙක්, උම්මන්තකයෙක්, කොටින්ම කිව්වොත් පිස්සෙක් කියලා. එතකොට අද ඔහු කියනවා ඔහුට උපදෙස් දෙන්න ඔබ ගේන මිනිස්සුන්ට පිස්සු කියලා. ඔබ හිතන්නේ ඇත්තටම පිස්සු කාටද?

පැහැදිලිවම සරත් ෆොන්සේකා මහත්තයා මානසිකව විශාල ආතතියකට ලක්වෙලා ඉන්න මිනිහෙක්. මම හිතන්නේ මේක මේ යුද්දෙන් පස්සේ කතිකාවක් ගොඩනැගුණා යුද්දෙට සම්බන්ධව හිටපු සොල්දාදුවන්ව පුනරුත්ථාපනය කළ යුතුයි කියලා. ඇත්තටම මම හිතනවා සරත් ෆොන්සේකා මහත්තයාව පුනරුත්ථාපනය කළ යුතුමයි කියලා.

Q: එතකොට සරත් ෆොන්සේකා, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා කියන විදිහට පුනරුත්ථාපනය විය යුතු දේශපාලන නායකයෙක්. ඒ වගේම ඔබ කියන විදිහට එදා වේලවත් යැපෙන්න බැරි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ අහිංසක සංවිධායකවරු කනකර උකස් කරලා, දස අතේ ණය වෙලා, පෝස්ටර් ගහලා, රැස්වීම් තියලා, ඡන්දෙට කැම්පේන් කරගෙන යනකොට ඒ ගැන වගේ වගක් නැතුව සරත් ෆොන්සේකා ඔබට කතාකරලා අහනවා ඡන්දෙට සති දෙකක් තියලා මේ කැම්පේන් එකෙන් විත්ඩ්‍රෝ වුණොත් මොකද වෙන්නේ කියලා. එතකොට ඔබ ඔහුගෙන් ඉල්ලනවා වහ. ඊට පස්සෙ ඔහු මොකක්ද කිව්වේ?

ඔහු කිව්වා, කරන්න දෙයක් නෑ සංජීව. මට මිනිස්සුන්ගේ ඡුන්දය ගැන කිසිදු විශ්වාසයක් නෑ. දැන් මට අවුරුදු 63ක් වෙනවා. තවදුරටත් මේ ක‍්‍රියාවලිය මේ විදිහට ගියොත් අපට දැන් ඉන්නේ පළාත් සභා මන්ත‍්‍රීවරු 5 දෙනයි. මේ ආණ්ඩුව මහා සාගරය වගේ. එතකොට මේක පෙරළලා දාන්න නම් අපි වෙන ප‍්‍රායෝගික ක‍්‍රියාවලියකට යා යුතුයි කියලා.

Q: ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිසිම විශ්වාසයක් නෑ?

පැහැදිලිවම.

Q: ඒ නිසාද ඔබට භීතියක් ඇතිවෙන්නේ මොහුත් එක්ක වැඩ කරන්න බෑ කියලා?

භීතිය ඇතිවෙන්නේ ඊට කලින්. භීතිය ඇතිවෙන්නේ මේ පුද්ගලයා ළඟ තියෙනවා දැඩි වෛරයක්. මම ඒකයි කියන්නේ ඔහු පුනරුත්ථාපනය කළ යුතුයි කියලා. දැන් මෙයාව අත්හැරලා ගිය පුද්ගලයෝ ඉන්නවානේ. එක්කෙනෙක් ටිරාන් අලස්. එක්කෙනෙක් අර්ජුන රණතුංග. මේ දෙන්නම මිහිපිට තබාගත යුතු නෑ කියන තැන මෙයා ඉන්නවා. එතකොට මෙයාව හිරේ දාපු රාජපක්‍ෂ පවුල සමූල ඝාතනය කළ යුතුයි කියන තැන මෙයා දැඩිව ඉන්නවා. එතකොට මෙයාට කේන්ති ගියාම ඒ චරිත මතක් වෙනකොට වෙවුලනවා මේ මනුස්සයා. මට බයක් ඇතිවුණා මේ මනුස්සයා ජනාධිපති වුණොත් එහෙම අපෙන් වැරැද්දක් වුණොත් අපිවත් වෙඩි තියලා මරලා දාන්න පුළුවන්.

Q: දැන් ඔබ කියනවා මෙයා බැරි වෙලාවත් ජනාධිපති වුණොත් අපටත් වෙඩි තියයි කියලා. නමුත් 2010දී ඔයගොල්ලෝ උත්සහ කළේ ඒ වගේ විකෘති මිනිහෙක් මේ රටේ ජනාධිපති කරන්නද? එතකොට එයාට ජනාධිපති වෙන්න බැරි වුණු තැන ඔබ කොටුවේ උද්ඝෝෂණයක් කරනවා. අද මොකද ඔබ කියන්නේ? එයා ජනාධිපති නොවුණේ ඔබෙත් මේ රටේ ජනතාවගේ වාසනාවටයි කියලද දැන් ඔබ කියන්නේ?

පැහැදිලිවම. මම විතරක් නෙවෙයි, ඔහුත් එක්ක ඉන්න බහුතරයක් කියන්නේ ඒක තමයි. මෙයාගේ ළඟින්ම ඉන්න ඉතාමත්ම වගකිව යුතු පුද්ගලයෝ අදයි කියන්නේ මෙයා බැරි වෙලාවත් ජනාධිපති වුණොත් අම්මට සිරි වෙයි කියලා.

Q: එතකොට සරත් ෆොන්සේකා කියන්නේ ඡන්ද බලය ගැන මට විශ්වාසයක් නෑ, ආණ්ඩුව පෙරළන්න නම් වෙන විකල්පයකට යන්න ඕන කියලා. මොකක්ද ඒ කියන විකල්පය?

විකල්ප දෙකක් මෙයාගේ ඔළුවේ කැරකෙනවා. එකක් තමයි මෙයා කියනවා යම්කිසි වෙලාවක හමුදාව තුළ කැරැල්ලක් ඇතිවෙයි කියලා. එයා ඒකට උදාහරණයක් විදිහට හැම තිස්සේම පෙන්වනවා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කර්නල් වෙලා ඉන්නකොට සොල්දාදුවෙක් එයාට එරෙහිව කැරැල්ලක් ඇති කරලා ඉන්න වෙලාවේ එයයි, නීල් ඩයසුයි ගිහිල්ලා තමයි ඒ කැරැල්ල මැඩපැවැත්තුවේ කියලා. එයා හිතනවා යම්කිසි විදිහකින් ආයිත් ඒ වගේ කැරැල්ලක් ඇතිවෙයි කියලා. ඊළඟට මේ මැතිවරණයෙන් ඉවත්වීම තුළින් මෙයා බලාපොරොත්තු වෙනවා, යම්කිසි විදිහකට රට අර්බුදයට ගිහිල්ලා ඉවරවෙලා, කොයි වෙලාවක හරි ඇමෙරිකාව ඇවිල්ලා මෙයාව බුෂ් ගාලා ජනාධිපති පුටුවේ වාඩි කරවලා මෙයාට මේ රට බාරදෙයි කියලා.

Q: සරත් ෆොන්සේකා ඡන්දෙන් අයින් වුණාම කොහොමද රටේ කැළැඹීමක් ඇතිවෙන්නෙ. ඒක පැහැදිලි කරන්න?

රටේ කැළැඹීමක් නෙවෙයි, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෑ. මේ රටේ ඉන්න විපක්ෂයේ පක්ෂයකට මැතිවරණයකටවත් ඉදිරිපත් විය හැකි පුළුවන්කමක් නෑ කියන පණිවුඩය ලෝකෙට දීලා මේ වගේ අර්බුද හදන එක හරි උපක‍්‍රමශීලීව එයා කරනවා. එතකොට මෙයා දකුණේ අර්බුද ඇතිවෙයි කියලා හිතන තැන්වල රැස්වීම් තියන්න හදනවා. ඊට පස්සෙ ඒ වගේ තැන්වල අර්බුද ඇතිවුණු ගමන් මෙයා යනවා එතැනට. ඊට පස්සෙ එතැන අර්බුදයක් ඇතිවුණා කියලා ලොකු ප‍්‍රචාරයක් කරනවා, මේ රටේ රැස්වීමක්වත් තියාගන්න විදිහක් නෑ කියලා. දැන් ඔය බොරැල්ලේදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට හූ කියලා බෝතල්වලින් ගැහුවෙත් ඒ වගේ සැලැස්මක් ඇතිව.

Q: මොකක්ද ඒ කතාව. එතකොට දෙමටගොඩදී දුමින්ද සිල්වාට හූ කියලා බෝතල්වලින් ගැහුවේ සරත් ෆොන්සේකාද?

පැහැදිලිවම ඔව්. එයාගේ හෙංචයියෙක් වෙන කොලොන්නාවේ විපුල කියන කෙනාව එවලානේ ඔය දේ කළේ.

Q: සංජීව දැන් ඔයා කියන විදිහට ෆොන්සේකා මහත්තයා හිතනවා ජාත්‍යන්තරයට රට ගැන වැරැදි පණිවුඩයක් යවලා ඒ හරහා ජාත්‍යන්තර සහයෙන් රටේ බලය අල්ලන්න. එතකොට ගැටලූව වන්නේ, රනිල් වික‍්‍රමසිංහ වගේ රාජතාන්ත‍්‍රිකයෙක් විපක්ෂ නායක ලෙස ඉන්නකොට සරත් ෆොන්සේකා කොහොමද කියන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තරය රනිල්ව එතැනට ගෙනියන්නේ නැතිව, ෆොන්සේකාව එතැනට ගෙනියයි කියලා?

මම ඒකයි කලිනුත් කිව්වේ ඇත්තටම මෙයාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න ඕන කියලා.

Q: හොඳයි, එතකොට දැන් ඔය පක්ෂය වෙනුවෙන් කැපවෙලා වැඩ කරන, මේ කතාකරන මොහොතෙත් ඔය පක්ෂය ජයග‍්‍රහණය කරවන්න දරදිය අදින මේ සංවිධායකවරු දන්නෙ නැද්ද තමන්ගේ නායකයා මේ ගන්න යන තීන්දුව ගැන?

පැහැදිලිවම දන්නෙ නෑ. නමුත් මේ ගන්න යන තීන්දුව ගැන කිහිපදෙනෙකුට දැනිලා තියෙනවා. එක වෙබ් සයිට් එකක මේ ගැන මෙයා ප‍්‍රකාශයක් කරලා තිබුණා. ඒ වගේම එක්තරා ඉරිදා පත්තරේක මුල් පිටුවේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියෙන් මේ ගැන ඉඟියක් කරලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි මේ පුද්ගයාත් එක්ක සංවිධායකයන්ට වැඩ කරන්න බෑ. හම්බවෙන්න බෑ. කතාකරන්න බෑ. අනෙකුත් පක්ෂ රැස්වීමක් සංවිධානය කරන්න ආසනයකට දුන්නට පස්සෙ ඒ ආසනයේ සංවිධායක තමයි රැුස්වීම තියන ස්ථානය තීරණය කරන්න ඕන. නමුත් මොහු සිතියමෙන් බලලා ස්ථානය දෙනවා. වයඹ, මධ්‍යම තනිකරම කළේ එහෙම. සිතියමේ පෙන්නන්නේ නෑනේ මේක ජනාකීර්ණ තැනක්ද මොකක්ද කියන එක. මේ වගේ සිතියමෙන් බලලා තීරණය කරපු සමහර තැන් කැලෑ. එහෙම නැත්නම් වගුරු. නමුත් මෙයාට ඒ වගේ තැන්වල ප‍්‍රශ්නේ කිව්වට වැඩක් නෑ. එයා හිතුව විදිහට අනිවාර්යයෙන්ම තියන්න ඕන කියන තැන එයා ඉන්නවා. මේ ඊයේ පෙරේදා මොරටුවේ වුණා ඒ වගේ ප‍්‍රශ්නයක්. මොරටුව ආසන සංවිධායක මට කතා කරලා කිව්වා, සංජීව මහත්තයා, මේ කියන විදිහට සිතියම්වලින් බලලා රැස්වීම් තියෙන තැන් තීරණය කරන්න බෑ කියලා. එතකොට මම මේ තත්ත්වය එතුමාට කිව්වාම එයා කියනවා, ඔයා කොහොමද එහෙම කියන්නේ? මම සිතියමෙන් බලලා තමයි යුද්ධ කළේ. ඔයා මට දේශපාලනේ උගන්නන්න එනවාද? කියලා මගෙන් අහනවා. ඉතින් මම කිව්වා හා හරි ඔයා කරන දේ කරන්නකෝ කියලා. ඉතින් අන්තිමට මොරටුවේ ඒ විදිහට තැනක් තෝරගත්තා. සංවිධායකට තැන කිව්වාම ඒ මනුෂ්‍යා කිව්වා මෙතැන රැස්වීම් තියන්න බෑ බල්ලෙක්වත් නෑ කියලා. අන්තිමේදී මම කිව්වා දැන් කරන්න දෙයක් නෑ. මෙයා මගේ ඇඟට කඩාගෙන පනිනවා ඕක කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම මෙතැන තිබිය යුතුයි කියලා කියනවා. මට කරන්න දෙයක් නෑ.

ඔයා කියන විදිහට තියන්න කියලා, අන්තිමට රැස්වීම තිබ්බා, අපි මෙහෙන් අරගෙන ගිය කට්ටියත් එක්කම ඔක්කෝම හිටියේ 60යි රැස්වීමට. හැබැයි ලක්ෂයට ආසන්න මුදලක් වියදම් වෙනවා රැස්වීමක් තියනකොට. ඒ තියනකොටත් ප‍්‍රශ්නෙ තියන්නේ, දැන් ආසනයකට ඉන්නවා සම සංවිධායකවරු දෙන්නෙක් සංවිධායකයෙක්. එතකොට මේ ලක්ෂය වියදම් කරන්නේ මේ තුන්දෙනා බෙදාගෙනනේ. එතකොට සම සංවිධායකවරු දෙන්නට කතා කරන්න පුළුවන් එක්කෙනාට විනාඩි පහ ගානේ විනාඩි 10යි. ඊට පස්සෙ සංවිධායකයාට කතාකරන්න පුළුවන් විනාඩි 10යි. ඒ විනාඩි 10 පැන්න ගමන් අමු අශිෂ්ට භාෂාවෙන් ඔවුන්ට බැනලා, ඔවුන්ට වේදිකාවෙන් බැහැලා යන්න කියනවා. මේක සියලූ සංවිධායකවරුන් අතර මේ වෙනකොට ප‍්‍රසිද්ධ රහසක් වෙලා ඉවරයි.

Q: කොහෙන්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට මුදල්? ඔය කියන විදිහට එක රැස්වීමකට ලක්ෂයක් වියදම් කරනවා නම් තවත් රැස්වීම් 92ක් කරන්න සැලසුම් කළා නම් දළ වශයෙන් ගත්තොත් ඔය රැස්වීම් ටිකට විතරක් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවෙනවානෙ?

ඔහුට මුදල් එනවා.

Q: කොහෙන්ද එන්නේ? පැන්ෂන් එකත් නැහැ. ජීවත්වෙන්න මාර්ගයකුත් නෑ කියපු, ඉන්නේ කුලියට කියපු ෆොන්සේකාට කොහෙන්ද සල්ලි එන්නේ?

ඔහු මේ රටේ ජනතාව රවට්ටන්න උත්සහ කරන ප‍්‍රධාන පෙළේ දේශපාලන චරිතයක්. කවුරු හරි කියනවා නම් ඔහුට ඉන්න තැනක් නෑ කියලා, ඒක අමූලික බොරුවක්. ඔහු දැනට ඉන්නේ සංජීව රණතුංගගේ ගෙදර. හැබැයි ඒ මේ රටට පේන්න විතරයි. නමුත් මෑතකදී මිලියන ගාණක් දීලා ඉඩමක් ගත්තා. ඒකේ සුපිරි පැළැන්තියේ ගෙයක් හැදෙනවා. හැබැයි ඒ ඔහුගේ නමින් නෙවෙයි.

Q: කොහේද මේ ගේ හදන්නේ?

බෝකුන්දර. ඒ වගේම ඔහු ව්‍යාපාර ගණනාවකට සල්ලි යොදවලා තියෙනවා. හැබැයි මේ පක්ෂයට එන සල්ලි තමයි මෙයා මේ විදිහට යොදවලා තියෙන්නේ.

Q: කොහෙන්ද පක්ෂයට සල්ලි එන්නේ?

දේශීය ව්‍යාපාරිකයොත් යම් යම් මට්ටමෙන් මොහුට උදව් කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ජාත්‍යන්තර වශයෙන් ඔහුට විශාල මුදලක් ලැබෙනවා.

Q: හොඳයි ඔබට වැටුප් ගෙව්වේ කවුද?

මට වැටුප් ගෙව්වේ දේශපාලන පක්ෂයට සම්බන්ධ වෙලා හිටිය ව්‍යාපාරිකයෝ.

Q: කාලයක් ශිරාල් ලක්තිලකත් ඔබට වැටුප් ගෙව්වනේ?

ශිරාල් දැන් ගෙවන්නේ නෑ.

Q: කොයි කාලේද ශිරාල් ගෙවන එක නැවැත්තුවේ?

මේ පක්ෂය ලියාපදිංචි කළාට පස්සේ ශිරාල් ගෙව්වේ නෑ මට.

Q: ඇයි එයා ඒ ගෙවීම් නැවැත්තුවේ?

නැවැත්තුවේ කියන්නේ. ශිරාල් ලක්තිලකට තමයි පැහැදිලිව වුවමනාවක් තිබුණේ මේ පක්ෂයට සංවිධානයක් හදන්න. ඇත්තටම ඔහු සැබැවින්ම මේ පක්ෂය කවදා හරි මේ රටේ බලය ගන්න පුළුවන් තැනට එන්න ඕන කියන අධිෂ්ඨානයෙන් හිටිය එක පුද්ගලයෙක්. මම එදා ලේක්හවුස් එකෙන් අයින්වෙලා, වෙනත් පෞද්ගලික ආයතනයක හොඳ වැටුපකට යන්න සූදානම් වෙද්දී ශිරාල් කිව්වා, සංජීව මේ රටට හොඳක් කරන්න අපි දුෂ්කර ජීවිතයක් ගතකරමු. මම ඔයාට ඔය ලැබෙන්න යන වැටුපෙන් භාගයක් ගෙවන්නම්. අපි එකතුවෙලා මේ වැඬේ කරමු කියලා. එතකොට මේ පක්ෂයට සංවිධානයක් ගොඩනගන්න ජාතික පවුර කියන නම මගේ ඉස්සරහා තමයි ඔහු කොළයක් අරගෙන ඔහුගේ පෑනෙන් ලිව්වේ. ඔහුට ඒ තරම් වුවමනාවක් තිබුණා. ශිරාල් හැමතිස්සේම කිව්වේ පක්ෂ කාර්යාලයක් වුණාම මිනිසුන්ට මේකෙ නිතරම ගැවසෙන්න නිදහස තියෙන්න ඕන. ඔවුන්ට බුලත් විටක් කාලා ගැවසෙන්න ලැබෙනකොට තමයි මිනිස්සුන්ට දැනෙන්නේ මේක තමන්ගේ තැනක් කියලා යන අදහසේ ඔහු හිටියා. නමුත් එතැන කවදාවත් හමුදා කඳවුරක් මිසක් පක්ෂ කාර්යාලයක් හැදුණේ නෑ. කවුරුහරි මිනිහෙක් ඇවිත් සැටියේ වාඩි වුණොත් මොකද වාඩිවෙලා ඉන්නේ කියලා පන්නලා දානවා නම් මේක පක්ෂ කාර්යාලයක් වෙන්නෙ නෑ. මේක දැක්ක ශිරාල් බොහොම කලකිරුණා. අවසානයේදී කිහිපදෙනෙක් යෝජනා කළා මේ පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාතට ශිරාල් ලක්තිලකව ඉදිරිපත් කරන්න ඕන කියලා. ඊට පස්සේ ඒක මම ගිහිල්ලා ෆොන්සේකා මහත්තයාත් එක්ක කතා කළා. එතකොට ඔහු මට කිව්වා ශිරාල් ලක්තිලකට කියන්න ඇවිල්ලා සති දෙකක් මගේ වැසිකිළිය හෝදන්න කියලා. එතකොට මම සලකා බලන්නම් කිව්වා. ඒ තරම් පහත් මානසික මට්ටමක මේ පුද්ගලයා ඉන්නේ. අඩු කළයක් මේක.

Q: එතකොට ශිරාල් ඇවිත් නාමයෝජනා ඉල්ලූවාද?

නෑ, ඔහු ඉල්ලූවේ නෑ. නමුත් ශිරාල් මහත්තයා එක්ක හිටපු කිහිපදෙනෙක් යෝජනා කළා ශිරාල් මහත්තයා හිටියොත් හොඳයි කියලා. ඇත්තටම මගේ ලොකු අදහසක් තිබුණා, පක්ෂයට ලොකු ගැම්මක් ගන්න තිබුණා අනෝමා ෆොන්සේකා මහත්මිය සහ ශිරාල් ලක්තිලක කියන මේ චරිත දෙක මේ මැතිවරණයට දාගන්න පුළුවන්කම තිබුණා නම් මෙහි බල කඳවුරක් පිහිටුවන්න අපිට හැකියාව තිබුණා.

Q: ශිරාල්ට සති දෙකක් වැසිකිළිය හෝදන්න කිව්වනේ. එතකොට අනෝමා ෆොන්සේකාව ඇයි දැම්මේ නැත්තේ?

ඔබ හොඳ ප‍්‍රශ්නයක් ඔය අහන්නේ. අනෝමා ෆොන්සේකා මැතිනිය දැම්ම නම් ඇත්තටම මේ බස්නාහිර පළාතේ ඇත්තමයි ලොකු වෙනසක් කරන්න තිබුණා. බස්නාහිර සියලූම අපේක්ෂකයෝ බලාපොරොත්තු වුණා. අවසාන මොහොත දක්වාම බලාපොරොත්තු වුණා. කොයි මොහොතක හරි අනෝමා ෆොන්සේකා මැතිනිය බස්නාහිර පළාතේ ප‍්‍රධාන අපේක්ෂිකාව විදිහට එයි කියලා. එතුමියටත් තිබුණා මම හිතන විදිහට ඒ ගැන ආසාවක්, කැක්කුමක්. ඇය දෙසැම්බර් මාසේ මම දැක්කා දිනපතා පුවත්පත් කිහිපයකටම දීලා තිබුණා අවස්ථාවක් ලැබුණොත් ඉල්ලීමක් ලැබුණොත් මං ඉදිරිපත් වෙනවා කියන එක. එතකොට පසුගිය සති දෙකකට පෙර ඉරිදා පත්තරේක මෙයාගේ ඉන්ටර්විව් එකක් තිබුණා. ඒ ඉන්ටර්විව් එකේදී මාධ්‍යවේදියා සරත් ෆොන්සේකා මහත්තයාගෙන් ප‍්‍රශ්නයක් අහනවා, ‘ඔබ අනෝමා ෆොන්සේකා මැතිනියව ඉදිරිපත් කරන්නෙ නැත්තේ ඇය ඔබව ඉක්මවා යයි කියන බයටද’ කියලා.

Q: ඒ කියන්නේ සරත් ෆොන්සේකාට වඩා ජන පදනමක් අනෝමාට තියෙනවා?

තියෙනවා. පැහැදිලිවම තියෙනවා. විතරක් නෙමෙයි ඇය හැම කෙනෙක් එක්කම සුහදව ඉන්න උත්සහ කරන කෙනෙක්.

Q: ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ජන පදනමක් තියෙනවද?

ජන පදනමක් යම්කිසි මට්ටමකින් තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුද පවතින නිසා එක්සත් ජාතික පක්ෂය සීසීකඩ කැඩිලා තියෙන නිසා, එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ හුඟක් හිතනවා එක්සත් ජාතික පක්ෂයට සහ ආණ්ඩුවට යම්කිසි පාඩමක් උගන්නන්න නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ඡන්දෙ දිය යුතුයි කියලා. හැබැයි ඒක පසුගිය දිනක සරත් ෆොන්සේකා මහත්තයා කරපු ප‍්‍රකාශයක් නිසා, සම්පූර්ණයෙන් විනාශ වුණා.

Q: මොකක්ද ඒ ප‍්‍රකාශය?

ප‍්‍රකාශය තමයි ‘ප‍්‍රභාකරන්ගේ මයිලක් තරම්වත් මහින්ද රාජපක්‍ෂ වටින්නෑ’ කියන එක. එතකොට මේ ප‍්‍රකාශය බරපතළ ප‍්‍රකාශයක් හැටියට තමයි මිනිස්සු දැක්කේ. අපේ ගමේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ, ඊළඟට රණවිරුවෝ මේගොල්ලෝ කතිකා කරගෙන හිටියා, මගෙත් එක්ක සාකච්ඡුා කළා, මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව යන ගමන නතර කරන්න නම් ෆොන්සේකා මහත්තයට දෙන්න ඕන කියලා. නමුත් මේ ප‍්‍රකාශයත් එක්ක සම්පූර්ණයෙන්ම මේ මතයෙන් ඒ අය බැහැර වුණා. මගේ හිතවතෙක් හිටියා ඔහුට වරින් වර ලක්ෂ ගණනින් මුදල් දුන්නා. ඔහුට ඉඩමක් විකුණලා ලක්ෂ 10ක් එයා දුන්නා. ඒ පුද්ගලයා මගේ දුරකතනයට කතා කරලා ඇහැව්වා, ‘සංජීව මොකක්ද මේ කරපු ප‍්‍රකාශය, මොකක්ද මේ කරපු අපරාදේ, ඇයි මේ මනුස්සයා මේ පක්ෂෙට මේ දේ කළේ’ කියලා. මම කිව්වා ඔබතුමාම කතා කරන්න එහෙනම් කියලා. මම දුන්නා ෆොන්සේකාට ෆෝන් එක, අහවලා මේ කතාකරන්නේ කියලා. අමු අශිෂ්ට භාෂාවෙන් බැන වැදුණා. බැන වැදිලා කිව්වා මම හෙට කිරිබත්ගොඩ රැස්වීමේදී කියනවා කිව්වා මර්වින් සිල්වාගේ මයිලක්වත් වටින්නෑ කියලා. ජාතික නායකයෙක් නේද? ජාතික නායකයා ප‍්‍රභාකරන්ගෙයි, මර්වින්ගෙයි මයිල් ගැන කතාකරන්න ගියායින් පස්සෙ මොකද වෙන්නෙ. දැන් බලන්න වේදිකාව උඩ ඔහු කෝපයෙන් වියරුව නලියනවා. මේක හැමෝම දන්නවා. නමුත් මේක ඔහුට කියන්න බයයි.

Q: ෆොන්සේකා මහත්තයගේ දේශපාලන ජීවිතේ අරමුණ මොකක්ද?

එයාට ඕන විධායක ජනාධිපති වෙන්න.

Q: විධායක ජනාධිපති වෙන්න ඔහු මොනවද කරන්නෙ?

එයාට මම අර මුලින් කියපු කාරණා දෙක ගැන බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මෙයා විශ්වාස කළා මොන මොහොතක හරි මෙයාට ප‍්‍රජා අයිතිය ලැබෙයි කියලා. ඒ වගේම විශ්වාස කළා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ඒ වගේම චන්ද්‍රිකා මැතිනිය කොයි වෙලාවක හරි එතුමාම පොදු අපේක්ෂකයා කියලා යෝජනා කරයි කියලා.

Q: මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ හරි චන්ද්‍රිකා හරි මෙයා පොදු අපේක්ෂකයා විදිහට යෝජනා කරන්න විදිහක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ අරමුණු තියෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නනේ?

ඔව්. නමුත් මෙයා ඒක පෙන්නන්නෑනේ.

Q: පෙන්නන්නෑ කියන්නේ?

මෙයා පෙන්නන්නෑනේ විධායක බලය ඕන කියලා. මෙයාගේ හිතේ තියෙන යටි අරමුණනේ විධායක බලය කියන එක. විධායක බලය නැතුව මේ රට පාලනය කරන්න බැහැ කියන එක පැහැදිලිව මෙයා කියනවා. නමුත් ඒ අයට පෙන්නන්නෑ විධායක බලය ඕන කියන එක. එයා කියන්නේ මේක ගත්තට පස්සෙනේ ඒක කරන්නේ කියලා.

Q: ඒ කියන්නේ මෙයා කරන්නේ රැවටීම තමයි?

රැවටීමට තමයි. උදාහරණයක් ගත්තොත් ශිරාණි බණ්ඩාරනායක මැතිනිය සම්බන්ධයෙන් බද්ධ වෛරයකින්නේ ඉන්නේ.

Q: ඒ මොකද ඒ?

ඇයි ඔය ලබාදුන්නු තීන්දු සම්බන්ධයෙන්. හැබැයි කැමරාව ඉස්සරහා රඟපානවා. එතුමිය වෙනුවෙන් පෙනී ඉන්නවයි කියලා. එතකොට මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ රැස්වීම තිබ්බා. ඒකට සියලූ දේශපාලන නියෝජිතයන් ඇවිත් තිබුණා. සරත් ෆොන්සේකාටත් මේ සඳහා ආරාධනාවක් තිබුණා. ඒ අවස්ථාවේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ප‍්‍රකාශයක් කරලා තිබුණා. මේ විධායක බලය අහෝසි කරන්න පුළුවන් එකම සමතා මහින්ද රාජපක්‍ෂ මහත්තයා විතරයි කියලා. ඒ වෙලාවේ ඊළඟ කතාව තිබුණේ සරත් ෆොන්සේකා මහත්තයට. ඊට පස්සේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට ඇනුම් පද එල්ලවෙන විදිහට තමයි එයාගේ එයාගේ කතාව කරලා රැුස්වීමත් අවසන් වෙන්න ඉස්සෙල්ලා අපේ කාර්යාලයට ආවේ. ඇවිල්ලා සෝභිත හාමුදුරුවන්ට හොඳටම බැන්නා.

Q: සෝභිත හාමුදුරුවන් ඒ වෙලාවේ හැසිරුණේ?

සෝභිත හාමුදුරුවන් කිසිදු ස්ථාවරයක් නැති පුද්ගලයෙක් හැටියට තමයි සරත් ෆොන්සේකා මහත්තයා එදා හැඳින්වූවේ. ඒ කියන්නේ මෙයා බලාපොරොත්තු වුණා සෝභිත හාමුදුරුවෝ පොදු අපේක්ෂකයා මෙයා වෙන්න ඕන කියලා කියයි කියලා. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිනිය කොයි වෙලාවේ හරි මෙයාට උදව් කරයි කියන විශ්වාසෙත් මෙයාගේ තිබුණා. චන්ද්‍රිකා මැතිනියව තුන් පාරක් මෙතුමා හමුවුණා. අවසානයට මගේ දුරකතනයට තමයි ඒ කාර්යාලයෙන් කතාකරලා කිව්වේ සරත් ෆොන්සේකා මහත්තයට දෙන්න කියලා. ඊට පස්සේ දෙන්නා හමුවෙන්න වෙලාව දාගත්තා. වෙලාව දාගෙන එතුමියව හම්බවෙන්න ගිහිල්ලා ආපහු ආවා. කාර්යාලයට ඇවිල්ලා කිව්වා ‘මෙයා හිතන් ඉන්නේ තාමත් මෙයාට මේ රටේ ජන බලයක් තියෙනවා’ කියලා. එතකොට මම ඇහැව්වා ‘ඇයි මොකද වුණේ’ කියලා. එදා චන්ද්‍රිකා මැතිනිය කියලා තියෙනවා මහින්ද රාජපක්‍ෂ පරද්දන්න පුළුවන් මට විතරයි කියලා. එදා ඇත්තටම කාර්යාලයට ඇවිල්ලා මේ චන්ද්‍රිකා මැතිනියගේ රෙදි ගැලෙව්වා.

Q: රනිල් වික‍්‍රමසිංහ ගැන කොයි වගේ අදහසක්ද තියෙන්නේ?

අද මේ එක්සත් ජාතික පක්ෂය යන ගමන ගැන ඉතාමත්ම කැමැති පුද්ගලයා තමයි සරත් ෆොන්සේකා මහත්තයා. ඔහු කැමැති නැහැ මොනම හේතුවක් නිසාවත් මේ පක්ෂය එකතු වෙනවට. විශේෂයෙන්ම දැන් ඔය නායකත්ව කමිටුවට සජිත් පේ‍්‍රමදාස මහත්තයා සහභාගි වෙන්නෑ කියලා කිව්ව දවසේ තමයි ඔහුගේ මම දැකපු සන්තෝෂයෙන්ම හිටපු දවස.

Q: සංජීව, සරත් ෆොන්සේකා ගෝඨාභයට විරුද්ධව නැගී එන හමුදා කැරැල්ලක් තුළ බලයට එන්න උත්සහ කරනවා කියලා ඔබ කිව්වා?

ඔව්.

Q: ගෝඨාභයට විරුද්ධව නැගී එන කැරැල්ලක් සරත් ෆොන්සේකාට වාසිදායක වෙන්නේ කොහොමද? සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පක්ෂපාතී පිරිස් හමුදාව තුළ ඉන්නවද?

විශ‍්‍ර‍්‍රාම ගිය හමුදාවේ යම් පිරිසක් ඉන්නවා. නමුත් ඉතින් බහුතරයක් ඉන්නේ මෙයා ගැන කලකිරිලා.

Q: එහෙනම් කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ?

දැනට හමුදාවෙ ක‍්‍රියාකාරීව ඉන්න සමහර පුද්ගලයෝ මෙයාව හමුවෙන්න එනවා. මම ඔහුගේ කාමරයේ ඉන්නකොට එක්කෙනෙක් ඇවිත් කිව්වා. හමුදාව තුළ ඉන්න බහුතරයක් පීඩාවකට ලක්වෙලා ඉන්නේ, මේ පිඩලි අල්ලන්න, කුලී වැඩකරන්න වෙලා තියෙන නිසා. මේ පීඩාවට පත්වෙලා ඉන්න පුද්ගලයෝ අතේ තියෙන්නේ ආයුධ. ඒක නිසා මට ලොකු බයක් තියෙනවා කිව්වා මේ රටේ මොකක්හරි ලොකු විනාශයක් වෙයි කියලා. ඒ පිළිබඳ ෆොන්සෝකා මහත්තයාට විශ්වාසයක් තියෙනවා කොයි වෙලේ හරි ඒ අය ඔහුව නායකයා හැටියට පිළිගනියි කියලා.

Q: සංජීව ඔබ කිව්වා ෆොන්සේකා මහත්තයා බද්ධ වෛරයකින් ඉන්නේ ටිරාන් අලස්, අර්ජුන රණතුංග, මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය වගේ ඔහුව හැර ගිය පුද්ගලයෝ එක්ක. දැන් සංජීවට බය නැද්ද ඔබත් ඒ ලිස්ට් එකටම වැටීම ගැන?

පැහැදිලිවම මට විශ්වාසයක් තියෙනවා දැන් අංක එකේ ඉන්නේ මම.

Q: ඔබ කියන දරුණු මානසික ව්‍යාධියකින් පෙළෙන ඒ හමුදා සොල්දාදුවා ඔබට යම්කිසි අනතුරක් කරයි කියලා හිතෙන්නැද්ද?

මෙහෙමයි, මගේ ජීවිතේ මම තීරණ අරන් තියෙන්නේ ඒ අනතුරු හැම තිස්සෙම අරගෙන. 2005 මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ රටේ විධායක ජනාධිපති හැටියට දිවුරුම් දීලා සති ගණනක් ඇතුළත තමයි ජාතික සේවක සංගමයේ ලේක්හවුස් ශාඛාවේ කණ්ඩායමක් කැමැති වුණේ මහින්ද රාජපක්‍ෂ මහත්තයට………

Q: මහින්ද රාජපක්‍ෂ කියන චරිතය නෙමෙයි, සරත් ෆොන්සේකා කියන චරිතයත් එක්ක මේ රටේ ජනප‍්‍රිය මාධ්‍යවේදියෙක්ගේ ඝාතනය ඈදිලා ඉවරයි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතකයා විදිහට හඳුන්වන්නේ මේ වෙනකොටත් සරත් ෆොන්සේකාව. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

ඕක ලාල් වික‍්‍රමතුංග මහත්තයා අවස්ථා දෙකකදී කියලා තිබුණා. මට මතක හැටියට මහින්ද රාජපක්‍ෂ මහත්තයා කිව්ව විදිහට තමයි එයා ඒ ප‍්‍රකාශය කරලා තිබුණේ, මේකට ඍජුවම වගකිව යුතු පුද්ගලයා සරත් ෆොන්සේකා කියලා. මම ඔහුගෙන් ඒ ගැන ඇහුවා. ඔහු ඒ වෙලාවේ යම්කිසි ප‍්‍රකාශයක් කළා ඔය සම්බන්ධයෙන්. ඔහු දුන්න උත්තරේ මං මගේ ඩයරියේ ලියාගත්තා. ඔහු හිනාවෙලා කිව්වා ‘සංජීව, සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතු බව’

Q: ඒ සම්බන්ධයෙන් ඔබ වෙන මොකවත් ඇහුවේ නැහැ?

නැහැ. ඒ උත්තරෙන් මම සෑහීමකට පත්වුණා.

Q: මොකෙන්ද ඔබ සෑහීමකට පත්වුණේ?

පත්වුණා කියන්නේ මට කියපු දෙයින් මට හිතුණා මෙයා ඍජුවම මේ දේට සම්බන්ධ වෙන්න ඇතියි කියලා.

Q: එතකොට ඔබට හිතෙන් නැද්ද ලසන්ත කියන මාධ්‍යවේදියාට වුණ දේම හෙට සංජීව කියන මාධ්‍යවේදියාටත් වෙයි කියලා?

මම හිතනවා කොයි වෙලාවක හරි මට මේ අනතුර වෙයි කියලා. හැමෝම දැන් මට කියන්නේ ප‍්‍රවේශම් වෙන්න කියලා.

Q: එහෙම හැකියාවක් දැන් ඔහුට තියෙනවද?

පැහැදිලිවම තියෙනවා.

Q: නමුත් දැන් ඔහු හමුදාපති නෙමෙයිනේ?

හමුදාපති නොවුණට රහසිගතව ඔහුව හමුවෙන්න එන පුද්ගලයෝ ඕනතරම් ඉන්නවා. ඒ කියන්නේ ඔහු MSD එකට හිටපු ගමන් දැනුම් දෙනවා අහවලා එනවා කිසිම චෙකප් එකක් කරන්නැතුව ඇතුළට දාන්න කියලා. ඒ වගේ පුද්ගලයෝ විවිධ අවස්ථාවල එනවා. අපි දන්නෑනෙ ඒ කවුද කියලා.

Q: දැන් ඔබේ ඊළඟ දේශපාලන උපක‍්‍රමේ මොකක්ද?

ඇත්තටම සරත් ෆොන්සේකා මහත්තයා මගේ දේශපාලන ජීවිතයට තිත තිබ්බා. ඒ කියන්නේ මේ දේශපාලනය කියන එක අප‍්‍රිය කෙරුවා සරත් ෆොන්සේකා මහත්තයා මට.

Q: දැන් එක්සත් ජාතික පක්ෂය ඔබට භාරදීපු කොන්ත‍්‍රාත්තුව ඉවරද?

එක්සත් ජාතික පක්ෂයත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණෙ නෑ. හැබැයි ඒකෙ මන්ත‍්‍රීවරු පෞද්ගලිකව මගේ හිතවතුන්ව හිටියා. නමුත් මම කාගෙවත් කොන්ත‍්‍රාත්කාරයෙක් නෙමෙයි මහත්තයෝ. හැබැයි පැහැදිලිව මතක තියාගන්න වයඹ මධ්‍යම ඡන්දෙදි ෆොන්සේකා මහත්තයාගේ වාහනය පැදවූ රියැදුරු 22ක් බැහැලා ගියා.

Q: ඇයි ඒ?

රියැදුරාට උගන්වනවා. ඔහුට ඕන විදිහට ජියර් එක දැම්මේ නැත්නම් ඒ රියැදුරා ඉවරයි. උගේ අම්මා අප්පා ඉවරයි. සත්තු වත්තේ නම් ටික ඉවරයි. එක රියැදුරෙක් මහමඟ වාහනේ තියලා, ‘ආ මහත්තයෝ මෙන්න අපි ගියා’ කියලා සැලියුට් එක ගහලා ගියා යන්න. එතකොට ඒ විතරක් නෙමෙයි මොහුගේ ආරක්ෂාවට දාලා තියෙනවා MSD එකෙන්. එතකොට MSD එකේ ප‍්‍රධාන නිලධාරියා ඇතුළු සැරයන්වරු තුන්දෙනෙක්. ඔවුන් ඇත්තටම පුදුමාකාර විදිහට තමන්ගේ රාජකාරියෙන් බැහැරව ගිහිල්ලා මේ පුද්ගලයාට අවංකවම කටයුතු කරපු අය. අන්තිමේදී කිව්වා අපිව මෙතැනින් ට‍්‍රාන්සර් නොකළහොත් අපි සේවයෙන් ඉවත් වෙනවයි කියලා. එවැනි දරුණු පුද්ගලයෙක් ඔහු. ඔවුන් ජීවිතේට දැකලා නැහැ මේ වගේ දරුණු පුද්ගලයෙක්. ඒ හැම වෙලාවකදීම මම උත්සහ කළේ මේ හැමදෙනාම අරගෙන මේ පක්ෂය ගොඩදාන ගමන යන්න. මගේ ඉල්ලීම මත තමයි ඔවුන් වයඹ මධ්‍යම ඡන්දෙ ඉවර වෙනකල් හිටියේ. මම කිව්වා ඔබලා ඉවත්ව ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ පණිවුඩය රාජ්‍ය මාධ්‍ය විසින් අයුතු විදිහට පාවිච්චි කරනවා. අඩුම ගාණේ මේ ඡන්දෙ ඉවර වෙනකල්වත් ඉන්න කියලා. මම කොන්ත‍්‍රාත් කළා නම් මම මොකටද එහෙම කරන්නෙ?

Q: සංජීව, ඔබ වයඹ, මධ්‍යම ඡන්දය වෙලාවේ රාජ්‍ය මාධ්‍යයට හෝ වෙනයම් මාධ්‍යයකට හෝ අයථා විදිහට පාවිච්චි නොකරන්න රහසිගත ලෙස තියාගෙන හිටපු රහස් ඔක්කොම මේ තීරණාත්මක මැතිවරණයේදී එළියට දානවා. ලංකා ඉතිහාසයේ බස්නාහිර හා දකුණ කියන්නේ හරි තීරණාත්මක මැතිවරණ. ඒකයි මම ඔබෙන් ඇහුවේ එජාපයේ කොන්ත‍්‍රාත්තුව ඉවරයිද කියලා. යූඑන්පී එකේ ඔබ ඔය ආශ‍්‍රය කරන්නා වූ ළඟින් ඉන්න මන්ත‍්‍රීවරුන්ගේ වුවමනාවටයි ඔබ මේක කළේ කියලා කිව්වොත් ඔයාට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද?

මෙහෙමයි, කවදාවත්ම ඔවුන් මගේ දුක සැප ඇහුවා මිස යූඑන්පී මන්ත‍්‍රීවරු කවදාවත්ම එවැනි අයුතු යෝජනාවක් කළේ නැහැ.

Q: දැන් ඊට පස්සෙ මොනවා වෙයිද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට?

අඟහරුවාදානෙ මේ සිද්ධිය වුණේ. එදා මාධ්‍ය සාකච්ඡුාවට එකතු වුණා මිනුවන්ගොඩ ආසන සංවිධායකත්. ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෑ කියලා පැහැදිලිවම කිව්වා. ඔහු ඉල්ලා අස්වීමේ ලියුමත් දුන්නා. නමුත් ඒ ඉල්ලා අස්වීමේ ලියුමට උත්තරයක් දුන්නෙ නැහැ මේගොල්ලෝ. මහත්තයෝ මේ පක්ෂයට ලැබෙන මුදල් සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් තියෙනවා. පක්ෂය ලියාපදිංචි වෙලා මාස 9ක් වෙනවා. තාමත් හාරදහස් ගාණක් වගේ තමයි සාමාජිකයෝ ඉන්නේ. එතකොට මේ සාමාජිකයෝ දෙකෙන් පංගුවකට වැඩිය රුපියල් 1000, 2000, 5000 වගේ දීලා සාමාජිකයෝ බවට පත්වුණා. නමුත් ඒ සාමාජිකයන්ට දීපු සල්ලිවලට රිසිට්පතක් නැහැ. එතකොට මේ සල්ලි නායකයා අතට අනිවාර්යයෙන් පත්කරන්න ඕනෙ. එතකොට මේකට ඩොනේෂන් ලැබෙනවා. ඒ ඩොනේෂන් නායකයා අතට දෙන්න ඕනෙ. එතකොට මේ තත්ත්වය වෙනස් කරන්න නොවැම්බර් මාසයේ විතර මම විශාල උත්සහයක් අරගෙන පක්ෂයට අරමුදලක් ගොඩනගන්න කතිකා කරලා, මේ පක්ෂයට විශාලම දායකත්වය දෙන පුද්ගලයාව අරමුදල් කමිටුවේ සභාපති හැටියට පත්කරලා මේක ගොඩනගා ගන්න මම ව්‍යාපාරික හමුවක් පවා පැවැත්තුවා. නමුත් සංවිධායකවරු, ව්‍යාපාරිකයෝ සල්ලි ගෙනැල්ලා දෙන්නේ නායකයා අතටනේ. හැබැයි ඒ සල්ලි කවදාවත් ආපහු කමිටුවේ සභාපතිලාට දෙන්නෙ නැහැ. දැන් ඔය මිනුවන්ගොඩ ආසන සංවිධායක දුන්නා ලක්ෂයක්. නායකයා අතට දුන්නෙ. පස්සෙ මෙයා පක්ෂෙ මහ ලේකම්ගෙ න් ඉල්ලූවා රිසිට් එක, අරමුදල් කමිටුවේ සභාපතිගෙන් ඉල්ලූවා. ‘කෝ ලක්ෂෙට මට රිසිට් එක, මට දෙන්න. මම දුන්නයි’ කියලා. එතකොට නායකයාට දුන්නොත් අපිට දෙන්නෑ, මේ අය දුන්න උත්තරේ ඒක. ඊට පස්සෙ මිනිහා තීරණය කළා මේ වගේ පක්ෂයක මම ඉන්නෙ නැහැ කියලා. ඔහු තීරණය කළා මේ වගේ තැනක ඉන්නවට වැඩිය හොඳයි මම මගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහු ඉල්ලා අස්වෙන්න ලියුමක් එව්වා.

Q: කවුද එයා?

මිනුවන්ගොඩ ආසන සංවිධායක ලලිත් ගුණවර්ධන. එයා විතරක් නෙමෙයි, ඉදිරියේදී තවත් ආසන සංවිධායකවරු විශාල ප‍්‍රමාණයක් ඉල්ලා අස්වෙන්න නියමිතයි. ඒ අයගේ ඉල්ලීම පරිදි තමයි මම මාධ්‍ය සාකච්ඡුාව කළේ. ඒ අය කිව්වා අපි ජනතාවත් එක්ක ඉන්නෙ, එකපාරටම ඉල්ලා අස්වුණොත් එහෙම ඒ මිනිස්සු අපිට ගහයි, අපි මොකක්ද මේ ගත්ත තීරණේ කියලා. ඒ නිසා මේකෙ ඒකාධිපති ස්වරූපය, මේකෙ තියෙන මුදල් අක‍්‍රමිකතා, මේකෙ විනිවිදභාවයක් නැහැයි කියන එක, මේක මේ රටට වැඩක් නැති පක්ෂයක් කියන එක හෙළිදරව් කරන්න. එතැනදී අපි තීරණයක් ගන්නම්
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network