2016 නව වසරේ ලග්න පලාපල වාර්තාව

2016 නව වසරේ ලග්න පලාපල වාර්තාව  



කවුරුත් තමන්ගේ ධනය, බලය, තත්ත්වය වර්ධනය කර ගැනීමට කැමැත්තක් දක්වති. අවුරුද්දක් ගෙවී නව අවුරුද්දක් ලබන විට අපේක්ෂා කරන්නේ උදාවන අවුරුද්ද ගත වූ වසරට වඩා යහපත් එකක් වේවිද යන්න ගැනය.

නැත්නම් කරදර බාධක, ධන හානි, ලෙඩ දුක්, නඩු හබ, පවුල් අවුල් යනාදී කුමන තත්ත්වයකට මුහුණ දීමට සිදුවේවිද යන්න ගැන චකිතයක් ඇතිවෙයි. අනාගතය ගැන අනාවැකි කීමට පේනකරුවන් නොවූවත් ජේ‍යාතිෂය ආදර්ශ කරගෙන පූර්ව නිගමනයකට ඒමට බොහෝ දෙනා උත්සාහ කරති.
පාර්ලිමේන්තු අය-වැයට වඩා දැන් වැඩි අවධානයක් යොමු කරන්නේ ඉදිරියේදී තමන්ගේ අයවැය ගැනය. එහිලා වැටුප, ව්‍යාපාරය, ආදායම අනුව ඇතැම්හු ගණන් හදති. එසේ වුවද ජනගහනය 12කට බෙදුවහොත් ලග්න ‍ෙදාළහෙන් කෙනෙකු එකකට අයත් වෙයි. එසේ තමන්ට අයත් ලග්නය, ග්‍රහ ගමන, ජන්ම අංකය, වසරේ ලග්න අය-වැය අනුව කිසියම් පූර්ව නිගමනයකට ඒමට හැකියි. තර්කයට යොමු නොවී බැලුවහොත් උත්සාහය, කැපවීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. මිනිසුන්ට නොසිතූ ප්‍රශ්න අනපේක්ෂිත අවස්ථාවල කඩා වැටෙයි. එනිසා මේවාට මුහුණ දීමට පෙනෙන මෙන්ම නොපෙනෙන ලෝකයේ ගනුදෙනුවක්ද පවතී.

2016 වර්ෂයේ ලග්න පලාපල අනුව ලග්න 5කට එතරම් යහපත් නොවන අතර ලග්න 2කට සුබ පල දෙයි. ලග්න 5කට මිශ්‍ර පල දෙයි.
සෑම කෙනෙකුගේම ලග්නය අනුව බලන විට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා වෘශ්චික රාශියේ වර්ෂය පුරාවටම ගමන් ගනී. මේෂ, වෘෂභ, මිථුන යන ලග්න 3ටත්, තුලා, වෘශ්චික, ධනු යන ලග්න 3ටත් අපල ගෙන දෙන කාලයකි. විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ගේ ශනි සිටින්නේ 8 වැනි රාශියේය. ධනු ලග්න හිමියන්ගේ ශනි 12 වැනි රාශියේත්, වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 1 වැනි රාශියේත් ගමන් ගැනීම නිසා ධන හානි, හදිසි අනතුරු, තදබල රෝග, වෘත්තීය කරදර, පවුලේ අසමඟිය, විවාහ ප්‍රමාදාදිය සිදුවෙයි.

2016 ජනවාරි 30 සිට රාහු කන්‍යා රාශියෙන් ඉවත් වී සිංහ රාශියේ ගමන් කිරීමට පටන් ගනී. වර්ෂ 1 1/2ක් ගමන් ගන්නා රාහු 2017 අගෝස්තු 17 වැනිදා කටක රාශියට එයි. කටක, සිංහ, කන්‍යා ලග්නවල අයට රාහු ගමන එතරම් සුබ පල නොදේ. මානසික අවුල්, ධන හානි, ඉක්මන් තීරණ නිසා පාඩු සිදුවෙයි.
තවද සිංහ, කන්‍යා, තුලා ලග්න හිමියන්ගේ රාශිවල කේතු, යුරේනස් ගමනද අනතුරු, ලේ දෝෂ, හතුරු කරදර පවා ගෙන දෙයි. කන්‍යා ලග්න හිමියන්ට පවුලේ අසමඟිය, නින්දා අපහාස, අභූත චෝදනා, නඩු හබ, නීති ප්‍රශ්න ඇතිවෙයි.
කන්‍යා ලග්න හිමියන්ගේ යුරේනස් සහ කේතු මේ වසර තුළ 7 වැනි රාශියේ ගමන් ගනී. මේ ගමනද හදිසි අනතුරු, අඹුදරු ප්‍රශ්න, ස්වාමියාට හෝ බිරියට අපල විපත්ද විය හැකියි.

2016හි ජේ‍යාතිෂ අනුව
අය-වැය සඳහන් කර ඇත්තේ මෙසේය.

• මේෂ හා වෘෂභ ලග්න හිමියන්ට අය 14කි - වැය 02කි.
• වෘෂභ හා තුලා ලග්න හිමියන්ට අය 08කි - වැය 11කි.
• මිථුන සහ කන්‍යා ලග්න හිමියන්ට අය 14කි - වැය 08කි.
• කටක ලග්න හිමියන්ට අය 08කි - වැය 05කි
• සිංහ ලග්න හිමියන්ට අය 11කි - වැය 2කි.
• ධනු සහ මීන ලග්න හිමියන්ට අය 11කි - වැය 8කි.
• මකර, කුම්භ ලග්න හිමියන්ට අය 5කි - වැය 11කි.

මේ අනුව වැය වැඩි අයට වැය පක්ෂය අවම කර අය පක්ෂය වැඩිකර ගැන්මටද, අය පක්ෂය වැඩි අයට එය රැක ගැන්මටද පිළිවෙත් අවශ්‍ය වෙයි.
කෙටි කාලීනව රාශි චක්‍රයේ චන්ද්‍ර, රවි, බුධ, කුජ ගමන් කරන අතර අසුබ ග්‍රහයන් සමඟ සංයෝග වූ අවස්ථාවලදීද අසුබ ග්‍රහ දෘෂ්ටි එල්ල වූ අවස්ථාවලදීද අසුබ රාශි මතින් ගමන් කිරීමේදීද කෙටි කාලීනව අපල උපද්‍රව හානි සිදුවෙයි.

මේ නිසා ගත වූ වසරට වඩා ලග්න රාශියකට සුබ පල දීම් අඩුය. ජේ‍යාතිෂයට අනුව නිර්දේශිත වත්පිළිවෙත් හා ශාන්තිකර්මද බෞද්ධ ක්‍රමයට අනුව කෙරෙන වත් පිළිවෙත්ද අපල උපද්‍රව දුරුකර ගැන්මට හෝ අවම කර ගැන්මට උපයෝගී කර ගත හැකියි.
ඉන් දැනුම, බුද්ධිය, ප්‍රඥාව පහළ වී තමන්ට දිවි පෙවෙත සාර්ථක කර ගැන්මට හැකිවෙයි. එනිසා එක් එක් ලග්න හිමියන් විසින් අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පුද පූජා ස්තෝත්‍රාදිය මගින් ඉමහත් ප්‍රතිඵල අත්කර ගත හැකියි.

මේෂ ලග්න හිමියන්ට
කතරගම දෙවිඳුන්ගේ පිහිට ලබා ගැන්මට පුද පූජා කිරීමද, කුජ ග්‍රහ ස්තෝත්‍ර භාවිත කිරීමෙන් ඊට අදාළ ග්‍රහ දේව පිහිටද ලබාගත හැකියි. සෙනසුරු 8 වැනි රාශියේ ගමන් ගැනීම නිසා සෙනසුරු ග්‍රහ ස්තෝත්‍රද භාවිත කළ යුතු වෙයි. සෙනසුරු අපල දුරුකර ගැන්මට විෂ්ණු දේව ස්තෝත්‍රද භාවිත කරන්න. මෙම ගයත්‍රියට අමතරව වෙනත් ස්තෝත්‍ර හා කන්නලව්ද භාවිත කරන්න. කුජ දෝෂවලට කොළොං ගස් ස්පර්ශ කර පැන් වත් කිරීමද සුදුසුය.

වෘෂභ ලග්න හිමියන්ට
පාර්වතී ස්තෝත්‍ර හා ලක්ෂ්මී ස්තෝත්‍ර ගායනා කරන්න. ශනි 7 රාශියේ ගමන් කරන බැවින් ශනි ස්තෝත්‍රද ගායනා කළ යුතුය. සිකුරු ස්තෝත්‍ර ගායනා කිරීමෙන් ලග්න බලය වර්ධනය වෙයි.
පාර්වතී හෝ ලක්ෂ්මී රූපයකට පිච්ච මල් මාලා පලඳවන්න. කරඳ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න. සිකුරු ස්තෝත්‍ර ගයන්න.

මිථුන ලග්න හිමියන්ට
බුධ ග්‍රහයා ලග්නාධිපති බැවින් විෂ්ණු ස්තෝත්‍ර කිරීම සුබ පල දෙයි. සෙනසුරු 6 රාශියේ ගමන් කරන බැවින් ශනි ස්තෝත්‍රද භාවිත කරන්න. රාහු 4 ගමන් කරන බැවින් රාහු ස්තෝත්‍රද භාවිත කරන්න. ගණ දෙවි පූජා සහ ස්තෝත්‍ර කිරීමෙන් රාහු අපලයද දුරු වෙයි. කොහොඹ වෘක්ෂය ස්පර්ශ කර පැන් ඉසින්න. බුධ ග්‍රහයා අධිපති නිසා ඥානය බුද්ධිය වර්ධනයටත්, ව්‍යාපාර දියුණුවටත් බ්‍රහ්ම ස්තෝත්‍ර කියන්න.

කටක ලග්න හිමියන්ට
ශනි 5 රාශියේ ගමන් කරයි. චන්ද්‍රයා අධිපති ග්‍රහයාය. ශනි 5 නිසා උදරාබාධ සම්බන්ධ ආශි්‍රත රෝග පීඩා ආදිය ගෙනදෙයි.
චන්ද්‍ර ස්තෝත්‍රය කියන්න. ශනි 5 ගමන් කරන නිසා ශනි ස්තෝත්‍රයද කියන්න. දිඹුල් රුක්ෂ ස්පර්ශ කර පැන් ඉසින්න. මීට අමතරව බ්‍රහ්ම ස්තෝත්‍රයද භාවිත කරන්න.

සිංහ ලග්න හිමියන්ට
ශනි 4ද, කේතු සහ යුරේනස් මීන රාශිය හෙවත් 7 ගමන් ගැනීම නිසා අනතුරු, පාද රෝග ආදිය ඇති කරයි. ගුරු ලග්නයේ ගමන් ගනී. ආර්ථික අතින් යම් යම් අවහිරතා ඇති කරයි.
මේ අය රවි ස්තෝත්‍රද ශිව ස්තෝත්‍රද භාවිත කළ යුතුය. ඉඹුල් ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

කන්‍යා ලග්න හිමියන්ට
රාහු ලග්නයේද, කේතු යුරේනස් සමඟ 7 වැන්නේද ගමන් කරයි. මනස අවුල් වීම, අනතුරු, රෝග සහ පවුලේ සමඟිය අඩාල වීම් සිදුවෙයි.
ලග්නාධිපතිද බුධ බැවින් බුධ ස්තෝත්‍රය කියන්න. මිථුන ලග්නයට භාවිත බුධ ස්තෝත්‍රය ගැළපෙයි.
විෂ්ණු දෙවියන්ට පුද පූජා සහ ස්තෝත්‍ර කියන්න. තුල්සි පත්‍ර ගෝ තුල්සි මාල පුදන්න.
කොළොම් ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

තුලා ලග්න හිමියන්ට
සිකුරු ග්‍රහයා ලග්නාධිපති වෙයි. ශනි දෙවැන්නෙහිද සහ යුරේනස් හය වැන්නේද ගමන් ගනී. රාහු 12 වැන්නේ ගමන් ගනී. ධන හානි, හතුරු බාධක හටගනී.
සරස්වතී, ලක්ෂ්මී, පාර්වතී යන දේවතාවියන්ට පුද පූජා ස්තෝත්‍රාදිය කියන්න.
ගණ දෙවි ස්තෝත්‍ර ගායනා කිරීම මඟින් රාහු අපල දුරු කරයි. කරඳ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

වෘශ්චික ලග්න හිමියන්ට
කුජ අධිපති බැවින් කතරගම දෙවිඳුන්ට පුද පූජා තබා ස්තෝත්‍ර කියන්න. ශනි ලග්න රාශියේ ගමන් ගනී. රාහු 11 ගමන් ගනී. කේතු යුරේනස් 5 ගමන් ගනී.
උදර රෝග හට ගනී. වැය වැඩි වෙයි. කතරගම සහ විෂ්ණු දෙවිවරුන්ට පුද පූජා තබන්න. ශනි ස්තෝත්‍රද කීම ප්‍රයෝජනවත්ය. කොළොං ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

ධනු ලග්න හිමියන්ට
ධනු ලග්න හිමියාගේ අධිපති ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්පතිය. ශනි 12 රාශිය වූ වෘශ්චිකයේ ගමන් ගනී. කේතු යුරේනස් හතරවැන්නේ ගමන් ගනී. පපුවේ ආබාධ, ධන හානි, වෘත්තීය බාධක ගෙනදෙයි.
ගුරු ග්‍රහ ස්තෝත්‍රය භාවිත කරන්න. ශිව ස්තෝත්‍රය සහ කතරගම ස්තෝත්‍ර කියන්න. පූජා තබන්න. බෝ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

මකර ලග්න හිමියන්ට
ශනි අධිපති ග්‍රහයා වන අතර ශනි 11 රාශියේ ගමන් ගනී. ගුරු 8 ගමන් ගනී. ශනි ගමන සුබය. දියුණුවට හා ලැබීම්වලට යහපත්. නමුත් ගුරු ගමන අහිතකර ප්‍රතිඵල අත්කර දෙයි. රෝග පීඩා ලේ දෝෂද හටගනී. සෙනසුරු රූපයක් තබා සෙනසුරු ස්තෝත්‍ර කියන්න. විෂ්ණු ස්තෝත්‍ර පුද පූජාද සුදුසුය. ගුරු 8 නිසා පත්තිනි පූජා සුදුසුය. නුග ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

කුම්භ ලග්න හිමියන්ට
ලග්නාධිපති සෙනසුරු ග්‍රහයාය. ශනි 10 රාශියේ ගමන් ගනී. රැකියාවලට බාධා ගෙන දෙයි. ආදායම් අඩුවෙයි. උෂ්ණ රෝග හටගනී. විෂ්ණු ස්තෝත්‍රය භාවිත කර පූජා තබන්න. නුග ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

මීන ලග්න හිමියන්ට
අධිපති ගුරු ග්‍රහයාය. මේ අයගේ කේතු පළමු වැන්නේත්, රාහු හත්වැන්නේත්, ගුරු හය වැන්නේත්ය. ගෘහ ජීවිතය තුළ ප්‍රශ්න පැන නඟී. ඇතැමුන්ට විවාහ ප්‍රමාද වෙයි. ශිව, කතරගම දේව පූජා සහ ස්තෝත්‍ර කරන්න. බෝ වෘක්ෂය ස්පර්ශ කරන්න. පැන් වත්කරන්න.

පොදුවේ තමාගේ ලග්නයට හිමි අපල උපද්‍රව ලෙඩ රෝග දුරු කර ගැන්මටත්, රැකියා ව්‍යාපාර දියුණුවටත්, ආදායම් සපල කර ගැන්මටත් බුද්ධිය නුවණ ප්‍රඥාව පහළ වීමටත් පුද පූජා ස්තෝත්‍ර කළ යුතුය. ජේ‍යාතීර්වේදයේ සඳහන් පරිදි ලග්න ග්‍රහයන්ට අදාළ දේව පූජා කළ යුතුය. එසේම වෙහෙර විහාරස්ථානවලදී හෝ හින්දු කෝවිල්වලදීද කළ හැකියි. වර්තමානයේ පුද පූජා හා ස්තෝත්‍රාදිය පිළිබඳ ලියැවුණු පොත් පත් ඇත. ඒවාද ප්‍රයෝජනයට ගත හැකිය.

බෝධි වන්දනා කිරීමෙන්ද, බෝධි පූජා කිරීමෙන්ද, බොහෝ විට සෙනසුරු අපල දුරු වෙයි. චෛත්‍ය පූජා තැබීමෙන් දීර්ඝායුෂ දෙයි. බුදු පිළිම හා දේව පිළිම ස්නානය කිරීමෙන්ද රෝග පීඩා දුරු වී දීර්ඝායුෂ දෙයි. ලැබීම්, සම්පත් ලැබීමට වෘත්තීය හා ව්‍යාපාරික දියුණුවට ලක්ෂ්මී පූජා තබන්න. හතුරු බාධක දුරු කිරීමට ස්තෝත්‍ර කියන්න. පූජා තබන්න. ඇතැම් අයට පිටරට යෑමටත්, පිටරට වෘත්තීය සඳහාත් බාධා පවතී නම් ලක්ෂ්මී පූජාද, හනුමන්ට පූජා හා ස්තෝත්‍රාදිය කරන්න. විභාග ජයග්‍රහණ, කලා නිර්මාණ සාර්ථක වීමටත් විද්වත් වෘත්තීය සාර්ථකත්වයටත් ගණේෂ, ලක්ෂ්මී, සරස්වතී පුද පූජා තබන්න.

මීට අමතරව බෞද්ධ පිළිවෙත් පිහිට ලබාගත හැකියි. ඒරාෂ්ටක මාරක අපල යනු පෙර කරන ලද අකුසල් විපාකයන්ය. එනිසා දාන, ශීල, භාවනාද චෛත්‍ය බෝධි පූජාද සුදුසු වෙයි.

යමෙකුගේ පරිහානීය ලක්ෂණ පෙනේනම් පරාභව සූත්‍රය නිතරු භාවිත කරන්න. එහි අරුත් පිළිපදින්න. සතුර බාධා වේනම් වසල සූත්‍රය භාවිත කරන්න. තදබල රෝග පීඩා ඇත්නම් ගිරිමානන්ද පිරිත, ඛන්ධ පිරිත, බහුලව භාවිත කරන්න. මාරක අපල වේනම් මෝර පිරිත භාවිත කරන්න. දිළිඳුකම දුරු වී ධන වාසනාව ලැබීමට ලක්ෂ්මී ස්තෝත්‍රය කුවේර ඇත.

| ප්‍රවීණ අංක විද්‍යා, ජේ‍යාතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network