ආණ්ඩුවේ උවමනාවට එක්නැලිගොඩ ඝාතනයට ගෝඨාභය කොටු කරගැනීමේ රහස් පොලිස් වෑයමක්

ආණ්ඩුවේ උවමනාවට එක්නැලිගොඩ ඝාතනයට ගෝඨාභය කොටු කරගැනීමේ රහස් පොලිස් වෑයමක්



රහස් පොළිස් පරීක්ෂක ශානි අබේසේකර වර්තමාන ආණ්ඩුවේ උවමනාවට ගෝඨාභය රාජපක්ෂ මහතා මිනීමැරුම් චෝදනා එල්ල කිරීමේ අරමුණින් රණවිරුවන් ලවා අත්සන් කරගැනීමට නියමිත පාවාදීමේ ලියවිල්ල හා සම්බන්ධ කුමණ්ත්‍රණයක් ගැනඊයේ 2015.12.21 දින පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා හෙළි කළේය.

මේ  ආණ්ඩුව ඉතාමත් ලැඡ්ජාසහගත ලෙස අපේ බුද්ධි අංශ හා හමුදාව පාවාදෙන ආකාරය පිළිබද හෙළිදරවු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.  මම නීතිඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහටත් මට හිමි වරප්‍රසාද අනුව දැනට බන්ධනාගාර ගතකර සිටින ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීමට සම්බන්ධයැයි චෝදනා ලබන බුද්ධි අංශ නිළධාරීන් හමු වුනා. දැනට ඒ චෝදනාව යටතේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න‍, ලුතිනන් කර්නල් ප්‍රබෝධ වීරසේකර, සාජන් මේජර් උපසේන, ක්‍රෝප්‍රල් රූපසේන යන රණවිරුව්න සිව්දෙනා රදවාගෙන ඉන්නවා.

ඉතා වගකීමෙන් කියන්න ඕනි මේ නිලධාරීන් හතර දෙනාම ප්‍රගීත් එක්නැලිගොඩ කියන පුද්ගලය ඇස් දෙකෙන්වත් දැකල නෑ.  මේ අයගෙ කතාව ඉතාම දුක්බරයි.   කොටින්ගේ බුද්ධි අංශය වන ටොසී බුද්ධි අංශයේ සිංහල කොටින් අතර සම්බන්ධීකරනය භාරව සිටිය තවෙන්ද්‍රන් නැමැත්තා හමුදාවට භාර වුනාට පස්සේ ඔහු පිළිබදව කටයුතු කරන්න  ඔහුගෙන් තොරතුරු ලබාගෙන කොටි බුද්ධි අංශයයේ අනික් අය ගැන අනාවරණය කරගන්නට භාරව තිබ්බේ බුද්ධි අංශ නිලධාරීන්ට. මේ සිංහල කොටින් අතර හිටිය රංජිත් නැමැත්තා ප්‍රගීත් එක්නැළිගොඩ විදිහට පිලිගන්න ලෙස මේ නිලධාරීන්ට අද පොලිසියෙන් දැවැන්ත බලපෑමක් එල්ල වෙනවා.

මේ අය හදාගෙන තියෙනව ලස්සන කතාවක් . අර පින්තූර ප්‍රෙහ්ලිකාවල වගේ . මේ එක එක නිලධාරීන්ට ප්‍රකාශ කිරීමට වෙන වෙනම කතා හදල දීල තියෙනවා.  මේ කතා හතර එකතු කලාම කියවෙන්නේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්නගේ නියෝගය මත අනික් නිලධාරීන් එකතුවෙලා ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කලා කියන්න ඕනි. එතකොට ශම්මි කරුණාරත්න කියන්න ඕනි ගොඨාභය රාජපක්ෂ මහතා මට දුරකතනයෙන් දුන්නු උපදෙසක් මත තමයි මම මේ දේ කලේ කියල.

ලුතිනන් කර්නල් ප්‍රබෝධය විරසේකර එක්නැලි ගොඩ අතුරුදහන් වුනා කියල කාලය පුරාම කුකුලේ ගග නේවාසික පුහුණුවක ඉදලා තියෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීමේ කිසිම පදනමක් නෑ. මේ නිලධාරියාට සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර කියනවා. ඔබ කිසි වරදක් කරලා නෑ ඔබව අපිට රදවා ගෙන ඉන්නට බෑ. ඔබගේ ප්‍රකාශය අපි හදලයි තියෙන්නේ ඔයා තියෙන්නේ අත්සන ගහන්න හෙට ගෙදර මේ වගේ සැම නිලධාරියෙකුගේම ප්‍රකාශයන් හදලා තියෙන්නේ. ඔයගොල්ල මේ අත්සන ගහල ගෙදර යන්න. මේ අපේ ප්‍රකාශයට අත්සන් නොකලොත් කවදාවත් ගෙදර යන්න වෙන්නේ නෑ. කවුද මේ කියන්නේ  සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර.

එතකොට මේ ප්‍රකාශයට අත්සන් කරන් කැමති වේච්ච සජන් මේජර් රන්බණ්ඩා අද නිදහස් වෙලා ගෙදර ගිහින් තියෙනවා. මේ රටේ ජනතාවගේ හිතේ ජාතික විරයෙක් විදිහට සනිහිටුවන් වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කරලා එතුමාව විනාශ කරන එක ජාති ජාතිත් පඩිසන් දෙන පාප කර්මයක්ය කියලා මේ නිලධාරින්ට හිතෙන නිසා අනන්ත දුක් විදිමින් තමත් හිරකුඩුවේ ඉන්නවා මේ ප්‍රකාශය අත්සන් නොකර.

දැන් මොකද වේලා තියෙන්නේ පොලිසියේ උප පොලිස් පරික්ෂක ප්‍රේමතිලකත් සැරයන් මෙන්ඩිස් කියන දෙදෙනා සාජන් මේජර් උපසෙන, ක්‍රෝප්රල් රුපසේන, ගොල්‍ෆොස් ගිරින් කැබින්           (Golface green cabin) එකට අරන් ගිහිල්ලා හොදටම බොන්න දිලා මොකටද හිරේ දුක් විදින්නේ කියලා බලපැම් කරලා මේ ප්‍රකාශයට අත්සන් කරන්න කියලා බලපැම් කලා. මේ නිලධාරින් මත් වුනත් තමන්ගේ දේශප්‍රේමිත්වයත් අවංක භාවයත් පවා දුන්නේ නෑ.  ඊට පස්සේ හිරේ ඉන්න නිලධාරින්ගේ බිරින්දැවරුන්ට බලපැම් කරනවා. ඔයාගේ මහත්තයාට පිස්සු මෙහෙම හිටියොත් ඩි.අයි.ජි වාස් ගුණවර්ධන එල්ලුම් ගහට යැවුවා වගේ ඔයගෙ මහත්තයත් අපි එල්ලුම් ගස් යවනවා. ඔයාගේ මහත්තයා ඔයාට දරුවන්ට ආදරේ නැද්ද? මෙන්න මේක අත්සන් කරලා ගෙදර එන්න කියන්න. මේ වගේ දේ කියලා රැට රැට දුරකථනයෙන් කතා කරලා බලපැම් කරනවා. පැහැදිලි වෙන මේ ආණ්ඩුවේ දුෂ්ඨ අරමුණු දෙකක් එළියට එනවා. එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශ්‍ය ජනප්‍රියතාව මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් සේ දැනුනු නිසා එතුමාගේ චරිත ඝාතනයක පොලිසිය යොදා ගෙන මේ ආණ්ඩුව යෙදනවා. අනිත් එක තමයි එක්නැලිගොඩගේ සැබැ ඝාතකයා සගවා තැබිමට මේ ආණ්ඩුව උත්සහ කරනවා කියලා මේ බොරු ලියන්න කියන්න කරන මේ බලපැම් වලින් පෙනවා. එක නිසා  ප්‍රගිත් එක්නැලිගොඩගේ සැබැ ඝාතකයා  මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ද කියලා අපිට හිතෙනවා. අපි මේ ආණ්ඩුවට කියන්නේ රණවිරුවන් තමන්ගේ ජිවිත පරදුවට තියලා අපේ ජිවිත බේරා ගන්න. එනි අපි ඉහලම ගෞරවයෙන් සලකන්න ඔනේ නැතුව තිරිසන් සතුන්ට වගේ සලකන්න එපා කියලා අපි කියන්න කැමතියි. රණවිරුවන් බිල්ලට දිලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න එපා. මේ රණවිරුවන්ට කරන අපරාධයට මේ රටේ ජනතාව කවමදාවත් සමාව දෙන්නේ නෑ කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.



අපිට මතකයි චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතිතුමා  ඝාතනය පිටුපස විජය විමලරත්න සෙන්පතිතුමා හිටියා කියලා ඔය වගේම කතාවක් ගොඩනගලා, කොමිසමක්දලා දේශප්‍රේමි කියලා ජනතාව හිතාගෙන හිටිය විජය විමලරත්න සෙන්පතිතුමා කිරිබත්ගොඩ තිබුණු පිලිමයත් කඩලා දැම්මා. අවසානයේ පාපෝච්චාරනයෙන් ඔප්පු වුණා මේ ඔක්කොම ගොතපු කතාවක් කියලා. එදා චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කරපු ජාතික අපරාධය නැවත කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.



මේ රණවිරුවන් අද මානසිකව හොදටම කඩාගෙන වැටිලා. කෙසග වෙලා. හඩා වැටෙමින් කියුවා අනේ සර් අපි ජිවිතය පරදුවට තිබ්බේ ත්‍රස්ථවාදවට එරෙහිව සටන් කරන්න. අද අපි අත්අඩංගුවට අරන් තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ත්‍රස්තවාදයට සහය දුන්නා කියලා. රණවිරුවෙකුට මිට වඩා අපහසයක් කරන්න පුළුවන්ද? අපි අහන්නේ ජනවාරි 08 අපිට පොරොන්දු වුණේ මේ වගේ යහපාලනයක්ද? මෛත්‍රී යුගය මේක ද? මේ වගේ තුච්ච පාලනයක් ලොකයේ කොහෙවත් බිහිවෙලි නෑ. මම වගකීමෙන් කියනවා ඉඩියමින් මිට වඩා හොදයි කියලා. ඉඩියමින් තමන්ගේ හමුදාව මේ වගේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න පාවිච්චි කළේ නෑ. අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි රණවිරුවන්ට අත තියනවා කියන්නේ පනයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා.

ඩොලරයි රුපියලයි සමාන කරන අකාරය උදය හෙළිකරයිඅපි දැක්කා පහුගිය අයවැය ඉහලින්ම සම්මත කරගත්තා කියලා ආණ්ඩුව පාරම්බානවා. මිත්‍රවරුනේ සම්මත කරගන්න අයවැයක් තිබුනේ නෑනේ තුනෙන් දෙකක් ලැබුණා නමුත් අයවැය කියන්නේ ඉදිරි වසරේ අපේ රටේ ආර්ථිකය තිරනය වන හැටි දක්වලා අයවැය ඉදිරිපත් කරලා අපි දින 12ක් විවාදය කලා. ඡන්දය විමසුවා. දෙවැනි වතාවේ දින 17ක් විවාදය කරලා ඡන්දය විමසුවා. අමවය සම්මත වෙන්න දෙපාරක් අත උස්සන්න ඔනේ එකම පිරිස එකට හේතුව තමයි හොදට හිතලා මතලා අත උස්සන්න ඔනේ රටේ ඉරනම තිරණය වන නිසා. නමුත් මෙවර අයවැය මුලින්ම මුදල් ඇමතිවරයා වෙනස් කලා. ඊළගය ජනධිපතිතුමා, අගමැතිතුමාත් වෙනස් කලා මුදල් ඇමතිතුමා හිත හදා ගත්තා කමක් නෑනේ මට වැඩිය උඩින් ඉන්න අයනේ කියලා. ඊට පස්සේ ඇමතිවරුත් අයවැය වෙනස් කරන්න පටන් ගත්තා. නවින් දිසානායක ඇමතිතුමා ඇවිත් කියනවා තේ කර්මාන්තයට අපි පොහොර සහනාධාරය දෙන්න තීරණය කලා කියලා. දුමින්ද දිසානායක ඇමතිතුමත් කියනවා අතිරේක බෝග වලටත් අපි පොහොර සහනාධාරය දෙන්න තීරණය කලා කියලා. කැබිනට් ඇමතිවරුනම් කමක් නෑ රවි කරුණානයක ඇමතිතුමාට හිත හදා ගන්න පුළුවන් අනේ ඉතින් මගේ කැබිනට් සගයොනේ කියලා. රජ්‍ය ඇමති ඩිලාන් පෙරේරාත් අන්තිම සිකුරාදා අයවැය සංශෝදනය කරන්න ගත්තා. යොජනා 18ක් අපි වෙනස් කර ගත්තා කියලා කියුවා. මේකෙන් මොක්ද කියවෙන්නේ ඇමති මණ්ඩලයියි, ජනාධිපතිතුමයි කියනවා විරුද්ධව අත උස්සපු අය හරි කියලා. එහෙම තියෙද්දිත් එකසිය ගානක් එකසිය හැටක් පමණ මට මතක විදිහට පක්ෂව ඡන්දය දුන්නා. හැබැයි මේ අය පක්ෂ වුණේ මොකටද කියලා දන්නේ නෑ. අයවැය පියවන විදිහ අයවැය යොජනා ජනවාරි මසයේ ඉදිරිපත් කරනවා කියලා අගමැතිතුමා මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා.



ඒ වගේම අද ශ්‍රි ලංකාවේ රුපියල වේගයෙන් පහලට බහිනවා එක ඩොලර් එකක් රුපියල් 146 දක්වා මේ වන විට පත් වෙලා තියෙනවා. මේ රුපියල දිගින් දිගටම අවප්‍රමානය විම නිසා රුපියල ස්ථායි කරනය කිරීම ආණ්ඩුවේ වගකීමක් නේද කියලා ඇහුවම ආණ්ඩුව කියනවා හොදයි කියලා අර ඔරුව පෙරලුනාම හොදයි කියනවා වගේ. රුපියල අව ප්‍රමානය වේද්දි  අපනයන දිරිමත් වෙලා ආනයන ධෛයිරමත් වෙනවා හරිම හොදයිනේ කියලා. මේක ඇත්තනම් අපි ආණ්ඩුවෙන් අහනවා 1977 දී ආණ්ඩුව බාර ගද්දි ඩොරලයට ගෙයුවේ රුපියල් 08යි. අද 146යි. මට පේන විදිහට විසි ගුණයකින් විතර රුපියල අවප්‍රමානය වෙලා තියෙනවා.  අපනයන ආදායම වැඩිවෙලා ආනයන වියදම අඩු වෙනවා නම්  1977 දී අපේ අපනයන ආදායම ආනයන වියමදට වඩා වැඩියි. රවි කරුණානායක ඇමතිතුමා කියන කාරනය ඇත්ත නම් අපගේ අතිරික්තය විසි ගුණයකින් පමණ වැඩි වෙලා තියෙන්න ඔනේ. හැබැයි වෙලා තියෙන්නේ අපනයන වගේ දෙගුණයකට වඩා ආනයන වියදම වැඩි වෙලා අතිරික්ක වෙළද හිගයක් බවට පත්වෙලා තියෙනවා. පහුගිය අවුරුදු වලින් අපිට පෙන්නනවා අපනයන වැඩි වෙලා ආනයන අඩු වුනා කියලා ප්‍රශ්නය විසදෙන්නේ නෑ කියලා.

රුපියල අව ප්‍රමානය වන එක නතර කර ගන්න ඔනේ කොහොමද කරන්නේ  ආණ්ඩුවට උත්තරයක් නෑ මට නම් තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ හිත මිත්‍ර බැරුක් ඔබාමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඇමරිකාවේ භාණ්ඩාගාරික ලේකම් තනතුරට රවි කරුණානායක ඇමතිතුමාව පත් කරන් කියලා එතකොට ඩොලරය අව ප්‍රමානය වෙන්න පටන් ගන්නවා. අපේ රුපියල අවප්‍රමානය වන එක නවතිනවා අවුරුදු පහකට ඇමරිකාවේ භාණ්ඩාගාරික ලේකම් තනතුරට රවි කරුණානායක ඇමතිතුමාව පත් කරගන්න පුළුවන් වුනොත් රුපියල සමානයි ඩොලර් එක වෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. ගරු අගමැතිතුමනි හිත මිත්‍ර බැරුක් ඔබාමා ජනාධිපතිතුමාගෙන් රවි කරුණානායක ඇමතිතුමාට මේ තනතුර ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ඩිලාන් පොරේරාට ධූර ශෝකයක්

මගේ හිතමිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතිතුමා මේ දවස් වල අපිට තොලතොංචියක් නැතුව අපිට බනිනවා. එවට මම අද උත්තර දෙන්නේ නෑ. ඩිලාන්  පෙරේරා ඇමතිතුමා බෝහෝ කාලයක් කැබිනට් ඇමතිධුරයක් දරපු කෙනෙක් අද අර ලක්ෂමන් කිරිඇල්ල කියන නවක ඇමතිතුමාගේ රාජ්‍ය ඇමති බවට පත්වෙලා තියෙන්නේ. එතුමාට කියෙනවා ධූර ශෝකයක්.  ධූර ශෝකය යනු තමන් බලාපොරොත්තු වනු

ධූරය නැතිවුන විට ඇතිවන දුක. ඉතින් ජනාධිපතිතුමාගේ හිත දිනාගෙන රාජ්‍ය ඇමතිකම කැබිනට් ඇමතිකමක් කර ගන්න මට බනිනවා. මට බැනලා කැබිනට් ඇමතිකම ගන්න මම බැනුම් අහන් කැමතියි එහෙම අරගෙන හරි ඔය තියෙන ධුර ශෝකය නැති කර ගන්න.



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඒ බුද්ධි අංශ නිලධාරීන් එක්නැලිගොඩ ඇස්දෙකෙන් දැකලාවත් නෑ.. ගෝඨාභය අල්ලන්න ඔවුන්ට ඉහළන් බලපෑම්

ඒ බුද්ධි අංශ නිලධාරීන් එක්නැලිගොඩ ඇස්දෙකෙන් දැකලාවත් නෑ.. ගෝඨාභය අල්ලන්න ඔවුන්ට ඉහළන් බලපෑම්



පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කළේය.

මම නීතිඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහටත් මට හිමි වරප්‍රසාද අනුව දැනට බන්ධනාගාර ගතකර සිටින ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීමට සම්බන්ධයැයි චෝදනා ලබන බුද්ධි අංශ නිළධාරීන් හමු වුනා. දැනට ඒ චෝදනාව යටතේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න‍, ලුතිනන් කර්නල් ප්‍රබෝධ වීරසේකර, සාජන් මේජර් උපසේන, ක්‍රෝප්‍රල් රූපසේන යන රණවිරුව්න සිව්දෙනා රදවාගෙන ඉන්නවා.

ඉතා වගකීමෙන් කියන්න ඕනි මේ නිලධාරීන් හතර දෙනාම ප්‍රගීත් එක්නැලිගොඩ කියන පුද්ගලය ඇස් දෙකෙන්වත් දැකල නෑ.  මේ අයගෙ කතාව ඉතාම දුක්බරයි.   කොටින්ගේ බුද්ධි අංශය වන ටොසී බුද්ධි අංශයේ සිංහල කොටින් අතර සම්බන්ධීකරනය භාරව සිටිය තවෙන්ද්‍රන් නැමැත්තා හමුදාවට භාර වුනාට පස්සේ ඔහු පිළිබදව කටයුතු කරන්න  ඔහුගෙන් තොරතුරු ලබාගෙන කොටි බුද්ධි අංශයයේ අනික් අය ගැන අනාවරණය කරගන්නට භාරව තිබ්බේ බුද්ධි අංශ නිලධාරීන්ට. මේ සිංහල කොටින් අතර හිටිය රංජිත් නැමැත්තා ප්‍රගීත් එක්නැළිගොඩ විදිහට පිලිගන්න ලෙස මේ නිලධාරීන්ට අද පොලිසියෙන් දැවැන්ත බලපෑමක් එල්ල වෙනවා.

මේ අය හදාගෙන තියෙනව ලස්සන කතාවක් . අර පින්තූර ප්‍රෙහ්ලිකාවල වගේ . මේ එක එක නිලධාරීන්ට ප්‍රකාශ කිරීමට වෙන වෙනම කතා හදල දීල තියෙනවා.  මේ කතා හතර එකතු කලාම කියවෙන්නේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්නගේ නියෝගය මත අනික් නිලධාරීන් එකතුවෙලා ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කලා කියන්න ඕනි. එතකොට ශම්මි කරුණාරත්න කියන්න ඕනි ගොඨාභය රාජපක්ෂ මහතා මට දුරකතනයෙන් දුන්නු උපදෙසක් මත තමයි මම මේ දේ කලේ කියල.

ලුතිනන් කර්නල් ප්‍රබෝධය විරසේකර එක්නැලි ගොඩ අතුරුදහන් වුනා කියල කාලය පුරාම කුකුලේ ගග නේවාසික පුහුණුවක ඉදලා තියෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීමේ කිසිම පදනමක් නෑ. මේ නිලධාරියාට සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර කියනවා. ඔබ කිසි වරදක් කරලා නෑ ඔබව අපිට රදවා ගෙන ඉන්නට බෑ. ඔබගේ ප්‍රකාශය අපි හදලයි තියෙන්නේ ඔයා තියෙන්නේ අත්සන ගහන්න හෙට ගෙදර මේ වගේ සැම නිලධාරියෙකුගේම ප්‍රකාශයන් හදලා තියෙන්නේ. ඔයගොල්ල මේ අත්සන ගහල ගෙදර යන්න. මේ අපේ ප්‍රකාශයට අත්සන් නොකලොත් කවදාවත් ගෙදර යන්න වෙන්නේ නෑ. කවුද මේ කියන්නේ  සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර.

එතකොට මේ ප්‍රකාශයට අත්සන් කරන් කැමති වේච්ච සජන් මේජර් රන්බණ්ඩා අද නිදහස් වෙලා ගෙදර ගිහින් තියෙනවා. මේ රටේ ජනතාවගේ හිතේ ජාතික විරයෙක් විදිහට සනිහිටුවන් වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කරලා එතුමාව විනාශ කරන එක ජාති ජාතිත් පඩිසන් දෙන පාප කර්මයක්ය කියලා මේ නිලධාරින්ට හිතෙන නිසා අනන්ත දුක් විදිමින් තමත් හිරකුඩුවේ ඉන්නවා මේ ප්‍රකාශය අත්සන් නොකර.

දැන් මොකද වේලා තියෙන්නේ පොලිසියේ උප පොලිස් පරික්ෂක ප්‍රේමතිලකත් සැරයන් මෙන්ඩිස් කියන දෙදෙනා සාජන් මේජර් උපසෙන, ක්‍රෝප්රල් රුපසේන, ගොල්‍ෆොස් ගිරින් කැබින්           (Golface green cabin) එකට අරන් ගිහිල්ලා හොදටම බොන්න දිලා මොකටද හිරේ දුක් විදින්නේ කියලා බලපැම් කරලා මේ ප්‍රකාශයට අත්සන් කරන්න කියලා බලපැම් කලා. මේ නිලධාරින් මත් වුනත් තමන්ගේ දේශප්‍රේමිත්වයත් අවංක භාවයත් පවා දුන්නේ නෑ.  ඊට පස්සේ හිරේ ඉන්න නිලධාරින්ගේ බිරින්දැවරුන්ට බලපැම් කරනවා. ඔයාගේ මහත්තයාට පිස්සු මෙහෙම හිටියොත් ඩි.අයි.ජි වාස් ගුණවර්ධන එල්ලුම් ගහට යැවුවා වගේ ඔයගෙ මහත්තයත් අපි එල්ලුම් ගස් යවනවා. ඔයාගේ මහත්තයා ඔයාට දරුවන්ට ආදරේ නැද්ද? මෙන්න මේක අත්සන් කරලා ගෙදර එන්න කියන්න. මේ වගේ දේ කියලා රැට රැට දුරකථනයෙන් කතා කරලා බලපැම් කරනවා. පැහැදිලි වෙන මේ ආණ්ඩුවේ දුෂ්ඨ අරමුණු දෙකක් එළියට එනවා. එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශ්‍ය ජනප්‍රියතාව මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් සේ දැනුනු නිසා එතුමාගේ චරිත ඝාතනයක පොලිසිය යොදා ගෙන මේ ආණ්ඩුව යෙදනවා. අනිත් එක තමයි එක්නැලිගොඩගේ සැබැ ඝාතකයා සගවා තැබිමට මේ ආණ්ඩුව උත්සහ කරනවා කියලා මේ බොරු ලියන්න කියන්න කරන මේ බලපැම් වලින් පෙනවා. එක නිසා  ප්‍රගිත් එක්නැලිගොඩගේ සැබැ ඝාතකයා  මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ද කියලා අපිට හිතෙනවා. අපි මේ ආණ්ඩුවට කියන්නේ රණවිරුවන් තමන්ගේ ජිවිත පරදුවට තියලා අපේ ජිවිත බේරා ගන්න. එනි අපි ඉහලම ගෞරවයෙන් සලකන්න ඔනේ නැතුව තිරිසන් සතුන්ට වගේ සලකන්න එපා කියලා අපි කියන්න කැමතියි. රණවිරුවන් බිල්ලට දිලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න එපා. මේ රණවිරුවන්ට කරන අපරාධයට මේ රටේ ජනතාව කවමදාවත් සමාව දෙන්නේ නෑ කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.

අපිට මතකයි චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතිතුමා  ඝාතනය පිටුපස විජය විමලරත්න සෙන්පතිතුමා හිටියා කියලා ඔය වගේම කතාවක් ගොඩනගලා, කොමිසමක්දලා දේශප්‍රේමි කියලා ජනතාව හිතාගෙන හිටිය විජය විමලරත්න සෙන්පතිතුමා කිරිබත්ගොඩ තිබුණු පිලිමයත් කඩලා දැම්මා. අවසානයේ පාපෝච්චාරනයෙන් ඔප්පු වුණා මේ ඔක්කොම ගොතපු කතාවක් කියලා. එදා චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කරපු ජාතික අපරාධය නැවත කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මේ රණවිරුවන් අද මානසිකව හොදටම කඩාගෙන වැටිලා. කෙසග වෙලා. හඩා වැටෙමින් කියුවා අනේ සර් අපි ජිවිතය පරදුවට තිබ්බේ ත්‍රස්ථවාදවට එරෙහිව සටන් කරන්න. අද අපි අත්අඩංගුවට අරන් තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ත්‍රස්තවාදයට සහය දුන්නා කියලා. රණවිරුවෙකුට මිට වඩා අපහසයක් කරන්න පුළුවන්ද? අපි අහන්නේ ජනවාරි 08 අපිට පොරොන්දු වුණේ මේ වගේ යහපාලනයක්ද? මෛත්‍රී යුගය මේක ද? මේ වගේ තුච්ච පාලනයක් ලොකයේ කොහෙවත් බිහිවෙලි නෑ. මම වගකීමෙන් කියනවා ඉඩියමින් මිට වඩා හොදයි කියලා. ඉඩියමින් තමන්ගේ හමුදාව මේ වගේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න පාවිච්චි කළේ නෑ. අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි රණවිරුවන්ට අත තියනවා කියන්නේ පනයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා.

– අරවින්ද අතුකෝරල



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අද රාත්‍රි 12 සිට එක්‌දින වර්ජනයක්‌

අද රාත්‍රි 12 සිට එක්‌දින වර්ජනයක්‌



2016 අයවැයට එරෙහිව රාජ්‍ය පෞද්ගලික සියලුම වෘත්තීන් එක්‌වෙමින් රටේ ඓතිහාසික එක්‌දින වැඩවර්ජනය අද (14 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ඊයේ (13 වැනිදා) පැවසීය. 1980 ජූලි වර්ජනයට රාජ්‍ය ආයතන පමණක්‌ එක්‌වුවත් අද මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කරන වැඩවර්ජනයට රාජ්‍ය, පෞද්ගලික සේවකයන් පමණක්‌ නොව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පවා එක්‌වෙමින් රටේ ඓතිහාසික වැඩවර්ජනය දියත් කරන බව ද රත්නප්‍රිය මහතා කීය.

අද මධ්‍යම රාත්‍රියෙන් පෞද්ගලික බස්‌රථ සහ දුම්රිය දෙපාර්තමේන්තුව වැඩවර්ජනයට එකතු වන අතර අනිකුත් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (15 වැනිදා) පෙරවරුවේ සිට වැඩවර්ජනයට එක්‌වන බව ද ඔහු කීය.

2016 වසරේ සිට විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම, රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් දස දහසේ දීමනාව වැටුපට එකතු කර ගැනීම, අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය විශ්‍රාමිකයන් සඳහා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය කරන බවත් මින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට යම් අපහසුතාවක්‌ සිදුවුවහොත් ඊට රජය වගකීම බාරගත යුතු බවත් හෙතෙම කීය.

වැඩවර්ජනය දියත් කිරීමට පෙර දින 18 ක්‌ ඇතුළත රජය නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීම නිසා මෙම වැඩවර්ජනය කර ඉන් විසඳුමක්‌ නොලැබෙන්නේ නම් ඉන් පසු ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සියලුම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද රත්නප්‍රිය මහතා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 12 වැනිදා සවස සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධව වෘත්තීය සමිති රැසක්‌ පැවැත්වූ විශේෂ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බැවින් අදාළ වැඩවර්ජනයට යැමට තීරණය කළ බව වෘත්තීය සමිති නායකයෝ 'දිවයින' ට පැවසූහ.

මෙවර අයවැය යෝජනාවලියෙන් රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු වී ඇති බවත් ඒ පිළිබඳව ආණ්‌ඩුවෙන් කරන ලද ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබීම නිසා අද මධ්‍යම රාත්‍රි සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය ශ්‍රේණිගත එකමුතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්. එම්. ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම වැඩවර්ජනයට සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, බැංකු, රක්‍ෂණ, තාක්‍ෂණ සේවා ඇතුළු වෘත්තීය සමිති පනහකට අධික ප්‍රමාණයක්‌ මේ වන විටත් සහයෝගය පළකර ඇති බව ද හෙතෙම කීය.

පෙරේදා (12 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයාගේ ස්‌ථාවරය වූයේ අයවැය විවාදයෙන් පසුව වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳව ආණ්‌ඩුවේ අවධානය යොමුකරන බවයි.

එහෙත් තවදුරටත් බලා සිටිය නොහැකි බැවින් අද මධ්‍යම රාත්‍රි සිට වැඩවර්ජනය කිරීමට තීරණය කර ඇත.

මේ අතර පෞද්ගලික බස්‌ කර්මාන්තයට මෙවර අයවැය යෝජනාවලිය අහිතකර ලෙස බලපා ඇති බැවින් පෞද්ගලික බස්‌ සංගම් රැසක්‌ අද මධ්‍යම රාත්‍රි සිට වැඩවර්ජනයක නිරත වන බව සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා "දිවයින" ට පැවසීය.

ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සභාපති ගැමුණු විඡේරත්න මහතා "දිවයින" ට කියා සිටියේ තම සංගමය ද වර්ජනයට පක්‍ෂපාතීව කටයුතු කරන බවය. එහෙත් අපොස සාමාන්‍ය පෙළ සිසුන්ගේ ප්‍රවාහන සේවා පිළිබඳ තම සංගමය දැඩි අවධානය දක්‌වන බව ද ඔහු කියා සිටියේය. කෙසේ වුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් වන විට රටම පුදුමයට පත්කරන විසඳුමක්‌ ලබාදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.


                           මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පෝරකයට නියම වූ සෙබළා කියන අනුවේදනීය කතාව 

පෝරකයට නියම වූ සෙබළා කියන අනුවේදනීය කතාව








 එය ඉකුත් 2000 වර්ෂය විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙරට පළමු විධායක ජනාධිපතිවරිය ලෙස රට පාලනය කරනු ලැබුවාය. පැවතියේ සන්ධාන රජයකි. එය මෙරට දේශපාලනයේ බොහෝ හැලහැප්පීම් සිදු වූ කාලයක්‌ද විය. හරියට අද වගේමය. එකල යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගෙන් රැක ගැනීම සඳහා වීරෝදාර රණවිරුවන් සිටියේ නිරන්තර සටනක යෙදෙමිනි. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකද එකී සටනේ කොටස්‌කරුවකුව සිටියේය. යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්‌ථානගතව සිටි සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන්ට ඒ දිනවල මුහමලෙයි හා පලෙයි ප්‍රදේශයේ සිට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීහු දැඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ. එහෙත් එකී ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණ දුන් ඔවුහු ලේ, දහදිය, හෙළමින් ජීවිත පරදුවට තබා රට වෙනුවෙන් සටන් වදින්නට වූහ. නමුත් එදා එසේ උපන් බිමේ විමුක්‌තිය උදෙසා සතුරු වෙඩි වරුෂා මැද නුහුරු ඉසව්වක සිට සිය හිරිමල් තාරුණ්‍යය ගෙවා දැමූ සාජන් මේජර් සුනිල් රත්නායකට අද කුමන ඉරණමක්‌ අත්ව තිබේද? ඒ පිළිබඳ අමුතුවෙන් සටහන් කළ යුතු නැත. එය දැන් මුළු රටම දන්නා කතාවක්‌ බවට පත්ව ඇත. එදා උපන් බිම වෙනුවෙන් මිරුසුවිල් යුද බිමේ සිට සතුරා සමග සටන් වැදුණු සුනිල් රත්නායක අද සිටිනුයේ පෝරකයට නියමවූ සිරකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති අතරට මැදිව ය. ඒ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු ලෙසිනි. මීට මාස කිහිපයකට පෙර ඔහු වරදකරුවකු බවට තීරණය කර මරණීය දණ්‌ඩනය නියම කරනු ලැබුවේ අධිකරණය මගිනි. එහෙයින් අපි ඒ පිළිබඳ කිසිත් කතා නොකරන්නෙමු. නමුත් එදා එකී තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග සාජන් මේජර් සුනිල් රත්නායක සමග කෙටි පිළිසඳරක යෙදෙන්නට රහසේම අපට හැකි විය. එහෙත් එය රටට කියන්නට අපි මඳක්‌ ඉවසා සිටියෙමු. ගිරි කුළෙන් ඇද වැටුණු සුරා සොඬා සේ "ගත දැවටෙන මේ සීත පවන් රැළි අනේ සැපයි" කියනවා හැරෙන්නට පසුගිය කාලයේ වෙන කරන්නට දෙයක්‌ නොවීම අපේ ඒ ප්‍රමාදයට හේතු විය. එදා එසේ වුවද දැන් එය රටට හඬගා කියන්නට කාලය එළැඹ ඇත. තමන්ට මරණීය දණ්‌ඩනය හිමි වීමෙන් පසු සාජන් මේජර් සුනිල් රත්නායක හිස්‌ බැල්මකින් යුතුව ඔහේ බලා සිටියා දැනුදු මගේ මතකයේ ඇත. දැඩි අසරණ කමකින් ඒ දැස තෙත් වී තිබිණ.  මාධ්‍යකරණය හමුවේ යුද බිමේ ඇවිද ගියකු ලෙස රණවිරුවන්ගේ දුක වේදනාව ඇති තරම් මම දැක තිබුණෙමි. නමුත් රණවිරුවකු හදවතින් කඩා වැටී සිටිනු දුටු පළමු වතාව සුනිල් රත්නායක හමුවූ මොහොත බවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතු වේ. "ඉතින් සුනිල්.. මොකද වුණේ.." මම එදා ඔහුට හදවතේ ඇති බර වචන කරන්නට ඉඩ විවර කරමින් පළමු වචන කිහිපය මුදා හැරියේ එසේය. එතැන් පටන් සුනිල් කතා කරන්නට විය. "මම යුද හමුදාවට බැඳුණේ 1995 දෙසැම්බර් මාසේ 12 වැනිදා. මගේ පවුලේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ හතරදෙනයි අපි ඔක්‌කොම ඒ දවස්‌වල ජීවත් වුණේ මහියංගනයේ ආඳාඋල්පොත ගමේ. ඉගෙන ගත්තේ ආඳාඋල්පොත ජාතික පාසලේ.. "අපේ තාත්තා ගොවිතැන් කරලයි අපිව හැදුවේ.. අධ්‍යාපන කටයුතු ඉවර කරලා මම විතරයි අපේ පවුලෙන් හමුදාවට බැඳුණේ.. මට පොඩිකාලේ ඉඳන්ම හමුදා සෙබළෙක්‌ වීමේ ආශාව හිතේ තිබුණා.. ඒ දවස්‌වල මම හමුදාවට බැඳෙනවට අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ.. එල්ටීටීඊ ප්‍රහාරවලින් හමුදා සොල්දාදුවන් හත්අට දෙනා මැරුණු ප්‍රවෘත්ති උදේ හවස කියෑවුණා. ඉතින් මොන අම්ම තාත්තද ඒ වගේ කාලෙක තමන්ගේ දරුවෙක්‌ හමුදාවට යනවට කැමති වෙන්නේ.. අම්මයි තාත්තයි යන්න එපා කිව්වා.. ඒත් මම හමුදාවට බැඳුනා.. යුද හමුදාවට එකතු වුණාට පස්‌සේ මාස කිහිපයක පුහුණුව අවසන් කරලා මාව යාපනය ගුරුනගර්වල රාජකාරියට දැම්මා.. "හැම තැනින්ම ඇහෙන්නේ වෙඩි හඬ.. ඒත් මට බයක්‌ දැනුණේ නැහැ.. අනිත් සෙබළුන් එකා පිට මැරිලා වැටුණත් සටන් කරන විදිහ දැක්‌කහම මගේ හිතට ආවේ ලොකු හයියක්‌.. අන්තිමට හිතේ ඉතුරු වුණේ මේ මගේ රටනේ කියන හැඟීම විතරයි.. ඉතින් අපි ටෙරාලා කොච්චර ගැහුවත් පස්‌සට යන්නේ නැතුව සටන් කළා.." ඒ වචන කිහිපය පිට කිරීමත් සමග මා දෙස මොහොතක්‌ නිහඬව බලා සිටි සාජන් මේජර් සුනිල් රත්නායක ගැඹුරු හුස්‌මක්‌ ගෙන දිගු සුසුමක්‌ පිට කළා දැනුදු මට මතකය. ඇතැම්විට එදා මරණය අතට ගෙන රට වෙනුවෙන් සතුරා ඉදිරියේ සිටගත් තමන් වෙත මෙදා දඬුවමක්‌ ලෙස මරණය ළඟා වීමේ වේදනාව සුනිල් එසේ පිට කළා විය හැකිය. සුනිල් රත්නායක හමුදාවට එක්‌ වනුයේ යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක රජය 1995 වසරේ "රිවිරැස" 1-2 මෙහෙයුම් ක්‍රියාත්මක කළ කාලයේදීය. ඒ හේතුවෙන් එකී මෙහෙයුම්වලටද සිය දායකත්වය දෙමින් අභීත විරුවකු සේ ක්‍රියාත්මක වන්නටද ඔහුට වාසනාව හිමි විය. "ඔව් මම "රිවිරැස" 1-2 මෙහෙයුම්වලටත් සහභාගි වුණා.. පස්‌සේ 1997 ආරම්භ වුණු "ජයසිකුරු" 1-2 මෙහෙයුම්වලදීත් සටන් කළා.. ඒ වෙනකොට මම යුද හමුදා හයවන ගජබා රෙජිමේන්තුවේ සෙබළකු විදිහටයි රාජකාරි කළේa.. පස්‌සේ මාව යුද හමුදා විශේෂ බළකායට අනුයුක්‌ත කළා..  "මේ දවස්‌වල තමයි එල්ටීටීඊය අලිමංකඩ ප්‍රහාරය එල්ල කළේ.. ඒ අතරේ අපේ කණ්‌ඩායමක්‌ වලිකාමම් මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටියේ.. අපි වලිකාමම් ජයගත්තා.. එහෙම ඉන්න අතරේ 2000 වසරේ මුලදී මට මාන්කුලම්වලදී එල්ටීටීඊයේ මෝටාර් ප්‍රහාරයක්‌ වැදුණා.. ඒකෙන් මාත් එක්‌ක හිටපු රණවිරුවන් ගණනාවක්‌ මිය ගියා..  ඒ බව මම දැනගත්තේ දවස්‌ ගණනාවකට පස්‌සේ.. මෝටාර් ප්‍රහාරයෙන් මට සිහි නැතුව ගියා විතරයි මතක.. මට බරපතළ විදිහට තුවාල වෙලා ප්‍රතිකාර කරන්න කොළඹට ගෙනත් තිබුණා.. දවස්‌ ගණනාවකට පස්‌සේ කොළඹ මහ රෝහලේදී තමයි මට සිහිය ආවේ.. පස්‌සේ මාසයක්‌ විතර රෝහලේ ඉඳලා සනීප වෙලා මම මහියංගනේ ගෙදරට ගියා.. අම්මයි, තාත්තයි හොඳටම ඇඬුවා.. තුවාල වුණාට පස්‌සේ මට හමුදාවෙන් දවස්‌ දාහතරක නිවාඩුවක්‌ දුන්නා.. නිවාඩුව ඉවර වෙලා ඕනෙනම් මට හමුදාවේ සාමාන්‍ය රාජකාරිවලට සම්බන්ධ වෙන්නත් අවස්‌ථාව තිබුණා.. මොකද මගේ ඔලුවට ගොඩක්‌ තුවාල වෙලා තිබුණේ.. ඒත් නිවාඩුව ඉවර වෙලා මම ආයෙත් පුලියන්කුලම කෑම්ප් එකට ගිහින් රාජකාරියට වාර්තා කළා.. මම ගෙදරින් එනකොට අම්මා මාව බදාගෙන ඇඬවා.. පස්‌සේ උඹට තුනුරුවන්ගේ පිහිටයි කියලා මට යන්න දුන්නා..  එහෙම ඇවිත් දවස්‌ දෙකකට පස්‌සේ පුලියන්කුලමෙන් චාවකච්චේරි ගියා.. ඒ වෙනකොට චාවකච්චේරි ප්‍රදේශයේ සටන් ඇවිළිලා.. ටෙරාල අපිට ඇටෑක්‌ කරනවා.. ආයෙත් ඉතින් ගේමට බැස්‌සා.. චාවකච්චේරියේ ඉඳන් නගර්කොවිල් පාර දිගේ අපි ටෙරාලට ගගහා මිරුසුවිල්වලට ඇවිත් මිරුසුවිල් ඇල්ලුවා.. ඒ 2000 අවුරුද්දේ අන්තිම කාලේ..  ඔය අතරේ තමයි මේ කියන සිද්ධිය වුණේ.. මිරුසුවිල් ඇල්ලුවට පස්‌සේ අපි අපේ ඩිෙෆෙන්ස්‌ ලයින් එක හදා ගත්තා.. ලයින් එකෙන් මීටර් සීයක්‌ විතර එහායින් ටෙරාල හිටියේ.. සැරින් සැරේ උන් ඇටෑක්‌ කරනවා.. අපිත් කොහොම හරි අල්ලගෙන හිටියා.. මිරුසුවිල් ටවුන් එරියා එකේ ඉඳන් ගොඩක්‌ දුරට යනකම් සම්පූර්ණ ප්‍රදේශය අපේ අතේ තිබුණේ.. ටවුන් එක කිව්වට ඒක අපි හිතන විදිහේ ටවුන් එකක්‌ නෙමේ.. ගරා වැටුණු ප්‍රදේශයක්‌.. මිනිස්‌සු කවුරුවත් නැහැ..  හමුදාව විතරයි හිටියේ.. ඉස්‌සරහින් තිබුණේ කැලේ..  "මෙහෙම අපි මිරුසුවිල් අල්ලගෙන ඉන්න අතරේ දවසක්‌ අපේ ඩිෙෆෙන්ස්‌ ලයින් එකෙන් අපි හිටිය පැත්තට ආපු මිනිස්‌සු කට්‌ටියක්‌ හමුදාවට අහුවෙලා තිබුණා.. කැලේ හැම තැනම ටෙරාලා ආයුධ හංගලා තිබ්බා.. ඒ දවස්‌වල සමහර වෙලාවට අපි ඉස්‌සරහට ගිහින් ටෙරාලට ගහනකොට හොරෙන් අපේ ලයින් එකෙන් ඇතුළට ඇවිත් හැංගිලා හිටිය කොටි හංගලා තිබුණ ආයුධ අරගෙන පිටිපස්‌සෙන් අපිට ඇටෑක්‌ කරනවා.. "එහෙම පහර දීලා උන් පැනගන්නවා.. ඒ වගේ ප්‍රහාරවලින් යුද්දෙදී හමුදා සෙබළුන් දහදොළොස්‌ දෙනා එකපාර මියගියා.. ඒක අපිට හිසරදයක්‌ වෙලා තිබුණේ.. ඒ වගේ තත්ත්වයක්‌ තියෙද්දී තමයි මිරුසුවිල්වලදී මේ මිනිස්‌සු ටික හමුදාවට අහුවෙන්නේ.. "අද සමහරු කියන්නේ උන් ආවේ දර කඩන්න කියලා.. මට ඒ හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එකම එක කතාවයි.. ඒ යුද්දේ කාලේ ඕමන්තෙන් එහාට දර කඩන්න කැලේට ගිය කවුරු හරි ඉන්නවද කියන එක විතරයි.. ඕමන්තෙන් එහාට එදා කවුරු හරි ගියානම් ඒ ගියේ එල්ටීටීඊ එකට ගහන්න.. සටන් කරන්න.. එහෙම නැතුව කිසිම මිනිහෙක්‌ ඒ දවස්‌වල දර කඩන්න කොටින්ගේ ඒරියා එකට ගියේ නැහැ.." ඒ වගේම තමයි උන්ගේ කවුරුවත් දර කඩන්න හමුදාව ඉන්න තැන්වලට ආවෙත් නැහැ.. උන් ආවේ අපිව මරන්න..  ඔහු කියන ඒ කතාව තර්කානුකූලය. කිසිවකුත් එදා දර කඩන්නට එල්ටීටීඊ ත්‍රස්‌තයන් රැඳී සිටි ප්‍රදේශයකට ගියේ නැත.. නිකමට හෝ ගියේ නම් පණපිටින් එන්නට ලැබෙන්නේද නැත.  ඒ අනුව බලන කල එදා දරුණු සටන් පවතිද්දී එල්ටීටීඊය රැඳී සිටි ප්‍රදේශයේ සිට කිසිවකු හෝ සීමා මායිම් නොතකා දර කඩන්නට මිරුසුවිල් හමුදා කඳවුරට අයත් ප්‍රදේශය වෙත ඇතුළු වූයේ නම් ඌට පැහැදිලිවම මොලේ අමාරුවක්‌ තිබිය යුතුය. එසේ නැතිනම් පැමිණියේ වෙනත් අරමුණකට විය යුතුමය. ඒ සැඟවුණු අරමුණ පැහැදිලිවම හමුදාවට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා ඔත්තු බැලීම විය හැකිය. එල්ටීටීඊය යනු ත්‍රස්‌තවාදයකි. උන් ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස්‌ ගනිමිනි. පසුගිය යුද සමයේ එය එසේම සිදු වූ බව කිසිවකුටත් අමුතුවෙන් පහදා දිය යුතු ද නොවේ. "ඒ ආපු මිනිස්‌සුන්ගෙන් එක්‌කෙනෙක්‌ ඇරෙන්න අනිත් පිරිස එදා ඝාතනය කරලා තිබුණා.. කොහොම හරි එක්‌කෙනෙක්‌ පැනලා ගිහින්.. ඒක කළේ කවුද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.. මේ සිද්ධියත් එක්‌ක එදා පරීක්‍ෂණයක්‌ කරන්න යුද හමුදා පොලිසිය කඳවුරට ආවා.. ඒ ආවේ පැනලා ගිය කෙනත් අරගෙන.. ඒ මිනිහා අපි කිහිප දෙනෙක්‌ට ඇඟිල්ල දික්‌ කරලා අපියි මැරුවේ කියලා කිව්වා..  "ඒ මිනිස්‌සුන්ව මරලා වළක දාලා තිබුණේ.. පස්‌සේ යුද හමුදා පොලිසිය මට කිව්වා ඒ තැන පෙන්නන්න කියලා.. මම ගිහින් පෙන්නුවා.. ඒ වළ තිබුණු එදා තැන කෑම්ප් එකේ හැමෝම දැනගෙන හිටියේ.. ඊට පස්‌සේ මාත් එක්‌ක කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට අරගෙන අපිව පොලිසියට භාර දුන්නා.. "පොලිසියෙන් අපිව යාපනය අධිකරණයට ඉදිරිපත් කළා.. අධිකරණයෙන් රිමාන්ඩ් කළා.. අවුරුදු එකහමාරකට පස්‌සේ ඇප දුන්නා.. ඒ කඳවුරෙන් පිටත රාජකාරිවලට දාන්න එපා කියන කොන්දේසියත් එක්‌ක.. යාපනයෙන් පිටට යැමත් තහනම් කළා.. අන්තිමේ ඒ නඩුව අනුරාධපුර අධිකරණයට යොමු කළා.. අනුරාධපුර අධිකරණයෙන් කොන්දේසියක්‌ දැම්මා සාලියපුර කඳවුරෙන් පිටතට යවන්න එපා කියලා.. මේ නඩුව නිසා මම 2000 ඉඳන් 2010 වෙනකම් අවුරුදු දහයක්‌ විවාහ නොවී හිටියා.. පස්‌සේ ප්‍රශ්නයක්‌ වෙන එකක්‌ නැහැ කියලා හිතලා 2010 දී විවාහ වුණා.. ඒ මගේ පෙම්වතියත් එක්‌ක.. 2012 දී අපිට පුංචි දුවෙක්‌ ලැබුණා.. එයාට අවුරුදු තුන පිරෙනකොට මිරුසුවිල් නඩුවෙන් 2015 දී මට මරණ දඬුවම දුන්නා..  අද බිරිඳත් එක්‌ක මගේ දුවත් ආවා උසාවියට.. මම දැන් බන්ධනාගාරයට යන්න ඕනේ.. ඒත් දුව අහනවා අප්පච්චි ගෙදර එන්නේ නැද්ද කියලා.. බිරිඳ ඇස්‌ දෙකේ කඳුළු පුරවගෙන ඉකි ගගහ අඬනවා මම දැක්‌කා.. ඒක බලන් ඉන්න බැරි නිසා මම අහක බලා ගත්තා..  "විවාහ වුණාට පස්‌සේ අපි දෙන්නා හිටියේ ගල්ගමුවේ බිරිඳගේ ගෙදර.. දැන් දුවටයි බිරිඳටයි කාගෙවත් පිහිටක්‌ නැහැ.. මම රටේ හැමෝම වෙනුවෙන් යුද්දෙට ගියා.. සටන් කළා.. අද මගේ දරුවයි බිරිඳයි අසරණ වෙලා.. මට හිත හදා ගන්න බැරි ඒ ගැන හිතනකොටයි.. "තවමත් යුද හමුදාව මං වෙනුවෙන් පෙනී හිටිනවා.. ඒ ගැන මට තියෙන්නේ ආඩම්බරයක්‌.. මම එල්ටීටීඊයෙන් මේ රට බේර ගන්න යුද්දෙට ගියා.. මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා.. මාන්කුලම්වලදී මට වැදුණ මෝටාර් එකේ කෑල්ලක්‌ තවමත් ඔලුවේ තියෙනවා.. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ මට රණශූර පදක්‌කමත් ලැබුණා..  ඒත් දැන් මට මරණ දඬුවම ලැබිලා.. ඉතින් මට කියන්න තියෙන්නේ එල්ලන්න.. හුස්‌ම ටික යනකම්ම මාව එල්ලලා තියන්න කියන එක විතරයි.. අද හැමෝම නිදහසේ හුස්‌ම ගන්න රටක මගේ බිරිඳයි දරුවයි මම නැති පාලුවෙන් විඳවනවා දකිනවට වඩා මැරෙන එක සැපයි.." ඔහු ඒ ටික කීවේ ඉතාම හැඟීම් බරවය.. ඒ දැස්‌ වේදනාවෙන් රතුවී තිබෙනු මම දුටුවෙමි.. මේ ගෙවී යමින් තිබෙන්නේ මිනිස්‌ බෝම්බ පුපුරවා, විවිධ ප්‍රහාර එල්ල කර මිනිසුන් පොකුරුපිටින් ඝාතනය කළා වූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් නිදහස ලබා සිය ඥතීන් වෙත යන යුගයකි. ඔවුහු සතුටින් නිදහස ලබා එළියට යති. ඒ අතරේ රට වෙනුවෙන් සටන් වැදුණු රත්නායකලා වැනි රණවිරුවෝ වේදනාවෙන් ඇතුළට යමින් සිටිති. මෙය සිදු විය යුත්තක්‌ද? මේ මොහොතේ අප තුළ මතුවී ඇත්තේ විසඳුමක්‌ නැති ඒ ගැටලුව පමණි. සමන් ගමගේ | දිවයින

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රාජිත කියන CCTV දර්ශන CID යේ නැති ලු අයියෝ දත් කඩාගෙන බොරැ කියලා

රාජිත කියන CCTV දර්ශන CID යේ නැති ලු අයියෝ දත් කඩාගෙන බොරැ කියලා




 රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන ආකාරයේ CCTV කැමරා දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නැතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අමාත්‍යවරයා ඉකුත් දිනවල ජනමාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ තාජුඞීන්ගේ ඝාතනය සිදු කරන ආකාරය, ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් දේශපාලන ලෝකය උඩු යටිකුරු කරන CCTV කැමරා දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකට අනුව එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ එවැනි ආකාරයේ කැමරා දර්ශන තිබුණේ නම් තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට පහසුවෙන් ඔප්පු කරන්නට හැකියාව ලැබෙන බවයි. එසේම ඝාතකයන හඳුනා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට මේ තරම් දුෂ්කර මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව ද හෙතෙම සඳහන් කළේය. රාජිත අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයේ CCTV කැමරා දර්ශන තිබේ නම් ඒවා නොපමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා මෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත. කැමරා දර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න මහතාගෙන් විමසා තිබූ අතර එහි දී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කැමරා දර්ශන පිළිබඳව ඔහුට කිසියම් පුද්ගලයකු තොරතුරු ලබා දුන් බවයි. අදාළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සඳහා සම්බන්ධ කර දෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. නමුත් මේ වනතුරුත් එය ලබා දී නැත. තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙන CCTVකැමරා දර්ශන විශේෂඥ පරීක්ෂාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණික අංශය වෙත යවා ඇති අතර එම දර්ශන තාජුඞීන්ගේ ඝාතනය සිදු වූ ප‍්‍රදේශය ආසන්නයේ ගොඩනැගිලි දෙකක සවිකර තිබූ CCTV කැමරා දෙකක සටහන්ය. එකී කැමරා දර්ශනවල රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියන ආකාරයේ දර්ශන තිබී නැත. ප‍්‍රධාන පෙළේ සතිඅන්ත පුවත්පතක් විසින් ද තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ දේශපාලන ලෝකය උඩු යටිකුරු කරන CCTV කැමරා දර්ශන ළඟදීම එළියට එන බවයි. අමාත්‍යවරයාත් ප‍්‍රධාන පෙළේ පුවත්පතත් යන දෙකම තාජුඞීන්ගේ ඝාතන පරීක්ෂණ වෙනතකට යොමු කිරීම හෝ එම පරීක්ෂණ සාක්ෂි වසන් කිරීමට කටයුතු කරනවා ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා සහ ප‍්‍රධාන පෙළේ පුවත්පත මඟින් කරන ලද වැරැදි ප‍්‍රකාශ තාජුඞීන් ඝාතනයේ සත්‍යය වසන් කිරීමට කරන ලද කුමන්ත‍්‍රණයක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


 මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යෝෂිතගේ ප්‍රේමය සහ තාජුඩීන් ගැන කට කතා ගැන යසාරා සමඟ  විශේෂ සාකච්ඡාව මෙන්න

යෝෂිතගේ ප්‍රේමය සහ තාජුඩීන් ගැන කට කතා ගැන යසාරා සමඟ
 විශේෂ සාකච්ඡාව මෙන්න



ඇය සිංහල සිනමාවේ සක්‌විති කිරුළ දැරූ ආචාර්ය ගාමීණී ෙෆාන්සේකා සූරීන්ගේ මිණිබිරියයි. ඇගේ පියා සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද අබේනායකය. එසේ වෙතත් ඇය ජනප්‍රියතාවට පත්වූයේ උපතින් හිමිකරගත් මේ කලා පරපුරේ උරුමය මත නොවේ. රාජකීය පවුලකට සම්බන්ධ වීමේ පෙරමඟ නිමිති පළවීමත් සමග ඇගේ නම රටේ සුපතළ වෙන්නට පටන් ගත්තාය. වරින් වර මතුවෙමින් යට යමින් විවිධ සිද්ධි ගණනාවකට ඇයගේ නම ඈඳෙන්නට විය. මාධ්‍ය වෙතින් වරින් වර නම කියෑවුණද ඇය මාධ්‍ය හමුවේ කතාබහ කළ අවස්‌ථා නොමැති තරම්ය. ඒ සියල්ල අතීතයට එක්‌ කරමින් යසාරා, නව ජීවිතයකට මුලපුරා තිබේ. ඇයගේ විවාහ ජීවිතය සහ ඉන් ඔබ්බට යමින්, ඇය සමග දිවයින ඉරිදා සංග්‍රහය කරන ලද කතා බහකි මේ.

යසාරා ඉගෙන ගත්තේ මොනවා කරන්න හිතානෙද?

පොඩිකාලේ ඉඳන්ම මගේ හිත තිබුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට. පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කරලා එංගලන්තයේ ගිහින් ටීවී නිෂ්පාදනය පිළිබඳ උපාධියක්‌ හැදෑරුවා. ඊට පසුව එංගලන්තයේදී පවා ඒ සම්බන්ධව රැකියාවක්‌ කළා. පසුව ලංකාවට ඇවිත් ලංකාවෙත් එම අංශයේම රැකියාවක නිරත වුණා.

කලාවට සම්බන්ධ පවුලකින් පැවත එන හින්දා ඒ පැත්තට යොමුවෙන්න අදහසක්‌ තිබුණේ නැතිද?

මගේ මුළු පවුලම කලාවට සම්බන්ධයි. ඒ හින්දා පුංචි කාලේ ඉඳන්ම මමත් මාධ්‍යයට තමයි කැමැති වුණේ.

රඟපාන්න ආසාවක්‌ තිබුණේ නැතිද?

මම ඉස්‌සර රඟපෑවා. ඊට පස්‌සේ අපේ අම්මා, සීයා පවා කැමැති වුණේ නැහැ රඟපානවාට මොකද ඒක අපේ ෆැමිලි ලයිෆ් එකට බලපායි කියලා. ඒක හින්දා මම රඟපාන වැඩේ අතහැරලා දැම්මා.

තාත්තාගේ නිර්මාණවලට දුවට ආරාධනා නැතිද?

අවුරුදු දහයකට විතර කලින් මම තාත්තාගේ නිර්මාණ කිහිපයක රඟපාලා තියෙනවා. ළඟකදී නම් මුකුත් කළේ නැහැ.

මේ වෙනකොට ඔබ මොනවාද කරන්නේ ?

දැනට මම ගල්කිස්‌ස ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයක්‌ පවත්වාගෙන යනවා.

අධ්‍යාපන කටයුතු අවසන් කළාද?

උපාධියෙන් පසුව යළිත් ඒ පැත්තට යොමුවෙන්න අදහස්‌ කළේ නැහැ.

යසාරා කියන්නේ මොනවගේ චරිතයක්‌ද?

කියන්න තියන දේ කෙළින් කියන චරිතයක්‌. වටින් ගොඩින් ගිහින් කතා කියන කෙනෙක්‌ නෙමෙයි. ඒක හින්දා ගොඩක්‌ කට්‌ටිය හිතනවා මම හරි ආඩම්බරකාර චරිතයක්‌ කියලා. නමුත් මම එහෙම ආඩම්බර චරිතයක්‌ නෙමෙයි. ඒ වගේම කිසිම කලබලයක්‌ නැතිව බොහොම නිදහසේ ඉන්න කැමැති චරිතයක්‌.

තාත්තාගේ දැනහැඳුනුකම් මත දුවට රඟපෑමට ආරාධනා ලැබෙනවා ඇති නේද?

පුංචි කාලේ නම් මට ආරාධනා ලැබුණා. දැන්නම් තාත්තාගේ යාළුවෝ හැමෝම වගේ දන්නවා මම රඟපෑමට කැමැති නැහැ කියලා. ඒක හින්දා දැන් රඟපෑමට ආරාධනා නැහැ.

පසුගිය කාලයේ යසාරා හරි ජනප්‍රිය චරිතයක්‌ වුණා නේද?

මිනිස්‌සු මාව මොකුත් කරන්නේ නැතිව ජනප්‍රිය කරලා. ඒක මගෙ වුවමනාවට වුණු දෙයක්‌ නෙමෙයි. ඒකට මට කරන්න දෙයකුත් නැහැ. ඒකෙන් මගේ ජීවිතය නැවත ආපස්‌සට ගියා.

මේ හින්දා ඔබේ ජීවිතය ආපස්‌සට ගියා ?

ඔව්. මට හැදුණු ගොඩක්‌ කතා බොරු. දැන් රැකියාවකට ගියත් සමහරු ඒ ගැන කතා කරනවා. ඒක හින්දා මම කැමැති තැනක සේවය කරන්න පවා බැරිවෙලා තියෙනවා.

පාසල් යන කාලේ මොනවද කළේ ?

කලාව තමයි සිදුකළේ.

ක්‍රීඩාවට කැමැති නැතිද?

ක්‍රීඩාවට කැමැති නැහැ.

ඔබ වැඩිපුර කැමැති මොන ක්‍රීඩාවටද?

ඇත්තටම මම ක්‍රීඩාවට කැමැති නැහැ. මම කැමැති ඉක්‌මනට අවසන් වෙන ක්‍රීඩාවකට.ඒක හින්දා රගර්වලට තමයි කැමැති. ක්‍රිකට්‌ නම් මට පෙන්නන්න බැහැ.

ඔබ කැමැති රගර් ක්‍රීඩකයන් ඉන්නවාද?

ජාත්‍යන්තර රගර් ක්‍රීඩා තරග මම නරඹන්නේ නැහැ.

ලංකාවේ ඔබ කැමැති රගර් ක්‍රීඩකයන් ඉන්නවාද?

ලංකාවේ ඉන්නවා. මම දැන් විවාහවෙලා ඉන්නෙත් රගර් ක්‍රීඩකයෙක්‌ සමග. එයා ක්‍රීඩා කරනවා නම් විතරක්‌ මම ඒ තරග නරඹන්න යනවා.

රගර් ක්‍රීඩාවේදී යසාරා හරි ජනප්‍රිය චරිතයක්‌ වුණා නේද?

සමහර මිනිස්‌සු මට කියන්නේ රගර් ක්‍රීඩකයන් පස්‌සේ යනවා කියලා. මම යෝෂිත සමග අවුරුදු හතරක්‌ පෙම් සබඳතාවක්‌ පැවැත්වූවා. ඊට පසුව දැන් මම විවාහවෙලා ඉන්න රගර් ක්‍රීඩකයා සමඟ පමණයි පෙම් සබඳතාවයක්‌ පැවැත්වූයේ. ඔය කියන අනෙක්‌ කෙනා දන්නේවත් නැහැ.

ඔබ රගර් ක්‍රීඩකයන් සමග විතරක්‌ ආදර සම්බන්ධතා පවත්වනවා කියලා සමහරු කියනවා. මොකද ඒ ගැන හිතන්නේ ?

යෝෂිත සමග තිබුණ ආදර සම්බන්ධතාව අවසන් වුණාට පසුව මම ගමන් යනඑක නැවැත්වූවා. මොකද මම මානසිකව වැටිලයි හිටියේ. එතකොට ඒ කාලේ හිටපු යාළුවෝ ටික විතරයි මට හිටියේ. ඒක හින්දයි ඒ සර්කල් එකේ කෙනෙක්‌ එක්‌ක සම්බන්ධතාවය ඇතිවෙන්න හේතු වුණේ.

යෝෂිත නිසා නේද යසාරා හරි ජනප්‍රිය වුණේ ?

මොකද හිටපු ජනාධිපතිගේ පුතාලට වෙනත් තරුණියන් පවා ඉඳලා තියෙනවානේ. ඇයි මට විතරක්‌ මේ ප්‍රශ්න.

යසාරා ගැන සමාජ වෙබ් අඩවි නිතර පුවත් මවන්න පටන්ගත්තා. මොකද ඒ ගැන හිතන්නේ ?

ඉස්‌සර මේ සබඳතාව ආරම්භ කරපු කාලේ සාමාන්‍ය විදිහට පුවත් පළකළා. පස්‌සේ කාලෙක මේක දලුලන්න පටන්ගත්තා. ඒකෙන් හරියට අපේ පවුලේ අයට අපහසුතා ඇතිවුණා. දැන් නම් ඒ ගැන එච්චර හිතන්නේ නැහැ.

යෝෂිත අද වෙන කොට ඔබට කතාබහ කරනවාද?

මම එයාව ගිය අවුරුද්දේ ඉඳන් දැකලාවත් නැහැ. මාස ගණනාවකින් කතා කරලාත් නැහැ.

ඔබේ මේ ආදර කතාව හින්දා තවත් නමක්‌ සඳහන් වුණා.?

මම ඔය කියන තාජුඩීන් දැකලාවත් නැහැ. හමුවෙලාත් නැහැ. කතාකරලත් නැහැ.

ඇයි එහෙනම් මේ වගේ කතාවක්‌ පැතිරුණේ ?

මේක අන්තර්ජාලයේ පැතිරුණු බොරු කතාවක්‌. මම මේ සම්බන්ධයෙන් තාජුඩීන්ගේ පවුලේ අයත් සමගත් කතාබහකළා. එවිට ඔහුගේ අයියා මට පැවසුවා "අපි දන්නවා ඔයාට ලොකු අසාධාරණයක්‌ වෙලා තියෙනවා කියලා" මට කිව්වා. අද වෙනකං අපි දෙන්නා එකට ඉන්න පින්තූරයක්‌ නැහැනේ. හැබැයි මගෙයි - යෝෂිතගෙයි තියෙනවා. ඒ වගේම මගෙයි - ෆාසිල්ගෙයි තියෙනවා. තාජුඩීන්ගෙයි මගෙයි නැහැනේ. තියෙන්නේ ඔක්‌කොම හදපු බොරු පින්තූර.

එතකොට මේක මඩ ප්‍රචාරයක්‌ ?

ඔව්. මේක මඩ ප්‍රචාරයක්‌.

ඇත්තටම මේ වැඩේ කවුරු කරන්න ඇති කියලද ඔබ හිතන්නේ?

ඕක 2012 වසරේ වෙබ් අඩවියකින් තමයි ආරම්භ කළේ. ඊට පස්‌සේ ඊමේල් හරහා තමයි දිගටම පැතිරුණේ. පසුව කවුරුත් ඒ ගැන කතාබහ කළේ නැහැ. නමුත් ආපහු කතා කරන්න පටන්ගත්තේ පසුගිය ජනවාරි මාසයේ පැවැති මැතිවරණයෙන් පසුවයි.

මේ වගේ දෙයක්‌ වෙලා තියෙනවාද නැතිද කියලා කියන්නවත් යෝෂිත ඔබෙන් උදව් ඉල්ලුවේ නැතිද?

නැහැ, නැහැ. එයා මගෙන් උදව් ඉල්ලුවේ නැහැ. පසුගිය ජනවාරි 08 වැනිදායින් පසුව මේ ප්‍රශ්නය ගැන ගොඩක්‌ ලොකුවට කතාබහ වුණානේ. එතකොට මගේ සැමියාගෙන් මේ සදහා ගොඩක්‌ උදව් උපකාර ලැබුqණා.

යෝෂිතගේ සම්බන්ධය නැතිවුණේ කොයි කාලයේදීද?

අපි දෙන්නාගේ සම්බන්ධය නතර වුණේ 2013 වසරේ දෙසැම්බර් මාසයේදී. මේ සියල්ල සිදුවෙන්න අවුරුදු එකහමාරකට විතර කලින්. දැන් අපි දෙන්නා වෙන්වෙලා අවුරුදු තුනක්‌ විතර වෙනවා.

ඔහුට ඔබේ විවාහය ගැන කිව්වේ නැතිද?

මම එයාට විවාහ වෙන්න කලින් මැසේඡ් එකක්‌ යවලා මගෙයි ෆාසිල්ගෙයි සම්බන්ධය ගැන කිව්වා. මගෙයි යෝෂිතගෙයි සම්බන්ධයට වසර හතරක්‌ විතර වෙනවා. අපි බඳින්න ඔක්‌කොම සූදානම් කරලයි තිබුණේ. පස්‌සේ කේන්දර එහෙම බැලුවාට පසුව තමයි කිව්වේ කේන්දර ගැලපෙනවා මදි කියලා. අවුරුදු හතරකින් පසුව තමයි කේන්දර බලන්න තීරණය කළේ. මගේ දැන් සැමියා සමග කතා කරන්න පටන්ගත්තාට පසුව මුලින්ම ඒ ගැන කිව්වේ යෝෂිතට. මොකද යෝෂිත මගේ සැමියා අඳුරනවා. ඔහු කිව්වා එයා හොඳ කෙනෙක්‌. ඔයා කතා කරලා බලන්න කියලා. ඊට පස්‌සේ අපි දෙන්නා අවුරුද්දක්‌ විතර ආශ්‍රය කළා. ඊට පසුව තමයි විවාහ වුණේ.

ඔබට ආපු ප්‍රශ්නවලට මුහුණදෙන්න කොහොමද හිතහදාගත්තේ ?

එහෙම හිතහදාගන්න අමාරුයි. හැමතිස්‌සේම මේ ප්‍රශ්න එනකොට මානසිකව වැටෙනවා. ඒ කාලේ ඉඳන්ම ෆාසිල් වගේ කෙනෙක්‌ හිටියේ නැතිනම් මට මේ දේවල් දරාගන්න අමාරුයි.

ඇත්තටම තාජුඩීන්ව හමුවෙලාවත්, දැකලාවත් නැතිද?

මම කවදාවත් දැකලා නැහැ. මගෙන් ඒ ගැන CID එකෙන් පවා විමසුවා. මම ඔවුන්ටත් කිව්වේ මේ ටිකම තමයි. මොකද මට ඒ ගැන මොකුත් කියන්න දෙයක්‌ නැහැ.

මේ සම්බන්ධයෙන් ඒ කාලේ ඔබට යෝෂිත මොකද කිව්වේ ?

එයා මොකුත් කිව්වේ නැහැ. ඔය බොරු කතා. ඔවුන් ගැන හරියට පසුගිය කාලයේ කතා හැදුවානේ. මට ඕනෑ වුණේ ඒ කාලේ ( ඒ කියන්නේ 2012) මොනවා හරි පුවත්පත් සාකච්ඡාවක්‌ හරි තියලා මේ ගැන කියන්න. එතකොට කිව්වේ නිකං ගොසිප්වල යන දේවල්වලට ප්‍රචාරය ලබාදෙන්න එපා කියලයි.

මේ හින්දා අද වෙනකොට ඔබට දේශපාලන වශයෙන් බලපෑම් ඇතිවුණාද?

මම බොහොම පුංචි කාලේ පටන් දන්න දේශපාලනඥයන් මේ ගැන කතාබහ කරලා තිබුණා. ඔවුන් මං ගැන දන්නවා. ඒ වගේ අවස්‌ථාවලදී මගේ හිත ගොඩක්‌ රිදුණා.

වෙන වෙන වුවමනා වෙනුවෙන් දේශපාලනඥයන් ඔබෙන් උදව් ඉල්ලුවේ නැතිද?

සමහරු මට කිව්වා පුවත්පත් සාකච්ඡාවක්‌ තියන්න. ඔයාට මොකුත් වෙන්නේ නැහැ. මට එහෙම දේශපාලනය පැත්තෙන් කාටවත් උදව්කරන්න වුවමනාවක්‌ තිබුණේ නැහැ. මට ඕනෑ මගේ නම මෙතැනින් ඉවත් කරගන්න විතරයි.

ඒ වෙලාවේ ඔබ දුන්න උත්තරය මොකක්‌ද?

මම කිව්වා මට තවත් ජනප්‍රිය වෙන්න වුවමනා නැහැ. මට ඕනෑ මිනිස්‌සුන්ට මාව අමතක වෙන්නයි. පොලිසියෙන් ඇවිත් යම්කිසි දෙයක්‌ ඇසුවොත් ප්‍රකාශයක්‌ ලබාදෙන්න පුළුවන්. නැතිනම් දේශපාලනයට මේ සිද්ධිය සම්බන්ධයෙක්‌ කතාකරන්න බැහැ කියලා.

මේ හින්දා දේශපාලන වේදිකාවලට ගොඩවෙන්න කියලා ආරාධනා ලැබුණාද?

ගියවර නම් මට එවැනි ආරාධනා ලැබුණා. නමුත් මම ඒකට විරුද්ධ වුණා.

කවුද එවැනි ආරාධනා කළේ ?

නම් ප්‍රකාශ කරන එක හරි නැහැනේ.

අද වෙනකොට ඔබ මේ ගැන සිටින්නේ මොනවගේ ස්‌ථාවරයකද?

මම දැන් බලාගෙන ඉන්නේ මේ සිද්ධිය අවසන් වෙලා හරි කතාව එළියට එනකම්. එතකොට මට බැණපු මිනිස්‌සුන්ට මම කවුද කියන්න තේරෙවි.

ඔබේ සැමියා මේ ප්‍රශ්නයේදී ඔබත් සමග මොනවගේ තැනකද සිටින්නේ ?

එයත් හරිම අමාරු තැනක හිටියේ. මොකද එයා වසීම් තාජුඩීන්ව වගේම යෝෂිතවත් අඳුරනවා. ඒක හින්දා එයා දන්නවා මේ වගේ දෙයක්‌ සිදුවුණේ නැහැ කියලා. යෝෂිත එක්‌ක නම් එයා ගොඩක්‌ ළඟින් ඇසුරු කළේ නැහැ. හැබැයි වසීම් එක්‌ක නම් ගොඩක්‌ ළඟින් ඇසුරු කළා. එයා දන්නවා එහෙම දෙයක්‌ වුණේ නැහැ කියලා. එයත් එක්‌ක ඒ කාලේ හිටියේ කවුද කියලත් දන්නවා.

සැමියා මේ ප්‍රශ්නයට උදව් කරනවාද?

ඔව්. කටකතා පැතිරෙනකොට ඒක ගැන එච්චර හිතන්න එපා කියලා මගේ හිත ශක්‌තිමත් කරනවා. එයා මට ගොඩක්‌ උදව් කළා.

යසාරාට දේශපාලනය කරන්න ආරාධනාවක්‌ ලැබුණොත්, භාරගන්නවාද?

මම කවදාවත් දේශපාලනය කරන්න කැමැති නැහැ.

මාධ්‍යයට ඔබට මොනවාද කියන්න තියන්නේ ?

මට කියන්න තියෙන්නේ නීත්‍යනුකූල නොවන සමාජ වෙබ් අඩවිවලින් කියන දේවල් විශ්වාස කරන්න එපා. පසුගිය කාලයේ අපේ විවාහ උත්සවය පිළිබඳවත් විවිධ පුවත් පළකරලා තිබුණා.

දැන් යෝෂිත මගේ ජීවිතයේ නැහැ. ඇයි මට විතරක්‌ මේ විදිහට වද දෙන්නේ. මට ඉන්න දෙන්න. මම දැන් අලුත් ජීවිතයක්‌ ආරම්භ කරලයි තියෙන්නේ. මම ගැහැනු ළමයෙක්‌. ඒක හින්දා බොරු කටකතා පතුරුවන්න එපා කියලයි කියන්නේ.

සමාජ වෙබ් අඩවි ඔබේ පිටුපසින්මයි, එහෙම නේද?

ලංකාවේ මම විතරක්‌ නෙමෙයිනේ, ආදර සම්බන්ධයක්‌ පවත්වලා ඒක අවසන් කරලා යළිත් විවාහවුණ එකම කෙනා. මම හිතනවා ගොඩක්‌ දෙනෙක්‌ට කේන්දර ප්‍රශ්න ඇවිත් විවාහ යෝජනාවලින් ඉවත්වෙන්න සිදුවුණ අවස්‌ථාව ඕන තරම් ඇති කියලා. ඒක මට විතරක්‌ පොදු ප්‍රශ්නයක්‌ නෙමෙයිනේ. අපි දැනට විවාහ ගිවිසගත්තා විතරයි. විවාහ උත්සවය ලබන වසරේ තමයි පවත්වන්න හිතාගෙන ඉන්නේ. ඒකටත් වෙබ් අඩවිවල කියලා තිබුණා මම වෙනත් ආගමක තරුණයෙක්‌ බැන්දා. ඇයි සිංහල කොල්ලෙක්‌ හිටියේ නැතිද කියලා කමෙන්ට්‌ දාලා තිබුණා.

ඔබේ ගෙදරින් මේ විවාහයට කැමැති වුණාද?

අපේ ගෙදරින් කැමැති වුණා. නමුත් ෆාසිල්ගේ ගෙදරින් මුලින් පොඩි අකැමැත්තක්‌ ඇතිවුණා. මොකද පසුගිය කාලයේ වුණ ප්‍රශ්න නිසා.

කවදාද විවාහ උත්සවය පවත්වන්නේ ?

එළැඹෙන වසරේ අප්‍රේල් මාසයේ තමයි අපි විවාහ උත්සවය පවත්වන්නේ.

*  දිනේෂ් විතාන
ඡායා - ලක්‌මාල් ස්‌පෙන්සර්

(දිවයින ඉරිදා සංග්‍රහය)


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මෙම ජන හමුව අපගේ පේජය මගින් විසුරුවා හරින්නට කටයුතු සූදානම් වෙමින් පවතිනවා ,

මෙම ජන හමුව අපගේ පේජය මගින් විසුරුවා හරින්නට කටයුතු සූදානම් වෙමින් පවතිනවා ,

සජීවී විකාශය දෙසැ:27 සවස 4.30 ට
Wasanatha Perera


            රොමයේ පවත්වන ජනහමුවේ සජිවි විකාශය .







මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රටම ඇවිලූ අයවැයට – හතර වටින්ම ගුටිබැට !

රටම ඇවිලූ අයවැයට – හතර වටින්ම ගුටිබැට !

19 වැනිදා අය වැය සම්මත වුණොත් විදුලි, ලංගම, වරාය, දුම්රිය, අධ්‍යාපන ඇතුළු වෘත්තීය සමිති එකතු වී අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සුදානම් බව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසයි.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. කම්කරු ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය අය පවා අය වැය දෙවන වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය දුන් බවද හෙතෙම කියා සිටියේය.

මීට පෙර කිසිම අය වැයකට මෙවැනි විරෝධතා ඇවිත් නැති බවත්, රාජ්‍ය ආයතන හා සංස්ථා පෞද්ගලීකරණය කිරීමට එමඟින් යෝජනා කර ඇති බවත්, ඔහු පැවසීය.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ හා කෘෂිකර්ම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා එහිදී පැවසුවේ බත් කන්නේ නැති ඇමතිවරු පිරිසක් පොහොර සහනාධාරය කපා හැර මුදල් ලබාදීමට තීන්දු කර ඇති බවයි.

අගමැති තනතුර ළමයෙකුට දුන්නා නම් හොඳ යැයිද හෙතෙම පෙන්වාදුන්නේය.

මාධ්‍ය හමුව ඇමතු ලංකා නිදහස් ගුරු සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවේ මංගල අය වැයෙන් රට ඇවිලි ඇති බවයි. ගුරුවරුන් බඳවා ගැනීම, පහසුකම් ගාස්තු, ගුරු වැටුප් ගැන අය වැයේ සඳහන් කර නැති බවත්, එය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මූලාරම්භයක් බවත්, ඇය පෙන්වාදුන්නාය.

ජනපති ද සිංදු කියමින් රට වටේ යන බව ඇය කියා සිටියාය.

 උපටාගැනිම වැඩබිම


                           මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

2016 නව වසරේ ලග්න පලාපල වාර්තාව

2016 නව වසරේ ලග්න පලාපල වාර්තාව  



කවුරුත් තමන්ගේ ධනය, බලය, තත්ත්වය වර්ධනය කර ගැනීමට කැමැත්තක් දක්වති. අවුරුද්දක් ගෙවී නව අවුරුද්දක් ලබන විට අපේක්ෂා කරන්නේ උදාවන අවුරුද්ද ගත වූ වසරට වඩා යහපත් එකක් වේවිද යන්න ගැනය.

නැත්නම් කරදර බාධක, ධන හානි, ලෙඩ දුක්, නඩු හබ, පවුල් අවුල් යනාදී කුමන තත්ත්වයකට මුහුණ දීමට සිදුවේවිද යන්න ගැන චකිතයක් ඇතිවෙයි. අනාගතය ගැන අනාවැකි කීමට පේනකරුවන් නොවූවත් ජේ‍යාතිෂය ආදර්ශ කරගෙන පූර්ව නිගමනයකට ඒමට බොහෝ දෙනා උත්සාහ කරති.
පාර්ලිමේන්තු අය-වැයට වඩා දැන් වැඩි අවධානයක් යොමු කරන්නේ ඉදිරියේදී තමන්ගේ අයවැය ගැනය. එහිලා වැටුප, ව්‍යාපාරය, ආදායම අනුව ඇතැම්හු ගණන් හදති. එසේ වුවද ජනගහනය 12කට බෙදුවහොත් ලග්න ‍ෙදාළහෙන් කෙනෙකු එකකට අයත් වෙයි. එසේ තමන්ට අයත් ලග්නය, ග්‍රහ ගමන, ජන්ම අංකය, වසරේ ලග්න අය-වැය අනුව කිසියම් පූර්ව නිගමනයකට ඒමට හැකියි. තර්කයට යොමු නොවී බැලුවහොත් උත්සාහය, කැපවීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. මිනිසුන්ට නොසිතූ ප්‍රශ්න අනපේක්ෂිත අවස්ථාවල කඩා වැටෙයි. එනිසා මේවාට මුහුණ දීමට පෙනෙන මෙන්ම නොපෙනෙන ලෝකයේ ගනුදෙනුවක්ද පවතී.

2016 වර්ෂයේ ලග්න පලාපල අනුව ලග්න 5කට එතරම් යහපත් නොවන අතර ලග්න 2කට සුබ පල දෙයි. ලග්න 5කට මිශ්‍ර පල දෙයි.
සෑම කෙනෙකුගේම ලග්නය අනුව බලන විට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා වෘශ්චික රාශියේ වර්ෂය පුරාවටම ගමන් ගනී. මේෂ, වෘෂභ, මිථුන යන ලග්න 3ටත්, තුලා, වෘශ්චික, ධනු යන ලග්න 3ටත් අපල ගෙන දෙන කාලයකි. විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ගේ ශනි සිටින්නේ 8 වැනි රාශියේය. ධනු ලග්න හිමියන්ගේ ශනි 12 වැනි රාශියේත්, වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 1 වැනි රාශියේත් ගමන් ගැනීම නිසා ධන හානි, හදිසි අනතුරු, තදබල රෝග, වෘත්තීය කරදර, පවුලේ අසමඟිය, විවාහ ප්‍රමාදාදිය සිදුවෙයි.

2016 ජනවාරි 30 සිට රාහු කන්‍යා රාශියෙන් ඉවත් වී සිංහ රාශියේ ගමන් කිරීමට පටන් ගනී. වර්ෂ 1 1/2ක් ගමන් ගන්නා රාහු 2017 අගෝස්තු 17 වැනිදා කටක රාශියට එයි. කටක, සිංහ, කන්‍යා ලග්නවල අයට රාහු ගමන එතරම් සුබ පල නොදේ. මානසික අවුල්, ධන හානි, ඉක්මන් තීරණ නිසා පාඩු සිදුවෙයි.
තවද සිංහ, කන්‍යා, තුලා ලග්න හිමියන්ගේ රාශිවල කේතු, යුරේනස් ගමනද අනතුරු, ලේ දෝෂ, හතුරු කරදර පවා ගෙන දෙයි. කන්‍යා ලග්න හිමියන්ට පවුලේ අසමඟිය, නින්දා අපහාස, අභූත චෝදනා, නඩු හබ, නීති ප්‍රශ්න ඇතිවෙයි.
කන්‍යා ලග්න හිමියන්ගේ යුරේනස් සහ කේතු මේ වසර තුළ 7 වැනි රාශියේ ගමන් ගනී. මේ ගමනද හදිසි අනතුරු, අඹුදරු ප්‍රශ්න, ස්වාමියාට හෝ බිරියට අපල විපත්ද විය හැකියි.

2016හි ජේ‍යාතිෂ අනුව
අය-වැය සඳහන් කර ඇත්තේ මෙසේය.

• මේෂ හා වෘෂභ ලග්න හිමියන්ට අය 14කි - වැය 02කි.
• වෘෂභ හා තුලා ලග්න හිමියන්ට අය 08කි - වැය 11කි.
• මිථුන සහ කන්‍යා ලග්න හිමියන්ට අය 14කි - වැය 08කි.
• කටක ලග්න හිමියන්ට අය 08කි - වැය 05කි
• සිංහ ලග්න හිමියන්ට අය 11කි - වැය 2කි.
• ධනු සහ මීන ලග්න හිමියන්ට අය 11කි - වැය 8කි.
• මකර, කුම්භ ලග්න හිමියන්ට අය 5කි - වැය 11කි.

මේ අනුව වැය වැඩි අයට වැය පක්ෂය අවම කර අය පක්ෂය වැඩිකර ගැන්මටද, අය පක්ෂය වැඩි අයට එය රැක ගැන්මටද පිළිවෙත් අවශ්‍ය වෙයි.
කෙටි කාලීනව රාශි චක්‍රයේ චන්ද්‍ර, රවි, බුධ, කුජ ගමන් කරන අතර අසුබ ග්‍රහයන් සමඟ සංයෝග වූ අවස්ථාවලදීද අසුබ ග්‍රහ දෘෂ්ටි එල්ල වූ අවස්ථාවලදීද අසුබ රාශි මතින් ගමන් කිරීමේදීද කෙටි කාලීනව අපල උපද්‍රව හානි සිදුවෙයි.

මේ නිසා ගත වූ වසරට වඩා ලග්න රාශියකට සුබ පල දීම් අඩුය. ජේ‍යාතිෂයට අනුව නිර්දේශිත වත්පිළිවෙත් හා ශාන්තිකර්මද බෞද්ධ ක්‍රමයට අනුව කෙරෙන වත් පිළිවෙත්ද අපල උපද්‍රව දුරුකර ගැන්මට හෝ අවම කර ගැන්මට උපයෝගී කර ගත හැකියි.
ඉන් දැනුම, බුද්ධිය, ප්‍රඥාව පහළ වී තමන්ට දිවි පෙවෙත සාර්ථක කර ගැන්මට හැකිවෙයි. එනිසා එක් එක් ලග්න හිමියන් විසින් අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පුද පූජා ස්තෝත්‍රාදිය මගින් ඉමහත් ප්‍රතිඵල අත්කර ගත හැකියි.

මේෂ ලග්න හිමියන්ට
කතරගම දෙවිඳුන්ගේ පිහිට ලබා ගැන්මට පුද පූජා කිරීමද, කුජ ග්‍රහ ස්තෝත්‍ර භාවිත කිරීමෙන් ඊට අදාළ ග්‍රහ දේව පිහිටද ලබාගත හැකියි. සෙනසුරු 8 වැනි රාශියේ ගමන් ගැනීම නිසා සෙනසුරු ග්‍රහ ස්තෝත්‍රද භාවිත කළ යුතු වෙයි. සෙනසුරු අපල දුරුකර ගැන්මට විෂ්ණු දේව ස්තෝත්‍රද භාවිත කරන්න. මෙම ගයත්‍රියට අමතරව වෙනත් ස්තෝත්‍ර හා කන්නලව්ද භාවිත කරන්න. කුජ දෝෂවලට කොළොං ගස් ස්පර්ශ කර පැන් වත් කිරීමද සුදුසුය.

වෘෂභ ලග්න හිමියන්ට
පාර්වතී ස්තෝත්‍ර හා ලක්ෂ්මී ස්තෝත්‍ර ගායනා කරන්න. ශනි 7 රාශියේ ගමන් කරන බැවින් ශනි ස්තෝත්‍රද ගායනා කළ යුතුය. සිකුරු ස්තෝත්‍ර ගායනා කිරීමෙන් ලග්න බලය වර්ධනය වෙයි.
පාර්වතී හෝ ලක්ෂ්මී රූපයකට පිච්ච මල් මාලා පලඳවන්න. කරඳ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න. සිකුරු ස්තෝත්‍ර ගයන්න.

මිථුන ලග්න හිමියන්ට
බුධ ග්‍රහයා ලග්නාධිපති බැවින් විෂ්ණු ස්තෝත්‍ර කිරීම සුබ පල දෙයි. සෙනසුරු 6 රාශියේ ගමන් කරන බැවින් ශනි ස්තෝත්‍රද භාවිත කරන්න. රාහු 4 ගමන් කරන බැවින් රාහු ස්තෝත්‍රද භාවිත කරන්න. ගණ දෙවි පූජා සහ ස්තෝත්‍ර කිරීමෙන් රාහු අපලයද දුරු වෙයි. කොහොඹ වෘක්ෂය ස්පර්ශ කර පැන් ඉසින්න. බුධ ග්‍රහයා අධිපති නිසා ඥානය බුද්ධිය වර්ධනයටත්, ව්‍යාපාර දියුණුවටත් බ්‍රහ්ම ස්තෝත්‍ර කියන්න.

කටක ලග්න හිමියන්ට
ශනි 5 රාශියේ ගමන් කරයි. චන්ද්‍රයා අධිපති ග්‍රහයාය. ශනි 5 නිසා උදරාබාධ සම්බන්ධ ආශි්‍රත රෝග පීඩා ආදිය ගෙනදෙයි.
චන්ද්‍ර ස්තෝත්‍රය කියන්න. ශනි 5 ගමන් කරන නිසා ශනි ස්තෝත්‍රයද කියන්න. දිඹුල් රුක්ෂ ස්පර්ශ කර පැන් ඉසින්න. මීට අමතරව බ්‍රහ්ම ස්තෝත්‍රයද භාවිත කරන්න.

සිංහ ලග්න හිමියන්ට
ශනි 4ද, කේතු සහ යුරේනස් මීන රාශිය හෙවත් 7 ගමන් ගැනීම නිසා අනතුරු, පාද රෝග ආදිය ඇති කරයි. ගුරු ලග්නයේ ගමන් ගනී. ආර්ථික අතින් යම් යම් අවහිරතා ඇති කරයි.
මේ අය රවි ස්තෝත්‍රද ශිව ස්තෝත්‍රද භාවිත කළ යුතුය. ඉඹුල් ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

කන්‍යා ලග්න හිමියන්ට
රාහු ලග්නයේද, කේතු යුරේනස් සමඟ 7 වැන්නේද ගමන් කරයි. මනස අවුල් වීම, අනතුරු, රෝග සහ පවුලේ සමඟිය අඩාල වීම් සිදුවෙයි.
ලග්නාධිපතිද බුධ බැවින් බුධ ස්තෝත්‍රය කියන්න. මිථුන ලග්නයට භාවිත බුධ ස්තෝත්‍රය ගැළපෙයි.
විෂ්ණු දෙවියන්ට පුද පූජා සහ ස්තෝත්‍ර කියන්න. තුල්සි පත්‍ර ගෝ තුල්සි මාල පුදන්න.
කොළොම් ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

තුලා ලග්න හිමියන්ට
සිකුරු ග්‍රහයා ලග්නාධිපති වෙයි. ශනි දෙවැන්නෙහිද සහ යුරේනස් හය වැන්නේද ගමන් ගනී. රාහු 12 වැන්නේ ගමන් ගනී. ධන හානි, හතුරු බාධක හටගනී.
සරස්වතී, ලක්ෂ්මී, පාර්වතී යන දේවතාවියන්ට පුද පූජා ස්තෝත්‍රාදිය කියන්න.
ගණ දෙවි ස්තෝත්‍ර ගායනා කිරීම මඟින් රාහු අපල දුරු කරයි. කරඳ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

වෘශ්චික ලග්න හිමියන්ට
කුජ අධිපති බැවින් කතරගම දෙවිඳුන්ට පුද පූජා තබා ස්තෝත්‍ර කියන්න. ශනි ලග්න රාශියේ ගමන් ගනී. රාහු 11 ගමන් ගනී. කේතු යුරේනස් 5 ගමන් ගනී.
උදර රෝග හට ගනී. වැය වැඩි වෙයි. කතරගම සහ විෂ්ණු දෙවිවරුන්ට පුද පූජා තබන්න. ශනි ස්තෝත්‍රද කීම ප්‍රයෝජනවත්ය. කොළොං ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

ධනු ලග්න හිමියන්ට
ධනු ලග්න හිමියාගේ අධිපති ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්පතිය. ශනි 12 රාශිය වූ වෘශ්චිකයේ ගමන් ගනී. කේතු යුරේනස් හතරවැන්නේ ගමන් ගනී. පපුවේ ආබාධ, ධන හානි, වෘත්තීය බාධක ගෙනදෙයි.
ගුරු ග්‍රහ ස්තෝත්‍රය භාවිත කරන්න. ශිව ස්තෝත්‍රය සහ කතරගම ස්තෝත්‍ර කියන්න. පූජා තබන්න. බෝ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

මකර ලග්න හිමියන්ට
ශනි අධිපති ග්‍රහයා වන අතර ශනි 11 රාශියේ ගමන් ගනී. ගුරු 8 ගමන් ගනී. ශනි ගමන සුබය. දියුණුවට හා ලැබීම්වලට යහපත්. නමුත් ගුරු ගමන අහිතකර ප්‍රතිඵල අත්කර දෙයි. රෝග පීඩා ලේ දෝෂද හටගනී. සෙනසුරු රූපයක් තබා සෙනසුරු ස්තෝත්‍ර කියන්න. විෂ්ණු ස්තෝත්‍ර පුද පූජාද සුදුසුය. ගුරු 8 නිසා පත්තිනි පූජා සුදුසුය. නුග ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

කුම්භ ලග්න හිමියන්ට
ලග්නාධිපති සෙනසුරු ග්‍රහයාය. ශනි 10 රාශියේ ගමන් ගනී. රැකියාවලට බාධා ගෙන දෙයි. ආදායම් අඩුවෙයි. උෂ්ණ රෝග හටගනී. විෂ්ණු ස්තෝත්‍රය භාවිත කර පූජා තබන්න. නුග ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.

මීන ලග්න හිමියන්ට
අධිපති ගුරු ග්‍රහයාය. මේ අයගේ කේතු පළමු වැන්නේත්, රාහු හත්වැන්නේත්, ගුරු හය වැන්නේත්ය. ගෘහ ජීවිතය තුළ ප්‍රශ්න පැන නඟී. ඇතැමුන්ට විවාහ ප්‍රමාද වෙයි. ශිව, කතරගම දේව පූජා සහ ස්තෝත්‍ර කරන්න. බෝ වෘක්ෂය ස්පර්ශ කරන්න. පැන් වත්කරන්න.

පොදුවේ තමාගේ ලග්නයට හිමි අපල උපද්‍රව ලෙඩ රෝග දුරු කර ගැන්මටත්, රැකියා ව්‍යාපාර දියුණුවටත්, ආදායම් සපල කර ගැන්මටත් බුද්ධිය නුවණ ප්‍රඥාව පහළ වීමටත් පුද පූජා ස්තෝත්‍ර කළ යුතුය. ජේ‍යාතීර්වේදයේ සඳහන් පරිදි ලග්න ග්‍රහයන්ට අදාළ දේව පූජා කළ යුතුය. එසේම වෙහෙර විහාරස්ථානවලදී හෝ හින්දු කෝවිල්වලදීද කළ හැකියි. වර්තමානයේ පුද පූජා හා ස්තෝත්‍රාදිය පිළිබඳ ලියැවුණු පොත් පත් ඇත. ඒවාද ප්‍රයෝජනයට ගත හැකිය.

බෝධි වන්දනා කිරීමෙන්ද, බෝධි පූජා කිරීමෙන්ද, බොහෝ විට සෙනසුරු අපල දුරු වෙයි. චෛත්‍ය පූජා තැබීමෙන් දීර්ඝායුෂ දෙයි. බුදු පිළිම හා දේව පිළිම ස්නානය කිරීමෙන්ද රෝග පීඩා දුරු වී දීර්ඝායුෂ දෙයි. ලැබීම්, සම්පත් ලැබීමට වෘත්තීය හා ව්‍යාපාරික දියුණුවට ලක්ෂ්මී පූජා තබන්න. හතුරු බාධක දුරු කිරීමට ස්තෝත්‍ර කියන්න. පූජා තබන්න. ඇතැම් අයට පිටරට යෑමටත්, පිටරට වෘත්තීය සඳහාත් බාධා පවතී නම් ලක්ෂ්මී පූජාද, හනුමන්ට පූජා හා ස්තෝත්‍රාදිය කරන්න. විභාග ජයග්‍රහණ, කලා නිර්මාණ සාර්ථක වීමටත් විද්වත් වෘත්තීය සාර්ථකත්වයටත් ගණේෂ, ලක්ෂ්මී, සරස්වතී පුද පූජා තබන්න.

මීට අමතරව බෞද්ධ පිළිවෙත් පිහිට ලබාගත හැකියි. ඒරාෂ්ටක මාරක අපල යනු පෙර කරන ලද අකුසල් විපාකයන්ය. එනිසා දාන, ශීල, භාවනාද චෛත්‍ය බෝධි පූජාද සුදුසු වෙයි.

යමෙකුගේ පරිහානීය ලක්ෂණ පෙනේනම් පරාභව සූත්‍රය නිතරු භාවිත කරන්න. එහි අරුත් පිළිපදින්න. සතුර බාධා වේනම් වසල සූත්‍රය භාවිත කරන්න. තදබල රෝග පීඩා ඇත්නම් ගිරිමානන්ද පිරිත, ඛන්ධ පිරිත, බහුලව භාවිත කරන්න. මාරක අපල වේනම් මෝර පිරිත භාවිත කරන්න. දිළිඳුකම දුරු වී ධන වාසනාව ලැබීමට ලක්ෂ්මී ස්තෝත්‍රය කුවේර ඇත.

| ප්‍රවීණ අංක විද්‍යා, ජේ‍යාතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මැදමුලනටත් FCID පනී

 මැදමුලනටත් FCID පනී


වීරකැටිය, මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (10) පරීක්ෂාවට ලක් කළා. 
 ඒ, මෙම කෞතුකාගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි. 
 ඒ අනුව අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් කෞතුකාගාරය ඇති ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළා. 
 රජයේ තක්සේරු නිළධාරීන්ද ඒ අවස්ථාවට එක්වුණා.
 කෞතුකාගාරය ඉදි කිරීමට අදාළ තක්සේරු වාර්තාවක් ලබා ගැනීම එහි අරමුණ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.  
 වීරකැටිය, මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීයි. 


   
                            මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් CCTV දර්ශණ නෑ -රහස් පොලිසිය

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් CCTV දර්ශණ නෑ -රහස් පොලිසිය



රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් CCTV දර්ශණ ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව රහස් පොලීසියේ ඉහළ නිළධාරියෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් CCTV දර්ශණ ඇති බවත් ඒ අනුව නීතිය වහාම් ක්‍රියාත්මක කරන බවත් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ CCTV දර්ශන ලැබී ඇති බවත් එම දර්ශණ වල ප්‍රභූ පවුලක පුද්ගලයන් සිටින් බවත් මේ වන විට රහස් පොලීසිය භාරයේ පවතින එම දර්ශන ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවට පසුගියදා කක්කුසිකටා හේවත් රාජිත සේනාරත්න මහතා කල් ප්‍රකාශය සම්බන්ධයෙන් කල විමසිමකදි රහස් පොලීසියේ ඉහළ නිළධාරියා මෙම අනාවරණය කර තිබේ.

මේ අතර කිසියම් පිරිසක් විසින් නිමාණය කරන ලද ඝාතනය සිදුවු අකාරය අනුමාන කරන ලද විඩියෝවක් එක්තරා නී. ඇමතිවරයෙකු විසින් රහස් පොලිසියට ලබාදි ඇති බවත් එම නිළධාරියා අනාවරණය කර තිබේ.

තාජුඩීන්ගේ ඝාතනය අලලා මඩ විඩියෝවක්! එජාපය නිර්මාණය කරමින් සිටින බවට අප පසුගිය අගෝස්තු 11 වැනිදා අනාවරණය කළා….

වසීම් තාජුඩීන්ගේ මිය යාම ගැන කියැවෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්කිරිම සදහා මේ වනවිටත් නුගේගොඩ කට්ටිය හන්දිය ප්‍රදේශයේ හොරට අධ්‍යාපණ විඩියෝ නිර්මාණය කර සිඩි තැටිගත කර විකුණන සිරිකොත එජාප මුලස්ථානයේ පියන් වැඩ කල පාලිත නැමත්තාට අයත් ස්ටුඩියෝවක මෙම විඩියෝව නිර්මාණය කිරිමට කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.
සම්පුර්ණ කතාව කියවන්න – තාජුඩීන්ගේ ඝාතනය අලලා මඩ විඩියෝවක්! 

වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට මීට පෙර කරුණු වාර්තා වුණත් යහපාලන ආණ්ඩුව නිර්මාණය ඉරිම සදහා මිනී කක්කන් ලෙස කටයුතු කල වෙබ් මාෆියාවේ අමන කණ්ඩායම් එම මරණය ඝාතනයක් බවත්,ඝාතනයට සම්බන්ධ අය රාජපක්ෂ පවුලේ සමාජිකයන් බවටත් එජාප මුදල් මත යැපෙමින් කල අභූත චොදනා කල අතර පසුව යහපාලන රජය පිහිටුවිමෙන් පසුව අධිකරණය හරහා වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් නොව මිනී මැරුමක් ලෙස සමාජ ගත කරනු ලැබුවා.

2012 වසරේ මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිලිස්සී වසීම් තාජුඩීන් මියගොස් තිබුණ් අතර පසුගිය මහා මැතිවරණයේ එජාපය ලබන් දැවැන්ත පරාජය වසා ගැනිම සදහා කොඳු ඇට පෙලක් නොමැති එජාපයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන තාජුඩීන්ගේ මිනිය ගොඩගත් අතර පසුව ඒ සම්බන්ධයෙන් බොරු මරණ් පරික්ෂණ වාර්තාවක්ද නිර්මාණය කරනු ලැබුවා.
     



                          මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?


යාපනය පළාලි යුද හමුදා මූලස්ථානයට යාබද අධි ආරක්ෂිත කළාපයේ තවත් ඉඩම් අක්කර 850ක් මුදා හැරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එම ඉඩම් වෙන් කිරීම අද (10) දිනයේදී සිදුවන බවත්, රතු පැහැති කොඩි ඔසවා සීමා ලකුණු කරමින් පවතින බවත් කිසිදු මාධ්‍යය ආයතයකට එම භූමියට ඇතුළුවීමට ඉඩ නොදෙන බවත් උතුරින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.

පලාලි හමුදා අධිරක්ෂිතයේ ඉඩම් ප්‍රමාණයක් පසුගිය මාර්තු මසදීද මුදා හැරීමට රජය කටයුතු කළ අතර ඉතිරි ඉඩම් හැකි ඉක්මනින් අවතැන්වූවන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් පසුගිය දා රජයට දන්වා තිබුණා.



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නමක්‌ හා මූණක්‌ නැති අබිරහස්‌ සාක්‌කිකරුවන් හා වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරුන්ගේ ඉරණම?

නමක්‌ හා මූණක්‌ නැති අබිරහස්‌ සාක්‌කිකරුවන් හා වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරුන්ගේ ඉරණම?




ඉන්දියාවේ අම්රිත්සාර්හි රන්දෙවොල සීක්‌ ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ජනරාල් අරුන් විද්‍යා ඔපරේෂන් බ්ලූස්‌ටාර් මෙහෙයුම දියත් කළේය.එහිදී ත්‍රස්‌තයන්ට අමතරව කාන්තාවන් හා ළමුන් රැසක්‌ද මරුමුවට පත්විය.ඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී ක්‍රියා මර්දනය කිරීමට ඉන්දීය හමුදාව ක්‍රියා කිරීමේදී සිවිල් වැසියන්ද ඝාතනය වූ බව දක්‌වමින් ඉන්දීය හමුදා නිලධාරීන් 800 කට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය.
ඇෆ්ගනිස්‌තානයේ තාලිබාන් ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට ඇමරිකාව ඩ්‍රෝන් යානා ප්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් 4000 කට අධික පිරිසක්‌ ඝාතනය විය. එහෙත් මේ මෙහෙයුම සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ඇමරිකාව තම හමුදාවේ සේනාධිපතිවරුන්ට එරෙහිව විශේෂ අධිකරණ ස්‌ථාපිත කළේ නැත. ඊශ්‍රායල් හමුදා පලස්‌තීන සිවිල් වැසියන් මරා දැමීමට වගකිව යුතු යෑයි එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවේ සඳහන් වුවත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක්‌ කරමින් මෙලෙස කියා සිටියේය. “අපේ සෙබළුන් ත්‍රස්‌තවාදයට එරෙහිව තම වර්තමානයත් අනාගතයත් පුද කළා. ඔවුන් සිටියේ නැත්නම් අද ඊශ්‍රායලය කියා රටක්‌ නැහැ. ත්‍රස්‌තවාදීන් මනුෂ්‍යත්වයේ දේවාලය විනාශ කිරීමට උත්සාහ කරද්දී අපට බලා සිටිය හැකිද?”
මේ පසුබිම මැද මෙරට සිදු වන්නේ කුමක්‌ද? වසර 30 ක්‌ තිස්‌සේ මෙරට දේශපාලනඥයන් ප්‍රභාකරන්ට බියේ ගැහෙමින් සිටියහ. ප්‍රභාකරන් සැතපුම් 250 ක්‌ ඈත වන්නියේ සිට දේශපාලඥනයන් ජීවත් විය යුතුද නැද්ද යෑයි තීරණය කළේය.
මරාගෙන මැරෙන බෝම්බකාරියන් සහ බස්‌රථවල ඇටවූ බෝම්බ නිසා ත්‍රස්‌ත භීතිය රටපුරා පැතිර ගොස්‌ තිබුණි. 2009 මැයි 19 දා ත්‍රස්‌ත භීතිය සහමුලින්ම නතර විය. වන්නි මෙහෙයුමින් කොටි ඝාතක කණ්‌ඩායම වැනසුණි. එහෙත් ත්‍රස්‌තවාදය නැති කළ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු යුද අපරාධ චෝදනාවලට මුහුණ දී ඇත. ලෝක ඉතිහාසයේ මෙවැන්නක්‌ සිදු වන්නේ මුල්වරටය. මේ යුද අපරාධ චෝදනාවල පැමිණිලිකරුවන් කවුද? ඒ කොටි රූකඩය මෙන් කටයුතු කළ ද්‍රවිඩ සංධානය සහ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ගෙන යැමට අරමුදල් සැපයූ ඊළාම් සංවිධානයි.
එසේ වුවත් ද්‍රවිඩ සංධානයට යුද අපරාධ චෝදනා එල්ල වී නැත. යුද අපරාධවලට සම්බන්ධ ජීවත්වී සිටින කොටි ක්‍රියාකාරීන්ට එරෙහිවද යෝජිත විශේෂ අධිකරණය මගින් ක්‍රියා කරන බව පවසා ඇත. එහෙත් යුද අපරාධ සිදු කළ කොටි 60 කට අධික පිරිසක්‌ විදේශ රටවල ජීවත් වේ. ඔවුන්ට වෙනත් නම් යටතේ දේශපාලන රැකවරණ ලැබී තිබේ. එම තත්ත්වය යටතේ ඔවුන්ට එරෙහිව කිසිසේත් ක්‍රියා කළ නොහැකිය. මෙහිදී සිදු වී ඇත්තේ ජයග්‍රාහී යුද හමුදාවට පරාජිතයන් වී වන්දි ගෙවීමට සිදු වීමයි.
වන්නි මෙහෙයුමේදී 6000 කට අධික පිsරිසක්‌ දිවි පුදා ඇත. ඔවුන් දිවි පිදුවේ ත්‍රස්‌තවාදය විනාශ කර රටේ ඒකීය භාවය රැකීමටය. එහෙත් වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාධිපතිවරුන් විශේෂ අධිකරණය වෙත ගෙන ඒමට උත්සාහ කරන්නේ එකී මෙහෙයුමට කිසිසේත් දායක නොවූ පාර්ශව බව හෙළි වී ඇත.
එදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ප්‍රභාකරන් උතුරේ ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීමට ඉඩ නොදෙන බව පවසමින් අධිකරණයට යොමු කළ පෙත්සම විභාග කිරීම පෞද්ගලික හේතූන් මත යෑයි කියමින් ප්‍රතික්‍ෂේප කළේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ය. මේ අතීතය අමතක කළ යුතුද?
මෙම තත්ත්වය යටතේ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු අධිකරණය හමුවට ගෙන ඒමට උත්සාහ කරන්නේ කාගේ අවශ්‍යතාවයකටද? බටහිර රටවල් සහ ඊළාම් සංවිධාන පසුගියදා ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධකරුවන්ට දඬුවම් කරනතුරු ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රමවේදයට එකඟ නොවන බව දතක්‌වා ඇත. යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්‌තිය හිමිවිය යුතු බවද ඊළාම් සංවිධාන තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
එසේ නම් මෙහි සඳහන් වන යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්‌තිය හිමි වූයේද?
1. වැලිවේරිය, මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම
2. කොටුව දුම්රිය ස්‌ථානයේ බෝම්බ පිපිරීම
3. නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බ පිපිරීම.
4. දෙහිවල දුම්රියේ බෝම්බ පිපිරීම
5. පිළියන්දල හා ගල්කිස්‌ස බස්‌ රථවල බෝම්බ පිපිරීම
6. කොටුව මහ බැංකු බෝම්බ ප්‍රහාරය
7. මරදාන, පිටකොටුව බෝම්බ පිපිරීම
8. කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බය
මේ බිහිසුණු සිදුවීම් ගැන ද්‍රවිඩ සංධානය වචනයක්‌වත් කතා කර නැත. මේ තත්ත්වය මත අදාළ විශේෂ අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධව විදේශ කටයුතු බලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කර ඇත.
වන්නි මෙහෙයුම නතර කර කොටි ත්‍රස්‌තවාදීන් බේරා ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌ දැඩි උත්සාහයක්‌ ගත් බවද සිහිපත් කළ යුතුය.මෙකී පසුබිම මැද බිහිසුණු යුද අපරාධ කළ කොටි ත්‍රස්‌තයන් බේරා ගැනීම සඳහා ද්‍රවිඩ සංධානයද දැඩි උත්සාහයක යෙදී ඇත.
එහෙත් ඉන්දීය අගවිනිසුරු එම්. එල්. ඩට්‌ටු සහ විනිසුරු කලිපුල්ලා රජිව් ගාන්ධි ඝාතනය කිරීම ගැන වරදකරුවන් වූ කොටි ක්‍රියාකාරීන් හත්දෙනා සම්බන්ධව දැඩි තීන්දුවක්‌ ප්‍රකාශ කර ඇත.
මේ ඝාතක කණ්‌ඩායම තමන් යම් දිනෙක නිදහස්‌ වනු ඇතැයි බලාපොරොත්තු නොවිය යුතුයි. රජිව් ගාන්ධි ඝාතනයට අදාළ ගොදුරු වූ අනෙකුත් අය වෙනුවෙන් අනුකම්පාවක්‌ දක්‌වා නැති විටෙක මොවුන් නිදහස භුක්‌ති විඳිය යුතුද?
මෙම තත්ත්වය මත කොටි ත්‍රස්‌තයන් නිදහස්‌ වීමට උත්සාහ කරද්දී වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු දඬුවම් ලැබිය යුතුද?
මෙරටින් විදේශ රටවලට පැන ගිය කොටි ත්‍රස්‌තයන්, කොටින්ට අරමුදල් සැපයූවන් සහ බෙදුම්වාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්‌ෂි දී ඇත. ඔවුන් කවුදැයි කිසි දිනෙක හෙළි නොවේ. එසේම මෙරට මාධ්‍ය පාර්ශවයක්‌ ජිනීවා ගොස්‌ ගල්පැලෙන බොරු ප්‍රකාශයන් කළේය.
හිටපු ආරක්‍ෂක ලේකම්, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අමතා කොටි හමුදා නායකයන් මරන ලෙස පැවසූ බව ඔහු සිය සාක්‌කියේ දක්‌වා ඇත.
හිටපු ආරක්‍ෂක ලේකම් ප්‍රකාශ කළ බව කියන මේ නියෝගය ඔහුට ශ්‍රවණය වීමට නම් ආරක්‍ෂක ලේකම්ගේ හා ශවේන්ද්‍ර සිල්වාගේ ජංගම දුරකථන ශබ්ද විකාශන යන්ත්‍ර විය යුතුය.
වන්නි මෙහෙයුම යටතේ මෙරට කොටින් හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන් හා චැනල්-4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්‌කි දී ඇත.
එසේම නමක්‌ හා මූණක්‌ නැති අබිරහස්‌ සාක්‌කිකරුවන්ද ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‌කි දී තිබේ. මෙවන් විශ්වාස කළ නොහැකි සාක්‌කි මත යුද අපරාධ චෝදනා එල්ල කළ හැකිද?
කීර්ති වර්ණකුලසූරිය
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඇවන්ගාඩ් ෆොන්සේකාටත් ජීප් 2ක්, මිලියන 50ක් දීලා – රැකියා අහිමි වූවන්ගේ විශේෂ හෙළිදරව්ව! – Video

ඇවන්ගාඩ් ෆොන්සේකාටත් ජීප් 2ක්, මිලියන 50ක් දීලා – රැකියා අහිමි වූවන්ගේ විශේෂ හෙළිදරව්ව! – Video




සරත් ෆොන්සේකා මහතා දැන් ඇවන්ට්ගාඩ් සමාගමට චෝදනා එල්ල කළද මීට පෙර ඔහුට රුපියල් මිලියන පනස් ගණනක් හා ජිප් දෙකක් ලබාදී ඇතැයි ඇවන්ට්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් ගමගේ මහතා පවසයි.

ඇවන්ට්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමයේ වාර්ෂික සුහදහමුව අද (04) විහාර මහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණ.

එහිදී එම සංගමයේ නියෝජිතයින් තමන්ගේ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී විසඳුමක් ලබාදිය යුතු බව ඉල්ලීමක් කළේය.

ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් කරුණු හරි හැටි නොදැන කතා කරමින් බොහෝ දෙනෙකු චෝදනා එල්ල කළ බවත්, මෙම ව්‍යාපාරයෙන් දැනට 6754 දෙනෙකුට රැකියා අහිමිවී ඇති බවත්, එහි කැඳවුම්කරු කමල් ගමගේ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ඇවන්ට්ගාඩ් සමාගමෙන් ලාබ ප්‍රයෝජන ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික සහකාර විශ්‍රාමික කර්නල් කපිල රත්නායක මහතා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකථන සබඳතා පවත්වමින් ආධාර උපකාර ලබාගත් බව හෙතෙම පැවසීය.

ඔහුට ඇවන්ට්ගාඩ් සමාගමෙන් මාසයකට රුපියල් ලක්ෂ 15 බැගින් වැටුප් ගෙවා ඇති බවද එහිදී ඔහු අනාවරණය කළේය.

ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ කුලිය ගෙවීමට මුදල් ද, වාහනයක් ද ඉල්ලා ඔහුගේ පෞද්ගලික සහකාර විශ්‍රාමික කර්නල් කපිල රත්නායක විසින් එවන ලද බව කියන එස්.එම්.එස් පණිවිඩ ඇතුළත් කර මුද්‍රණය කළ පත්‍රිකාද, හඬ පට කිහිපයක්ද මෙහිදී මාධ්‍ය ආයතන වෙත ලබාදීමට එම සංගමය කටයුතු කරන ලදී.

එසේම ඇවන්ට්ගාඩ් සමාගමට චෝදනා කරන වත්මන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද ඔහුගේ පිරිසකට රැකියා ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා එවන ලද ලිපිද සමාගම සතුව ඇතැයි හෙතෙම පැවසීය.

මාධ්‍ය හමුව ඇමතු ඇවන්ට්ගාඩ් සමාගමේ මෙහෙයුම් කළමනාකරු නිලුපුල් ද කොස්තා මහතා කියා සිටියේ ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා ද විවිධ ප්‍රකාශ කර ඇති බවයි.

එහි කරුණු හරි හැටි දැන කතා කිරීම සුදුසු බවත්, ඒ නිසා ඇවන්ට්ගාඩ් සමාගමෙන් සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට අනුර දිසානායක මහතාට හැකි නම් කාර්යාලයට පැමිණෙන ලෙසත්, ඒමට නොහැකි නම් නියෝජිතයෙකු හෝ එවන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

මාධ්‍ය අමතා කතා කළ ඇවන්ට්ගාඩ් සමාගමේ වාණිජ කළමනාකරු නිලන්ත ජයවීර මහතා පැවසුවේ රණවිරුන්ගේ මාර්ගයෙන් ඉදිරියට පැමිණි කෙනෙක් ඇවන්ට්ගාඩ් හි සේවය කරන රණවිරුවන්ට අපහාස කර ඇති බවයි.

ඔහුගේම වචනවලින් කිවහොත් ඇවන්ට්ගාඩ් සමාගමේ වැඩ කරන්නේ සියයට 50ක් කලවැද්දෝ බවත්, එසේ වුවද අපි කලවැද්දන් නොව හමුදාවේ විශ්‍රාමිකයින් බවත්, හෙතෙම එහිදී කියා සිටියේය.

ඇවන්ට්ගාඩ් සමාගම මගින් විශ්‍රාමික හමුදා සෙබළුන්ට විශ්‍රාම ජීවිතය යහපත් ලෙස ගත කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් වැටුපක් ලබා ගැනීමට හැකි වාතාවරණය සැකසූ බවද එසේ තිබියදී මෙම සමාගමෙන් වූ සේවය අගයනවාට වඩා එය විනාශ කරන තැනට පිරිසක් කටයුතු කළ බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් මාධ්‍යයවල පළවු වාර්තා සත්‍ය නැති බවත්, එම සමාගමේ කටයුතුවල ඇත්ත නැත්ත සොයා නොබලා කටයුතු කිරීමෙන් අසරණ වී ඇත්තේ රැකියා අහිමි වූ අප යැයි ද හෙතෙම පැවසීය.

එම සමාගම තුළ තවදුරටත් සේවකයින් හතලිස් ගණනක් හෝ රැකියා කරනු ඇතැයි විශ්වාස නොකරන බවත්, රැකියා අහිමි වූවන් සම්බන්ධයෙන් ජනපතිගේ හා අගමැතිගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මෙහිදී ප්‍රකාශ විය.

වාර්ෂික සුහද හමුවට එක්වූ පිරිස අනතුරුව එහි දී නිහඬු විරෝධතාවයක ද නිරත විය.

එහිදී මාධ්‍ය වෙත ලබාදුන් එස්.එම්.එස් පණිවුඩ ඇතුළත් කර මුද්‍රණය කරන ලද පත්‍රිකාව පහත පරිදිය.






                  මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

    උතුරු මුහුදේ කොටි සැමරුම් (වීඩියෝ)

                                       උතුරු මුහුදේ කොටි සැමරුම් (වීඩියෝ)

                                                                       



විමුක්ති කොටි සංවිධානයේ නාවික බලකායේ සටන් වැදී මියගිය පිරිස් සමරා යුරෝපයේ උතුරු මුහුදේ විශේෂ මහවිරු සමරුවක් පවත්වා තිබේ.

ඉතිහාසයේ මුල්ම වතාවට මහා සාගරයේ  පවත්වන ලද මෙම සමරුවට හිටපු මුහුදු කොටි සාමාජිකයන්ද සහභාගී වූ බව සහයෝගිතා ක්‍රියාධරයෙක් උපුටා දක්වන ටැමිල්නෙට් වෙබ් අඩවිය පවසයි.

මහවිරු සමරු දින පැවති මෙම සිහිපත් කිරීමේදී යාත්‍රාවක ඊළම් ධජය නංවා පුෂ්පෝපහාර පවත්වා තිබේ. කර්නල් සූසයි නමින් ප්‍රකට තිල්ලේයම්පලම් සිවනේසන්ගේ නායකත්වයෙන් අසුව දශකයේ පිහිටුවන ලද කඩට්පුලි (கடற்புலி) විමුක්ති කොටි නාවික බලකායේ ප්‍රධාන කඳවුර පිහිටා තිබුනේ මුලතිව්හිය.

උතුරු මුහුදට සහ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරට අමතරව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, නෝර්වේ, ඇමරිකාව, කැනඩාව, මැලේසියාව, කටාර් හා ඉන්දුනීසියාව යන රටවල ද මහවිරු සමරු පැවැත්විණි.


                     

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network