ශ්‍රී ලංකාව ලෝකයේ ම අවධානයට ලක් කළ ‘W.T. 1190′ (VIDEO)

ශ්‍රී ලංකාව ලෝකයේ ම අවධානයට ලක් කළ ‘W.T. 1190′ (VIDEO)

   

ශ්‍රී ලංකාව ලෝකයේ ම අවධානයට ලක් කළ ‘W.T. 1190′ (VIDEO)

හඳුනා නොගත් ආකාශ වස්තුවක් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට කඩා වැටෙනු ඇති බවට වාර්තා පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් ලෝකයේ ම දැඩි අවධානයක් ශ්‍රී ලංකාව වෙත යොමු ව තිබේ.

W.T. 1190 ලෙස නම් කර ඇති අදාළ අකාශ වස්තුව සම්බන්ධයෙන් මෙරට ජනතාවගේ ද දැඩි අවධානයක් යොමු වී තිබේ.

මේ පිළිබඳව නිව්ස්ෆස්ට්, මහාචාර්ය චන්දන ජයරත්න මහතාගෙන් විමසීමක් සිදු කළේ ය.

මහාචාර්යවරයා පැවසුවේ, ලබන 13 වන දා එනම් හෙට දිනයේ දකුණු මුහුදට එම ආකාශ වස්තුව කඩා වැටීමේ අවදානමක් ඇති බව ය.

මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ, අභ්‍යවකාශයේ සුන්බුන් වූ කැබලි මෙන් ම අකර්මණ්‍ය වූ චන්ද්‍රිකා 2761 ක් ද අභ්‍යවකාශය තුළ ඇති බව ය.

එමෙන් ම සෙන්ටි මීටරයට වඩා විශාල ප්‍රමාණයේ කැබලි 110,000ක් ද අභ්‍යවකාශය තුළ තිබේ.

චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ, අභ්‍යවකාශ සුන්බුන්වලට අමතරව පෘථිවියෙන් ඔබ්බට ගොස් පෘථිවිය ත් චන්ද්‍රයා ත් අතර තිබෙන චන්ද්‍රයා දක්වා කක්ෂයක යන සුන්බුන් කැබලි 20ක් සොයා ගෙන ඇති බව ය.

ඔහු පවසන්නේ, එම සුන්බුන් කැබලිවලින් එකක් හෙට දිනයේ දකුණු මුහුදට කඩා වැටෙනු ඇති බවට විශ්වාසය පළ කරන බව ය.

අදාළ සුන්බුන් කැබැල්ල හෙට උදෑසන 11.50ට ගාල්ලට කිලෝමීටර 65ක් දුරින් මුහුදට කඩා වැටෙනු ඇති බව මහාචාර්යවරයා පැවසී ය.

මේ අතර හෙට දින අදාළ කාලය තුළ එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ද බලධාරීන් ධීවර ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.

මේ වන විට සිදු කර තිබෙන ගණනය කිරීම්වලට අනුව හෙට දිනයේ අදාළ සුනුබුන් කැබැල්ල එම ස්ථානයට පතිත වුවහොත් මින් ඉදිරියට මෙවැනි පතිතවීම්වලට අදාළ තොරතුරු ජනතාවට නිවැරදිව ම ලබා දිය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව ලෝකයේ ම අවධානයට ලක් කළ ‘W.T. 1190′ (VIDEO)

ශ්‍රී ලංකාව ලෝකයේ ම අවධානයට ලක් කළ ‘W.T. 1190′ (VIDEO)

Posted by Sri AV Tv network on 12 නොවැම්බර් 2015



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network