ඇවන්ගාඩ් හෙළිදරව්ව නිසා තිලක් මාරපන ඉල්ලා අස්වූ ඇත්ත හේතුව මෙන්න. (Video)

ඇවන්ගාඩ් හෙළිදරව්ව නිසා තිලක් මාරපන ඉල්ලා අස්වූ ඇත්ත හේතුව මෙන්න. (Video)

ඇවන්ගාඩ් ආයතනයේ ආයුධ සියල්ල නීත්‍යානුකූල බවත්, පරීක්ෂණ කටයුතු සඳහා සහය වීම සඳහා තමන් ඉල්ලා අස් වෙන බවත් පවසමින් අමාත්‍ය තිලක් මාරපන මහතා පසුගිය දා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය. පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ඒ මහතා පළ කළ ඉල්ලා අස් විමේ ප්‍රකාශයයි.

ඊට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මගින් දැක්වූයේ තිලක් මාරපන මහතා ඇවන්ගාඩ් ආයතනයෙන් අල්ලස් මුදල් ලබාගෙන ඇති බවකි. එසේම අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාටත් එම චෝදනාව එජාපයේම ජනමාධ්‍ය මගින් එල්ල කළෝය.
නමුත් සත්‍ය සිදුවීමනම් පසුගිය ජනවාරියේ සිට ඇවන්ගාඩ් ආයතනයට එරෙහිව එජාපයෙන් සහ ජවිපෙන් එල්ල කළ චෝදනා එකක්වත් ඔප්පු කරගැනීමට නොහැකි වූ නිසා, සිය පාක්ෂිකයන්ට මුහුණ දීමට ඒවායේ නායකයින්ට නොහැකි වීමයි. එවිට වරද පැටවීමට කවුරු හෝ අවශ්‍ය අතර, ඇවන්ගාඩ් ගැන ඇත්ත පැවසූ තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ මහත්වරුන් එජාපයේ අභ්‍යන්තර බල අරගලයේ ගොදුරක් විය.
එලෙස මාරපන මහතාට ඉල්ලා අස් වෙන ලෙස බල කර ඇත්තේ පසුගිය කාලයේ ඇවන්ගාඩ් ආයතනයට එරෙහිව විශාල හඬක් නගා දැන් පාක්ෂිකයන්ට මුහුණ දීමට නොහැකිව සිටින රංජන් රාමනායක සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන් විසින් බව ලංකා ග්‍රිඩ් වෙත වාර්තා වී තිබේ. පහත දැක්වෙන්නේ ඒ බව සනාථ වෙන රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයකි.
මේ රටේ හොරු අල්ලන බව ප්‍රකාශ කර බලයට පත්වූ මේ රජයට හොරු ඇල්ලීමට නොහැකි වීම ගැන කනගාටුවට පත් වන බව සමාජසේවා නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පැවැසීය. අද නිශ්ශංක සේනාධිපති පත්තරවල පිටු ගණන් දැන්වීම් දානවා. ඒ කරන්නේ ඔහු දන්නවා තමන් වැරැදි කරපු බව. හොරු ගැන කියද්දී හොරුන්ට කේන්ති යනවා. මේ රජය ජනතාව පත්කළේ හොරු අල්ලන්න. මට හරි ලැජ්ජාවක් තියෙනවා. අපි පසුගිය මැතිවරණ කාලයේ රැස්වීම්වල උගුරු ලේ රස වෙනකම් කතාකරල කිව්වේ මේ රටේ හොරු අල්ලනව කියල. ඒත් ඒක සිදුවුණේ නැහැ. මූලාශ්‍රය.
ඇවන්ගාඩ් ආයතනය සම්බන්ධයෙන් තිලක් මාරපන මහතා පැවසූ දෑ සත්‍ය බව සනාථ කරන්නේ කෙසේද?
තිලක් මාරපන යනු 2002-2004 එජාප ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය වරයායි. මූලාශ්‍රය. රටක ප්‍රධානතම කර්තව්‍යය වන ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දෙන්නේ රාජ්‍ය නායකයාට අතිශයම විශ්වාසවන්ත පුද්ගලයෙකුට යි. උදා: ජේආර් ට ආරක්ෂක අමාත්‍ය වූ රංජන් විජේරත්න, මහින්දට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය (ඔහු ලේකම් වුවද අමාත්‍ය බලතල තිබුණි). ඒ මන්ද යත් යුධ ගුවන් නාවික බුද්ධි සිවිල් ආදී හමුදාවන්හි පාලනය සහ පොලිසියේ පාලනය තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයාට නිසයි. ලංකා ඉතිහාසයේ ආරක්ෂක අමාත්‍යධූරය දැරූ කිසිවෙක් සිය නායකයාට ද්‍රෝහී වී නොතිබීමෙන් එම මතය තවත් තහවුරු වෙයි. තිලක් මාරපන සිය නායකයාට ඇති හිතවත්කම කොතෙක්ද යත් මිලේනියම් සිටි පාවාදීමේදී පවා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඊට එරෙහිව කිසිවක් නොකළේය. එදා 2002 එජාප ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා වූ තිලක් මාරපන මහතාට, 2015 එජාප ආණ්ඩුවේ පොලිස් අමාත්‍යධූරය ලබා දීමෙන් පෙනී යන්නේ ඔහු කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාට ඇති විශ්වාසනීයත්වය නොබිඳී පැවති බවකි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයට ද්‍රෝහී වුණේ ඔහුට ජනාධිපති කම ලබාගැනීමටයි. නමුත් ඇවන්ගාඩ් ආයතනයෙන් ලැබෙන මිලියන කිහිපය, එජාපයට ද්‍රෝහී වීමට තරම් තිලක් මාරපනට හේතුවක් නොවේ. එජාපයේ සමහර මාධ්‍ය වලින් පවසන ආකාරයට මිලියන කිහිපයක අල්ලසක් ලබාගෙන, එජාපයට තමන් කෙරෙහි ඇති විශ්වාසය අහිමි කරගැනීමට තිලක් මාරපන මහතා කටයුතු කරන්නේ නැත. කෙටියෙන් පැවසුවහොත් තිලක් මාරපන යනු දේශප්‍රේමියෙක් නොවුණද එජාප ප්‍රේමියෙකි. එනිසා ඔහු සිදුකළේ රාජපක්ෂ වරුන්ට එරෙහිව එල්ල කළ චෝදනා ඔප්පු කරගත නොහැකි වී ජනතාවට මුහුණ දීමට නොහැකිව සිටින සිය එජාප නායකයාව ආරක්ෂා කරගනීම වෙනුවෙන් කැප කිරීමකි.
එසේම මෙය එජාප පාක්ෂිකයන්ව සැනසවීමට කළ ඉල්ලා අස්වීමක් වන අතර නුදුරේදීම මීට වඩා බලතල සහිත අමාත්‍ය ධූරයක් තිලක් මාරපන මහතාට හිමි වනු ඇත.



                        මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network