කොටි සැකකරුවන්ගේ නඩු විභාගයට වෙනම අධිකරණයක් එන ලකුණු 

කොටි සැකකරුවන්ගේ නඩු විභාගයට වෙනම අධිකරණයක් එන ලකුණු 



එල්.ටී.ටී.ඊ සැකකරුවන්ගේ නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ යාපනය මහාධිකරණයේදී විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එසේම මරණ දඬුවම අත්හිටුවීමේ ජගත් සංවිධාන යෝජනාවට වසර දෙකෙන් දෙකට සාමාජික රටවල් අත්සන් කරන අතර, ශ්‍රී ලංකාව ද මෙවරත් ඊට අත්සන් කරන නිසා, තවත් වසර දෙකක් යනතුරු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකිවන බවයි අධිකරණ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network