මොබයිල් ෆෝන් එකට අකුණු වදිනවද ? අැත්ත නැත්ත මෙන්න

මොබයිල් ෆෝන් එකට අකුණු වදිනවද ? අැත්ත නැත්ත මෙන්න

මේ දවස්වල හැමදාම වගේ හවස් වෙද්දි වහිනව. නිකම්ම නෙවෙයි අකුණු ගසමින් විදුලි කොටමින් තමයි වහින්නෙ. මේ වෙලාවට රූපවාහිනියක් නරඹන්න, රේඩියෝවක් අහන්න විතරක් නොවයි දුරකතන ඇමතුමක් ගන්නවත් විදියක් නැහැ. ජංගම දුරකතනයකට ඇමතුමක් ගත්තත් අනිත් පැත්තේන් කියන්නෙ අකුණු ගහනව පස්සේ ගන්නම් කියල. ඇත්තටම ජංගම දුරකතනයට අකුණු වදිනවද? 

ඒ පිළිබඳව මේ පිළිතුර දීල තිබුණේ අකුණු ගැන ලෝකයේ ඉන්න ප්‍ර‍කටම විද්වතෙක් වන මහාචාර්ය වර්ණන් කුරේ මහතා...

“ජංගම දුරකථනයට අකුණක්‌ ඇද ගැනීමේ හැකියාවක්‌ නැහැ. අකුණු ඇදගැනීමේ හැකියාව ජංගම දුරකථනයට වඩා මිනිස්‌ සිරුරට තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන විට අකුණක්‌ වැදුණොත්, ඒ කියන්නේ එය නැතුව වුණත් ඒ අකුණ ඇඟට වදිනවා කියන එකයි. මම සමහරුන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් දෙනවිට ඔවුන් මට කියනවා, අකුණු ගහන නිසා, පස්‌සේ කතා කරමු කියලා. ඒ වෙලාවට මම කියනවා, අවුරුදු හතළිහක්‌ තිස්‌සේ මම අකුණු ගැන හදාරලා තියෙන්නේ. ඒ නිසා එකේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ, අපි කතා කරමු කියලා.

ඔය මතය ආරම්භ වුණේ එංගලන්තයෙන්. එහේ කාට හරි ජංගම දුරකථනයෙන් කතා කර කර ඉද්දි අකුණක්‌ වැදිලා තියෙනවා. ඒ ගැන වෛද්‍යවරු ප්‍රකාශ කරපු මතයක්‌ තමයි, මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. වෛද්‍යවරු ඒ ගැන හදාරපු අය නොවන නිසා ඔවුන් ඒකට හේතුව ලෙස ගෙන තිබෙන්නේ, ජංගම දුරකථනය. ඒකයි මේ වැරදි මතයට මුල“



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network