පදක්කම ළමයෙකුට දුන් සොනි බිල්ට නැවතත් රගර් රන් පදක්කමක්

පදක්කම ළමයෙකුට දුන් සොනි බිල්ට නැවතත් රගර් රන් පදක්කමක්



නවසීලන්ත ක්‍රිඩක සෝනි බිල් විලියම්ස් මෙවර රගර් ලෝක කුසලානය අවසානයේදී පිටියට කඩා වැදුනු ක්‍රීඩා ලෝලි වයස 15ක පමණ ළමයෙකුට තම රන් පදක්කම ලබා දීම හේතුවෙන් ඔහුට දෙවන වරටත් රන් පදක්කමක්  ලෝක රග්බි සම්මාන උළලේදී හිමි විය.
රග්බි ලෝක කුසලානය තුන් වරක් සහ අඛණ්ඩව දෙවරක් දිනූ ලොව පළමු කණ්ඩායම ලෙස නවසීලන්තය ඔස්ට්‍රේලියාව ලකුණු 34ට 17ක් ලෙස පරාජය කරමින් නවසීලන්තය වාර්තා අතරට එක් විය.
තරගය නිමාවීමෙන් පසු ලෝක කුසලාන රග්බි තරගාවලියේ අසම සම දක්ෂතා දැක්වූ නවසිලන්තයේ All black කණ්ඩායම තමන් දිරි ගැන්වූ ක්‍රීඩා ලෝලීන්ට කෘතවේදිත්වය පළ කිරීමට අමතක කළේ නැත.
All black කණ්ඩායම ආක්‍රමණ ශීලි ක්‍රීඩා කෞෂ්‍යල්‍යයෙන් අමන්දානන්දයට පත් ක්‍රීඩා ලෝලින් 80000 ක් අතරින් කුඩා දරුවෙකු ට්විකන් හැම් ක්‍රීඩාංගණයට කඩා වැදිණ.
එහෙත් ආරක්ෂකයින්ගේ දරදඬු හස්තයට කොටු වූ දරුවා මේ කීර්තිමත් ක්‍රීඩාංගනයේ ඇද වැටිණ.
රන් පදක්කම් දිනූ ක්‍රීඩකයෙකුගේ අභිමානය පරයමින් All black කණ්ඩායමේ සනී බිල් විලියම්ස් ඒ දරුවාට දෑත් දිගු කළේ ය.
පදක්කමට වඩා මිනිස්කම අගය කළ විලියම්ස් සිය පදක්කම දරුවා අතට පත් කළේ, ට්විකන් හැම් ක්‍රීඩා පිටියට රැස්වු අසූ 80000 කගේ ඔල්වරසන් හඬ සහ කෝටි සංඛ්‍යාත ලෝක වාසි රග්බි ලෝලීන්ගේ සතුටු කඳුළු මැදයි.
මෙම ක්‍රියාවෙන් ක්‍රීඩාංගණයේ සිටි ක්‍රීඩා ලෝලීන් මෙන්ම ලෝක වාසීන් සියලු දෙනාගේ අවධානය, ආදරය දිනා ගැනීමට සනී බිල් විලියම්ස්ට හැකි වූයේ ඔහු සතු වූ මිනිස්කම ඉස්මතු වූ හෙයිනි.
තමන් විශිෂ්ටයෙකු බවට පත් වූ මොහොත පිළිබඳ බිල් විලියම්ස් සිය twitter ගිණුමේ සටහන් කළේ මෙලෙසිනි

- (නුඹ ගත් අවධානම වැඩි. ඒ නිසාම මේ පදක්කම නුඹට අයිති විය යුතුයි. සොයුර එය සතුටින් බුක්ති විඳින්න )-
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network