ජනාධිපති සිරිසේන හමුදා නීතිය උල්ලංඝනය කරයි. ත්‍රිවිධ හමුදාවම කැළඹෙයි!



ජනාධිපති සිරිසේන හමුදා නීතිය උල්ලංඝනය කරයි. ත්‍රිවිධ හමුදාවම කැළඹෙයි!


ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළට එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ගෙන ගොස් පරීක්ෂණ පැවැත්වීමට ඉඩ දීම හරහා , ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදා නීතිය උල්ලංඝනය කිරීම සිදුකර ඇති බව LankaGrid වෙත හමුදා ආරංචිමාර්ග හරහා වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් බොහෝ හමුදා නිලධාරීන් සිය කනස්සල්ල පළ කර තිබේ. එහි තොරතුරු මෙලෙසය.

කිසියම් පුද්ගලයෙක් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ගෙන් එකකට බැඳුන විට ඔහු සමස්ත රටට සෘජුවම බලපෑම් කරන අති විශේෂ වගකීම් සමුදායකට අනුගත වේ. එවිට ඔහු ශ්‍රී ලංකාවේ පවත්නා සිවිල් නීතියට එහා ගිය නීතිමය බැඳීම් සමුදායකට යටත් වේ.
එලෙස ජාතික වශයෙන් බලපාන වගකීම් සමුදාය සහ නීතිමය බැඳීම් හේතු කොටගෙන ඔහුව ප්‍රශ්න කිරීමට සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට හෝ සිවිල් අධිකරණයට අවස්ථාව නොදෙයි. මන්ද යත් සිවිල් පුද්ගලයන් හරහා හමුදා තොරතුරු සතුරන්ට ගලා යාමේ සිට තව බොහෝ ජාතික ව්‍යසයන් විය හැකි නිසාය.
එම හේතුව මත ත්‍රිවිධ හමුදා සෙබලුන්ගේ සහ නිලධාරීන්ගේ විනය නියාමනය කිරීම (උදා: අපරාධයක් කළහොත් ඒ ගැන ප්‍රශ්න කිරීම) සඳහා විශේෂ පොලිසි තිබේ. ලොව පුරා එය Military Police ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ එය හැඳින්වෙන්නේ Sri Lanka Corps of Military Police යනුවෙනි. (වෙබ් අඩවිය මෙතනින්). එලෙසම නාවික සහ ගුවන් හමුදා වලටත් වෙනම මිලිටරි පොලිසි තිබේ.
ඒ සඳහා හොඳම උදාහරණයනම් 2002 වර්ෂයේදී සාමාන්‍ය පොලිස් කණ්ඩායමක් විසින් මිලේනියම් සිටි දිගු දුර බලකා නිවස්නය වැටලීම හරහා එහි සියලුම බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු කොටි ත්‍රස්තවාදීන් අතට පත් වීමයි. එදා ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට මිලිටරි පොලිසියට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉඩ ලබා දුන්නානම් කර්නල් මුතාලිෆ් ගේ සිට තවත් සිය ගණනක් බුද්ධි අංශ රණවිරුවන් අකාලයේ ඝාතනය නොවේ.
ඒ අනුව හමුදාව තුළ සිදුවෙන විනයානුකූල ප්‍රශ්න බාහිර සමාජයට යා නොදී මිලිටරි පොලිසිය මගින් පරීක්ෂණ පැවැත්වීම සිදුවෙන අතර, ඒවා විභාග කිරීම සඳහා Judge Advocate General යටතේ යුධ අධිකරණයක් ද තිබේ.
කිසියම් හමුදා නිලධාරියෙක්ව අත් අඩංගුවට ගත හැක්කේ හෝ කිසියම් හමුදා මෙහෙයුමක් හෝ හමුදාවට සෘජුවම සම්බන්ධ දෙයක් පරීක්ෂා කළ හැක්කේ අදාල මිලිටරි පොලිසියට පමණි. එසේ නොමැතිව අපරාධ විධිවිධාන සංග්‍රහයේ ඇති සිවිල් හෝ අපරාධ ක්‍රියා පටිපාටීන් යොදාගත නොහැක. ශ්‍රී ලංකා අපරාධ විධිවිධාන සංග්‍රහයේ 26 වන පරිච්ඡේදයේ පහත පරිදි දැක්වෙයි. මූලාශ්‍රය

එලෙස පැහැදිළිවම දැක්වෙන නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් රණවිරුවන්ව පාවා දී ඇත්තේ මෙලෙසයි. 2015/11/24 දින දිවයින පුවත්පතේ පහත පුවත වාර්තා කරයි.

ඒ අනුව මෙහිදී බරපතල පාවාදීම් 3 ක් සිදු කර තිබේ.
1. අපරාධ විධිවිධාන සංග්‍රහය සහ හමුදා නීතිය උල්ලංඝනය කරමින් සාමාන්‍ය පොලිසිය ලවා නාවික හමුදා කඳවුරක් පරීක්ෂා කරවීම. (මිලේනියම් සිටි සිද්ධියේදී වුණේත් මෙවැන්නකි)
2. ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දීම. එමගින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව අන්තර්ජාතික මැදිහත්වීමක් සිදුවීමට ඉඩ දීම.
3. අපරාධ විධිවිධාන සංග්‍රහය සහ හමුදා නීතිය උල්ලංඝනය කරමින් බුද්ධි අංශ නිලධාරීන්ව සාමාන්‍ය පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීමට සැරසීම.
ඉහත 2 සහ 3 සිදුවීම මගින් එදා මිලේනියම් සිටි පාවාදීමට එහා ගිය මහා පාවාදීමක් සිදුවෙන බව පැහැදිළි වෙයි.
පොලිසිය අයත් අමාත්‍යාංශය වන්නේ “නීතිය සහ සාමය බන්ධනාගාර ප්‍රතිසංසකරන අමාත්‍යාංශය” වේ. එහි හිටපු අමාත්‍ය වන තිලක් මාරපන මහතා මීට පෙර ඉල්ලා අස් වූ බැවින් එකී අමාත්‍යාංශය සහ ඊට අයත් ශ්‍රී ලංකා පොලිසිය ජනාධිපතිවරයාගේ යටතට පැවරුණි.
මෙහිදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ කොටසක් වන නාවික හමුදාවට එරෙහිව අන්තර්ජාතික මැදිහත්වීමක් සිදුවී ඇත. එවන් වාතාවරණයකදී පොලිස් පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයාට තනි තීරණ ගැනීමට නොහැකි අතර එය සෑම විටම සිදුවන්නේ විධායක ජනාධිපතිවරයා මගිනි.
ඒ අනුව හමුදා නීතිය උල්ලංඝනය කරමින් නාවික හමුදා කඳවුරට කඩා පැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට නාවික හමුදාව පාවාදීමේ නියෝගය ලබා දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි.

<
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network