"ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ ;මෙගාඩීල් නැව් 8 මෙන්න! -

"ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ ;මෙගාඩීල් නැව් 8 මෙන්න! -

rajitha - ship - fishery - ct“ඇවන්ගාඩ්” යහපාලන ආණ්ඩුවත් දෙදරුම් කවමින් දේශපාලන පිටිය ගිනියම් කරද්දී ඒ හා බැදුණු ඩොලර් බිලියන ගණනක මහා ධනස්කන්ධයක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියක් රටට ගෙන දුන් මුහුදු ආරක්ෂක ව්‍යාපාරයේ අවස්ථා මේ වන විටිත් රටට අහිමිවෙමන් පවතින බව සදහන් වෙයි. අදාල සමාගම විනාශ කර එම ව්‍යාපාරය මේ රටට හිතවත් නැති මාධ්‍ය මාෆියාකරුවෙටකු හිලව් කරදීමේ මෙහෙයුම තිරය පිටුපස රගදැක්වෙමින් පවතිද්දී ඒ වෙනුවෙන් එළිපිටම හඩ තලමින් අදාල ව්‍යාපාරිකයාට වන්දිභට්ටකම් කරනවායි කියන සුදු පිරුවට හැදගත් එක්තරා පුද්ගලයෙකුගේ හොරමගඩි වලින් අඩු නැති දූෂිත ඉහද පිරුණු යටගියාව ගැන නැවතත් කතාබහක් මතුවන්නට පටන්ගෙන ඇත.
හේ අන්කවරකුවත් නොව යහපාලන රජයේ මාධ්‍ය ප්‍රකාශකයා වන අමාත්‍ය රාජිත සේනාරත්නය. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග දූෂිත ගණුදෙණුවල යෙදී අධිකරණයෙන් වරදකරු වී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපනු ලැබූ ලංකාවේ (දූෂිතයෙකු ලෙස අධිකරණයෙන්ම නිළ මුද්‍රව තැබූ) එකම දේශපාලකයාද ඔහුය. රාජපක්ෂ රජය සමයේ ධීවර අමාත්‍යවරයාව සිටියදී තම ඇමති වරප්‍රසාද වලට මුවා වී තමන්ගේම නැව් සමාගමක් වංචනිකව අරඹමින් ඒ හරහා රුපියල් මිලියන 20000 කට අධිකව ශ්‍රීලංකා රජයට සහ ධීවර ජනතාවට අහිමි කළාය යන බරපතල චෝදනාවක් මෙම තැනැත්තාට තිබේ.
අදාල පුද්ගලයාගේ දූෂිත පැටිකිරිය සම්බන්ධයෙන් සාක්ෂි සහිතවම හෙළිදරව් කරමින් මුලින්ම දෙබරයට ගල් ගැහුවේ බොදු බල සේනා සංවිධානයයි. ඒ 2014 අගෝස්තු මාසයේදීය. (අදාල මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ පටය පහතින් දැක්වේ)

අදාල පාර්ශව පවසන්නේ පසුගිය රජය සමයේ දූෂිතයන්ට එරෙහිව නිතිය අකුරටම ක්‍රියාත්මක වූ නිසාදෝ මේ වන විට වැලිකඩ කල්දේරම් බතේ රස බැලිය යුතුව තිබූ මොහු අදටත් ජනතා බදු මුදලින් යහමින් බඩකට පුරවාගනිමින් වහසිබස් දොඩමින් සිටින බවයි. රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන්, මෙගා ඩීල් කරුවන් දෙපරංශයෙන් ගෙන පරසක්වල ගසන්නෙමියි කියමින් යහපාලන යුගයක් බිහිවන්නේ ඉන් පසුවය. විහිලුවක තරම නම් අදාල පුද්ගලයාද එහි පෙරගමන් කරුවෙක් වීමය. බොදුබල සේනාව රාජිත ඇමතිවරයාගේ මෙගා ඩීල් හෙළි කරද්දී එදා මුඛවාඩම් දමාගෙන සිටි පාර්ශවද ආණ්ඩු පෙරළියෙන් පසුව රාජිතගේ දූෂණවලට එරෙහිව මඩු වල්ගය අතට ගත්හ. ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගිය ජනවාරියේ අදාල ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිල කළහ.
නමුත් අද දක්වා එම පරීක්ෂණ වලට සිදුවූ දෙයක් නැත. සාක්ෂි සහිතවම කරමුලින් අල්ලා ගත හැකිව තිබියදීත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද වනවිටත් තම අකටයුතුකම් සැඟවීමට තැත්කරමින් අන්‍යයන් දූෂිතයන් බවට හංවඩුගසමින් මාධ්‍ය ඉදිරියේ වහසිබස් දොඩමින් සිටින්නේ දූෂිතයන් පරසක්වල ගහනවයි කී යහපාලනය තිතටම ක්‍රියාත්මක වන බැවින්දැයි ජනතාව ප්‍රශ්න කරති.
ධීවර අමාත්‍ය ධූරය දරන සමයේ තම වරප්‍රසාද වලට මුවා වී 2007 අංක 7 දරණ සමාගම් පණත උල්ලංඝනය කරමින් රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් (BLUE OCEAN FISHERY (PRIVATE) LIMITED) නමින් සමාගමක් අරඹා ඇති අතර එහි පාලනය තම සම්බන්ධීකරණ ලේකම්වරයා වූ දොන් ලලිත් අනුරාධ සෙනවිරත්න නමැත්තාට පවරා ඇත. ඉහත ලේකම්වරයා හරහා අදාල සමාගමේ 60%ක කොටස් දරමින් අමාත්‍ය වරයෙකුට ක්‍රියාත්මක කිරිමට නීතියෙන් අවසර නැති ව්‍යාපාරයක යෙදී ඇත.
බ්ලූ ඕෂන් ෆිෂරි සමාගම විසින් රුපියල් මිලියල 400ක පමණ වටිනාකමකින් යුතු (Purse seiners Vassel වර්ගයේ දැවැන්ත ප්‍රමාණයේ ධීවර නෞකා) 8ක් රේගු බදු නොගෙවා වංචනිකව චීනයෙන් මෙරටට ගෙන්වා ඇත. (එම මුදල් දත් දොස්තරකමෙන් උපයාගත් ඒවාදැයි සොයාබැලිය යුතුය) තම බලතල සහ වරප්‍රසාද අවභාවිතයේ යොදවමින් ඉහත සමාගම සදහා වසර 7ක බදු සහනද ලබාගෙන ඇත. බ්ලූ ඕෂන් සමාගම තම අස්වැන්නෙන් 10%ක කොටසක් ධීවර සංස්ථාවට ලබා දීමට ගිවිසුම්ගත වී ඇතත් ඔහු අමාත්‍ය ධූරය දරන සමයේ එම ගිවිසුම් මුළුමනින්ම කුණු කූඩයට විසි කරමින් මාළු අස්වැන්න නිරීක්ෂණය කිරීම සදහා ධීවර අමාත්‍යාංශය විසින් ධීවර නෞකා වලට යොදවන නිලධාරීන් (OBSERVER) අදාල සමාගමේ යාත්‍රාවලට යෙදවිම වළක්වා මාළු මෙට්රික් ටොන් දහස් ගණනක් කොල්ලකා ඇති බවද ඒ හරහා වසර දෙකක් තුළ ශ්‍රී ලංකා රජයට ලැබිය යුතුව තිබූ රුපියල් මිලියන විසිදාහකට වැඩි මුදලක් වංචා කර ඇති බවත් අදාල චෝදනාවල සදහන් වෙයි.
ජාතික නිදහස් පෙරමුණ විසින් රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් කරන ලද මහා පරිමාණ දූෂණය පිළිබව අල්ලස් හා දූෂණ කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල සැකෙවින් පහත දැක්වෙයි.


ජානිපෙ රාජිතට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම හමුවට ( ‘හාල්මැස්සෝ අල්ලමින් බොරුවට කෑමොර දෙන්න එපා! අපි අරගෙන ආවා මිනී මෝරෙක්ව අල්ලස් කොමිසමට. මහත්වරුනි, මෙතැනින් පටන් ගන්න තමුන්නාන්සේලාගේ යහපාලනය පෙන්වන එක. ඒක තමුන්නාන්සේලාගේ ‘ගෙදරින්ම’ පටන්ගන්න’’ )

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network