ටෙන්ඩරයකට එරෙහිව ජනපති, අගමැති ඇතුළු 75කට නොතීසි 

ටෙන්ඩරයකට එරෙහිව ජනපති, අගමැති ඇතුළු 75කට නොතීසි 



පුත්තලම - නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයට ගල් අගුරු සැපයීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළා. අදාළ ටෙන්ඩරය, ටෙන්ඩර් පටිපාටියට එරෙහිව ප්‍රදානය කර ඇති බවට චෝදනා කරමින් පෙත්සම ගොනු කර ඇත්තේ සිංගප්පූරු සමාගමක් විසින්. එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇතැයි නෝබල් රිසෝසස් නමැති සමාගම ප්‍රකාශ කර තිබුණා. තමන් ගල් අගුරු මෙටි‍්‍රක් ටොන් එකක් රුපියල් මිලියන 90 බැගින් ලබාදීම සඳහා ටෙන්ඩර් පත් ඉදිරිපත් කර තිබූ අතර, එය ටොන් එකකට රුපියල් මිලියන 101ක් ඉදිරිපත් කළ ස්විස් සිංගප්පූර් නමැති සමාගමට ලබාදී ඇති බවටයි පෙත්සමින් චෝදනා කර ඇත්තේ.

පෙත්සම්කරුවන් මෙහිදී වගඋත්තරකාර පාර්ශවය ලෙස ලංකා කෝල් කොම්පැනි සමාගම සහ අමාත්‍ය මණ්ඩලය ද නම් කර තිබුණා. පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අතර, එමගින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් 75 දෙනෙකුට නොතීසි නිකුත් කළා. පෙත්සම දෙසැම්බර් 18 වන දා නැවත විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network