විෂ සහිත CIC පොහොර මුදා හරින්න “දුමින්ද” මිලියන 150ක් ඉල්ලයි

විෂ සහිත CIC පොහොර මුදා හරින්න “දුමින්ද” මිලියන 150ක් ඉල්ලයි

කැඞ්මියම් ප්‍රමාණය නිර්දේශ ප්‍රමාණයට වඩා සියයට 300ක වැඩි බව පවසමින් කෘෂිකර්ම අමාත්‍ය අහම්බෙන් ශ්‍රිලනිපයේ ප්‍රධාන ලේකම් වු ඇමති දුමින්ද දිසානායකගේ මැදිහත් විමෙන් මුද්‍රා තැබු පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි CIC පොහොර සමාගමට අයත් තොග ගබඩාව හරහා කප්පම් මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අනාවරණය වි තිබේ.
ඒ අනුව CIC සභාපති හර්ෂ අමරසේකර අත් අඩංගුවට ගැනිම වෙනුවට කෘෂිකර්ම අමාත්‍ය අහම්බෙන් ශ්‍රිලනිපයේ ප්‍රධාන ලේකම් වු ඇමති දුමින්ද දිසානායකගේ ඉල්ලිම පරිදි මිලියන 150ක මුදලක් ඇමති දුමින්ද විසින් මැතකදි මිලදි ගත් පුවත් පතකට ගෙවිමට හර්ෂ අමරසේකර එකඟ කරගෙන තිබේන බව අනාවරණය වි තිබේ.
එම මුදල් ගෙවු සැනින් පෑලියගොඩ ගබඩාවේ ඇති විෂ පොහොර පමණක් මුද්‍රා තබා අනෙකුත් තොග මුදා හැරිමට ඇමතිවරයා එකඟත්වය පලකර තිබේ.
පොහොර කිලෝග්‍රෑමයක අඩංගු විය යුත්තේ කැඞ්මියම් මිලිග්‍රෑම් 5කට වඩා අඩුවෙන් බවටට නිර්දේශ කර ඇතත්, එම ගබඩාව තුළ තිබූ පොහොරවල කිලෝග්‍රෑමයක කැඞ්මියම් මිලිග්‍රෑම් 20කට වැඩි ප්‍රමාණයක් තිබූ බව තහවුරු වී ඇති අතර එම සිද්ධියට සම්පුර්ණයෙන් වගකිවයුත්තා CIC හි සභාපති හර්ෂ අමරසේකර බවද අනාවරණය වි තිබේන අතර ඔහුව අත්අඩංගුවට ගැනිමටද සුදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වි තිබේ.
ආනයනය කරන රසායනික පොහොර සාම්පල පරීක්ෂාව සඳහා මෙතෙක් කල් ඉදිරිපත් කරනු ලැබූයේ එම පොහොර ගෙන්වන සමාගමේ නමද සමඟයි. ඒ අනුව CIC සමාගම පරීක්ෂණ සිදුකරන නිළධාරීන්ට පහාව දී තම නමින් එන පොහොර සාම්පල වල කැඩ්මියම් ප්‍ර‍මාණය මිලිග්‍රෑම් 5 සීමාවේ තබා පරීක්ෂණ වාර්තා ලබා ගනියි. මේ නිසා සාම්ප්‍ර‍දායික ක්‍ර‍මය වෙනස් කළ අමාත්‍යංශය මෙවර එම සාම්පල සමාගමේ නමින් නොයවා වෙනම කේත ක්‍ර‍මයකින් ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබුවා. CIC සමාගමට තරු පෙනුනේ එවර ඔවුන්ගේ පොහොර සාම්පල වල කැඩ්මියම් ප්‍ර‍මාණය මිලිග්‍රෑම් 23.5ක් වැනි අධික අගයක් ගැනීමයි.
ලංකාවේ රජරට ගොවි ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරයන වකුගඩු රෝගයෙන් මේ වනවිට පීඩා විඳින අහිංසක ජනතාව මෙන්ම තම ජීවිතයෙන්ද වන්දි ගෙවූ පිරිස දස දහස් ගණනක්. වකුගඩු රෝගයට ප්‍ර‍ධානතම හේතුව ලෙසින් සැලකෙන කෘෂි රසායන පොහොර වල ඇති ඝන ලෝහ (කැඩ්මියම්) සාන්ද්‍ර‍ය පාලනයකට ලක් කිරීමට පියවර ගැනුණු අතර එය පොහොර කිලෝග්‍රෑම් 1කට කැඩ්මියම් මිලි ග්‍රෑම් 5ක ප්‍ර‍මාණයක් පමණක් නිර්දේශ කෙරුණා. කෙසේ වෙතත් වකුගඩු රෝගයෙන් මියැදෙන ජනතාවගේ අඩුවක් නම් පෙනෙන්නට තිබුණේ නෑ.
රට පුරා පැතිර ගිය වකුගඩු රෝගයට ප්‍ර‍ධාන හේතුව වූ කැඩ්මියම් අධි මාත්‍රාවක් අඩංගු වන්නේ CIC පොහොර වල බව සොයාගැනීමත්, පෑලියගොඩ පිහිටි CICපොහොර ගබඩාව මුද්‍රා තැබීමත් සමඟ රටටම වින කළ මෙම රසායනික පොහොර මාරයා කවුදැයි අනාවරණය වුවද දැන් කප්පම් මාෆියාව හරහා යලිත් එම පොහොර තොග පිටින් යලිත් වෙළඳ පලට එන දිනය වැඩි ඈතක නොවේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network