ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය එලියට

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය එලියට



මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව හේතුවෙන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් විමට ජාතික ආණ්ඩුව සමග එකතුවු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සුදානම් වෙමින් සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව තුළ පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් බහුතරයකගේ මුල්‍ය වංචා, හොරකම් සම්බන්ධයෙන් මෙම වාර්තාව තුළ කරුණු ඇතුළත් විමත් ඔහුන් මේ වන විට මෛත්‍රීට හිතවත් කණ්ඩායම් බැවින් මෛත්‍රීගේ නියෝග මත මෙම කොමිසමේ වාර්තාව එළිදැක්වීම ප්‍රමාද කර තිබේ.

මෙම වාර්ථාව තුලින් පැවති රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ එසේම වත්මන් යහපාලන කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන් ඇතුළු ශ්‍රී-ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් විශාල පිරිසකට චෝදනා එල්ලවීමට නියමිතව ඇති අතර එම හේතුව නිසා මෙම ඇමතිවරුන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම වාර්තාව එළිදැක්වීම දිගින් දිගටම පමා කරමින් පවතින බව වාර්ථා වේ.

කෙසේ වෙතත් මෙම වාර්තාව එළිදක්වා එහි කරුණු පදනම් කරගනිමින්, තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් කළයුතු බවට රජයේ සිටින එක් කොටසක් බලපෑම් එල්ලකරන බව ද වාර්ථා වී ඇත. මෙහි දී මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා හමු වී මෙම වාර්ථාව එළිදැක්වීම හේතුවෙන් ශ්‍රී-ලංකා නිදහස් පක්ෂයට බලවත් හානියක් සිදුවන බවත් එම නිසා මෙම වාර්ථාව වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network