ඉන්දියාවේදී මහා රෑ කුඩා දැරියන් දෙදෙනෙකු දූෂණය කරලා - මෝදිට චෝදනා

ඉන්දියාවේදී මහා රෑ කුඩා දැරියන් දෙදෙනෙකු දූෂණය කරලා - මෝදිට චෝදනා

ඉන්දියාවේ නවදිල්ලි නුවර පසුගිය සිකුරාදා රාත්‍රියේ කුඩා දැරියන් දෙදෙනෙකු දූෂණයට ලක්වීම ගැන ප්‍රාන්ත මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට චෝදනා එල්ලකර තිබෙනවා. ඔහු කියා සිටියේ නගරයේ ආරක්ෂාව පිළිබඳ මධ්‍යම රජයට වගකිව නොහැකි නම් පොලිස් බලතල ප්‍රාන්ත රජයට ලබාදිය යුතු බවයි. දිල්ලි අගනුවර උද්‍යානයක සිහි විසඥව වැටී සිටි වසර දෙකහමාරක් පමණ වූ දැරියක් සිකුරාදා රාත්‍රියේ සොයා ගැනුනු අතර, ඇය දූෂණයට ලක්වී ඇති බවයි පසුව අනාවරණ වුණේ. නගරයේ නැගෙනහිර ප්‍රදේශයේදී යාබද නිවසකට යමින් සිටියදී පස් හැවිරිදි දැරියක්ද පුද්ගලයන් තුන්දෙනෙකු විසින් දූෂණයට ලක් කර තිබෙනවා. මෙම සිද්ධීන් වාර්තාවූයේ සිව් හැවිරිදි දැරියක් දූෂණය කොට දිල්ලියේ දුම්රිය මාර්ගයක් අසල දමා ගොස් තිබියදී හමුවී සතියක් ගතවීමට පෙරයි. කාන්තාවන් පිළිබඳ ප්‍රාන්ත කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ පසුගිය 2014 වසරේ කාන්තාවන්ට එරෙහි අපරාධ 11 000 ක් පිළිබඳව දිල්ලි පොලීසියට වාර්තාවී ඇති අතර, එයින් ද`ඩුවම් පැමිණවීමට හැකිවී ඇත්තේ 9 දෙනෙකුට එරෙහිව පමණක් බවයි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network