නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ජනවාරියේ සිට.

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ජනවාරියේ සිට.




ලෝකයේ දියුණු රටවල්වල භාවිතයට ගැනෙන නූතන තාක්‌ෂණය උපයෝගීකොට ගනිමින් ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට ජනවාරි මාසයේ සිට විද්යුත් ජාතික හැඳුනුම්පතක්‌ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි .

ඒ අනුව දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පත, විද්යුත් ජාතික හැඳුනුම්පතට පරිවර්තනය කෙරෙනු ඇත.

දරුවකු මෙලොවට බිහි වූ දා සිට අදාළ සෑම තොරතුරක්‌ම නව විද්යුත් ජාතික හැඳුනුම්පතට ඇතුළත් කෙරේ. දරුවකුට වයස අවුරුදු දහසය වන තෙක්‌ හඳුනා ගැනීමේ අංකයක්‌ මුලින්ම නිකුත් කරන අතර, වයස අවුරුදු දහසය සම්පූර්ණ වීමෙන් අනතුරුව විද්යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කෙරෙනු ඇත. මෙම නව විද්යුත් ජාතික හැඳුනුම්පත සැකසීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනයත් (ICTA) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව සිදු කරනු ලැබේ.

රටේ අනෙකුත් සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව සියලු කාර්යයන්හි කාර්යක්‌ෂමතාව හා පහසුව පිණිස මෙම නව විද්යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. එමගින් ඕනෑම පුරවැසියකු සඳහා තනි දත්ත ගබඩාවක්‌ තබා ගැනීම හා විද්යුත් පහසුකම් සලසන ඕනෑම අංශයක්‌ මගින් පුරවැසියාගේ පූර්ණ තොරතුරු සහිතව අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වනු ඇත.

අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ කිසියම් පුරවැසියකුට බැංකු කටයුතුවලදී මෙන්ම රියෑදුරු බලපත්‍රයක්‌, විදේශ ගමන් බලපත්‍රයක්‌ ලබා ගැනීමේදී සහ ඕනෑම විද්යුත් සේවාවකදී මෙවැනි විද්යුත් ජාතික හැඳුනුම්පතක්‌ භාවිතයට ගැනීම ඉතා පහසු වන බවයි.

එමෙන්ම රජය මගින් ලබා දෙනු ලබන කිසියම් සහනයක්‌ සුදුසුකම් සහිත පුද්ගලයන් සඳහාම ලබා දීමට ද, වංචා දූෂණ වැනි අක්‍රමිකතාවලින් බැහැරව එම සේවාවන් සැපයීමටත්, නිරීක්‌ෂණය කිරීමටත් මෙයින් හැකියාව උදාවන බව රවී කරුණානායක ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network