එජනිසය නව පෙරමුණක් වෙයි සන්ධානය දෙදරාගොස් .. පලාත් සබා මතිවරණයට වෙනම පක්ශයක්

එජනිසය නව පෙරමුණක් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ රැසක් එළඹෙන පළාත් පාලන මැතිවරණයට නව පෙරමුණකින් තරග කිරීමට තීරණය කර ඇත. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකගේ ද සහාය ඇතිවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේගේ නිවසේදී පැවැති සාකච්ඡාවක දී මෙසේ තනිව තරග කිරීමට තිරණයකට එළඹ ඇති බවයි වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන අයද සහභාගී වී ඇත.

මෙම පෙරමුණට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද සහාය දීමට තීරණය කර ඇති බව ද සදහන් වේ.

මෙම තත්ත්වය මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ අවදානමක් මතුව තිබේ.

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට තීරණය කර ඇත.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network