කොණ්ඩයාගේ නීතීඥයන්ට වැඩ වරදින ලකුණු

කොණ්ඩයාගේ නීතීඥයන්ට වැඩ වරදින ලකුණු

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ නීතිඥයන් මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිසියට කළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකරන බවයි පොලිස් මූලස්ථානයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශද පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර, 2010 වසරේ සිදුවු පිහි ඇණුමක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකදී පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳව ඒ සඳහා පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මෙසේ පැහැදිලි කළා. එහිදී ඔහු කියා සිටියේ මෙම මිනීමැරුම 2010 සිදුවූ අතර ඒ පිළිබඳව නිසියාකාරයෙන් නඩු තීන්දුවක් නොලැබීම හේතුවෙන් ඝාතනයට ලක්වූ තරුණයාගේ පියා සිත් තැවුලෙන් ඊට වසර දෙකකට පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Copyright © 2012 Sri Av Tv Network