ජිනීවාහිදී අප රට එකඟ වී ඇති කරුණු ගැන දන්නවාද?

ජිනීවාහිදී අප රට එකඟ වී ඇති කරුණු ගැන දන්නවාද?



ශ්‍රී ලංකාවේ ස්‌වාධිපත්‍යය, ස්‌වාධීනත්වය, පරමාධිපත්‍යය, ස්‌වෛරීභාවය භෞමික අඛණ්‌ඩතාව ආදී මේ කුමන ආකාරයට හැඳින්වුවද අපට සරලව අවබෝධ කරගත හැක්‌කේ බාහිර බලපෑම්වලින් තොරව අප සියලු දෙනාට එකම රටක්‌ තුළ එකට ජීවත් වීමට ඇති අයිතිය යන්නයි.


අපේ රටේ මේ අයිතිය අහෝසි වීම පිළිබඳව සංවාද - විසංවාද ආරම්භ වූයේ ජිනීවා කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව හා එම වාර්තාවේ දැක්‌වෙන කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා රජය එකඟ වීමත් සමඟය. මේ සම්බන්ධයෙන් රජයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඔය කියන තරම් යකා කළු නැති බව රජයේ මතයයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් වැරැදි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද රජය පැත්තෙන් ඉල්ලීමක්‌ කර ඇත.


මේ සියලු පසුබිම් තුළ ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා පසුගිය 20 දා මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළ කරුණු මෙම තීරුවෙන් අද සාකච්ඡා කෙරෙයි. ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා දිගු කලක්‌ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය වෙනුවෙන් බොහෝ කටයුතු කර ඇති ප්‍රවීණ නීතිවේදියෙකි. ඔහු ඉදිරිපත් කරන කරුණුවල වුව යම් සාවද්‍යතාවක්‌ ඇත්නම් ඒ කරුණු ද මේ තීරුවෙන් රටට පෙන්වා දෙන්නට අප සූදානම්ය.



මනෝහර සිල්වා


ශ්‍රී ලංකාවේ ස්‌වාධිපත්‍යය, ස්‌වාධීනත්වය, පරමාධිපත්‍යය, ස්‌වෛරීභාවය භෞමික අඛණ්‌ඩතාව ආදී මේ කුමන ආකාරයට හැඳින්වුවද අපට සරලව අවබෝධ කරගත හැක්‌කේ බාහිර බලපෑම්වලින් තොරව අප සියලු දෙනාට එකම රටක්‌ තුළ එකට ජීවත් වීමට ඇති අයිතිය යන්නයි.


අපේ රටේ මේ අයිතිය අහෝසි වීම පිළිබඳව සංවාද - විසංවාද ආරම්භ වූයේ ජිනීවා කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව හා එම වාර්තාවේ දැක්‌වෙන කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා රජය එකඟ වීමත් සමඟය. මේ සම්බන්ධයෙන් රජයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඔය කියන තරම් යකා කළු නැති බව රජයේ මතයයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් වැරැදි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද රජය පැත්තෙන් ඉල්ලීමක්‌ කර ඇත.


මේ සියලු පසුබිම් තුළ ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා පසුගිය 20 දා මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළ කරුණු මෙම තීරුවෙන් අද සාකච්ඡා කෙරෙයි. ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා දිගු කලක්‌ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය වෙනුවෙන් බොහෝ කටයුතු කර ඇති ප්‍රවීණ නීතිවේදියෙකි. ඔහු ඉදිරිපත් කරන කරුණුවල වුව යම් සාවද්‍යතාවක්‌ ඇත්නම් ඒ කරුණු ද මේ තීරුවෙන් රටට පෙන්වා දෙන්නට අප සූදානම්ය.


මනෝහර සිල්වා මහතා පෙන්වා දෙන අන්දමට අපේ රජය එකී යෝජනා සම්මතයේදී එකඟ වී ඇති කරුණු අතර ප්‍රධාන කරුණු හයකි. එම කරුණු මෙසේය.


(i) මානව හිමිකම් කවුන්සිලයේ විසිහත්වැනි සැසිවාරයේදී එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌ විසින් සිදු කරනු ලැබූ වාචික කරුණු දැක්‌වීමද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25/1 දරන යෝජනා සම්මුතිය අනුව ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියේ කර ඇති විමර්ශන වාර්තාවද එහි තීරණ සහ නිගමනයන් ද ඊට පෙර ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව (රුජදබජසකස්‌එසදබ) සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති වාර්තාවද ස්‌තුති පූර්වකව භාරගෙන එහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එකඟ වීම (පළමුවැනි වගන්තිය)




(ii) එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ, විශේෂ කාර්ය භාරයන් පවරා ඇති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය එකඟ වීම (19 වගන්තිය)


(iii) එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනු ලබන නිර්දේශයන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන්නේ දැයි සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාව නිරන්තර ඇගයීමට ලක්‌ කිරීමට එකඟ වීම. (18 වගන්තිය)


(iv) ශ්‍රී ලංකාව සිදු කළ මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට විශේෂ බලධාරියකු සහිත අධිකරණ යාන්ත්‍රණයක්‌ නිර්මාණය කිරීමට ද ජාත්‍යන්තර සමාජය පිළිගන්නා මූලික සිද්ධාන්ත පදනම් කරගෙන අපරාධකරුවන් පිළිබඳ නඩු විභාග කොට දඬුවම් කිරීම සඳහා විදේශීය විනිසුරුවරු, නීතිඥවරුන්, අධිචෝදකයන්, විමර්ශකයන් ඇතුළත් වන අධිකරණ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම. (6 වගන්තිය)


(v) 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ සියලුම පළාත් සභා ක්‍රියාත්මක වීම තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාවේ බලය බෙදීමටත් කටයුතු කිරීම. (16 වගන්තිය)

(vi) පවත්නා මහජන ආරක්‍ෂණ පනත සංශෝධනය කොට ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කිරීම. (12 වගන්තිය)


ජනතාව ලබා දුන් ජනවරමකින් බලයට පත් රජයක්‌ ජනතා කැමැත්තකින් තොරව මෙවැනි භයානක විපත් ගෙන දිය හැකි ක්‍රියාදාමයන්ට එකඟ වීම නොකළ යුතුව තිබූ බවද මනෝහර සිල්වා මහතා පෙන්වා දී තිබේ.


ජනතාව ලබාදුන් ජනවරම අනුව ස්‌වාධිපත්‍ය රජයකට ස්‌වකීය නීති සම්පාදනය කිරීමටත් අධිකරණ ක්‍රමවේදයක්‌ මෙන්ම තමන් පාලනය කර ගැනීම සඳහා තමන්ට රිසි රාජ්‍ය පාලන ක්‍රමවේදයක්‌ තෝරා ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් අයිතියක්‌ ඇත.


ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ සැඟව ඇති අරමුණු සම්බන්ධයෙන්ද මනෝහර සිල්වා මහතා හෙළිදරව් කර ඇත. එම වාර්තාවේ මූලික අරමුණු අතර ඉන්දීය රජය බලහත්කාරයෙන් අප මත පැටවූ 1987 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම එකකි.


මෙම 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය 1987 සිට මෙරට බලයට පත් කිසිදු රජයක්‌ පරිපූර්ණ ලෙස බලාත්මක කිරීමට කටයුතු කර නැත. 13 වන සංශෝධනයේ සඳහන් වන පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක වන පොලිස්‌ සේවයක්‌ පිහිටුවීම ප්‍රතික්‍ෂ්ප කර ඇත්තේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන නිසාය.


මෙකී 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධයෙන් පවා අපරාධ නඩු පැවරීම සහ විමර්ශනය කිරීම පවා කිරීමට ශ්‍රී ලංකා ජනරජයට සාමාන්‍යයෙන් නොහැකි වන අතර එකී කටයුතු ද පළාත් මහ ඇමැතිගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන පොලිස්‌ සේවයට පවරා තිබේ. එපමණක්‌ නොව, සාමාන්‍යයෙන් ජාතික පොලිස්‌ සේවය පළාතක්‌ තුළදී නිල ඇඳුම් නොමැතිව සාමාන්‍ය ඇඳුමෙන් සිටිය යුතු බවට ද 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය විධානය කරයි. මෙම කරුණු ඇතුළත් වාර්තාව රජය පිළිගැනීමෙන් පසු ද්‍රවිඩ ජාතික සංධානයේ අදහස්‌ සලකා බැලීම සඳහා අවස්‌ථාව දීම සම්බන්ධයෙන් යෝජනා සම්මතයේ පාර්ශවකරුවන්ට ස්‌වකීය කෘතඥතාව පළ කරමින් ද්‍රවිඩ සංධානය විසින් නිවේදනයක්‌ ද නිකුත් කර තිබේ.


ද්‍රවිඩ ජාතික සංධානය මෙසේ අතිශයින් සතුටු වීම පුදුමයට කරුණක්‌ නොවේ.


යෝජනා සම්මුතියේ (දචැර්එසඩැ ච්රඑ) ක්‍රියාකාරී කොටසෙහි පළමු ඡේදයෙන්, ශ්‍රී ලංකාව පහත වාර්තා හා සැලකිරීම් ස්‌තුති පූර්වකව පිළිගෙන ඇති බවද මනෝහර සිල්වා මහතා පෙන්වා දෙයි.


1. මානව හිමිකම් කවුන්සිලයේදී මහ කොමසාරිස්‌ විසින් 27 වන සැසිවාරයේදී සිදු කළ වාචික ඉදිරිපත් කිරීම.


2. ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ගේ වාර්තාව.


3. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25/1 දරන යෝජනා සම්මුතිය අනුව ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කර ඇති විමර්ශන වාර්තාව සහ එහි නිගමනයන් හා තීරණයන්.


මින් අදහස්‌ වනුයේ යෝජනා සම්මුතියේ අඩංගු කාරණාවන්ට අමතරව, 27 වන සැසිවාරයේදී සිදු කළ දේශනයේ අන්තර්ගත කරුණුද, ඉහත කී මානව හිමිකම් විමර්ශන වාර්තාවේ තීරණ සහ නිගමනයන්ද, ඊට කලින් ඉදිරිපත් කළ සංහිඳියාව සහ වගවීම පිළිබඳ වාර්තාවේ කරුණු ද ශ්‍රී ලංකා ජනරජය නොපැකිළව පිළිගෙන තිබෙන බවය.


ජිනීවා වාර්තාවේ අඩංගු කරුණු රජයක්‌ ලෙස අප පිළිගැනීම නිසා එම වාර්තාවේ සඳහන් පහත දක්‌වා ඇති අප රටේ ස්‌වෛරීභාවයට නොගැලපෙන එමෙන්ම අනිටු ඵල විපාක ගෙන දෙන කරුණු කෙරේද අවධානය යොමු කළ යුතු බවද මනෝහර සිල්වා මහතා පෙන්වා දී ඇත. එම කරුණු සැකෙවින් මෙසේය


1. විදේශීය විනිසුරුවරු, අධිචෝදකයන්, නීතිඥවරු සහ විමර්ශකයන් සහභාගි කරගනිමින්, යුද අපරාධ, මානුෂවාදී නීතියට එරෙහිව අපරාධ, ලිංගික අපරාධ, ළමයින්ට එරෙහිව කළ අපරාධ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි විමර්ශන හා නඩු පැවරීමේ බලයලත් ආයතන, විත්තිය වෙනුවෙන් පෙනීසිටින ආයතන පිහිටුවීමටත්, සාක්‍ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්‍ෂා කෙරෙන වැඩසටහන් පැවැත්වීමටත් විශේෂ දෙමුහුන් අධිකරණ පිහිටුවීම සඳහා විශේෂ නීති සකස්‌ කිරීමට හා ඒවාට වඩා කාර්යක්‍ෂම ලෙස වගකීම ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම.


දෙමුහුන් අධිකරණයක්‌ ස්‌ථාපනය කිරීමේ අවශ්‍යතාව සම්මත කරගත් යෝජනාවෙන් ඉවත් කර ගැනීමට ආණ්‌ඩුව සමත් වූවා යෑයි මහ ඉහළින් කතා කරනු ලැබුවද, ඇත්ත වන්නේ මානව හිමිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌වරයාගේ වාර්තාවේ සියලු තීරණ හා නිගමනයන්ට රජය එකඟ වී තිබීමයි. ඒ හරහා විදේශීය විනිසුරුවරු, විදේශීය නීතිඥවරු සහ විදේශීය විමර්ශකයන් සහභාගි කරගන්නා දෙමුහුන් අධිකරණයක්‌ ස්‌ථාපනය කිරීමට එකඟ වී තිබේ. එනිසා යෝජනා සම්මුතියේ බැලූ බැල්මට "දෙමුහුන් අධිකරණ" යන වචන පෙළ සඳහන් කර නැතත්, ශ්‍රී ලංකා ආණ්‌ඩුව දෙමුහුන් අධිකරණ නිර්දේශ කරන එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව පිළිගැනීමෙන් එකී ක්‍රියාමාර්ගයන් පිළිගෙන තිබේ.


2. ශ්‍රී ලංකාව තුළ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීමට සහ ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට ආරාධනා කිරීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිරික්‌සීමට කටයුතු සැලසීමට ද රජය එකඟ වී ඇත.


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නියාමනය කිරීම සඳහාත් මහ කොමසාරිස්‌වරයාගේ නිර්දේශ හා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සියලු යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදෙස්‌ සැපයීමටත් තාක්‌ෂණික සහය සැපයීමටත් ශ්‍රී ලංකාව තුළ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයක්‌ ස්‌ථාපනය කිරීමටත් ආරාධනා කිරීම යනුවෙන් වාර්තාවේ අංක 03 යටතේ සඳහන් කරුණුවලට ද රජය එකඟ වී ඇත.


මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කාර්යභාර නිලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමටත් ලිංගික ප්‍රචණ්‌ඩත්වය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ නිත්‍ය නියෝජිතවරයා, ළමා සහ යුද අපරාධ සම්බන්ධ එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත, කෲර වදහිංසනය සහ මිනී මැරුම් සම්බන්ධව එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සහ අත්තනෝමතික සිර කර තැබීම් පිළිබඳ ක්‍රියාකාරී කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කිරීමට ද රජය එකඟත්වය පළකර ඇත.


මෙම නිර්දේශයන් ලංකාවේ අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් පිටරැටියන්ට අත පෙවීමට ඉඩ සලසයි. මේ යෝජනා පිළිබඳ ශ්‍රී ලංකාවට එරෙහිව නිර්දේශ කර ඇත්තේ, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලැබී ඇති වරමින් ඔබ්බට යමින් කෙරෙන අයුතු මැදිහත් වීමක්‌ තුළිනි.


මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට බලය ලබාගෙන ඇත්තේ, 25/1 දරන මානව හිමිකම් කවුන්සල යෝජනා සම්මතය හරහාය. එකී යෝජනා සම්මතයෙන් දක්‌වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ දෙපාර්ශවය විසින්ම සිදු කරනු ලැබ ඇතැයි චෝදනා කරනු ලැබ ඇත්තා වූ බරපතල ගනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ සම්බන්ධ අපරාධ පිළිබඳ විමර්ශනයක්‌ පැවැත්වීමටය.


එසේ වුවද, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ දේශපාලන බලය බෙදාහැරීමටත් 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ ඒ යටතේ ඇති කළ පළාත් සභාවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මැදිහත් වීමට මෙය අවස්‌ථාවක්‌ කරගෙන තිබේ.


2015.10.20 දින කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු ඇසුරෙනී. 



ජයසූරිය උඩුකුඹුර



(උපුටාගැනීම දිවයින පුවත්පතෙනි)
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Copyright © 2012 Sri Av Tv Network