“වන්නි මෙහෙයුම” 3D පරිගණක ක්‍රීඩාව වාරණය කරයි. නිර්මාණ ශිල්පියාට යහපාලනයෙන් තර්ජන.

“වන්නි මෙහෙයුම” 3D පරිගණක ක්‍රීඩාව වාරණය කරයි. නිර්මාණ ශිල්පියාට යහපාලනයෙන් තර්ජන.


ශ්‍රී ලංකාවෙන් බිහි වීමට තිබූ සුපිරිතම ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක්, දෙමළ ජනතාවගේ සිත් රිදෙනවා කියමින් යහපාලන ආණ්ඩුවේ බලපෑම නිසා වාරණය වූ කණගාටුදායක පුවතක් ලංකාග්‍රිඩ් වෙත ලැබී තිබෙනවා.

ඔබ මේ ලිපියට උනන්දු අයෙක්නම් ඔබ අනිවාර්යයෙන්ම කෝල් ඔෆ් ඩියුටි, කවුන්ටර් ස්ට්‍රයික්, අයිජීඅයි, මෙඩල් ඔෆ් ඔනර් ආදී ඇමරිකානු පරිගණක ක්‍රීඩා අත්විඳින්නට ඇති. අප රටේ මීට පෙර පරිගණක ක්‍රීඩා කිහිපයක් බිහි වුණත්, අපේම කියා හොඳ ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක් මෙතෙක් බිහි වුණේ නෑ.

ඒ අඩුව සපුරාලමින් වන්නි මෙහෙයුම නමින් 3D පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට තරුණ නිර්මාණ ශිල්පියෙක් කටයුතු කළා. ඔහු වසර 3 ක් තිස්සේ මෙය නිර්මාණය කළ අතර එළිදකින්නට තිබුණේ 2015 වර්ෂයේදී යි.

අවාසනාවක මහත, එම පරිගණක ක්‍රීඩාවේ LTTE ලෝගෝ එක තිබෙනවා කියමින් එම පරිගණක ක්‍රීඩාව වත්මන් රජය විසින් වාරණය කර තිබෙනවා.

එහෙත් ඇත්තටම හේතුව වී ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ව ඝාතනය කරන දසුන් එම පරිගණක ක්‍රීඩාවේ තිබීම වත්මන් රජයේ නොසතුටට හේතු වීමයි. ඊට තවත් හේතුවක් වී තිබෙන්නේ තරුණයින් අතර නැවතත් රණවිරුවන් කෙරෙහි ප්‍රබෝධයක් ඇති වීම, යුද අපරාධ පිළිබඳව හමුදාවට එරෙහිව පරීක්ෂණ පවත්වන මෙවන් වකවානුවක රජයට අවාසිසහගත වීමයි.

එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග වලින් ලංකාග්‍රිඩ් වෙත ලැබුණ තොරතුරු අනුව එම නිර්මාණ ශිල්පියාට එරෙහිව ඉදිරියේදීCID මගින් පරීක්ෂණයක් සිදුකිරීමටත් නියමිතයි. ඔහු ෆේස්බුක් එකේ දක්වා ඇති අදහස් වලිනුත් ඒ බව තහවුරු වෙනවා.

පහත දැක්වෙන්නේ “වන්නි මෙහෙයුම” 3D පරිගණක ක්‍රීඩාවේ නිර්මාණ ශිල්පියා විසින් ෆේස්බුක් එකේ තබන ලද සටහන.

   Wanni Operation the game has been stopped

((((((  මට කියන්න කනගාටුයි මම මේ එක හදන එක නතර කරනවා. මට සෑහෙන්න තර්ජන ආවා මේ game එක නිසා එත් එවා ගනන් ගන්නේ නැතුව මේ game එක හදලා නිමා කරන්නමයි මම තැත් කරේ මම ලන්කාවේ ආරක්‍ෂක අංශයට 3 පාරක් මේ game එක ගැන කියලා අවසරෙ ඉල්ලුවා LTTE LOGOඑක පාවිච්චි කරන්න මොකද LTTE LOGOඑක ලන්කාවේ තහනම් LOGO එකක් නිසා මට අද වෙනකම් මේකට කිසිම උත්තරයක් ආවෙ නැහැ ඇත්තම කියනවනම් දැන් ලන්කාවේ තත්වේ අනුව මම ආරක්‍ෂක අංශයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ
මට තව ගොඩක් problems එ ඔක්කොටම මම මේක නතර කරන්නේ මගේ family එක ගැන හිතලා මම මේ game එක හැදුවේ සල්ලි බලාපොරොත්තුවෙන් වත් වෙන මොකක්වත් බලාපොරොත්තුවෙන්වත් නෙමේ මම මේක කරේ අපේ රනවිරැවන්ට උපහාරයක් වෂයෙන් තව ගොඩක් දෙවල් ලියන්න තිබුනත් ලියන්නේ නැත්තේ මට ලන්කාවේ තත්වේ ගැන ලොකු කලකිරීමක් ඇති වී නිසයි
  ගොඩාක් සතුතී මට කරපු සහයෝගයට මම ගොඩක් කනගාටු වෙනවා මේ game එක එලියට දාන්න බැරි උනාට

  මම මේ page එකත් ලගදීම delete කරනවා)))))))))


  p.s. සින්හල ඦාතිය කියන්නේ එසේ මෙසේ ඦාතියක් නෙමේ අද අපේ සින්හලකම මෙහෙම බල්ලට ගිහින් තියෙන්නේ අපේම එවුන් අපිටම වල කපන නිසා එ වගේම ඔය කැපුවත් නිල් කොල කියන අයයි තව තමන්ගේ pocket එක ගැන හිතලා හැම දෙයක්ම පාවා දෙන එවුනුයි ඉන්නකන් අපිට කවදාවත් හරියන්නේ නැහැ. source

2015 දී බිහිවීමට තිබී එලෙස වාරණය වූ වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාවේ තවත් වීඩියෝ කිහිපයක් පහතින්.




මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Copyright © 2012 Sri Av Tv Network