අයවැය හිඟය පියවීමට රුපියල් බිලයන 200ක අලුත් මුදල්!

අයවැය හිඟය පියවීමට රුපියල් බිලයන 200ක අලුත් මුදල්!


දැඩි අයවැය හිඟය පියවීම සඳහා පසුගිය මාස 4 ඇතුළත පමණක් රුපියල් බිලියන 200ක මුදලක් අලුතින් මුද්‍රණය කර ඇති බව නිල දත්ත සමීක්ෂණය කිරීමේදී පෙනී යයි. පසුගිය මාස කිහිපය තුළ වාහන ඇතුළු අානයනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රට තුළට නිදහස්ව ගලාගෙන ආ නමුත් ශ්‍රී ලංකාවෙන් සිදුකෙරුණු අපනයන දැඩි ලෙස පහත වැටෙන ලදී. මේ හේතුවෙන් තේ සහ රබර් මිල පහත වැටුණු අතර කුඩා තේ වතු හිමියන් සහ රබර් කර්මාන්තකරුවන් දැඩි මුල්‍යමය අපහසුතාවයන්ට ගොදුරු විය.

රට තුළ උද්ගත වූ මෙම මුදල් හිඟය හේතුකොටගෙන බැංකු මගින් ණය ලබාදීම සහ කල්බදු පහසුකම් ලබාදීමේදී මෙතුවක් නොපැවති අලුත් කොන්දේසි පැණවීමට බැංකු සහ මූල්‍ය අායතනවලට සිදුවිය.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ ගිය රුපියලේ අගය හේතුවෙන් පරිඝණක, ඉලෙක්ට්‍රොනික උපංග සහ වාහන ද ඇතුළුව මෙරටට ආනයනය කරන සියලුම ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ ගොස් ඇති අතර රජයේ ආර්ථික අංශයන් විසින් නිකුත් කරන ලද වාර්තාවල කුමක් සඳහන් වුවත් තරමක් ස්ථාවරව පැවැති ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය යහපත් නොවන ආකාරයෙන් වෙනස් වන්නට පටන්ගෙන ඇතැයි ස්වාධීන විචාරකයෝ පෙන්වා දෙති.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network