ඊජිප්තුවේ සිට රුසියාව බලා පියාසර කරන ලද ගුවන් යානයක් කඩා වටේ _ isiss ප්‍රහාරයක් දැයි සැකයක් .(විඩියෝව සහිතයි )

ඊජිප්තුවේ සිට රුසියාව බලා පියාසර කරන ලද ගුවන් යානයක් කඩා වටේ _ isiss ප්‍රහාරයක් දැයි සැකයක් .(විඩියෝව සහිතයි )



ඊජිප්තුවේ සිට රුසියාව බලා පියාසර කරන ලද යානයක් කඩා වැටේ .එහි මගින්  224 සිට ඇති අතර සියලු දෙනාම රුසියානුවන් බව සදහන් වේ . ඉජිප්තුවේ  sharm el - sheikh ,St pietroburgo   වලින් පිටත් වූ 321 Airbus ගුවන් යානය විනාඩි 20 කට පසු  මීටර් 9268   ඉහල අහසේ පියාසර කරමින් සිටයදී එරට වේලාවෙන් අද උදැසන 5.51 පමණ මෙම අනතුර පත්ව ඇත . මෙම යානය කඩා වැටුණු ස්ථානයේ කිසිදු ගොඩනැගිල්ලක් හෝ පුද්ගලයි නොමැති පාලු ස්ථානයකි .

මෙය isiss ප්‍රහාරයක් දැයි සැකයක් පවතින බව සදහන් වේ .  නමුත් ඊජිප්තු බලදාරින් පවසන්නේ යානයේ පැවතී කාර්මික දෝෂයක් බවත් , ඉතා ඉක්මණි ගොඩබස්වන ලෙස දැන්වූ බවත් සදහන් වේ .



කෙසේ නමුත් මේ වනවිට කළු පෙට්ටිය සොයාගෙන ඇත.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

සිසුන්ට පහරදුන්නේ ආරක්ෂක ඇමතිගේ නියෝගයෙන්

සිසුන්ට පහරදුන්නේ ආරක්ෂක ඇමතිගේ නියෝගයෙන්



ඊයේ උසස් තාක්ෂණ (එච්එන්ඩීඒ) උපාධි පාඨමාලාවට හිමි වටිනාකම නැවත බලාත්මක කිරීම, උසස් තාක්ෂණ සිසුන්ටද මහපොළ වාරිකාය වැඩි කිරීම, මුදලට උපාධි විකිණීම නතර කිරීම හා ශිෂ්‍ය මර්දනය නැවතීම යන ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරතවූ සිසුන්ට සියලුම නීති කඩකරමින් එලවා එලවා පහරදුන්නේ ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ නිවේදනය ලැබිමෙන් පසුව බව පොලිස්පතිවරයා අනාවරණය කර තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

කොළඹ ප්‍රදේශයේ අධික වාහන තදබදයක් පවතින බවට තොරතුරු ලැබි ඇති බවත් වහාම එයට හේතුව සොයා වාර්තාකරන ලෙස ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටි බවත් පසුව උද්ඝෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් පසුව සුලු වේලාවකට පසුව ආරක්ෂක අමාත්‍යංශයේන් ලැබුනු නිර්දේශ මත කැරලි මර්දණ එකක යොදවා සිසුන්ට පහරදුන් බව පොලිස්පතිවරයා සදහන් කර තිබේ. 

මේ අතර ඊයේ පහරදිමට නියෝග නිකුත් කිරිම සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශය තුල අර්බුදකාරිත්වයක් හටගෙන තිබේන බවද වාර්තා වේ.

මේ අතර ආයුධ ගත් කැරැල්ලක් මර්දණය කරන ආකාරයට යහපාලන ආණ්ඩුව මේ දගලන්නේ …..සිය අවසන් කාලය සනිටුහන් කිරිමටද?

හිතක් පපුවක් නැතිව ගැහැණු දරුවෙක්ව මහ පාරේ දණ ගස්සවලා ඔළුව පලනවා. මේ ත්‍රස්තවාදියෙක් නෙමෙයි, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවෙක්, ඇගේ මහපොළ වාරිකය ඉල්ල ගන්නයි මේ කෑ ගහන්නේ කියල මේ මුරුගයන්ට තේරෙන්නේ නැති හැටි
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හම්බන්තොට නටපු සල්ලිවලින් කරපු දේ මෙන්න

හම්බන්තොට නටපු සල්ලිවලින් කරපු දේ මෙන්න




හම්බන්තොට වරාය විවෘත කළ දිනයේ සන්දර්ශනය සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා චන්න - උපුලි දෙදෙනාව ජනාධිපති කොමිසම වෙත පසුගිය දා කැඳවනු ලැබුවා.
වරාය විවෘත කළ දිනයේ සන්දර්ශනය සඳහා ලබාගත් මුදල් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණා.
මේ සම්බන්ධයෙන් චන්න විජේවර්ධන අදහස් කිහිපයක් මතු කර තිබෙනවා.


එම අදහස් පහතින් දැක්වෙනවා.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

 ලක්‍ෂ 68ක් මේ සඳහා වියදම් වුණු විදිය කියන්න පුළුවන්ද?

 "ළමයි 200යි. ඇඳුම් 200යි. කෝඩිනේටර්ස්ලා 10යි. අම්මලා 30ක් විතර සම්බන්ධ වෙලා හිටියා. මාස එකහමාරක් විතර පුහුණුවීම් ගියා. ඒ හැම දේටම ගෙවන්න ඕන. සමහරදාට රෑ දවල් බලන්නේ නෑ.

 රෑ වුණාම ළමයි ගිහින් බස්සන්න ඕන මගේ වාහනෙන්. ඇඳුම් ගනිද්දි ස්පෙෂල් රෙද්දක් ගන්න ඕන. තෙමුණම එහා මෙහා පේන්නේ නැති රෙද්දක්. මොකද තෙමුණොත් මැදින් වතුර එනවා. ඇඳුම් ගනිද්දි උඩින් පේන්නෙ නෑ. මේකප්, රංග වස්ත්‍රාභරණ, රංග භාණ්ඩ, මේ සියලුම දේවල්වලට තමයි මේ මුදල යන්නේ. හම්බන්තොට ගිහින් ඉන්න ඕන. ඒකටත් අපි ලොකු හෝටල් ගත්තේ නෑ. සාමාන්‍ය තැනක් ගත්තෙ. සමහර ළමයි නිදාගත්තෙ බිම. අපි ලොකු තැනක් ගත්තා නම් වියදම මීටත් වඩා යනවා. අපි ඉල්ලුව නම් අපිට නොදී ඉන්නෙත් නෑ. මට හරි දුකක් ඔය ලක්‍ෂ 68 මම සාක්කුවේ දාගත්තා කියලා හිතන එක. මගේ මේ අතින් අරන් අනිත් අතින් ඒ ඔක්කොම සල්ලිවලින් ගෙවීම් කළා.

 රජයට මම හැමදේම සේවයක් වශයෙන්. ජේ.ආර්. මහත්තයාගෙ කාලේ ඉඳන් අපිට වැඩ එනවා. අපි සාෆ් කරනවා. ඉන්ඩිපෙන්ඩන්ස් කරනවා. මම අවුරුදු ගාණක් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කළා. රජයට සේවයක් කරනවා මිසක් රජයේ මුදල් මගේ නිර්මාණවලට ගන්නේ නෑ. මේ ඉවෙන්ට් එකට මගේ යටතේ නැටුව වෘත්තීය නර්තන ශිල්පියකුට 15,000 ගාණේ දුන්න. 15,000 වැඩි කරන්න දෙසීයෙන්.

 එහෙම ගණන් හැදුවොත් අතින් කයිට් කරන් තමයි වැඩේ කරලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් මේ වැඩේ මට පාඩුයි. මම දැක්කා ෆේස්බුක් එකේ මනුස්සයෙක් ලියලා තියෙනවා රජයේ සල්ලි තියෙන්නේ මුන්ට මඟුල් නටන්නද කියලා. මම ගත්තෙ නෑ සත පහක්වත්. වෘත්තීය ශිල්පීන්ට මං ගෙව්වා. ෆේස්බුක් එකේ ලියපු මිනිහට අනිත් පැත්තට ලියන්න මගේ කිසිම අවශ්‍යතාවක් නෑ. මම කළේ සේවයක්. ඒ සේවය අනිත් පැත්තට තමයි දැන් කැරකිලා තියෙන්නේ. 

 මම වරාය අධිකාරියත් එක්ක තමයි මේ ගනුදෙනුව පැවැත්තුවේ. එයාලට තුන්සීයක් දාලා නටවන්න ඕන වුණේ. තුන්සීයක් දැම්මා නම් තවත් ගාණ වැඩි වෙනවා. මේක ඉතාම ඉහළින් තමයි අපිට ඕන කියලා කිව්වෙ. ඊට කලින් දවසෙ රෑ වැහැලා අපි ග්‍රවුන්ඩ් එකට ගියාම කටුකම්බි කෑලි, වීදුරු කෑලි ළමයි තුන්හතර දෙනෙක්ගේ කකුල් කැපිලා මැහුම් දාලා ඒ.සී. වාහනවල තමයි ගෙනාවේ. කිසි කෙනෙක් ඒවා ගැන කතා කළේ නෑ.  "
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්ද,ගෝඨාට සමාවක් නෑ-දකුණේ ආණ්ඩුව ජිනීවා වලදි පොරොන්දු වුනා

මහින්ද,ගෝඨාට සමාවක් නෑ-දකුණේ ආණ්ඩුව ජිනීවා වලදි පොරොන්දු වුනා



හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාවට දඩුවම් ලබා‍නොදෙනු ඇති බවත්, ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන බවටත් ශ්‍රී ලංකා රජය කල ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක,විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අවධානය යොමුකරන බවත් ආණ්ඩුවට එවැනි ප්‍රකාශයක් කිරිමට කිසිදු හැකියාවක් නැති බවද සම්බන්ධන් පවසා තිබේ.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජජපක්‍ෂ සහ ත්‍රිවිධ හමුදාවට දඬුවම් ලබානොදෙන බවට පෙරේදා 29 වන දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර කල ප්‍රකාශය සම්බන්ධයෙන් ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සන්ධානයේ නායක,විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ අවධානයට යොමුකර ඇති අතර එහිදි සම්බන්ධන් පවසා ඇත්තේ ජාත්‍යන්තරව ගත් තින්දුවක් වෙනස් කිරිමේ බලය දකුණේ රජයට නොහැකි බවයි.

පසුගිය ජිනීවා සාකච්ඡාවලට එක්වු දකුණේ රජයේ ජනාධිපතිවරයා,විදේශ කටයුතු ඇමතිවරයා සහ නිළධාරීන් ශ්‍රි ලංකාව තුල උතුරේ අහිංසක දෙමළ ජනතාව ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ කිරිමට කොන්දේසි රැසකට එක් වු බවද විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අනාවරණය කර තිබේ.

දෙමළ ජනතාව කිසිඳු අවස්ථාවක අභ්‍යන්තර පරීක්‍ෂණයක් පිළිනොගනු ඇති බවත් රජය ප්‍රකාශ කරන අන්දමින් අධිකරණ ක්‍රියාවලිය අනුමත නොකරනු ඇති බවද සම්බන්ධන් පවසා තිබේ.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

දිගු දුර විහිදුම් බළකාය පාවාදීම (මිලේනියම් සිටි පාවාදීම)

දිගු දුර විහිදුම් බළකාය පාවාදීම



ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිටි දිගුදුර විහිදුම් බළකාය මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් වැටලීමයි.

අතිශයින්ම රහසිගත මෙම දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම උඩුගම්පොල නමැත්තාගේ ක්‍රියාදාමය නිසා මුළුමනින්ම හෙළි විය. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්‍ෂි විමසීම පවා පළ කිරීමෙන් ඇතැම් මාධ්‍ය වැළකී සිටියේය.

එවකට ජනමාධ්‍ය ලේකම්ව සිටි කුමාර් අබේසිංහ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් තමා අතුරුගිරිය සිදුවීම වීඩියෝගත කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දුට අමතා යුද හමුදාව ඉදිරියේ එය සිදු කිරීමට අවසරය ගත් බව කියා සිටියේය. එහෙත් මේ කිසිම නිලධාරියකු මෙවන් ප්‍රචාර නිසා ජාතික ආරක්‍ෂාවට හානි සිදුවන බව අදහස්‌ කළේ නැත.

කුලසිරි උඩුගම්පොලගේ මේ පාවාදීම සාධාරණීයකරණය කිරීමට මෙරට මාධ්‍ය පාර්ශ්වයන් දෙකක්‌ දැඩි ලෙස උත්සාහ කරනු ලැබීය. ඉන් එක්‌ පාර්ශ්වයක්‌ වූයේ රජයේම සති අන්ත පුවත්පතකි. උඩුගම්පොළගේ ඥතියකු අන්වර්ථ නම් භාවිත කරමින් දිගුදුර විහිදුම් බළකාය වැටලීම සාධාරණීයකරණය කරනු ලැබීය. 2002 ජනවාරි 2 වැනිදා රාත්‍රියේ කුලසිරි උඩුගම්පොල අතුරුගිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කිසිම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට නොදන්වමිනි. කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යෑයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත.

අතුරුගිරිය සිද්ධිය පුවත්පත්වලට හෙළි කිරීම සඳහා ඔහු මහනුවර සිට හිටපු උප සේවා පොලිස්‌ කොස්‌තාපල්වරයකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවකු ද ගෙන ආවේය.

එවකට සිටි පොලිස්‌පතිවරයා ද උඩුගම්පොලගේ මෙහෙයුම සමයේ අසරණ තත්ත්වයට පත් විය. ඔහු කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි අංශයට ගොස්‌ ලිපිගොනු ද ලබාගනු ලැබීය. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය වූයේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්‌, කර්නල්වරයෙක්‌, මේජර්වරු තිදෙනකු හා කෝප්‍රල්වරයෙක්‌ මෙම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වටලන බව දැන සිටි බවයි.

දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල නමැත්තා ඔවුන් මහනුවරට ගෙනගොස්‌ කටුගස්‌තොට පොලිසියේ රඳවනු ලැබීය. එවකට ආරක්‍ෂක ඇමැතිව සිටි මාරපන මහතා එකී කණ්‌ඩායම නිදහස්‌ කරන ලෙස කළ නියෝගය ද ක්‍රියාත්මක වූයේ දින කීපයකට පසුවය.

මේ හමුදා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල එතැනින් නතර වූයේ නැත. ඔහු හමුදාපති හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනු ලැබීය. මේ සිද්ධිය බලා සිටි කොටි අතිශයින්ම ප්‍රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එකල කොටි වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත.

මේ අතර නිදහස්‌ වූ දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට ගියහ. මෙකී මානව හිමිකම් නඩුව ඉල්ලා අස්‌කර ගන්නා ලෙස දන්වමින් එකී කණ්‌ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔවුහු ඊට එකඟ නොවූහ. 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දුන්නේය. දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කළ අධිකරණය සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 7,50,000 ක්‌ බැගින් ගෙවිය යුතු යෑයි නියම කළේය. උඩුගම්පොල ද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කරනු ලැබීය. මෙහිදී උඩුගම්පොලගේ ක්‍රියාදාමය අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌විය. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන්නැයි එවකට පොලිස්‌පතිව සිටි ඉන්ද්‍රා ද සිල්වා වෙත නියෝග කරනු ලැබීය. 2005 මාර්තු 23 වැනිදා කුලසිරි උඩුගම්පොළව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ඇප මත නිදහස්‌ විය.

දැන් රාජ්‍ය රහස්‌ පනත යටතේ උඩුගම්පොළට එරෙහිව නඩු පැවරී තිබේ. "අතුරුගිරිය මිලේනියම් සිටි සිද්ධියේ කනගාටුදායක පැත්ත මෙයයි. මේ විශේෂ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට සහාය වූ බුද්ධි චරපුරුෂයන් කවුරුන්දැයි කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට වාර්තා විය. ඒ අනුව කොටි ගැන තොරතුරු සපයන ද්‍රවිඩ බුද්ධි චරපුරුෂයන් ඝාතනයවීම ආරම්භ විය.

මේ කොටි විසින් ඝාතනය කළ බුද්ධි කණ්‌ඩායමයි. 2002 ජනවාරි 20 - විද්‍යාදරන් හෙවත් නිති, 2002 පෙබරවාරි 9 - ක්‌ලාරි හෙවත් ගඩාපි, 2002 ජුලි 22 - අරින්ජාන් හෙවත් සමින්දරාජන්, 2002 දෙසැම්බර් 11 - ගනේෂමූර්ති හෙවත් තිලක රාජා, 2003 ජනවාරි 03 - කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසා, 2003 මාර්තු 18 - රගුපති හෙවත් රගු, 2003 අප්‍රේල් 13 - රංජන් හෙවත් වර්ධන්, 2003 අප්‍රේල් 26 - අශෝක්‌ දේවරාජා 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්, 2002 අගෝස්‌තු 14 - දේවදාස්‌, 2002 දෙසැම්බර් 02 - අයිස්‌, 2003 අප්‍රේල් 23 - යශෝධරන්, 2003 මැයි 19 - සූරියන්, 2003 අගෝස්‌තු 03 රිල්වාන්, 2003 අගෝස්‌තු 08 ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 - සබාරත්නම්, 2004 ජනවාරි 31 - යෝගරාසා හෙවත් ප්ලොට්‌ මොහාන්.

දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ වුවත් සටන් විරාමය නිසා ඔවුන්ට මෙරට රැඳී සිටීම අනතුරුදායක විය. මේ නිසා ඔවුහු විදේශගත වූහ.

මෙම අතිශයින්ම රහසිගත හමුදා බළකාය අල්ලා ගැනීමට නීති විරෝධී මෙහෙයුමක්‌ දියත් කළ කුලසිරි උඩුගම්පොල නමැත්තා එදා සිටි පොලිස්‌පති, හමුදාපතිටත් ඉහළින් කටයුතු කළ බව මෙහිදී සනාථ විය.

මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම පරීක්‍ෂණ පටන් ගැනීමත් සමගම උඩුගම්පොලට මිලේනියම් සිටි නිවස ගැන තොරතුරු සැපයූ බව කියන පුද්ගලයා ද අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි අනාවරණය විය.

එසේම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට තමා පැමිණියේ අධිකරණ නියෝගයක්‌ මත යෑයි උඩුගම්පොල පැවසූ නමුත් එම නියෝගය ඔහු කිසිවිටෙක පෙන්නුම් කළේ නැත.

මේ හැර යුද හමුදාව මෙකී කණ්‌ඩායමේ හා අවි ආයුධවල නීත්‍යනුකූලතාවය ගැනද ලියවිල්ලකින් සනාථ කරන්නේ නම් දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ කරන බවද උඩුගම්පොල පවසා තිබිණි.

එවැනි ලිපියක්‌ යුද හමුදාව විසින් ගෙනවිත් උඩුගම්පොලට බාරදුන්නත් ඔහු ඒ ගැන තැකීමක්‌ කළේ නැත.

විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවූ තවත් කරුණක්‌ නම් ඇතැම් හමුදා නිලධාරීන් සෘජුව සහ වක්‍රව උඩුගම්පොලගේ මේ වැටලීම දැන සිටි බවයි. ඔවුන් නම් ලුතිනන් කර්නල් පත්මසිරි උඩුගම්පොල (උඩුගම්පොලගේ සොහොයුරු), මේජර් ජනරාල් අයිවන් දසනායක, කර්නල් කේ. එච්. ධර්මරත්න, මේජර් ඒ. සී. සොයිසා, මේජර් ඒ.එස්‌. පොඩිඅප්පුහාමි, මේජර් කේ. යූ. ජයනෙත්ති, මේජර් නජිත් කරුණාරත්න, කෝප්‍රල් ඡේ. එච්. සිල්වා, කෝප්‍රල් එම්. වී. පීරිස්‌.

එදා පැවැති එ.ජා.ප. රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ ප්‍රධානී කපිතන් නීලම් ඇතුළු පිරිසට දැඩි බලපෑම් එල්ල කළත් එකී කණ්‌ඩායම ඊට හිස නැමුවේ නැත.

විශේෂ ජනාධිපති කොමිසම සිය වාර්තාවේ මෙලෙස ද දක්‌වා ඇත. 2001 මහා මැතිවරණයට පෙර මෙම රහසිගත නිවසේ ලිපිනය දැනගැනීමට කර්නල් පරාක්‍රම දසනායක උත්සාහ කළ බවට තදබල සාක්‍ෂි ඇත. දසනායක නමැත්තා මෙහිදී කියා සිටියේ තමා මාලඹේ ඉදිකරන නිවස සඳහා සහාය ලබාගැනීමට කපිතන් නීලම්ට ඇමතීමට අවශ්‍ය බවයි.

මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බළකා සිද්ධිය මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ ද්‍රොහීමය ක්‍රියාදාමයකි.

එහිදී දේශපාලන පොලිස්‌ නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පොල ක්‍රියා කළ ආකාරය මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවටම සිදුවූ අවමානයකි.

උඩුගම්පොල බේරාගැනීම සඳහා හිටපු නෝවීජියානු ආධාරකාරියක්‌ වූ මාධ්‍යවේදිනියක්‌ ද උඩුගම්පොලගේ ඥතියකු වන අයෙක්‌ ද ගත් උත්සාහය අසාර්ථක විය.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දුර්මුඛ කරලා රාජ්‍ය සේවය ‘හිරිවට්ටලා‘ යන මේ ඒකාධිපති ගමනට එරෙහිව පෙළ ගැසෙන්න - ජානිපෙ නායක විමල් වීරවංශ

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දුර්මුඛ කරලා
රාජ්‍ය සේවය ‘හිරිවට්ටලා‘ යන
මේ ඒකාධිපති ගමනට එරෙහිව පෙළ ගැසෙන්න
- ජානිපෙ නායක විමල් වීරවංශ

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දුර්මුඛ කරමින් රාජ්‍ය සේවය ‘හිරිවට්ටවමින්‘ වත්මන් ආණ්ඩුව යන මේ ඒකාධිපති ගමනට එරෙහිව පෙළගැසෙන්නැයි, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මෙරට සියලූ ජන බලවේග වෙතින් ඉල්ලා සිටියි.

පසුගියදා බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‍‍‘‘මහින්ද රාජපක‍්ෂ පාලනය ‘ඒකාධිපති රෙජීමයක්‘ විදියට හංවඩු ගහපු, සම්මුතිවාදී දේශපාලනයක් ගැන පම්පෝරි ගහපු මේ අය අද ගෙන යන්නේ කවරාකාරයේ ඒකාධිපති පාලනයක්ද, කියන එක ජනතාවට දැනෙමින් තිඛෙනවා. ජනවාරි 08 වැනිදා ‘හංස පූට්ටුවට‘ කර ගහපු අය කාලය ඛෙදා ගෙන පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනවා. කට්ටියක් ‘බෝලේ උස්සලා දෙන කොට‘ අනෙක් අය ‘ඩෑෂ් පාරවල්‘ ගහනවා. ජනතා විමුක්ති පෙරමුණට පවරා දී තිඛෙනවා හිටපු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට මඩ ගැසීම සඳහා බෝලේ ඔසවා දීමේ කාර්යයභාරය. ඒ අනුව ඩෑෂ් පාර ගහනවා ආණ්ඩුවේ ඇමතිවරු. අද තියෙන්නේ ඔවුනට ඕනෙ ආකාරයට සාදා නිමකර ගත්තු ආණ්ඩුවක් සහ විපක‍‍්ෂයක්.

රාජ්‍ය සේවයම අද හිරිවට්ටලා

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඒ විදියට මරන ගමන් අද මේ රටේ රාජ්‍යතන්ත්‍රය තුළ විශාල භීෂණයක් මවමින් යනවා. අද රාජ්‍ය සේවයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ, තීරණ ගන්නේ නැහැ. අද මේ කෙරෙන දඩයම දිහා බලලා මුළු රාජ්‍ය සේවයම හිරිවැටිලා ඉන්නවා තීරණ ගන්න බයයි. මේ ආණ්ඩුව බිඳ වැටුණු දවසක තමන්ටත් FCID වැනි ආයතනවලට යන්න වෙයි කියලා ඔවුන් හිතනවා.

එක පැත්තකින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දුර්මුඛ කරලා තිඛෙනවා. අගමැතිගේ අනුශාසනාව අනුව කටයුතු කරන, පොඩි ළමයෙක් වගේ කථානායකවරයෙක් පත්කර ගෙන තිඛෙනවා. ‘රටකට ඕනේ අපමණ අගයක්‘ කියමින් තමයි මේ අය බලයට ආවේ. අද රටට අපමණ අගය ලැඛෙමින් තිඛෙනවා. රුපියල කඩා වැටෙන්නේ, ආනයන භාණ්ඩ සියල්ලේ මිල ඉහළ යන්නේ ‘අපමණ අගය‘ කොතරම්දැයි පෙන්වා දෙමින්. තේ, රබර් ඇතුළු අපනයන භාණ්ඩවල මිල දිනෙන් දින පහළ යන්නේ ‘අපමණ අගය‘ කොතරම්දැයි පෙන්වා දෙමින්. ජනතාව ඉල්ලපු ‘අපමණ අගය‘ නොවෙයි අද ලැඛෙමින් පවතින්නේ.

‘අපමණ අගය‘ ලැබුණු අය

දෙමළ සන්ධානයත් දෙමළ ඩයස්පෝරාවත් ඉල්ලු ඉල්ලීම් පමණයි අද කඩිනමින් ඉටු කෙරෙමින් පවතින්නේ. ගෝලීය දෙමළ සංසදයේ ප්‍රධානී එමානුවෙල් පියතුමා කියනවා ‘ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අපට ආරාධනා කළා. අපි බලාපොරොත්තු වෙනවා ළගදීම ලංකාවට එන්න‘ කියලා. ඒ අයට අද ‘රතු පාවාඩ‘ එලනවා. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවේ තමන්ට අවනත නැති අය, යුද්ධයට නායකත්වය දීපු අය මර්දනය කරනවා. ඒ වගේම රටේ ආර්ථීකය බිංදුවට බස්සනවා.

‘විපක‍්ෂ මන්ත්‍රීවරු කුල්ලෙන් වහන්න හදනවා‘

මේ තත්ත්වය ජනතාව ඉවසන්නේ නැති බව මේ අය දන්නවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ විරුද්ධ පක‍්ෂයේ මන්ත්‍රීවරු 48කගේ හඩට ඉඩ දෙන්නේ නැතිව ඔවුන්ව ‘කුල්ලෙන් වහලා මුල්ලෙන් තියලා‘ ජනතාවට නායකත්වය දීමට ඇති ඉඩකඩ අහුරන්නේ. ආගමන විගමන පාලකවරයාගේ ඉල්ලීමකින් හෝ කැඳවීමකින් තොරව පසුගියදා ගුවන්තොටුපළේදී රහස් පොලීසියේ නිලධාරීන් පැමිණ ප්‍රශ්නකර මා අත්අඩංගුවට ගනු ලැබුවා. එදින සවස 04:00ට පමණ තමයි මා අධිකරණයට ඉදිරිපත් කළේ. ගරු අධිකරණය සාධාරණ ලෙස ප්‍රශ්නය දෙස බලපු හින්දා මට ඇප ලැබුණා. සිකුරාදා සවස 04:00ට පමණ අධිකරණයට ඉදිරිපත් කළේ ඇප ලබා නොදෙයි කියලා බලාපොරොත්තුවෙන්. මේ වරද ඇප ලබා නොදිය යුතු වරදක් ලෙස ගරු අධිකරණයට පෙනී ගියේ නැහැ. ඒ වගේම ලබන වසරේ මැයි 03 වැනිදාට මේ නඩුව කල් යනවා. මේ තත්ත්වය යටතේ මා අනිවාර්යයෙන්ම රහස් පොලීසියට විරුද්ධව මානව හිමිකම් නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව මේ වන විට නීතිඥ මහත්වරුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා.

එදා රහස් පොලිස් නිලධාරීන් මගෙන් ප්‍රකාශය සටහන් කර ගත් අවස්ථාවේ අඩුම තරමින් මට නීතිඥ මහතකුගේ සහාය ලබා ගැනීමටවත් ඉඩ දුන්නේ නැහැ. ඒ විදියේ ඒකාධිපති ගමනක් තමයි අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් යමින් සිටින්නේ. ඒකට යටත් වෙන්නේ නැති මිනිස්සු මොන විදියකට හරි කොටුකර ගන්න බලනවා.

අද රටේ වැඩක් විදියට කෙරෙන්නෙ පලිගැනීම විතරයි. කාර්යක‍‍්ෂම රාජ්‍ය ආයතන වෙලා තියෙන්නේ මූල්‍ය අපරාධ කොට්ඨාසය, අල්ලස් කොමිසම, රහස් පොලීසිය හා අර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දමා ගෙන ඉන්න කොමිසම පමණයි. අනෙකුත් කිසිදු ආයතනයක මෙලෝ වැඩක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ අයට ‘අපමණ අගයක්‘ නොවෙයි මේ රටට ‘සුළු හෝ අගයක්‘ දීමට බැරි වෙලා තියෙනවා. ඒ බැරිකම වහගන්න ජනතාවට පෙන්වනවා ‘හොරු අල්ලනවෝ‘ කියලා නාට්‍යයක්.

‘හංස පූට්ටුවට රැවටුණු ජනතාව වෙතයි. . .‘

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තමන් දරන මතය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට කියන්න තියෙන අයිතියවත් රකින්න බැරි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ජනවාරි 08 වැනිදා මේ හංස පූට්ටුවට රැවටුණු ජනතාවට විශේෂ වගකීමක් තිඛෙනවා, ‘අපිත් මේ රට මෙවැනි තත්ත්වයකට ඇද දමන්න දායක වුණා නේද?‘ කියලා හිතලා ඊට එරෙහි වන්න.

මේ තත්ත්වයට එරෙහිව සටන් වදින්න ඒකාබද්ධ විපක‍ෂය සමග එකතු වෙන්න කියලා අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි පසුගිය 19 වැනිදා කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයෙන් අරඹපු ජනසමුළු මාලාව ඉදිරියේදී මාතර, අම්පාර ඇතුළු නගර ගණනාවක පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද පවසන්න කැමැතියි“

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.10.30
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අතුරුගිරිය මිලේනියම් සිටි නිවස්නය ඇතුළු දිගු දුර විහිදුම් බලකායට (LRRP) අණ දුන් බුද්ධි අංශ නායකයායි.

මෙම හෙලි කිරීම කරන්නේ මෙතුමාව අත්තඩංගුවට ගැනීමට සූදානම් නිසාය..
මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යනු කවුදැයි ඔබ දැන සිටියාද? ඔහු...,

1. අතුරුගිරිය මිලේනියම් සිටි නිවස්නය ඇතුළු දිගු දුර විහිදුම් බලකායට (LRRP) අණ දුන් බුද්ධි අංශ නායකයායි.

2. 2002 මහා පාවාදීමෙන් මේජර් මුතාලිෆ්, කැප්ටන් නීලම් ඇතුළු රණවිරුවන් (සමහරක්ට අනුවනම් ඔවුනුත් මිනීමරුවන්) එකා පිට එකා කොටි පිස්තෝල කල්ලියෙන් ඝාතනය වෙද්දී, ඉන් දිවි ගලවාගත් නිලධාරීන් අතළොස්සෙන් අයෙකි.

3. මිලේනියම් සිටි මහා පාවාදීම වැළැක්වීමට උපරිම උත්සාහය ගත් නිලධාරියෙකි. මේ බලන්න,
[[කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යෑයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත.]] මෙතැනින්
දේශපාලන අධිකාරියෙන් එන නියෝගය හමුදා නියෝගයන්ට වඩා ඉහළ බැවින් එම පාවාදීම වැළැක්වීමට නොහැකි විය.

4. මහසොහොන් බලකායට 2000 කාලයේ සිටම බුද්ධි අංශ නායකත්වය දුන් ඔහු, හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අදහසක් අනුව "The 8 Man Team" ක්‍රමය LRRP යට යොදා ඇත. ඒ හරහා චාර්ල්ස් ඇන්තනී බලකායේ ඇතුළු ප්‍රබල කොටි නායකයින් ගණනාවක්ම කොටි අඩවිය ඇතුළතදීම අවසන් කර ඇත.

5. එනිසාම කොටින්ගේ ඝාතන ලයිස්තුවේ 4 වැනි ස්ථානයේ සිටි නිලධාරියායි.

6. ශ්‍රී ලංකාව පළමු වතාවට විදේශයකට ගොස් සිදුකරන ලද හමුදා මෙහෙයුම වන්නේ කුමාරන් පත්මනාදන්ව මැලේසියාවේදී අත් අඩංගුවට ගැනීමයි. ඊශ්‍රායල් මොසාඩ් මෙහෙයුමක ආකාරයෙන් කිසිදු ලේ වැගිරීමක් නොකර ලෝක බලවතුන්ව පවා විස්මයට පත් කරමින් සිදුකළ එම මෙහෙයුමේත් මොළකරුවෙකු වූයේ මෙතුමයි.
source: [[The entire operation had been secretly planned between Defence Secretary Gotabhaya Rajapaksa and Chief of National Intelligence (CNI) Maj. Gen. Kapila Hendawitharana.]] මෙතැනින්

7. මානුෂික මෙහෙයුම ආරම්භයේ සිටම අවසානය දක්වා හමුදා බුද්ධි අංශ ප්‍රධානී ලෙස විශිෂ්ට සේවාවක් සිදුකර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ සැඟවුණ මොළකරුවෙකි. එහි ප්‍රතිඵලයක් ලෙස "රාජ්‍ය බුද්ධි සේවයේ" (SIS) ප්‍රධානියා ලෙස මුළු රටේම බුද්ධි අංශ නායකත්වය ලැබූ ශ්‍රී ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියායි.

අප ඉහත දැක්වූයේ මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා ගැන ජනමාධ්‍ය වලට හෙළි කර ඇති තොරතුරු කිහිපයක් පමණයි. ඔහුගේ විශිෂ්ඨ සේවය සහ ඔහුගේ කැපකිරීම් ගැන අප පවා නොදන්නා දෑ අනන්තවත් ඇත.

බුද්ධි අංශ නිලධාරීන් තමන්ගේ ජීවිතය පමණක් නොව ආධ්‍යාත්මක පවා කැප කරමින් සේවය කරන්නේ අපිට මරණ බියෙන් තොරව ජීවත් වීමට ඉඩ ලබා දීමටයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෙසෙල් පඳුරක් අසළින් බිළිඳු මළ සිරුරක්

කෙසෙල් පඳුරක් අසළින් බිළිඳු මළ සිරුරක්



ගාල්ල - පෝද්දල - බලගොඩ ප්‍රදේශයේ වී මෝලක් අසළ කෙසෙල් පඳුරක තිබී බිළිඳු මළ සිරුරක් අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ මිය ගොස් ඇති බිළිදාගේ වයස දිනක් පමණ වන බවයි. බිළිදු මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් දැමුවේ කවුරුන් ද යන්න මෙතෙක් සොයාගෙන නැහැ. පෝද්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නාවික සෙබලා එස්.එෆ් ලොකූගේ තොරතුරු වමාරයි


නාවික සෙබලා එස්.එෆ් ලොකූගේ තොරතුරු වමාරයි




කරාතේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු ලෙස සැලකෙන ‘‘ එස්.එෆ්. ලොකූ ’’ හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.



ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් නාවික සෙබලාගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදියි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ නිළධාරීන්ගේ ද සහය ඇතිව බවයි අනුරාධපුර පොලිසිය පැවසුවේ. 



අත්අඩංගුවට ගත් නාවික සෙබලා ‘‘ එස්.එෆ්. ලොක්කා ’’ගේ කුඩා කළ සිට මිත‍්‍රයෙකු බවද මූලික පරීක්ෂණ වලදී අනාවරණ වුණා. ඔහුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදී ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය කර ගත් බවයි පොලිසිය සඳහන් කළේ. 



ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 25ක්. 



මේ අතර වසන්ත සොයිසා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ විදේශ ගමන් වළක්වමින් අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට ඊයේ (29) තහනම් නියෝගයක් නිකුත් කළා.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලංකාවේ චීන ආයෝජන ආපසු ගනී.. ආර්ථිකය අවුල් ජාලයක් වෙයි.

ලංකාවේ චීන ආයෝජන ආපසු ගනී.. ආර්ථිකය අවුල් ජාලයක් වෙයි..



පසුගිය සමයේ චීනය විසින් ශ‍්‍රී ලංකාව තුල ආයෝජනය කළ විශාල ආයෝජනයන් අද වන විට ආපසු ගන්නා තත්ත්වයක් උදාවී ඇති බවත් මෙරට විදේශ මුදල් සංචිතය රැක ගැනීමට ඉන්දියාවෙන්ද බිලියන ගණනක ණයක් ලබාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

දැනට ලෝක වෙළඳපොළේ ඉතා පහල බැස ඇති බොරතෙල්වලින් ආණ්ඩුව ලබා ගන්නි ඩොලර් බිලියන දෙකක පමණ වාසිය තේ හා රබර් වතු හිමියන්ගේ ගැටලුව වෙනුවෙන් වෙන්bandula-fix කඩා වැටී ඇති අපනයන ආර්ථකය සවිමත් කල යුතු බවද ඔහු කියා සඳහන් කලේය.

ලංකාවේ ආර්ථිකය දැන් අවුල් ජාලාවක් බවට පත්ව ඇති බවත්ල ආයෝජකයින් රට හැර යන බවත්, වැඩබිම් මුඩුබිම් බවට පත්ව ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පහරදීමට එරෙහිව ආයෙත් සිසුන් පාරට

පහරදීමට එරෙහිව ආයෙත් සිසුන් පාරට


සිසුන්ට කළ පොලිස් පහර දීමට විරෝධය පළ කෙරෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමනක් නිසා හයිලෙවල් පාර නුගේගොඩ විජේරාමෙන් අවහිර වේ.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කොදෙව්වන්ට පහර දෙන්න අලුත් 3ක් ලංකාවෙන්

කොදෙව්වන්ට පහර දෙන්න අලුත් 3ක් ලංකාවෙන්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඉරිදා පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ආරම්භ වනවා. තරඟ 3 කින් යුත් එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් තුන්දෙනෙකු එක්වනවා. ඒ ෂෙහාන් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ධනුෂ්ක ගුණතිලකයි. එමෙන්ම, ටෙස්ට් තරඟාවලියට ඇතුළත් නොවූ අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකර ද සංචිතයට ඇතුළත්. වේග පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග සමඟ දුෂ්මන්ත චමීර මෙන්ම, ටෙස්ට් තරඟාවලියේදී දස්කම් දැක්වූ මිලින්ද සිරිවර්ධනද සංචිතයට එක්කර තිබෙනවා. මෙම එක්දින තරඟාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ 2019 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම ඒ සමඟම ආරම්භ වීමයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කොණ්ඩයාගේ නීතීඥයන්ට වැඩ වරදින ලකුණු

කොණ්ඩයාගේ නීතීඥයන්ට වැඩ වරදින ලකුණු

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ නීතිඥයන් මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිසියට කළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකරන බවයි පොලිස් මූලස්ථානයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශද පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර, 2010 වසරේ සිදුවු පිහි ඇණුමක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකදී පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳව ඒ සඳහා පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මෙසේ පැහැදිලි කළා. එහිදී ඔහු කියා සිටියේ මෙම මිනීමැරුම 2010 සිදුවූ අතර ඒ පිළිබඳව නිසියාකාරයෙන් නඩු තීන්දුවක් නොලැබීම හේතුවෙන් ඝාතනයට ලක්වූ තරුණයාගේ පියා සිත් තැවුලෙන් ඊට වසර දෙකකට පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනපති මැදුර යට ඇත්තේ සැප මාළිගයක් නොවේ.. බංකරයක්.. – හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

ජනපති මැදුර යට ඇත්තේ සැප මාළිගයක් නොවේ.. බංකරයක්.. – හමුදා මාධ්‍ය ප‍්‍රකාශක



කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ ඇති භූගත බංකරය හෙළි වීමෙන් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා අද කොලඹදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම බංකරය බදි කරනු ලැබුවේ එකල පැවති ආරක්‍ෂක තත්වය මත වුවත් අද වන විට රටේ ආරක්ෂාව යහපත් නිසා එය හෙලි වීම ජාතික ආරක්ෂාවට ප‍්‍රශ්ණයක් නොවන බවයි.

ජනපති මැදුර යට ඇත්තේ මාළිගයක් නොව බංකරයක් බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ මෙම ප‍්‍රකාශයෙන්ද තහවුරු වෙයි.




මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්ද තැබූ මුල්ගල ගැලවේ,,සිරිසේන හැදු සේ හෙට ජනතා අයිතියට මහින්ද හදපුව තමන් හැදුවා වගේ කතා කරන පින කවුද බන්

මහින්ද හැදු ගොඩනැගිලි ඕපන් කරන්න රටේ සල්ලි කොටි ගණන් වියදම් කරන සිරිසේන,,

මෙ තියෙනේ මහින්ද මහතාගේ ප්‍රදානත්වයෙන් 


,මාතර උරුබොක්ක ක්‍රීඩාංගනයේ  හෙට දින සිරිසේන ජනාධිපති වරයාගේ පැමිණීම වෙනුවෙන් හමුදාවේ සාමාජිකයන් ලවා සකස් කරමින් සිටින්නේ මහා වැස්සේය,,අධික වර්ෂාව නිසා ක්‍රීඩාංගනය මඩ ගොහරුවක් බවට පත්වී ඇති අතර මේ වන විට සිරිසේන ජනාධිපති වරයාගේ පැමිණීම වෙනුවෙන්ම හමුදාවේ සාමාජිකයන් ලවා ලක්ෂ 40 ක් වියදම් කොට මුළුක්‍රීඩාංගනය  පුරාම පිඩලි අල්ලා ,එහෙත් පවතින අධික වර්ෂාව නිසා පිඩලි පවා සේදී යමින් පවතී,එම නිසාම රුපියල් ලක්ෂ 40 ක් යොදා ඇල්ලු පිඩලි උඩින් චිප් ගල් යෙදීමට කටයුතු කරන ලෙස ලක්ෂ්මන් යාපා ඇමතිවරයා විසින් නියෝග කොට ඇත,,සිරිසේනගේ පැමිණීමෙන් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින්  මුල් ගල තබා වැඩ නිමකළ පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ උරුබොක්ක ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා වර්තිය පුහුණු මධ්‍යස්තාන ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීමට මෙම උත්සවය සුදානම් කොට ඇත,එමෙන්ම මෙම උත්සව සභාව සදහා සෙනග ගේනවා ගැනීමේ අරබුදයකට මුහුණ දී සිටින ලක්ෂමන් යාපා ඇමතිතුමන් විසින් දකුණු පළාත් සභා ඉඩම් අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර හට දුරකතනයෙන් කතා කොට සිරිසේන ජනාධිපතිවරයා රවටන්නට හා චුන් කරන්නට නම් 4000 ක වත් සෙනගක් සිටිය යුතු බවත් ඒ සදහා ඉඩම් ඔප්පු බෙදා දෙන බව පවසා සෙනග 4000 ක් ගෙන්වන ලෙසත් ඔවුන් සදහා යන කෑම වියදම් අර්ජුන රණතුංග හරහා වරාය අධිකාරයෙන් ලබා ගන්න ලෙසත් උපදෙස් දී ඇත,මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් මෙම ගොඩනැගිල්ලට තැබූ මුල්ගල උදුරා දමන ලෙස සිරිසේන තමන්ට නියෝග කළ බව ලක්ෂමන් යාපා විසින් චන්දිම රාසපුත්‍රට පාසා ඇත,,(මේ වන විඅට එම මුල්ගල තැබූ බව සටහන් පලකය ඉවත් කොට ඇත ),,

මුල්ගල ඉවත්කර ඇති ආකාරය 

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ජනවාරියේ සිට.

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ජනවාරියේ සිට.




ලෝකයේ දියුණු රටවල්වල භාවිතයට ගැනෙන නූතන තාක්‌ෂණය උපයෝගීකොට ගනිමින් ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට ජනවාරි මාසයේ සිට විද්යුත් ජාතික හැඳුනුම්පතක්‌ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි .

ඒ අනුව දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පත, විද්යුත් ජාතික හැඳුනුම්පතට පරිවර්තනය කෙරෙනු ඇත.

දරුවකු මෙලොවට බිහි වූ දා සිට අදාළ සෑම තොරතුරක්‌ම නව විද්යුත් ජාතික හැඳුනුම්පතට ඇතුළත් කෙරේ. දරුවකුට වයස අවුරුදු දහසය වන තෙක්‌ හඳුනා ගැනීමේ අංකයක්‌ මුලින්ම නිකුත් කරන අතර, වයස අවුරුදු දහසය සම්පූර්ණ වීමෙන් අනතුරුව විද්යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කෙරෙනු ඇත. මෙම නව විද්යුත් ජාතික හැඳුනුම්පත සැකසීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනයත් (ICTA) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව සිදු කරනු ලැබේ.

රටේ අනෙකුත් සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව සියලු කාර්යයන්හි කාර්යක්‌ෂමතාව හා පහසුව පිණිස මෙම නව විද්යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. එමගින් ඕනෑම පුරවැසියකු සඳහා තනි දත්ත ගබඩාවක්‌ තබා ගැනීම හා විද්යුත් පහසුකම් සලසන ඕනෑම අංශයක්‌ මගින් පුරවැසියාගේ පූර්ණ තොරතුරු සහිතව අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වනු ඇත.

අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ කිසියම් පුරවැසියකුට බැංකු කටයුතුවලදී මෙන්ම රියෑදුරු බලපත්‍රයක්‌, විදේශ ගමන් බලපත්‍රයක්‌ ලබා ගැනීමේදී සහ ඕනෑම විද්යුත් සේවාවකදී මෙවැනි විද්යුත් ජාතික හැඳුනුම්පතක්‌ භාවිතයට ගැනීම ඉතා පහසු වන බවයි.

එමෙන්ම රජය මගින් ලබා දෙනු ලබන කිසියම් සහනයක්‌ සුදුසුකම් සහිත පුද්ගලයන් සඳහාම ලබා දීමට ද, වංචා දූෂණ වැනි අක්‍රමිකතාවලින් බැහැරව එම සේවාවන් සැපයීමටත්, නිරීක්‌ෂණය කිරීමටත් මෙයින් හැකියාව උදාවන බව රවී කරුණානායක ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පොලු කැඩෙන තුරු යහපාලනෙන් සිසුන්ට ගහයි

පොලු කැඩෙන තුරු යහපාලනෙන් සිසුන්ට ගහයි





කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය ඉදිරිපිට මහපාර හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පළවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ගැසීය.
කළහකාරී ලෙස හැසිරුණු සිසුන්ට බැටන් පොලු ප්‍රහාරද එල්ල කර ඇති අතර සිසු පිරිසක් පොලිස් අත්අඩංගුවටද ගෙන ඇත.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

නීතිය නොසලකා පළිගැනීම් සිදු කරනවා (එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)

නීතිය නොසලකා පළිගැනීම් සිදු කරනවා



රාජපක්‍ෂ පවුලට අයත් මහා පරිමාණ ගිණුම් කිහිපයක් විදේශීය බැංකුවල ඇතැයි පළවන චෝදනාවලට පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (28) පිළිතුරු ලබාදුන්නා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදීයි.


රාජපක්‍ෂ පවුලෙන් මෙන්ම තවත් ප‍්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකුගෙන්ද නීතිය නොසලකා පළිගැනීම් සිදුවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.



(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)




මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අවසාන ප්‍රේමයට තවත් ආදරයක් පැටලේ .

අවසාන ප්‍රේමයට තවත් ආදරයක් පැටලේ .




අන්තර්ජාලයට මුදාහල හා මෙවන් රස වින්දනයක් විදීමට අවකාශය සැලසු ඔබ සැමට කෘතඥ වෙමු .
හුදෙක් මෙහි ඇති අර්ථවත් භාව හා කාලින අවශ්‍යතාවය , දිරිගැන්වීම උදෙසා අන් යට රසවින්දනය කිරීමේ අරමුණින් ප්‍රචාරය කරන්නෙමු .

.ගායනය හා පදරචනය වලස්මුල්ල ජාතික පාසලේ කලා අංශයේ ඉමල්කා සිසුවිය.අදහස ,පද සංස්කරනය,පටිගත කිරීම සංගීතය මුසුකිරීම .වීඩියො සංසකරනය මාධ්‍යඒකකයේ ගෞරවනීය පෙඩිහාමුදුරුවන් වහන්සේ විසින්.වීඩියො ගතකිරිමමාධ්‍යඒකකයේ අසංක ශ්‍රිමාල් සර් විසින්.


(උපුටා ගැනීම :- siththamgalu nanasala පිටුවෙනි )


තව කෙනෙකුට කියවන්න Share කරන්න

මහින්ද-ගෝඨාභය ඇතුළු 48ක් යුධ අපරාධ ලයිස්තුවේ !  – රාජිතගෙ ප්‍රකාශයට මහින්දගෙන් පිළිතුරු(වීඩියෝ)

මහින්ද-ගෝඨාභය ඇතුළු 48ක් යුධ අපරාධ ලයිස්තුවේ ! 
– රාජිතගෙ ප්‍රකාශයට මහින්දගෙන් පිළිතුරු(වීඩියෝ)

ජිනීවාහිදී ඉදිරිපත් වන්නට තිබූ යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 48 දෙනෙකු යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් නව ආණ්ඩුව පත් වූ පසු ඔවුන්ට එල්ල වූ එම චෝදනා ඉවත් වූ බවද ඔහු කියා සිටියේය.






කෙසේවුවද, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්, එම යෝජනාව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ”භයානක නිර්දේශ” ඇතුළත් වී ඇති බව අවධාරණය කර සිටියේය.

‘අපේ රණවිරුවන් හිරේ දමලා, හිරේ දමන්න බැරි අය “පරිපාලනමය ක්‍රියාදාමයකින්” ආරක්‍ෂක හමුදා වලින් දොට්ට දමලා, ජාතියේ කොඳු නාරටිය බිදලා මේ බලවතුන් සැරසෙන්නේ කුමටද කියලා රටේ මහජනතාවත් අවදියෙන් සිටිය යුතුයි. අපි මේ සිටින්නේ 1948 නිදහස ලැබීමෙන් පසු ජාතියක් හැටියට වඩාත්ම අවදානම් සහගත මොහොතේය යන්න මගේ මතයයි’ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Categories: දේශීය පුවත්, ප්‍රධාන

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක…

උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක…



වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා..

මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ඉන්න සීනියර්ම පොරක්… දිස්තිරික්කෙ කොළඹට අල්ලපු එකක්… දරන පට්ටම මහ සයිස්…. වයස ගත්තොත් තරැණයි කියන්න බැහැ. ඇත්තටම සීය කෙනෙක්….

වයසෙන් සීය වුණාට වැඩ නම් තරැණයි. අව්වට සන්ග්ලාස් දාලා ඇඳලා පැළඳලා ඉන්නකොට හැන්ඩ්සම් වගේ පේනව. මෙතුමගෙ විනෝදාංසෙ තරැණ සුන්දර ගෑනු දරැවො ආශ්‍රය කිරීමලු…. පහුගිය දවසක මුන්නැහේට මාර වැඩක් වුණා… මාර වැඩක් කියන්නෙ ඇත්තටම ඒක නම් මළ කෙළියක්… මේ වෙච්ච දේ හරියට ලියන්න ගියොත් අසභ්‍ය වාර්තාවක් වෙනව…. ඒ හින්ද පුළුවන් විදියට ලියන්නම්….

පසුගිය සති අන්තෙක මේ සීය සුන්දර ලලනාවක් එක්ක කොළඹ කිට්ටුව නිදහස් තැනකට ගියා… ආරස්සාව එහෙමත් නැතුව. ඒ ලලනාවයි මෙයයි විතරයි හිටියෙ…. ඉතින් අනේ මේ නහින දෙහින කාලෙ ඕවට ඕනෑ වන උන්නැහේ නිතර පාවිච්චි කරන ඉංගිරිසි බේතක් ළඟ තිබුණ… ඒක බිව්වම නිදාගෙන ඉන්න කුම්භකර්ණය වුණත් අවදි වෙනව….

ඔන්න ඉතින් දෙයියනේ කියල බෙහෙත බලෙන් ඕන කරන දේවල් කරල හමාර කරගත්තයි කියමුකො… ඊළඟට ගෙදර යන්නයි ඕනෑ වුණේ… ඒ වුණාට අනේ සිද්ධ වුණේ වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නැති මාර අකරතැබ්බයක්. තිබිච්ච හදිස්සිය නිසා මුන්නැහේ මේ කටයුතුවලට පාවිච්චි කරන බේත් වඩියට වැඩියෙන් පෙවිල අපි අර මුලින් කිව්ව කුම්භකර්ණය යථා තත්ත්වෙට එන්නෙම නැතිලු…. පැයක් හිටිය… දෙකක් හිටිය කෝ හරියන්නෙ නැහැ… බෙහෙත වැඩිවෙලා කුම්භකර්ණයත් මෙයත් එක්ක නොනිදම ඉන්නව…. වෙලාව රූ 12.30යි. මෙතුමාට දෙයියො සිහිවුණා. ඊළඟට මෙතුමා එක්ක හිටපු ලලනාව කිව්ව දැන් මේක හරියන්නෙ නැහැ ඉස්පිරිතාලෙටවත් යමු කියල.

‘දෙයියනේ මම කොහොමද මේ විදියට රෙද්දක් ඇඳන් ඉස්පිරිතාලෙ යන්නෙ’… එතුමා ඇඬුවෙ නැතුව විතරයි…’බයවෙන්න එපා මම එක්ක යන්නම්…” නෝන ගට්ස් අරන් කිව්ව… ඊළඟට මෙතුමා ඇඳන් හිටපු කලිසම ගලවල සරමට බැස්ස…. නෝන කලිසම අතට ගත්ත. නෝනගෙ වාහනෙන්ම නාරාහේන්පිට පැත්තෙ සුපිරි රෝහලකට සම්ප්‍රාප්ත වුණා….

නෝනම කාමරයක් වෙන්කළා… මෙතුමා හොරෙන්ම කාමරේට රිංගුව. ඊළඟට තරැණ දොස්තර මහත්තයෙක් ආව…. උන්නැහේට මෙතුමා ඇත්තම කතාව කීව… ‘පුතා හරි වැඩේ…. කාටවත් දැනගන්න නොතිය මේක හොඳ කරන්න… කවුරැ හරි දැනගත්තොත් මං සුං පුතා…’ උන්නැහේ අසරණව කෙඳිරි ගෑව. ඊටපස්සෙ දොස්තර තරැණය බේතක් විද්ද. විදල පැයක් බැලුව…. කෝ විදපු බේතට වැඩිය කලින් බීපු අවුසදේ සැරයි. කුම්භකර්ණය එහෙමමයි… වැඩේ හරියන්නෙ නැති තැන දොස්තර තරැණය පළපුරැදු දොස්තර කෙනෙක් ගෙනාව… උන්නැහේගෙ උපදෙස් මත ලොකු සිරින්ජරේකින් ලේ ටිකක් ඇදල අයින් කළාලු. ඊට පස්සෙ හෙමින් හෙමින් අසනීපකාරයට සනීප වුණා. එතුමාට මාර සන්තෝසයි…. පටස් ගාල සරම ගලවල කලිසම ඇඳගත්ත. ටක් ගාල බිලත් ගෙව්ව….

වටපිට බලනකොට එතුමා එක්ක ආව නෝන අතුරැදන් වෙලා හිටිය…. ඊට පස්සෙ වහාම උන්නැහේගෙ ආරක්ෂක භටයො ගෙන්නුව… ඊළඟට බරපතළ රාජකාරියක් ඉවර කරල හොඳටම මහන්සිවෙලා ගෙදර යනව වගේ දඩි බිඩි ගාල ආරක්ෂා සහිතව තමංගෙ බංගලාවට සේන්දු වුණා. ඒත් උන්නැහේ එනකොට ඇඳන් ආපු සරම ගෙනියන්න අමතක වුණා. ඒක තවම ඉස්පිරිතාලෙලු….

කව්ද ඉතින් මේකේ නමත් කියලම දාමු නේ...අපේ මේ ජෝන් පොලිස් නේ...
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විෂ සහිත CIC පොහොර මුදා හරින්න “දුමින්ද” මිලියන 150ක් ඉල්ලයි

විෂ සහිත CIC පොහොර මුදා හරින්න “දුමින්ද” මිලියන 150ක් ඉල්ලයි

කැඞ්මියම් ප්‍රමාණය නිර්දේශ ප්‍රමාණයට වඩා සියයට 300ක වැඩි බව පවසමින් කෘෂිකර්ම අමාත්‍ය අහම්බෙන් ශ්‍රිලනිපයේ ප්‍රධාන ලේකම් වු ඇමති දුමින්ද දිසානායකගේ මැදිහත් විමෙන් මුද්‍රා තැබු පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි CIC පොහොර සමාගමට අයත් තොග ගබඩාව හරහා කප්පම් මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අනාවරණය වි තිබේ.
ඒ අනුව CIC සභාපති හර්ෂ අමරසේකර අත් අඩංගුවට ගැනිම වෙනුවට කෘෂිකර්ම අමාත්‍ය අහම්බෙන් ශ්‍රිලනිපයේ ප්‍රධාන ලේකම් වු ඇමති දුමින්ද දිසානායකගේ ඉල්ලිම පරිදි මිලියන 150ක මුදලක් ඇමති දුමින්ද විසින් මැතකදි මිලදි ගත් පුවත් පතකට ගෙවිමට හර්ෂ අමරසේකර එකඟ කරගෙන තිබේන බව අනාවරණය වි තිබේ.
එම මුදල් ගෙවු සැනින් පෑලියගොඩ ගබඩාවේ ඇති විෂ පොහොර පමණක් මුද්‍රා තබා අනෙකුත් තොග මුදා හැරිමට ඇමතිවරයා එකඟත්වය පලකර තිබේ.
පොහොර කිලෝග්‍රෑමයක අඩංගු විය යුත්තේ කැඞ්මියම් මිලිග්‍රෑම් 5කට වඩා අඩුවෙන් බවටට නිර්දේශ කර ඇතත්, එම ගබඩාව තුළ තිබූ පොහොරවල කිලෝග්‍රෑමයක කැඞ්මියම් මිලිග්‍රෑම් 20කට වැඩි ප්‍රමාණයක් තිබූ බව තහවුරු වී ඇති අතර එම සිද්ධියට සම්පුර්ණයෙන් වගකිවයුත්තා CIC හි සභාපති හර්ෂ අමරසේකර බවද අනාවරණය වි තිබේන අතර ඔහුව අත්අඩංගුවට ගැනිමටද සුදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වි තිබේ.
ආනයනය කරන රසායනික පොහොර සාම්පල පරීක්ෂාව සඳහා මෙතෙක් කල් ඉදිරිපත් කරනු ලැබූයේ එම පොහොර ගෙන්වන සමාගමේ නමද සමඟයි. ඒ අනුව CIC සමාගම පරීක්ෂණ සිදුකරන නිළධාරීන්ට පහාව දී තම නමින් එන පොහොර සාම්පල වල කැඩ්මියම් ප්‍ර‍මාණය මිලිග්‍රෑම් 5 සීමාවේ තබා පරීක්ෂණ වාර්තා ලබා ගනියි. මේ නිසා සාම්ප්‍ර‍දායික ක්‍ර‍මය වෙනස් කළ අමාත්‍යංශය මෙවර එම සාම්පල සමාගමේ නමින් නොයවා වෙනම කේත ක්‍ර‍මයකින් ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබුවා. CIC සමාගමට තරු පෙනුනේ එවර ඔවුන්ගේ පොහොර සාම්පල වල කැඩ්මියම් ප්‍ර‍මාණය මිලිග්‍රෑම් 23.5ක් වැනි අධික අගයක් ගැනීමයි.
ලංකාවේ රජරට ගොවි ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරයන වකුගඩු රෝගයෙන් මේ වනවිට පීඩා විඳින අහිංසක ජනතාව මෙන්ම තම ජීවිතයෙන්ද වන්දි ගෙවූ පිරිස දස දහස් ගණනක්. වකුගඩු රෝගයට ප්‍ර‍ධානතම හේතුව ලෙසින් සැලකෙන කෘෂි රසායන පොහොර වල ඇති ඝන ලෝහ (කැඩ්මියම්) සාන්ද්‍ර‍ය පාලනයකට ලක් කිරීමට පියවර ගැනුණු අතර එය පොහොර කිලෝග්‍රෑම් 1කට කැඩ්මියම් මිලි ග්‍රෑම් 5ක ප්‍ර‍මාණයක් පමණක් නිර්දේශ කෙරුණා. කෙසේ වෙතත් වකුගඩු රෝගයෙන් මියැදෙන ජනතාවගේ අඩුවක් නම් පෙනෙන්නට තිබුණේ නෑ.
රට පුරා පැතිර ගිය වකුගඩු රෝගයට ප්‍ර‍ධාන හේතුව වූ කැඩ්මියම් අධි මාත්‍රාවක් අඩංගු වන්නේ CIC පොහොර වල බව සොයාගැනීමත්, පෑලියගොඩ පිහිටි CICපොහොර ගබඩාව මුද්‍රා තැබීමත් සමඟ රටටම වින කළ මෙම රසායනික පොහොර මාරයා කවුදැයි අනාවරණය වුවද දැන් කප්පම් මාෆියාව හරහා යලිත් එම පොහොර තොග පිටින් යලිත් වෙළඳ පලට එන දිනය වැඩි ඈතක නොවේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

චීනය කෝපවේ.. ඇමරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්…

චීනය කෝපවේ.. ඇමරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්…



සිදුකළ සියලූ අනතුරු හැගවීම් නොතකා අර්බුකාරී දකුණු චීන මුහුදු කලාපයේ චීනය විසින් ගොඩනගනු ලැබූ කෘත‍්‍රිම දිවයින් ආසන්නයෙන් ඇමරිකානු ඩිස්ට්‍රෝයර් නෞකාවක් යාත‍්‍රා කිරීම පිලිබඳව චීනය කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශය දක්වා ඇත්තේ ඇමරිකානු යුධ නෞකාවේ මෙම ක‍්‍රියාකලාපය චීනයේ ස්වෛරීත්වයට හා ආරක්‍ෂාවට තර්ජනයක් බවයි.

දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වයට හානි පමුණුවමින් ඇමරිකාව ගත් මෙම ක‍්‍රියාමාර්ගය පිළිබඳව තදබල අප‍්‍රසාදය පළ කරන අතරම බරපතල විරෝධයද එල්ල කරන බව එම නිවේදනයේ දක්වා තිබේ.

ඇමරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස් ලාසන් ඩිස්ට්‍රෝයරය කෘත‍්‍රිම දිවයින් ආසන්නයෙන් යාත‍්‍රා කළ බව නම හෙළි නොකළ ඇමරිකානු හමුදා නිලධාරියකු තහවුරු කර ඇත.

මින් පෙර ඇමරිකානු නාවික හමුදාව විසින් නිකුත් කළ වාර්තාවක් මගින් දක්වා තිබුණේ ලාසන් නෞකාව සුබී හා මිස්චීෆ් පර අසලින් ගමන් කිරීමට නියමිතව ඇති බවයි.

මේ සඳහා ඇමරිකානු පෙරික්සුම් යානාවන් එකක් හෝ දෙකක් ගමන් කරනු ඇති බවත් ඉදිරි සති කිහිපයේද මෙවැනි මුර සංචාර සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඇමරිකාව විසින් පවසන ලදී.

ජාත්‍යන්තර නීතියට අනුකූලව  ඕනෑම ජාතියකට යාත‍්‍රා හෝ පියාසර කිරිමේ අයිතිය චීනය විසින් පිළිගනු ලබන නමුත් එය චීනයේ ස්වෛරීත්වයට හෝ ආරක්‍ෂාවට තර්ජනයක් වීම නොඉවසන බව චීනය පවසා තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කොටි වෙඩි තියන වීඩියෝවට සිංහල හඬ කවා චැනල් 4 ව්‍යාජ වීඩියෝවක් හදලා (විඩියෝව සහිතයි )

කොටි වෙඩි තියන වීඩියෝවට සිංහල හඬ කවා චැනල් 4 ව්‍යාජ වීඩියෝවක් හදලා


සිංහල හමුදාව ද්‍රවිඩ නිරායුධ ජනතාව සංහාරය කරන බව කියමින් කලක් තිස්සේ යුරෝපය පුරා අසත්‍ය ප්‍රචාරයක් වපුරමින් තිබිණි
චැනල් 4 රුපවාහිනිය සහ කැලම් මැකරේ විසින් ඒවෙනුවෙන් නිපදවූ චිත්‍රපට හා වීඩියෝ පට වලට මහත් ප්‍රසිද්ධියක් ලැබිණි
එහෙත් ඒවා ව්‍යාජ ඒවා බව කිසිවෙකු විශ්වාස නොකළ අතර රට බේරා ගත් රණ විරුවන් ලොව ඉදිරියේ අපහාසයට ලක් විය
නමුත්
ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්‌වූ ශ්‍රී ලංකාවට එරෙහි චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපතද අන්තර්ජාලයේ ඇත
චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය පිලිබදව මෙයට පෙර ශ්‍රී ලංකා රජයේ විශේෂඥ කණ්ඩායමක් මගින්ද පරීක්ෂණයක් පවත්වා එය අසත්‍යබව විද්‍යාත්මක කරුණු සහිතව පවසා තිබුණි.
යුද අපරාධ සිදු කරන දර්ශන අඩංගු මෙම චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපතේ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන භටයන් පිරිසක්‌ දර්ශනය වේ.
2011 ජුනි 14 වැනිදා එළිදැක්‌වූ චැනල් 4 චිත්‍රපටය කැලම් මැක්‌රේ විසින් නිර්මාණය කර ඇත. එහි ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන හඬ ඉවත් කර ඊට සිංහල භාෂාව හඬකවා ඇති බවත්, එය තමිල්නාඩුවේ චිත්‍රාගාරයක සිදු කර ඇති බවත් පැවසේ

මෙකී චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය සොයා බැලීමට ස්‌වාධීන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ කළ යුතු බව මැක්‌ස්‌වෙල් පරණගම කොමිසම නිර්දේශ කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ද මෙම චැනල් 4 චිත්‍රපටය ඉදිරිපත් කර තිබුණි.
චැනල් 4 වීඩියෝ පටයේ දැක්වෙන පුද්ගලයන් හා සමාන ආරක්ෂක හමුදා නිලධාරීන් සිටින්නේ්ද යන්න තහවුරු කරගනු පිණිස ඉහත කී විද්‍යාත්මක සාධකයන්ට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය වෙනම පරීක්ෂණයක් පවත්වා තිබුණි.
ඒ අනුව වීඩියෝ පටයේ දැක්වෙන්නන් හා සමාන පුද්ගලයන් සන්නද්ධ බළකායන්හි නොමැති බව පැවසේ.
මේ පිලිබදව විශේෂඥයින් සිදුකකර ඇති විශ්ලේෂණයේදී එම වීඩියෝ පටය ජංගම දුරකතනයකින් රූගත කළ එකක් නොව ඩිජිටල් කැමරාවකින් රූගත කරන ලද්දක් බවත් එහි එන හඬ වීඩියෝ පටයට වෙනම කවන ලද අතර වීඩියෝ පටය ව්‍යාජ ලෙස සකසන ලද්දක් බව තහවුරු කරමින් වෙඩි හඬ නැගෙන්නේ ඈත දුරක සිට බවත් ඔවුන්ගේ පොදු නිගමනය විය.
මේ මත බේදාත්මක වීඩියෝ පටය සාමාන්‍ය වේගයෙන් හා 50% වේගයෙන් ධාවනය කිරීමෙන් වීඩියෝ පටයේ ඇති වෙනස්කම් හා අසාමාන්‍ය දේ හොදින් පැහැදිලිබව බවත් පැවසේ. ගලානොයන ලේ සලකුණු, වෙඩි තැබීමට ගොදුරු වූවන්ගේ හැසිරීම් ඔවුන්ගේ බාහිර පෙනුම, ඊනියා හමුදා සෙබළුන්ගේ නිල ඇඳුම් ආදිය එහිදී දැඩි අවධානයට යොමුව තිබිණ.
සුදු පැහැ ටීෂර්ටයක් සමග ඔලිව් කොළ පැහැ නිල ඇඳුමක් ඇඳීම ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ගේ සිරිතක් නොවන බවත් වෙඩි තැබීමට ගොදුරුවූවන්ගේ හැසිරීම්වලින් මේ බව තහවුරු වන බවත් අදාල පරීක්ෂණ කණ්ඩායම පවසා තිබුණි.
චැනල් 4 වීඩියෝ පටය ජංගම දුරකතනයකින් නොව ඩිජිටල් කැමරාවකින් රූගත කරන ලද්දක් බවත් වීඩියෝව ජංගම දුරකතනයකින් රූගත කෙළේ නම් එහි රූප පනින තත්ත්වයක් හා රූපවල වෙනස්කම් ඇති වන බවත් මේ වීඩියෝ පටය රුධිරය දැක්වීමේ වර්ණ සංවේදිතාව අඩු එකක් වූවද මෙහි ලේ සලකුණුවල පැහැදිලි සීමා මායිම් දැක්වීමේ අසාමාන්‍යතාව නිසාම එය සකසන ලද්දක් බව පෙනෙන බවත් පැවසේ.
වීඩියෝ පටයට පසුව හ`ඩ කවා ඇති බව රූපය හා හ`ඩ මුසුව නොයාමෙන් පැහැදිලි වන බවත් වෙඩි හඬ මීටර් 102.4 ක පමණ දුර සිට පටිගත කැර ඇති අතර එවැන්නක් ජංගම දුරකතනයකින් කිසිසේත් ග්‍රහණය කළ නොහැකි බවත් මෙහි සත්‍යතාවය පිලිබද පරීක්ෂණ පැවැත්වූ විද්වත් කමිටුව පවසා ඇත.
මෙහි ඇති ඛේදනීය සිද්ධාන්තය නම් තම ජීවිත පරිත්‍යාග කරමින් රට බේරාගන්නට කැපවුණ අපේ රණ විරුවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව මගින් දඩුවම් කරන්නට සූදානම් වන්නේ මෙවන් ව්‍යාජ වීඩියෝ හා කොටින්ගේ බොරු සාක්ෂි මත පදනම්ව වීමය.
එසේ සිදුවුවහොත් කෙළෙහි ගුණ නොදත් ජාතියක් ලෙස සිංහල ජාතිය අනාගතයේදී ඉතිහාස ගතවනු ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

 විමල් වීරවංශට, විදේශ ගමන් බලපත්‍රය හිමි වෙයි 

 විමල් වීරවංශට, විදේශ ගමන් බලපත්‍රය හිමි වෙයි 



අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව භාරයේ පැවති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ විදෙස් ගමන් බලපත්‍රය යලි ඔහුට ලබා දෙන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර අද නියෝග කළා. ඒ, මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය ඔහුට ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවට රහස් පොලිසිය ප්‍රකාශ කිරීමෙන් පසුවයි. වීරවංශ මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය කොන්දේසි සහිතව නිදහස් කරන ලෙසට රහස් පොලිසිය මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව රුපියල් ලක්ෂය බැදුම්කරයක් මත එය නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ලඟ තබා ගැනීමේ චෝදනාව මත විමල් වීරවංශ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගෙන මුදා හරිනු ලැබුවේ පසුගිය 23 වැනිදායි. ඔහු එදින අළුයම යුරෝපා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් ඔහු හරවා යවනු ලැබුවේ එම ගමන් බලපත්‍රය අවලංගු වී ඇති බව පවසමින්. පසුව ඔහු එදිනම පැරණි ගමන් බලපත්‍රය අස්ථානගත වූ බවට තලංගම පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර, නව ගුවන් ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවීමට යලිත් වරක් ගුවන්තොටුපළ වෙත පැමිණියා. එම අවස්ථාවේදීයි රහස් පොලිසිය මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කිරීම් ආරම්භ කළේ. අනතුරුව ඔවුන් වීරවංශ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් නොමැති බැවින්, ඉදිිරියේදී විදෙස් ගත වීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා මෙලෙස ගමන් බලපත්‍රය නිදහස් කිරීමට නියෝග කළ බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ සාමාජික කපිල ගමගේ කියා සිටියේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනපති මැදුරේ භූගත බංකරය හෙලි කරන්නේ මොන බූරුවද..?  – ප‍්‍රසන්න අමු සිංහලෙන් අමතයි..

ජනපති මැදුරේ භූගත බංකරය හෙලි කරන්නේ මොන බූරුවද..? 
– ප‍්‍රසන්න අමු සිංහලෙන් අමතයි..



ජනාධිපති මන්දිරයේ භුගත බන්කරය පිළිබඳව තොරතුරු හෙලි කර ඉන් දේශපාලන වාසි ලබාගැනීමට තැත් කිරීම දැඩි ලෙස හෙලා දකින බවත් එමගින් ආණ්ඩුවේ සැබැ නිරුවත රටට හෙලිවන බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරනය කරයි. රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස බලපාන මෙම තොරතුර රටට හෙලි කලේ මොන බුරුවා දැයි ප‍්‍රශ්න කරන රණතුංග මහතා මෙවැනි දේ හෙලි කිරීමෙන් රටට කිසිදු යහපතක් සිදු නොවන බවද පෙන්වා දෙයි. ජාතික ආරක්ෂාව උගසට තබන මෙවැනි පුද්ගලයන් කටයුතු කරන්නේ සිය වෛරී දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට පමනක් බව ජනතාව වටහාගතයුතුව ඇතැයි ඔහු අවධාරනය කරයි.

මෙම තොරතුරු හෙලි කිරීම පසුගිය ජනාධිපතිවරණයේදි කරලියට පැමිනි රනිල් ටී.එන් ඒ. ගිවිසුමේ තවත් කොන්දේසියක් ඉටුකිරීමක් දැයි සැක මතුවන බව රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියි.

මිනුවන්ගොඩ, උඩුගම්පල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලයේ පැවති ක‍්‍රියාකාරී හමුවකදී රණතුංග මහතා මේ බව සඳහන් කලේය. වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීම සඳහා රැස්වීම කැදවා තිබුනි ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියළුම ආසන නියෝජනය වන පරිදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ක‍්‍රියාකාරීහූ මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

‘‘මහින්ද මහත්තයා පරාජයට පත්වෙලා මාස 10කුත් ගෙවිලා ගිහින් හැබැයි තවමත් මේ ආණ්ඩුව කරන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කරපු වැඩ විවේචනය කරන එක. රාජපක්‍ෂ පාලනය විවේචනය ආණ්ඩුවේ විලාසිතාව වෙලා. තවමත් මහින්ද භීතිකාවෙන් ගැලවෙන්න රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාටවත්, යහපාලන නඩයටත් බැරිවෙලා තියෙනවා. මුලින් මේ අය මහින්දට හොරා කිව්වා රත්තරන් අශ්වයෝ ලැම්බෝගිනි ගැන කිව්වා දැන් අලූත්ම මාතෘකාව මන්දිරයේ භූගත බන්කර් මේ රට දශක 03 ක් තිස්සේ ලෝකයේ දරුනුතම ත‍්‍රස්තවාදයකට මුහුන දුන්න රටක් මහින්ද මහත්තයා රටේ ජනාධිපතිකම දැරුවේ යුද්ධයේ

දරුනුම කාලයේ ආරක්‍ෂක උපක‍්‍රමයක් විදිහට හදපු ජනාධිපති මන්දිරයේ භූගත බන්කරය ආණ්ඩුව ප‍්‍රසිද්ධ කරන්නේ හරියට භයානක ත‍්‍රස්ථවාදියෙකුගේ බංකරයක් හොයා ගත්තා වගේ. ඒක මේ ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකරන බවට කදිම නිදසුනක්. හැමදාමත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු බලයට පත්උනාම මේ රටේ ජාතික ආරක්ෂාව පාවලා දුන්නා 2001 දී මිලේනියම් පාවාදීමත් මේ හා සමානයි.අද සිදුවන්නේත් ඒ දේ මයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තමයි මේ රට ත‍්‍රස්තවාදයෙන් මුදා ගත්තේ අද මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදලා රටේ සාමාන්‍ය පුරවැසියා දක්වා රට තුල නිදහසේ ජීවත්වෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රණවිරුවන්ට පිං සිදුවන්නයි. එය අමතක කරන්නේ ගුනමකුවෝ. මේ භුගත බන්කරය පිළිබඳව තොරතුරු හෙලි කිරීම රාජ්‍ය ආරක්ෂාවට බරපතල තර්ජනයක් එය බලපාන්නේ අනාගතයටයි මේ නිසා රාජපක්‍ෂ පාලනය පිලිබඳ වෛරය වැපිරීමෙන් පමනක් මේ රට පාලනය කළ නොහැකි බව ආණ්ඩුවේ ප‍්‍රධානීන් වටහා ගත යුතුයි.

වර්තමානයේ යහ පාලන ආණ්ඩුව බලයට පත්වීම සඳහා රටතුල බොරු වැපිරුවා අපේ ජනතාවත් මේ බොරුවලට අහු වුනා දැන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා කියු බොරු අතේ පත්තුවෙලා මේ දෙමුහුන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ ගලේ පැහැරූ බලලාට සිදුවූ දේ. මේ විදිහට ගියොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නෑ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අපිට නිදහස් කරලා දීපු රට අපේ දරුවන් වෙනුවෙන් සංවර්ධනය කරදීපු රට මේ වනවිට සම්මුතිවාදයේ නාමයෙන් මේ ආණ්ඩුව විනාශකරමින් තිබෙනවා.

ජිනිවා යෝජනා ක‍්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුව දිරිගන්වමින් ඇමරිකාව සැකසූ යෝජනාව රටට බරපතල අනතුරුදායක යෝජනාවක් ආණ්ඩුව මේ ගැන උදම් ඇනුවත් ඇත්තටම මේ යෝජනාවලිය ආඩම්බර විය හැකි යොජනාවලියක් නෙවෙයි. ඇමරිකාවට අවශ්‍ය දේ ඉටුකලොත් ඒක රටේ අනාගතයට වඩාත් භයානක ප‍්‍රතිඵල ගෙනදේවි. රට හමුවේ පවතින මේ අනතුරුදායක තත්වය අපි ජනතාවට තේරුම් කරන්න හදනකොට ආණ්ඩුව ඊට බාධා පමුනුවනවා ජිනිවා යෝජනාවලට එරෙහි ජනමතය මර්ධනය කිරීම හරහා ආණ්ඩුව මේ ගමන්කරමින් තිබෙන්නේ ඒකාධීපති පාලනයකටයි. සම්මුතිවාදය එකාධිපති වාදයක් වී ජනතා මතය යටපත් කරන්නයි මේ උත්සහ දරන්නේ පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂය මේ හමුවේ මුනිවත රකිනවා ජනතා විමුක්ති පෙරමුණත් අලියාගේ තුරුලේ නැලවෙනවා එක්සත් ජනතා නිදහස් සංධානයේ විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම තමයි පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් සැබැ විපක්‍ෂය ලෙස කටයුතු කරන්නේ.

පහුගිය මැතිවරණයේදි ජනතාව අපට ලබා දුන් ජනවරමට පිටුපාන්න අපි සුදානම් නෑ එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක දීග කන්න ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ අපිට ඡුන්දේ දුන්නේ නෑ. ආණ්ඩුවට එරෙහිව රටතුල පුළුල් ජනමතයක් ගොඩනගන්නට ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්ව අප කටයුතු කරන්නේ ඒ නිසයි. එහිදි ජීනිවා යෝජනාවල ඇති අනතුරුදායක තත්වයත් ආණ්ඩුව ජනතාවට කන්  නොදි  යන්නට උත්සහ කරන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝදී ගමන පිළිබඳවත් පුළුල් ජනමතයක් රටතුල ඇති කරනවා මේ ගමනේදි අපිට විවිධ තාඩන පීඩනවලට ලක්වන්නට සිදුවේවි. ඒත් අපේ සටන අප අවසන් කරන්නේ රටතුල ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරලයි. ඒ වනතුරු අපේ සටන නතරකරන්නේ නෑ.

– ප‍්‍රදීප් අනුර කුමාර

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම් දීමයි

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම් දීමයි

    ඔක්තෝබර් 28, 2015 




ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 24-07-2014 නව චක්‍රලේඛනයට අනුව ශ්‍රී ලංකාවට යාම සඳහා නිකුත් කරන තාවකාලික ගමන් බලපත් ලබා ගැනීමේදී, දින කිහිපයක ප්‍රමාදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක දැක්වේ.

එයට හේතු වී ඇත්තේ තාවකාලිකගමන් බලපත්‍රය නිකුත් කිරීමට පෙර කොළඹ පිහිටිපිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට සිදුවී තිබීමයි.

අදාළ තානාපති කාර්යාලිය නිවේදනය පහත දක්වා තිබේ.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල් වීරවංශගේ නඩුව අද 

විමල් වීරවංශගේ නඩුව අද 




ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ගුවන් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් වන නඩුව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවීමට නියමිතයි. අවලංගු විදේශ ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් මත පසුගිය දා විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරියා. පසුගිය 23 වන දා යුරෝපා සංචාරයක් සඳහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආගමන විගමන බලධාරීන් හරවා යවනු ලැබුවේ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අවලංගු එකක් බව ප්‍රකාශ කරමින්. පසුව ඔහු තම පැරණි ගමන් බලපත්‍රය නැති වූ බව පවසා තලංගම පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව වෙනත් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීමට උත්සාහ කළා. කෙසේ වෙතත්, ඊට ද අවසර හිමි වූයේ නැහැ. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ගමන් බලපත්‍රය පිළිබද නිවේදනයක් නිකුත් කළ  ජාතික නිදහස් පෙරමුණ කියා සිටියේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන සඳහා නිසි අයුරින් වීසා බලපත් ලබාගත් බවයි
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“වන්නි මෙහෙයුම” 3D පරිගණක ක්‍රීඩාව වාරණය කරයි. නිර්මාණ ශිල්පියාට යහපාලනයෙන් තර්ජන.

“වන්නි මෙහෙයුම” 3D පරිගණක ක්‍රීඩාව වාරණය කරයි. නිර්මාණ ශිල්පියාට යහපාලනයෙන් තර්ජන.


ශ්‍රී ලංකාවෙන් බිහි වීමට තිබූ සුපිරිතම ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක්, දෙමළ ජනතාවගේ සිත් රිදෙනවා කියමින් යහපාලන ආණ්ඩුවේ බලපෑම නිසා වාරණය වූ කණගාටුදායක පුවතක් ලංකාග්‍රිඩ් වෙත ලැබී තිබෙනවා.

ඔබ මේ ලිපියට උනන්දු අයෙක්නම් ඔබ අනිවාර්යයෙන්ම කෝල් ඔෆ් ඩියුටි, කවුන්ටර් ස්ට්‍රයික්, අයිජීඅයි, මෙඩල් ඔෆ් ඔනර් ආදී ඇමරිකානු පරිගණක ක්‍රීඩා අත්විඳින්නට ඇති. අප රටේ මීට පෙර පරිගණක ක්‍රීඩා කිහිපයක් බිහි වුණත්, අපේම කියා හොඳ ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක් මෙතෙක් බිහි වුණේ නෑ.

ඒ අඩුව සපුරාලමින් වන්නි මෙහෙයුම නමින් 3D පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට තරුණ නිර්මාණ ශිල්පියෙක් කටයුතු කළා. ඔහු වසර 3 ක් තිස්සේ මෙය නිර්මාණය කළ අතර එළිදකින්නට තිබුණේ 2015 වර්ෂයේදී යි.

අවාසනාවක මහත, එම පරිගණක ක්‍රීඩාවේ LTTE ලෝගෝ එක තිබෙනවා කියමින් එම පරිගණක ක්‍රීඩාව වත්මන් රජය විසින් වාරණය කර තිබෙනවා.

එහෙත් ඇත්තටම හේතුව වී ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ව ඝාතනය කරන දසුන් එම පරිගණක ක්‍රීඩාවේ තිබීම වත්මන් රජයේ නොසතුටට හේතු වීමයි. ඊට තවත් හේතුවක් වී තිබෙන්නේ තරුණයින් අතර නැවතත් රණවිරුවන් කෙරෙහි ප්‍රබෝධයක් ඇති වීම, යුද අපරාධ පිළිබඳව හමුදාවට එරෙහිව පරීක්ෂණ පවත්වන මෙවන් වකවානුවක රජයට අවාසිසහගත වීමයි.

එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග වලින් ලංකාග්‍රිඩ් වෙත ලැබුණ තොරතුරු අනුව එම නිර්මාණ ශිල්පියාට එරෙහිව ඉදිරියේදීCID මගින් පරීක්ෂණයක් සිදුකිරීමටත් නියමිතයි. ඔහු ෆේස්බුක් එකේ දක්වා ඇති අදහස් වලිනුත් ඒ බව තහවුරු වෙනවා.

පහත දැක්වෙන්නේ “වන්නි මෙහෙයුම” 3D පරිගණක ක්‍රීඩාවේ නිර්මාණ ශිල්පියා විසින් ෆේස්බුක් එකේ තබන ලද සටහන.

   Wanni Operation the game has been stopped

((((((  මට කියන්න කනගාටුයි මම මේ එක හදන එක නතර කරනවා. මට සෑහෙන්න තර්ජන ආවා මේ game එක නිසා එත් එවා ගනන් ගන්නේ නැතුව මේ game එක හදලා නිමා කරන්නමයි මම තැත් කරේ මම ලන්කාවේ ආරක්‍ෂක අංශයට 3 පාරක් මේ game එක ගැන කියලා අවසරෙ ඉල්ලුවා LTTE LOGOඑක පාවිච්චි කරන්න මොකද LTTE LOGOඑක ලන්කාවේ තහනම් LOGO එකක් නිසා මට අද වෙනකම් මේකට කිසිම උත්තරයක් ආවෙ නැහැ ඇත්තම කියනවනම් දැන් ලන්කාවේ තත්වේ අනුව මම ආරක්‍ෂක අංශයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ
මට තව ගොඩක් problems එ ඔක්කොටම මම මේක නතර කරන්නේ මගේ family එක ගැන හිතලා මම මේ game එක හැදුවේ සල්ලි බලාපොරොත්තුවෙන් වත් වෙන මොකක්වත් බලාපොරොත්තුවෙන්වත් නෙමේ මම මේක කරේ අපේ රනවිරැවන්ට උපහාරයක් වෂයෙන් තව ගොඩක් දෙවල් ලියන්න තිබුනත් ලියන්නේ නැත්තේ මට ලන්කාවේ තත්වේ ගැන ලොකු කලකිරීමක් ඇති වී නිසයි
  ගොඩාක් සතුතී මට කරපු සහයෝගයට මම ගොඩක් කනගාටු වෙනවා මේ game එක එලියට දාන්න බැරි උනාට

  මම මේ page එකත් ලගදීම delete කරනවා)))))))))


  p.s. සින්හල ඦාතිය කියන්නේ එසේ මෙසේ ඦාතියක් නෙමේ අද අපේ සින්හලකම මෙහෙම බල්ලට ගිහින් තියෙන්නේ අපේම එවුන් අපිටම වල කපන නිසා එ වගේම ඔය කැපුවත් නිල් කොල කියන අයයි තව තමන්ගේ pocket එක ගැන හිතලා හැම දෙයක්ම පාවා දෙන එවුනුයි ඉන්නකන් අපිට කවදාවත් හරියන්නේ නැහැ. source

2015 දී බිහිවීමට තිබී එලෙස වාරණය වූ වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාවේ තවත් වීඩියෝ කිහිපයක් පහතින්.




මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“සේයා” ඝාතනය පසුපස ඇති දේශපාලන හස්තය මෙන්න

“සේයා” ඝාතනය පසුපස ඇති දේශපාලන හස්තය මෙන්න


රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමකට පැවරීම පසුපස යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේන බව අප ඝාතනය සිදුවි දින කිහිපයක් තුල එනම් සැප්තැම්බර් 18 වැනිදා කල අනාවරණය මේ වනවිට යම් දුරකට සත්‍යක් බවට පත්වෙමින් තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.(පැරණී අනාවරණය – සේයා සඳෙව්මි ඝාතන පරික්ෂණයට දේශපාලන බළල් අතක්!)

සේයා දැරියගේ ඝාතකයා “කොන්ඩයා”ම බව මෛත්‍රී ආණ්ඩුවේ රහස් පොලිසිය බොරු අනාවරණයන් කිරිම සහ සේයා දැරිය දුෂණය කල ආකාරය ඇස්වලින් දැක්කා සේ රටේ ජනතාව ගොනාට අන්දමින් ප්‍රකාශයන් නිකුත් කල පිංපි රංජන් රාමනායක වැනි එවුන් හමුවේ සත්‍ය වැලලි යන්නට බොහෝ විට ඉඩ තිබේ.

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය දූෂ්‍ය කොට ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වලට අදාළව කොණ්ඩයා‍ නැමැත්තාගේ සොහොයුරා හෙවත් සමන් ජයලත්ගේ ඩී.එන්.ඒ සාම්පල් දැරියගෙන් ලබාගත් සාම්පල් සමග සැසැඳෙන බව අධිකරණයේදී තහවුරු වී ඇති බව අවසානයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන්තම් මාධ්‍ය හමුවේ පවසා එම මාධ්‍ය සංදර්ශණය අවසන් කිරිමට සමත් වුනා.

නමුත් එම දැරියගේ ඝාතනය පසුපස ක්‍රියාත්මක දේශපාලන හස්තය ඔය කියනා කොණ්ඩයා‍ නැමැත්තාගේ සොහොයුරා හෙවත් සමන් ජයලත් මේ මොහොතේ කිසිවිටක අනාවරණය නොකරනු ඇත.මන්ද ඔහුට මේ වනවිට ලැබෙන සහ ලැබුනු පහසුකම් සද වරදාන කිසි විටකත් ඔහු එලියේ සිටියේනම් නොලැබෙන නිසාය.

කොණ්ඩයා‍ හෝ සමන් හෝ වෙන එකෙකු අදාළ දැරිය දුෂණය කර ඝාතනය කිරිම පසුපස ඇති දේශපාලන හස්තයේ පළමු හෙළිදරවුව මෙසේ සටහන් කර තබන්නේ එය අදට වඩා හෙටට වැදගත් වන නිසාය.

අදාළ දේශපාලනඥයාගේ පියාද වත්මන් යහපාලන දේශපාලන ක්‍රියාලිය තුල බලවත් අයෙකු වන අතර උපතින්ම ඔහුන්ගේ පවුලම වලත්ත ගතිගුණ සහිත පවුලක් බව ගමේ පමණක් නොව රටේම ජනතාව හොදින්ම දනි.අදාළ දේශපාලනඥයා විකෘති මානසිකත්වයකින් පෙලෙන අයෙකු වන අතර ඔහුන් සම්බන්ධයෙන් පසුගිය කාලසිමාව තුල වැඩිපුරම සාකච්ඡාවටද  ලක්වු පවුලක අයෙකි.

අදාළ දේශපාලන බලය භාවිතා කරමින් ඝාතකයා බේරාගැනීම සදහා සේයා සඳෙව්මිගේ පියා ඝාතනයට සම්බන්ධ බවට වෙබ් අඩවි භාවිතා කරමින් පුවත් පලකිරිමටද අදාල දේශපාලන බලය භාවිතා කර තිබේ.මේ වනවිටත් අදාළ පරික්ෂණ යට ගැසිම සදහාත් ඔහු කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවන් තොරතුරු අනාවරණය කර ගැනිමට කටයුතු කරමින් සිටි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network