‘මත්තල වී ගබඩා කළේ එහි වටිනා උපකරණ ගලවලා’

‘මත්තල වී ගබඩා කළේ එහි වටිනා උපකරණ ගලවලා’
“හම්බන්තොට දිස්ත්‍රික්කයේ වි ගබඩා කරන්න ඕන තරම් තැන් තියෙනවා. මහවැලි සංවර්ධන කලාපයේ හදපු පාසල් දෙකක් තියෙනවා. එවා තවමත් විවෘත කරලා නැහැ. සුරියවැවත් වැසිගිය පාසල් ගොඩනැගිලි තියෙනවා රාජපක්ෂලා ඔක්කොම එක ගොඩේ දමා පලිගන්න හදනවා” යැයි දකුණු පළාත් සභාවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් රාජපක්ෂ මහතා ඊයේ (08) පැවති දකුණු පළාත් සභා රැස්විමේදි පැවසිය. හෙතෙම මේසේද කිවේය.‍ “ඇත්තටම ඉතා සාමකාමි විරෝධතාවයක් තමයි අපි පැවැත්වුයේ, සුරියවැව නගරයේ කඩ සාප්පුවසා දමලා කළු කොඩි ඔසවලා නගරයේ වි්‍යාපාරිකයින්ද මෙම විරෝධතාවයට එක්ව සිටියා. පොලිසිය පැමිණ බලහත්කාරයෙන් කඩ සාප්පු විවෘත කරන්න හැදුවා. භාගයක් විතර කඩ සාප්පු ඇරියා. නමුත් මාධ්‍යවේදින්ගේ කැමරා ඒපැත්තට අල්ලන කොට පොලිස් නිලධාරින් යන්න ගියා. මත්තල ගුවන්තොටුපළේ වි ගබඩා කිරිම වැරදියි. එහි ඇති කෝටි ගනනක් වටිනා ඉතා සංවේදි උපකරණ ගලවලා තමයි මේ අය වි ගබඩා කරන්නේ. මෙයට ජනතාවගේ දැඩි විරෝධයක් තියෙනවා” යැයිද මන්ත්‍රිවරයා කිවේය. දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කළේගානේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේ දි මෙම රැස්විම පැවැත්විණි. (ලලිත් කන්කානම්ගේ/ සමන් කුමාර/ සුනෙත් ගාල්ලගේ)
Copyright © 2012 Sri Av Tv Network