පස් කන්දට යට වී ජීවිතක්ෂයට පත්වූ හත්දෙනාගේම අවසන් කටයුතු එකම ස්ථානයකදී

පස් කන්දට යට වී ජීවිතක්ෂයට පත්වූ හත්දෙනාගේම අවසන් කටයුතු එකම ස්ථානයකදී

කොත්මලේ රම්බොඩ වෙදමුල්ල ප්‍රදේශයේ සිකුරාදා සිදු වූ නාය යාමෙන් ජීවිතක්ෂයට පත් වූ හත් දෙනාගේම අවසන් කටයුතු එකම ස්ථානයකදී සිදු කෙරුණි.

මෙම අනතුරෙන් කාන්තාවන් පස් දෙනකු සහ කුඩා දරුවන් දෙදනකු මිය ගොස් ඇති අතර එම ප්‍රදේශයේ තිබූ නිවාස නවයකින් හතක්ම විනාශ වී තිබේ.

ඉතිරි නිවාස දෙකද අර්ධ වශයෙන් විනාශ වී ඇත.

මිය ගිය හත් දෙනාගේ අවමංගල්‍ය කටයුතු සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක හයක් අවදානම් ප්‍රදේශ ලෙස නම් කොට තිබේ.

බදුල්ල, කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර එම දිස්ත්‍රික්ක හයයි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network