‘ජිනීවා යෝජනාව එපා…’ – ශ‍්‍රී ලංකාව වෙනුවෙන් චීනය, රුසියාව අවසන් විරෝධය දැඩිව දක්වයි..

‘ජිනීවා යෝජනාව එපා…’ – ශ‍්‍රී ලංකාව වෙනුවෙන් 
චීනය, රුසියාව අවසන් විරෝධය දැඩිව දක්වයි..

ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා පරීක්‍ෂණ වාර්තාව පිළිබඳ විවාදය ලබන බදාදා (30 දා) ආරම්භ වේ.

මෙම විවාදයේ දී එකී පරීක්‍ෂණ වාර්තාව පිළිගන්නේද නැද්ද යන්න ගැන ඡන්ද විමසීමක්‌ පැවැත්වේ.

මෙකී වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට එරෙහිව කර ඇති නිර්දේශ ගැන රුසියාව, චීනය, කියුබාව හා පාකිස්‌තානය දැඩි විරෝධතාවයක්‌ දක්‌වා ඇත.

ශ්‍රී ලංකාවට එල්ලකර ඇති ඇතැම් චෝදනා ගැන කිසිසේත් එකඟ විය නොහැකි යයි එකී රටවල් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

රටවල් 47 ක්‌ මෙම ඡන්ද විමසීමට සහභාගි වේ. විශේෂයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්‌ත පරීක්‍ෂණයකට එම රටවල් තරයේ විරුද්ධ වී ඇත.

මේ අතර විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 27 ක්‌ එවන් පරීක්‍ෂණයක්‌ සඳහා ක්‍රියා කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ඉල්ලා ඇත.

– දිවයින--

වර්තමානයේ පවතින දේශපාලන  ඊනියාව  තුලින් රට යන මග පිළිබද නිසි තොරතුරු එසැනින් දැනගන්න පිවිසෙන්න
Facebook -www.facebook.com/sriavtvnetwork 
Twitter -www.tiwtter.com@sriavtvnetwork 
Youtube - www.youtube.com/sriavtvnetwork 
Blogspot -  www.sriavtvnetwork.blogspot.it  
Google+ - www.plus.google.com/sriavtvnetwork 

තව කෙනෙකුට බලන්න share කරන්න
page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා හරි.....
ℓιкє ✔ тαg & ✔ ѕнαяє.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network