කළුට තර්ජනය කළ නුවන්ට වැඩ වරදී

කළුට තර්ජනය කළ නුවන්ට වැඩ වරදී

පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉකුත්දා පැවැත්වූ විශේෂ පුහුණු සැසියකට බලහත්කාරයෙන් ඇතුලු වී ශී‍්‍ර ලංකා එ් කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කලුවිතාරණට, ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පන්දුරැකීම් පුහුණුකරු නුවන් සෙනෙවිරත්න බැන වැදී කොන්ද කඩා දමන බවට තර්ජනය කිරීම සම්බංධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් දූෂණ මර්දන එ්කකය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් වාර්තා වේ.


නුවන් සෙනෙවිරත්න ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීම් පුහුණුකරු ධුරයට පත් කෙරුණේ හිටපුු ප‍්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තුගේ අනුදැනුම පරිදි නමුත් ඔහු සුදුසුකම් සපුරා නොමැති බවද වාර්තා වේ.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network