රුසියානු පාබල හමුදා සිරියාවට ගොඩබසින ලකුණු

රුසියානු පාබල හමුදා සිරියාවට ගොඩබසින ලකුණු

මොස්කව් බලධාරීන් කොතෙක් ප‍්‍රතික්‍ෂේප කළද ISIS සටන්කාමීන් හා සටන්වැදීම සඳහා රුසියානු පාබල හමුදාවන් සිරියාවට ගොඩබැසීමට සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අගෝස්තු 31වනදා දකුණු දමස්කස්හි කදාම් දිස්ත‍්‍රික්කයට එල්ලවූ ප‍්‍රහාරයෙන් පසුව මෙම සූදානම වේගවත් වී ඇතැයි පැවසේ.

එම ප‍්‍රහාරයෙන් ඇතැම් ප‍්‍රදේශ ත‍්‍රස්තයින් අතට පත්ව ඇති අතර ISIS සටන්කාමීන් සිරියානු අගනුවරට මෙතරම් ආසන්නවූ පළමු අවස්ථාව මෙයයි.

දේශපාලන විචාරකයින් පවසන්නේ සිරියානු ජනාධිපති බෂාර් අසාද්ගේ පාලනයට තර්ජනයක් එල්ලවීමට රුසියාව විසින් ඉඩ නොදෙනු ඇති බවයි.

මෙය සිදුවවහොත් සිරියානු සිවිල් යුද්ධයට හමුදා එවමින් මැදිහත්වන පළමු මැදපෙරදිග නොවන රාජ්‍යය බවට රුසියාව පත්වනු ඇත.

මෙම මැදිහත්වීම සම්බන්ධීකරණ කිරීම සඳහා පසුගිය මසදී මොස්කව්හිදී පිහිටුවනු ලැබූ රුසෝ-සිරියානු මිලිටරි කොමිසමේ ක‍්‍රියාකාරීත්වයද වේගවත්වී ඇතැයි පැවසේ.

මේ අතර ISIS සටන්කාමීන්ට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රහාර මෙහෙයවූ ඇමරිකානු මධ්‍යම විධාන ජෝර්දාන පෙරමුණ සම්පූර්ණයෙන්ම පාහේ අකර්මණ්‍යවී ඇතැයි වාර්තා වේ.

අල් නුස්රා වැනි අල් කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමීන් සමග කටයුතු කිරීම ඇමරිකානු හමුදාවන් විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇති අතර අසාද් පාලනය පරාජය කිරීම සඳහා එවැනි තේරීමක් සිදුකළ නොහැකි බවට සිරියානු සටන්කාමීන් හා ඇමරිකානු හමුදා අතර මතභේදයක් ඇතිව තිබීම මෙයට හේතුව බව පැවසේ.



වර්තමානයේ පවතින දේශපාලන  ඊනියාව  තුලින් රට යන මග පිළිබද නිසි තොරතුරු එසැනින් දැනගන්න පිවිසෙන්න
Facebook -www.facebook.com/sriavtvnetwork 
Twitter -www.tiwtter.com@sriavtvnetwork 
Youtube - www.youtube.com/sriavtvnetwork 
Blogspot -  www.sriavtvnetwork.blogspot.it  
Google+ - www.plus.google.com/sriavtvnetwork 

තව කෙනෙකුට බලන්න share කරන්න
page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා හරි.....
ℓιкє ✔ тαg & ✔ ѕнαяє.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network