යහපාලන ඇමති මණ්ඩලේ කචල්

යහපාලන ඇමති මණ්ඩලේ කචල්

ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් අතර මත ගැටුමක් හටගෙන ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා රනිල් වික්‍රමසිංහ හමුවේ ප්‍රකාශ කර ඇත්තේ,
මේ ආණ්ඩුව ගොඩ නගන්න අපි දරදිය ඇද්දා .දහඩිය හෙළුවා .හැබැයි හොදම අමාතාංශ ටික දිලා තියෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අයට .මේක හරිම අසාධාරණයි යනුවෙනි .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ,මේ මොහොතේ මේ පිළිබද කතා කිරීමෙන් ඵලක් නොවන බවයි .මේ වන විට සියල්ල අවසන් කර ඇති බැවින් මේ පිළිබද කතා කර ගැටළු ඇති කර ගැනීම සුදුසු නොමැති බවයි අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.


තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network