සේයා ඝාතනයට ලක්ව ඇත්තේ රෑ 11.30 විතරලු - සැකකරුවන් 28 දක්වා රිමාන්ඩ්

සේයා ඝාතනයට ලක්ව ඇත්තේ රෑ 11.30 විතරලු - සැකකරුවන් 28 දක්වා රිමාන්ඩ්

 කොටදෙනියාවේ සේයා  සදෙව්මි දැරිය  ඝාතනයට ලක්ව ඇත්තේ සිරුර හමුවීමට පෙරදා රාත්‍රී 11.30ට පමණ බව වෛද්‍ය නිගමනයයි.

දැරිය අතුරුදන් වූ බව පැවසෙන දිනයේ පස්වරු 6.30ට පමණ  ඇය ආහාරගත් බව  සඳහන්. දැරියගේ  ආමාශයේ  බත් කටක ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව  වෛද්‍යවරු නිරීක්ෂණය කර ඇත. 

දරුවකුගේ ආහාර දිරවීමට  පැය 5ක්  - 6ක් පමණ ගතවෙන බව වෛද්‍යවරු පවසති.  ඒ අනුව සේයා  සදෙව්මිගේ මරණය රාත්‍රී  11.30ට පමණ සිදුවූ බවට  නිගමනය කර ඇතැයි වාර්තාවෙයි. 

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (19) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්  ඩී.ඒ රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා සේයා සදෙව්මි දැරියගේ නිවස ආසන්නයේම පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් දෙදෙනා අතර පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ වයස අවුරුදු 17ක පාසල් සිසුවා ද වෙයි.




තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network