ගයේෂා පෙරේරාට චරිත සහතික දීමට පෙර? -මදුෂංක ගනේගොඩ

ගයේෂා පෙරේරාට චරිත සහතික දීමට පෙර? -මදුෂංක ගනේගොඩ




පසුගිය කාලය පුරාම අන්තර්ජාල ෆේස් බුක් හා සමාජ වෙබ් අඩවි තුල කතා බහකට ලක්වු කාරණයක් නම් මාධ්‍යට රජයෙන් එල්ලවු තර්ජන ගැනයි. එහෙත් බොහෝ දෙනෙකකු පසුගිය කාලයේ කතා නොකරපු මාතෘකාවක්ද තිබුනි. ඒ බොහෝ දෙනෙකු   කතා නොකල කාරණය දැන් දැන් කතා බහට ලක් කරමින් සිටින තත්වයක් පෙනෙන්නට තිබේ. ඒ අන් යමක් නොව අපේ ඇතම් මාධ්‍ය විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවි වල තිබෙන පරිහානියයි.


මේ ඇතම් මාධ්‍ය පිරිහී ඇති බව අවස්තා කිහිපයකදීම මා දුටුවෙමි. ඒවායින් එක අවශාවක් නම් ගයේෂා පෙරේරාට අමු අමුවේ එල්ල කල බඩ ප්‍රහාරයන්ය. ගයේෂා පෙරේරා නියෝජනය කරන පක්ෂය හෝ ඇයගේ දේශපාලන මතය අපට අදාල නැත, එහෙත් ශ්‍රී ලංකා රෝ ඔත්තු සේවය නමින් පෙනිසිටින ෆේස්බූක් සමාජජාල ඇයට එල්ල කරන මඩ ප්‍රහාර වලට එරෙහිව යුක්තියක් හා සාධාරනයක් ඉටුවිය යුතුව ඇත.


ගයේෂා පෙරේරා  සමාජය වෙනුවෙන් කල මෙහෙය අප අගය කලයුතු .  කෙසේ වෙතත් මඩ ප්‍රහාර වෙනුවෙන් කාලය වැය නොකරන ගයේෂා සමාජ සේවා වෙනුවෙන්ද සිය වෘත්තිය ජීවිතයෙන් කාලයක් වැය කරන බව දනිමු. විශේෂයෙන්ම සමාජයට හරි වැරැද්ද යනු කුමක්ද යන වග අවබෝද කිරිම සදහා ගයේෂා පෙරේරා රගපෑ ඉගිල්ලෙන මාළුවා චිත්‍රපටයේ එක් දර්ශණයක් මුල්කොට ගෙන යන මඩ ප්‍රචාර රෝ ඔත්තු ඇඩ්මින් වරුන් ගෙනයන්නේ මුදලට තිබෙන කෑදරකම නිසා ඔවුන් ලැජ්ජවිය යුතුයි. මෙහිදි අපට පක්ෂ පාට වැදගත් නැත. එසේ නමුත් මෙලෙස කාන්තාවක් හට කරන අපහස කිසිසේත්ම අනුමත කල නොහැකියි.


විල්පත්තුව කැලැ විනාශයට හා ෆුල්ෆේස් තහනමට එරෙහිව ගයේෂා ෆේස්බූක් තුලින් නොව ඇය මහමගට බැස එය ඔප්පු කිරිමට තරම් එඩිතර විය. එමෙන්ම පසුගිය දිනවල රට සසල කල අහස පොලොව නොහුලන සහසික අපරාධයක් නම් සේයා සදෙව්මිණි දැරියගේ ඝාතනයයි. සේයා වෙනුවෙන්ද ගයේෂා පෙරේරා තමාට කල හැකි උපරීම දෑ සිදුකිරිමට තරම් ගයේෂා කාන්තාවක් වශයෙන් කටයුතු කලාය.


මේ අතරතුර ගයේෂා පෙරේරා මහත්මියට එරෙහිව ඇතැම් ෆේස්බූක් සමාජ ජාල පිටු වන ශ්‍රී ලංකන් මචං හා රෝ ඔත්තු සේවය නමින් පෙනිසිටින මනෝ විකාරත්මක පිටු කාන්තාවක් හට නොකිව යුතු අපහසත්මක දේ සිදුකිරිමට මෙම පිරිස් කටයුතු කලාය. ඒ තමාටද අම්මෙක් පුංචි ලොකු අම්මෙක් අක්කෙක් නංගියෙක් සිටින බව අමතක කරමින්ය.


ගයේෂා පෙරේරාට චරිත සහතික දීමට පෙර ශ්‍රී ලංකන් මචං පිටුව ඇතුළු රෝ ඔත්තු සේවය වැනි පිටු මෙහෙවන ඇඩ්මින් වරුන්ගේ පැටිකිරියාව සොයාත යුතුයි මන්ද අප විසින් පත්කරපු යහපාලනයේ වැරදි නිවැරදිකර යහපාලන ආණ්ඩුව ප්‍රමුඛ පාලකයන් නිවැරදි දිසාන්තයකයට යොමුකල යුතුයි කියන ස්ථාවරයේ මෙම මානසීක රෝගයෙන් පෙලෙන ශ්‍රී ලංකන් මචන් රෝ ඔත්තු සේවය මෙහෙවන ඇඩ්මින්ලා ක්‍රියානොකරන්නේ ඔහුන්හට මාසිකව ලැබෙන ලක්ෂ දහයේ වරප්‍රසාද නිසාය. මුදලට තම ආත්මය පාවාදෙන මෙවන් අමනයන් නිසා ෆේස්බූක් මාධ්‍ය භාවිතා කරන පුද්ගලයාටද නිසි තැනක් නොමැත.
තමන්ට අවනත නොවන ඔනෑම අයෙකුට මඩගැසිම තුලින් පෙන්වන්නේ ඔහවුන් තුල තිබෙන දුර්වලතාවය මිස ගයේෂා පෙරේරාගේ දුර්වලකම නොවන බව ගයේෂා පෙරේරාගේ චරිතය නිර්දය ලෙස ඝාතනය කරන මානසීක රෝගින් අවබෝද කරගතයුතුයි. ගයේෂා පෙරේරා වෙනුවෙන් මෙම කෙටි සටහන ලියන මා ඔවුන්ට සිහිපත් කිරිමට කැමතියි මින් ඉදිරියට ගයේෂා පෙරේරාහට යම් අයුරින් මඩගැසිමට ක්‍රියාකලොහොත් ඊට එරෙහිව අප ගයේෂා පෙරේරා වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ හඩනැගිමට  පසුබට නොවෙමි.
-මදුෂංක ගනේගොඩ
තව කෙනෙකුට කියවන්න Share කරන්න

සිරුර ළඟ තිබූ සෙරෙප්පු දෙක ඔස්සේ 'රොකී' යයි (කහාවත්තේ මිනි මැරැම )

සිරුර ළඟ තිබූ සෙරෙප්පු දෙක ඔස්සේ 'රොකී' යයි (කහාවත්තේ මිනි මැරැම )

කහාහවත්ත, කොටකෙතන ඕපාත වත්තේදී දෙදරු මවක් අභිරහස් ලෙස ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන සදහා 'රොකී' නමැති පොලිස් නිල සුනඛයාද යොදවාගෙන තිබෙනවා. 

ඒ අනුව අදාළ ඝාතනය වූ ස්ථානය ආසන්නයේ විසිවී තිබූ සෙරප්පු යුගලයක් හරහා පරීක්ෂණ දියත් කිරීමට රොකී ගේ සහය ලබාගත් බවත් වාර්තා වෙනවා.

ඉකුත් 28 වනදා අදාළ ඝාතනය සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පශ්චාත් මරණ පරීක්‍ෂණය රත්නපුර රෝහලේදී සිදු කෙරුණා. තියුණු කැපුම් තුවාල 5 ක් එහිදී හදුනාගෙන තිබෙනවා. ඇයගේ දේහය මේ වන විට ඥාතීන්ට භාර දී තිබෙනවා.

මේ අතර සිය ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා වලේබොඩ,  ඕපාත සහ  ඕපාත වත්ත ඇතුළු ප‍්‍රදේශ කිහිපයක වැසියන් අද (30) උද්ඝෝෂණයක නිරත වුණා. 

තව කෙනෙකුට කියවන්න Share කරන්න

සිරියාවට පළමු ගුවන් ප්‍රහාරය රුසියාවෙන් එල්ල වෙයි

සිරියාවට පළමු ගුවන් ප්‍රහාරය රුසියාවෙන් එල්ල වෙයි 


 : සිරියාවට පළමු ගුවන් ප්‍රහාරය රුසියාවෙන් එල්ල වෙයි
රුසියාව මීට ටික වේලාවකට පෙර සිරියාවට පළමු ගුවන් ප්‍රහාරය එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිරියාවේ හෝම්ස් නගරයේ අයි.එස්.අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්කයක් වෙත මෙලෙස රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කළ බව ය.

සිරියාවේ අයි.එස්.අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ සඳහා රුසියානු පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතිය ජනාධිපති වැලැදිමිර් පුටින්ට හිමි වීමෙන් පසුව මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කෙරිණ.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

රවී අත්සන් කරන මුදල් නෝට්ටු වලංගුද?

රවී අත්සන් කරන මුදල් නෝට්ටු වලංගුද?
ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු වල නිල අත්සන් තැබිය යුත්තේ මුදල් අමාත්‍යවරයාද නැතහොත් මහ බැංකුව අයත්වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ද යන්න පිලිබඳ නෛතික ගැටළුවක් ඇති වී ඇතැයි ඒ පිලිබඳ උනන්දුවක් දක්වන පාර්ශව පවසනවා. 



මීට හේතු වී ඇත්තේ ඇමැතිවරුන්ගේ විෂය පථයන් තීන්දු කරන නව ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අයත්වන්නේ රවී කරුණානායක මහතා යටතේ ඇති මුදල් අමාත්‍යංශයට නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වීම නිසා ය.



රටක මුදල් කාසි සහ නෝට්ටු නිකුත් කරන්නේ ඒ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා ප්‍රධාන බැංකුව විසිනි. ලංකාවේ නම් මහ බැංකුවයි.. ලෝකයේ අන් සියළුම රටවල පාහේ එකී බැංකුව පවතින්නේ රටේ මුදල් භාර ඇමැතිවරයා හෝ මූල්‍ය ආණ්ඩුකාරයා හෝ මුදල් ලේකම්වරයා ආදී විවිධ තනතුරු නාම වලින් හැඳින්වෙන නමුත් මුදල් පිලිබඳ පාර්ලිමේන්තුවට හෙවත් ව්‍යවස්ථාදායකයට වගකියන පුද්ගලයකු යටතේ ය.



ඒ අනුව මුදල් නෝට්ටු වලට අත්සන් තබන්නේ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා බැංකුවේ ප්‍රධානියා සහ මුදල් පිලිබඳ ව්‍යවස්ථාදායකයට වග කියන පෙරකී පුද්ගලයකු විසිනි. විශේෂ තැන්හිදී පමණක් එක් අයෙකුගේ අත්සන පමණක් තැබෙන අවස්ථාද වේ.



ලංකාවේ මෙතෙක් කාලයක් මුදල් නෝට්ටු නිකුත් කරන මහ බැංකුව අයත් වූයේ මුදල් ඇමැතිවරයා යටතේ බැවින් මහ බැංකුවේ ප්‍රධානී වන මහ බැංකු අධිපති සහ මුදල් ඇමැතිවරයා මුදල් නෝට්ටු වල අත්සන් තැබුනු නමුත් දැන් මහ බැංකුව අයත් වන්නේ අගමැතිවරයාට ය. මහ බැංකු අධිපතිගේ අත්සන ගැන ගැටලුවක් නැත. ගැටළුව ඇත්තේ අනෙක් අත්සන පිලිබඳවය. රටේ මුදල් පිලිබඳව පාර්ලිමේන්තුවට වගකියන්නේ මුදල් ඇමැතිවරයා ය. නමුත් තමන්ගේ වගකීමක් නැති ආයතනයකින් නිකුත් කරන නෝට්ටුවකට මුදල් ඇමැතිට අත්සන් තැබිය හැකිද..? අත්සන් කළද එම නෝට්ටුව වලංගුද?


තව කෙනෙකුට කියවන්න Share කරන්න

නැති වූ පුංචි දැරිවිය ගල් ගුහාවකදී සොයා ගැනේ - අදෘෂමාන බලවේගයක්දැයි සැක

නැති වූ පුංචි දැරිවිය ගල් ගුහාවකදී සොයා ගැනේ - 
අදෘෂමාන බලවේගයක්දැයි සැක
නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු 3 ½ ක් වන පුංචි දැරිවියක් මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12 ක පමණ මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන තිබෙනවා.

අතුරුදහන්වී සිටියදී සොයා ගෙන ඇත්තේ කරුවලගස්වැව - පහරිය පදිංචිකාරයක් වන කිරිහෙට්ටිගේ දිනිති අහිංසා (අවු 3 ½ ) නම්වූ දැරිවියකි.

ඊයේ (29) සවස 3.30 ට පමණ මෙම දැරිවිය එක්වරම අතුරුදහන්වී ඇත. ප්‍රදේශවාසීන් මෙන්ම කරුවලගස්වැව පොලීසියද එක්ව ඇය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතත් සවස් වන තුරුම සොයා ගැනීමට නොහැකිවී ඇත. මේ අතර ප්‍රදේශයේ දේවාලයකට ‍ගොස් දැරිවිය සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමට ඇයගේ වැඩිහිටියන්ට කටයුතු කර තිබෙනවා. එම දේවාලයේ සිටි අය පවසා ඇත්තේ මේ වන විට දැරිවිය මහා වනාන්තරයේ ගල් ගුහාවක් තුළ තනිවම සිටින බවත්, එම ස්ථානයට ගොස් කාන්තාවක් කථා කළහොත් පමණක් ඇය පිටතට පැමිණෙන බවත්ය.

ඒ අනුව තබ්බෝව අභය භූමියේ සැතපුම් 10 ක් පමණ වන ඝන වනාත්තයේ ඇති ගල් ගුහාවක් වෙත දැරිවිය සොයන කණ්ඩායම 30 වැනිදා අළුයම 3.30 ට පමණ ළඟා වී ඇත. කණ්ඩායමේ සිටි කාන්තාවක් විසින් දැරිවියගේ නම කියා කථා කළ විට ඇය ගල් ගුහාවේ සිට පිටතට පැමිණ ඇති බව පොලීසිය කියයි.

පසුව පොලිස් නිලධාරීන් සහ දැරිවිය සොයා ගිය කණ්ඩායම එක්ව ගල් ගුහාව සෝදිසි කර බැලුවද වෙනත් කිසිවෙකුත් එහි සිට නැත. වෙනත් කිසිවෙකු සිටි බවට සළකුණක් හෝ තිබී නැත.

තම නිවසේ සිට සැතපුම් 25 ක් පමණ දුරකින් මහ වනාන්තරය තුළ පිහිටි ගල් ගුහාවට කෙසේ පැමිණියාද යන්න හෙලි කිරීමට දැරිවිය සමත්වී නොමැති බව පොලීසිය කියයි.  කිසියම් අදෘෂමාන බාලවේගයකින් දැරිවිය ඇය රැදී සිටි ගල් ගුහාව කරා යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

සොයා ගත් දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව ඇත.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

'හයිබි‍්‍රඩ් ගැන ජනමත විචාරණයක්'

'හයිබි‍්‍රඩ් ගැන ජනමත විචාරණයක්'





ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දෙමුහුන් හෙවත් හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.



ශ‍්‍රී ලංකාව සහ අමෙරිකාව එක්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 



අදාළ ඒකාබද්ධ යෝජනාව දෙමුහුන් යන වචනය සඟවා ඉදිරිපත් කළ, රටට අහිතකර යෝජනාවක් බව ද විමල් වීරවංශ මහතා මෙහිදී කියා සිටියා. ඒ අනුව එහි පොදුරාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් විදේශ රටවල විනිසුරුවරුන්, අභිචෝදකයන්, නිතීඥයන්, පරීක්ෂකයන් සහ අවශ්‍යනම් ලංකාවේ නියෝජිතයිනුත් ඇතුළත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

"වෙනස පටන් ගත්තා පමනයි" පළාත් පාලන මැතිවරණයේ සීමා නීර්ණය ගැසට් කරයි

පළාත් පාලන මැතිවරණයේ සීමා නීර්ණය ගැසට් කරයි
"වෙනස පටන් ගත්තා පමනි"



පළාත්  පාලන  ආයතන  ඡන්ද  විමසීම්  ආඥාපනතේ 3 (ඇ) වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම පළාත් පාලන ආයතන සීමා නියමයෙන් සඳහන් කර තිබෙනවා.

පහත උපලේඛනයේ නිරූපිත ප‍්‍රදේශ එම ආඥාපනතේ කාර්යය සඳහා එම උපලේඛනයේ සඳහන් පළාත් පාලන ආයතන බල ප‍්‍රදේශයේ කොට්ඨාස විය යුතු බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.

(අදාළ ගැසට් නිවේදනය කියවීමට පහත ලින්ක් එක භාවිතා කරන්න)
තව කෙනෙකුට කියවන්න Share කරන්න

නාමල්ගෙන් දහම් පාසල් සිසු සිසුවියන්ට උපකරණ

නාමල්ගෙන් දහම් පාසල් සිසු සිසුවියන්ට උපකරණ
සිල් සුවදින් පිරුණු උතුම් වූ පොහොය දින දහම් පාසල් සිසු දරු දැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන් මාලාවක් අද නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන් විසින් සංවිධානය කර තිබූ අතර සෑම දහම් පාසලකටම ලබාදෙන මෙම පාසල් උපකරණ ලබා දීමේ වැඩසහටන සදහා දහම් පාසැල් සිසු සිසුවියන් එකතුව සිටියේ දැඩි උද්යෝගයකිනි.




තව කෙනෙකුට කියවන්න Share කරන්න

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විකුණන අලුත්ම තියරීය

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විකුණන අලුත්ම තියරීය

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්දීය ඔයිල් සමාගමට විකිණීමට ගත් තින්දුවට තමන්ට වගකිව නොහැකි බවට මුදල් අමාත්‍යවරයා කල අනාවරණයත්,මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් යුතුව MPETPL_0211 2015 සැප්තැම්බර් 17 දාතමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වහාම විකුණා දමන ලෙසට යැවු ලිපිය සම්බන්ධයෙන් අප කල අනාවරණයෙන් පසුව සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවක මණ්ඩලය ඊට එරෙහිව සංවිධානය විම හමුවේ යහපාලන ආණ්ඩුව පෞද්ගලීකකරණ නාඩගම වෙනස් ස්වරූපයකට මාරු කර තිබේ.

තෙල් සංස්ථාව කිසිදු දිනක පෞද්ගලිකකරණය නොකරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක ඊයේ මාධ්‍ය හමුවේ අනාවරණය කරමින් කරමින් සදහන් කළේ සංස්ථාවේ කළමනාකාරීත්වයේ වෙනසක් සිදු කිරීමට පමණක් අපේක්ෂා කරන බවයි.

යහපලනය නටන අමෞතුම නාඩගම මෙය බව තෙල් සංස්ථාව වෘත්තීය සමිති පෙන්වා දෙනවා.”කළමනාකාරීත්වයේ වෙනසක් සිදු කිරීම” යන වචනයේ තෙරුම කුමක්ද යන්න ඇමතිවරයා අවධාරණය කලයුතු බවත් තෙල් සංස්ථාව පෞද්ගලිකකරණය කිරිමේ ක්‍රියාවලියට එරෙහිව වෘත්තීය සමිති ගත් තින්දු සහ එකරාශී විම යටපත් කිරිම සදහා මුදල් අමාත්‍යවරයා රටට විහිලු සපයමින් සිටින බවද එම සමිතිය පෙන්වා දෙනවා.

 වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලික අංශයට විකුණා දමන ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක යොජනා කර තිබේ.මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් යුතුව 0211 2015 සැප්තැම්බර් 17 වැනි දා තමන් ඒ සම්බන්ධ ලිපිය ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර තිබේ.




තව කෙනෙකුට කියවන්න Share කරන්න

සිසුවියන් සිව්දෙනෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් කොටුවූ හැටි (ඡායාරූප)

සිසුවියන් සිව්දෙනෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් කොටුවූ හැටි (ඡායාරූප)
මස්කෙළිය පොලිස් වසමට අයත් මොටින්හෑම් වතුයායේ දමිළ වතුපාසැලක 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින අවුරුදු දාහතර (14) සහ පහළොව (15) වයස් කාණ්ඩවල පසුවන සිසුවියන් සිව්දෙනෙකු (4) කාලයක් තිස්සේ අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසැලේ ගුරුවරයෙකු මස්කෙළිය පොලීසිය මගින් ඊයේ (28.09) අත්අඩංගුවට ගෙන තිඛෙනවා.



මෙම සැකකාර ගුරුවරයා අවුරුදු තිස්එකක (31) විවාහක එක්දරු පියෙක් වන අතර ඔහු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංච්කරුවෙකු බවයි පොලීසිය පවසන්නේ. පාසැල් සිසුවියන්ට බාහිර පන්ති පවත්වන මුවාවෙන් මෙම සැකකරු කාලයක් තිස්සේ වරින් වර සිසුවින්ව අපයෝජනයට ලක්කළ බවට එම සිසුවියන් හා සිසුවින්ගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලීසියේ පැමිණිල්ලක් කර තිඛෙනවා.



එම සිසුවියන් සිව්දෙනා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද (29.09) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



මේ අතර එම පාසල අවට තිඛෙන තේ වතු වල වතුකම්කරුවන් අද (29.09) වැඩවර්ජනය කරමින් පාසැල වටලා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා.



වතුකම්කරුවන් පවසන්නේ මෙම සිද්ධියට විදුල්පතිවරයා සහ ආචාර්්‍ය මණ්ඩලයත් වගකිවයුතු බැවින් ඔහු ඇතුළු එම පාසැලේ ආචාර්්‍යමණ්ඩලය මාරුකළ යුතු බවයි. වතුකම්කරුවන් එම පාසැල වටකර තිබීම හේතුවෙන් පාසැලට දැඩි පොලීස් ආරක්‍ෂාවක් යොදවා තිඛෙනවා. මෙම සිද්ධිය පිළිබඳව මස්කෙළිය පොලීසිය පරීක්‍ෂණ පවත්වනවා.





තව කෙනෙකුට කියවන්න Share කරන්න

හදවතට හොඳ නැති නිසා භාණ්ඩ තුනක මිල ඉහළට?(රාජිත)

හදවතට හොඳ නැති නිසා භාණ්ඩ තුනක මිල ඉහළට?
කිතුලට ගිය මිනිහා මොනාද කිවුවලු නේ..

හදවතට හොඳ නැති නිසා භාණ්ඩ තුනක මිල ඉහළට?

කිතුලට ගිය මිනිහා මොනාද කිවුවලු නේ..
රට වටකර වැට බැන්දත් කට වටකර වැට බැඳිය නොහැකිය ඒත් අපට කට වටකර වැට බඳින්න හැකි නම් හෘද රෝග පාලනය කරගත හැකිය. අප රටේ සීනි, ලුණු හා පොල්තෙල් පරිභෝජනය වැඩි නිසා ඉදිරියේදී ඒවාගේ මිල වැඩි කිරීමට අප මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවනවා‘ යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක හදවත් දිනය සැමරීමේ ජාතික උත්සවයට එක්වෙමින් පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්විණි.

ලෝක හදවත් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පවත්වන ආහාර ප්‍රදර්ශනයක්ද එහි සංවිධානය කර තිබිණි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

සිංහලයෙනි අවදිවනු ජාතිය අනතුරේ

සිංහලයෙනි අවදිවනු ජාතිය අනතුරේ



Indika Chandana
ජනවාරි අට වෙනිද මුන්ගේ අලි/කොටි කුමන්තුනයට රැවටිලා මහින්දට රිදවන්න ගිහින් මෝඩ සිංහලයෝ පැරදුනා,..ඒකේ පුථිඵල දැන් අපිට ඇස් දෙකට පේන්නම තියෙනව නේද? අපේ ආබාදිත රනවිරැවෝ පාරවල් වලට බැහැල තමන්ට නොලැබුන දීමනා වලට අරගල කරන කාලයක, ඒ වෙනුවට. අවුරැදු 30 තිස්සෙ සිංහල,දෙමල,මුස්ලිම් ජනතාව ලක්ෂයක් කපල,කොටල මරපු, පිරිභාහරන් මැතිතුමාගෙ, ඒ "අහිංසක" කොටි විමුක්තිකාමීන් වෙනුවෙන් දීමනාවක් දීලා කෙලෙහිගුන සලකන කාලයක..යුද්දෙ විකුනපු චන්දිකා බැල්ලිගේ නිවට රාජිතලගේ"පුභාකරන් මහතාව" ශිවාජිලිංගම්ලා විග්නේෂ්වරන්ලා නන්දි කඩාල්වල පහන් පත්තු කරන්න දෙන, ජීවිතය දෙවෙනි කරල රට ජාතිය වෙනුවෙන් සටන් වැදුන රනවිරැවන්ව "මිනීමරැවෝ" කරල ජීවත කාලයම හිරේ ලගින්න ඇරපු, ඒ වෙනුවට කොටින්ව නිදහස ලබාදෙන...

අර එක්නැලිගොඩලා වගේ පර සිංහල කොටින්ගේ අඹුව ජිනීවා යවල අපේ හමුදාව රසායනික අවි පාවිච්චි කරා කියන ඒ කොටි අවතාරවලට නැවත නැගිටින්න ඉඩ දුන්න, විජයකලා කියන කොටි දෙන්නු සිරසට ඇවිත් ලෝකෙටම ඇහෙන්න උන්ගෙ LTTE පාලනය කාලෙ මිනිස්සු හොදින් හිටිය කියල අපේ Army එක බලු කරන්න ඉඩ හදල බලාගෙන නෑහුනා වගේ ඉඳලා දැන් උන්ටත් ඇමතිනී පට්ටම් දෙන, මේ ආන්ඩුවේම ඉන්න ෆෙඩරල් සිහිනය සැබෑ කරගන්න බලාගෙන ඉන්න බැටලු හම පොරවගත්ත කොටි කියන කරන දේවල් නෑහුනා වගේ, ඇහැක් ඇරල බලන්නේ නැතිව නීතිය සහජීවනය ගැන ඉහලින්ම කතාකරන, ඊලාම්වාදී කොටි දෙන්නුන්ටයි ඇමති කම් දෙන, උන්ගෙ කොටි නඩය විනාශ කරල රට බේරගත්ත රනවිරැවන් ඇතුලු රාජපක්ෂලාව, යුද අපරාදකාරයෝ කරල දේශීය "සුදු" යුධ අදිකරනයකට පමුනවල දෙමල ඩයස්පෝරාව ඇතුලු රටවල දේශපාලන වාසි බලාගෙන බලයේ වැජඹෙන්න සිහින දකින නපුන්සක අගමැතියත් උගේ නපුන්සක පිරිවරත් සිංහල ජාතියට වෛර කරන කොටි ඒජන්ත වැඩේ කරන අර චන්ද්‍රිකා චෙෳර රැජිනයි සමග දීගයක් කන, නමට බෙෳද්ධ, රෑකඩ. ජනාදිපතියෙක් දැන් අපිට ඉන්නෙ..

රාජිතල,පාඨලී කියන බොරැවෙන් ජනතාව මුලා කරන පරයෝ කියන්නේ මහින්දයි මේවට වගකියන්න ඕන කියලා?එක්සත් ජාතින්ගෙ සමුලුවකදි මානව හිමිකම් කොමිසම පහුගිය පස්චාත් යුද සමයේ මිනිස්සුන්ගෙ සුබසාදනය ගැන වාර්තාවක් ගැන යෝජනාවකට එකඟ නොවුනත් එකඟවුනා කියලා තවත් නිවට බොරැ කතාවක් හදලා, මේ පර නිවට බොරැවෙන් යහපාලනය කරන පොන්නයන්ගෙ ආන්ඩුව ඒක දැන් හඳුන්වන්නෙ දේශීය යාන්ත්‍රනයකට මහින්ද එකඟවුනා කියලයි..මේ පර සක්කිලි ආන්ඩුව කරන්න යන්නේ මේ මහා පාවාදීමත් මහින්දගෙ පිටින්ම යවන්නයි කියල පැහැදිලියි..

අපේ දේශපාලකයෝ සම්බන්දන්ලාට විපක්ෂනායක කමත් දීලා සාමයට, සංහිඳියාවට,සහජීවනයට අත දිගු කරනවා කිවිවට මේ සම්බන්දලා පිටිපස ඉන්න කොටි ඩයස්පෝරාව මේ මහලොකු යහපාලන ආන්ඩුවේ විශ්වාසයේ දෑත අල්ලගන්න බැරිව ඇයි මුන් තාමත් පරන කුනු අවුස්ස අවුස්ස ස්වාදීන යුද අපරාද පරීක්ෂනයකට අකමැති? විදේශීය යුද අපරාද පරීක්ෂනයක් ඕනැමයි කියල මැරෙන්න හදන්නේ? ඒ උන්ට ෆෙඩරල් නැතිනම් ඊළඟ විකල්පය වන "ඊලම" නැවත අරගලයකින් උතුරැ නැගෙනහිර ජාතක කරන්න ලොකුම බලවේගය වෙලා ඇති රාජපක්ෂවරැ, සහ තෝරාගත් සේනාදිනායකයන් ඇතුලු රනවිරැවන් සමුහයක් යුද අපරාද චෝදනා එල්ලකරල දඬුවම් පමුනවල සිරගත කරල හරි මොනවහරි කරල නිශ්ශබ්ද කරන්න නේද? අපේ හමුදාවද මේ අවුරඅදු තිහකට ආසන්න යුද්දය ආරම්භ කලේ? ඇයි මුන්ට පරන අතීතය අමතක කරල දාන්න බැරි? "අපිට මේ පරීක්ෂන කිසිවක් එපා, අලුතින් අපි සහයෝගයෙන් පටන් ගනිමු" කියල මුන්ට ඇයි ලෝකෙටම කියන්න බැරි? ඒ උන්ගෙ හිත්වල පලිගැනීම,වෛරය,ඊටත් වඩා ඊලාම් සිහිනය තාමත් අත් හැරල නැති නිසා නේද?

තමන් ඉපදුන රට වෙනුවෙන්,මේ රට බේරගෙන නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදල නායකත්වය දුන්
මහින්ද/ගෝඨාභය මැතිතුමන්ල ඇතුලු දිවිනොතකා සටන් වැදුන සියලුම වීර රනවිරැවන්, මේ ඊලාම් වාදීන්ට සහ උන්ගේ දේශපාලනික වාසි වලින් යැපෙන මේ වහල් කොටි ආන්ඩුවෙන් බේරා ගැනීමට මුල අමතක නොකල ශ්‍රී ලාංකිකයිනි, මේ අවදිවන්න කාලයයි...
තව කෙනෙකුට කියවන්න Share කරන්න

දේශයේ මුර දේවතා එළි නිවී යන්නට ආසන්නයි.....

දේශයේ මුර දේවතා එළි නිවී යන්නට ආසන්නයි.....

වන්නි සටනේ යුධ සෙන්පතියන්ගේ නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවේ සඳහන් වෙයි. අපි මේවා ආවට ගියාට කියනවා නොවේ,. මෙන්න වෙබ් අඩවි වලින්.

Among the military top brass involved in the final phase of the war in the Wanni who have been named in the OISL report are former army commander Gen.Jagath Jayasuriya who served as Security Forces Headquarters commander in overall charge of the Wanni region in the last phase of the conflict. Others so named and the ranks they held during the war’s final phase include Major General Kamal Gunaratne, Brigadier Prasanna Silva, Major General Jagath Dias, Brigadier Shavendra Silva, Brigadier Nandana Udawatta , Brigadier Chagie Gallage, Brigadier Priyantha Napagoda, Colonel Athula Kodippily Brigadier Rohana Bandara , Brigadier Sathyapriya Liyanage , Colonel Nishantha Wanniarachchi and Colonel G.V. Ravipriya
http://dbsjeyaraj.com/dbsj/archives/43164

පහත දැක්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවේ එම තොරතුරු අඩංගු වෙයි.

ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එල්ල කරන ව්‍යාජ යුධ අපරාධ චෝදනාව.

වතාවක් කියනවා සැටලයිට් පින්තූර වලින් පෙනුනෙ කොටි ස්ථාන වලට ශෙල් වැටුන හැටිලු. ඊළඟට කියනවා පුදුමාතලන් රෝහලේ හිටියේ සිවිල් වැසියොලු.

පේනවානෙ මානව හිමිකම් කාරයින් අතේ පැලවෙන බොරු කියල අපේ රණවිරුවන්ව පෝරකයට ගෙනියන හැටි. පහත එ.ජ. මානව හිමිකම් වාර්තාවේ 169 පිටුවෙයි මේක තියෙන්නෙ. 



තව කෙනෙකුට කියවන්න Share කරන්න

යුද අපරාධකාරයකු රටේ විපක්‍ෂනායක විම සහ සම්බන්ධන් විපක්‍ෂනායක නොවිය යුත්තේ ඇයි?

යුද අපරාධකාරයකු රටේ විපක්‍ෂනායක විම සහ සම්බන්ධන්
 විපක්‍ෂනායක නොවිය යුත්තේ ඇයි?



ටීඑන්.ඒ. පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායක තනතුරට නුසුදුසු වන්නේ ඔහු දෙමළ වීම නිසා හෝ පටු ජාතිවාදියකු වීම නිසාද? නැත. කිසිසේත්ම නැත. එසේ නම් ඒ කුමන හේතු නිසාද?

පළමු හේතුව ඔහු බෙදුම්වාදියකු වීමය.
මෙවර මහ මැතිවරණයට සහ ඊට පෙර පළාත් සභා මැතිබරණයට ඔහුගේ පක්‍ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයෙන් තමා උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව සඳහන් කොට ඇත. ඔහු ෆෙඩරල් පාලනයක් සහ ස්වයං පාලනයක් යන වචන එක විට පාවිච්චි කරන්නේ ඒ දෙක සමාන නිසා නොවේ. ෆෙඩරල් පාලනයක් යනු 13 වැනි ව්‍යවස්ථා සංශෝදධය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම මඟින් ඇතිවන තත්වයකි. ඔහු අදහස් කරන ස්වයං පාලනය නිත්‍යානුකූලව ලබාගන්නා තත්වයකි. ස්වයං පාලනයක් යනු වෙනම රටක් මිස අන් යමක් නොවේ.
ඔහු විපක්‍ෂනායක තනතුර බාර ගැනීමෙන් පසුව කළ කථාවේදීත් තමාට ඉන්දියාවේ මෙන් ෆෙඩරල් පාලනයක් අවශ්‍ය බව පැවසීය. එහෙත් ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍යය ස්වයං පාලන ඒකක ලෙස හැඳින්වෙන්නේ නැත. කෙසේවෙතත් සහ-සන්දීය රාජ්‍යයක් හෙවත් ෆෙඩරල් පාලනයක් ඉක්මවා යන බලතල සහිත ප‍්‍රාන්ත රාජ්‍යයක් ස්වයං පාලන ඒකකයක් ලෙස හැදින්විය හැකි බවට තර්ක කළ හැක. එහෙත් සහුසන්දීය රාජ්‍ය ව්‍යූහයක් අවශ්‍ය වන්නේ බෙදී වෙන්වී ඇති රටවල් ලිහිල් ලෙස එකට ගැසීමටය. එසේ කුමන තර්ක ඉදිරිපත් කළත් සම්බන්ධන් මහතා 2012 මැයි 25 දින මඩකලපුවේදී පැවැත්වූ තම පක්‍ෂ සමුළුවේදී කළ ප‍්‍රකාශයෙන් ඔහුගේ සැබෑ අරමුණ පැහැදිලි වේ. එහිදී ඔහු ඉතා පැහැදිලිව ප‍්‍රකාශකලේ තමා වෙනම රාජ්‍යයක් පිළිබඳ අරමුණ අත්හැර නොමැති බවය. ඔහු සඳහන් කළේ තමා ඊලාම් අරමුණ වෙනස් කොට නොමැති නමුත් ඊට ලඟාවන උපාය මාර්ගය වෙනස්කොට ඇති බවය.
උපාය මාර්ගික වෙනස් ලෙස ඔහු සඳහන් කළේ ආයුධ සන්නද්ධ යුද්ධය වෙනුවට අවිහිංසාවාදී හෙවත් ගාන්ධිවාදී මහජන වීදී සටන් ආදේශ කිරීමය. එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ එම මහජන සටන් වලට ප‍්‍රතිචාර දක්වා ශ‍්‍රී ලංකා රජය ස්වයං පාලනයක් ලබා නොදෙන්නේ නම් ජාත්‍යන්තරය මැදිහත් වී එය ලබාගැනීමට කටයුතු කළයුතු බවය. ඒ ආකාරයට ඉතා පැහැදිලිව ඉට බෙදීම අරමුණු කොට ගත් දේශපාලන ව්‍යාපාරයක නායකයකු විපක්‍ෂනායක කමට පත් කිරීම 06 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිපාදන උල්ලංගනය කිරීමකි. දැනටමත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප‍්‍රමුඛ සංවිධාන කිහිපයක් ඊට අදාලව සම්බන්ධන් මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇත. එම නඩුව දැනට විභාග වෙමින් පවතී.
දෙවන හේතුව සම්බන්ධන් මහතා විසින් එසේ රට බෙදීමේ ක‍්‍රියාවලියට මැදිහත්වන්නැයි බාහිර ආක‍්‍රමණික පාර්ශව වලට ආරාධනා කිරීමය.
ඔහු ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා වන ආරාධනය නැවත නැවත සිදුකොට ඇත. ස්වාධීන ස්වයිරී රාජ්‍යයක් වන තම මවුබිමේ කොටසක් කඩා තමැට ස්වයං පාලනයක් ලබාදීමට ආක‍්‍රමණික මැදිහත්වීඹක් සිදුකරන ලෙස බාහිර සතුරු රාජ්‍ය විලින් ඉල්ලා සිටින ජාත්‍යන්තර ඔත්තුකරුවකු විපක්‍ෂනායක කමට සුදුසු වන්නේ කෙසේද? ඔහු උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජනවරම ලබාගන්නේ එවැනි බෙදුම්වාදී ආක‍්‍රමණයක් සාධාරණීකරනය කරමිනි. එම නිසා එම ජනවරමද විකෘතියකි.
තුන්වන හේතුව ඔහු තම මවු රටේ ආරක්‍ෂික හමුදාවට සහ සේනාධිනායකයාට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා සිටීමය.
එය රටේ ජාතික ආරක්‍ෂාව සහ ස්වාධීනත්වයට පාබාදෙන දේශ දෝහී ක‍්‍රියාවලි. එවැනි පුද්ගලයකුට රටේ විපක්‍ෂනායකකම දැරීමට සදාචාර අයිතියක් ඇත්ද? තම මවු රට ත‍්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරයක ග‍්‍රහණයෙන් ගබවාගත් රාජ්‍ය නායකයින් සහ හමුදාව පාවාදෙන විපක්‍ෂනායකයින් සිටින්නේ කුමන රටේද?
හතරවන හේතුව ඔහු ප‍්‍රභාකරන් මිලේච්ඡ යුද්ධයට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වූ පුද්ගලයෙකු වීමය.
ඔහු වචනයකින් හෝ ඊට එරෙහි නොවූවා පමණක් නොව ප‍්‍රසිද්ධියේ ඔහු සමඟ ගනුදෙනු කළේය. ඔහු ප‍්‍රභාකරන්ගේ උපදෙස් අනුව ආයුධ සන්නද්ධ සටනට සමගාමීව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්බිමේ විශාල වැඩ කොටසක් ඉටුකළේය. ප්‍රභාකරන්ගේ මිලේච්ඡත්වය සාධාරණීකරනය කිරීමට ඔහු කටයුතු කළ අතර කිසිදු අවස්ථාවක ලමා සොල්දාදුවන් බඳවා ගැනීමට හෝ ලක්‍ෂ 03 ක ජනතාව ප‍්‍රාණ ඇපයට ගෙන වදබන්ධන දීමට විරුද්ධව වචනයක් හෝ ප‍්‍රකාශකොට නැත. එවැනි යුද අපරාධකාරයකු රටේ විපක්‍ෂනායක කමට සුදුසු වන්නේ කෙසේද?
පස්වැනි හේතුව ඔහු ප‍්‍රාදේශීය දේශපාලන නායකයකු වීම සහ උතුරු නැගෙනහිර ජනතාවගෙන් යම් කොටසක් පමණක් නියෝජනය කිරීමය.
ඊට අමතරව මහජන නියෝජිතයකු ලෙස ඔහුගේ ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුව තුළ දෙමළ ජානතාවගේ ප‍්‍රශ්න පිළිබඳව පමණක් කථාකල අයෙකි. ඔහු ජාතික මට්ටමේ සමාජ දේශපාලන සහ ආර්ථික ප‍්‍රශ්න පිළිබඳව ප‍්‍රභල නියෝජනයක් සිදුකොට නැති බව ප‍්‍රසිද්ධ කරුණකි. එසේ තිබේනම් ඔහුට පක්‍ෂව අදහස් දක්වන පිරිස් හැන්සාඞ් වාර්තා උපුටා දක්වා එම චෝදනාවෙන් ඔහු ගලවාගත යුතුය. එක් ජන කොටසක් සහ යම් භූගෝලීය ප‍්‍රදේශයක් පමණක් නියෝජනය කරන පුද්ගලයකුට විපක්‍ෂනායක ලෙස වර්තමාන ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශකල සමස්ථ ජනතාවගේ අපේක්‍ෂා නියෝජනය කළ හැකිද?
හයවැනි හේතුව සම්බන්ධන් මහතාට විපක්‍ෂයේ බහුතර නියෝජනයක් නොතිබීමය.
එදා 1978 දී අමිර්තලිංගම් මහතාට විපක්‍ෂනායකකම හිමවූයේ ඔහු ප‍්‍රධාන විපක්‍ෂය වීමට විභවය තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වඩා වැඩි ආසන ප‍්‍රමාණයක් ලබාගත් නිසාය. නමුත් අද ඔහු ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම විපක්‍ෂයේ සුළුතරයක් නියෝජනය කරන පක්‍ෂයක නායකයෙකි.
උතුරු නැගෙනහිර ජනගහණය පැතිරීම අනුව ආසන බෙදීයාමේ විකෘතිය නිසා සම්බන්ධන් මහතාගේ පක්‍ෂය ආසන 16 ක් ලබාගත්තත් ඡන්ද ප‍්‍රමාණය අනුව ඔවුනට ලබාගත හැකිවූයේ ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු ඡන්ද ප‍්‍රමාණයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යම් මන්ත‍්‍රීවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවට සම්බන්ද වූවත් එහි බහුතරය වන මන්ත‍්‍රීවරුන් 56 ක් තමා විපක්‍ෂය ලෙස කටයුතු කරන බව ලිඛිතව ජනාධිපතිවරයාට හෙවත් සන්ධානයේ නායකයාට දන්වා ඇත. නමුත් සන්ධානයේ නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතා සන්ධාන ලේකම්වරයා මඟින් කථානායකවරයාට දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විපක්‍ෂනායකකම අපේක්‍ෂා නොකරන බවය. එම නීති විරෝධී සහ සදාචාර විරෝධී ක‍්‍රියාව මඟින් කථානායකවරයාට තාක්‍ෂණික ප‍්‍රශ්නයක් මතුවූවද ඔහුගේ තීන්දුව අපක්‍ෂපාතී නොවන බව සහ ප‍්‍රජාතන්නාවාදී නොවන බව ඉතා පැහැදිලිව පෙනේ.
කථානායකවරයා පමණක් නොව යහපාලනය ගැන කෑාමාර දුන් සියලු දෙනා මෙම යහපාලන විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පත්කිරීම පිළිබඳව ලැජ්ජා විය යුතුය. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් 47 ලක්‍ෂයක ජනතාව හෙවත් විපක්‍ෂයේ බහුතර ජනතාව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට තනතුරක් නැත. එම තත්වය තවත් නරක අතට හැරෙන්නේ සන්ධානයේ සුළු පක්‍ෂ නායකයින්ගේ පක්‍ස නායක තත්වයද පාර්ලිමේන්තුව තුල අහිමි කිරීම නිසාය. ඒවා පාර්ලිමේන්තුව තුල සැබෑ විපක්‍ෂයේ මතය යටපත් කිරීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ග බව පැහැදිලිව පෙනේ. කෙසේවෙතත් දන්ධානයේ නායකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තම ජනාධිපති බලතල යොදාගනිමින් සෙසු නායකත්වය යටපත් කොට බියගන්වා නීති විරෝධීව පත්කළ නව ලේකම්වරයාගේ ලිපිය අභියෝගයට ලක්නොවීම වරදකි. ඔහු තාවකාලිකව වැඩබැලීම සඳහා පත්කලා යන තර්කය යටතේ වුවත් ඔහුට නිල කටයුත්තකට බලය පාවිච්චි කල හැක්කේ ඔහුගේ පත්වීම සන්ධානයේ විධායක සභාව විසින් අනුමත කොට ඇත්නම් පමණී.
ඒ අනුව එක්පැත්තකින් කථානායකවරයා නීත්‍යානුකූල බලයක් නොමැති ලේකම්වරයකුගේ ලිපියක් අනුව 47 ලක්‍ෂයකගේ මතය යටපත් කොට ඇත. අනෙක්පැත්තෙන් ලිපියේ කරුණු වැරදි ලෙස අර්ථ දැක්වීම මඟින්ද බරපතල වරදක් සිදුකොට ඇත. එම ලිපිය මඟින් කියන්නේ සන්ධානයේ එක් පක්‍ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විපක්‍ෂනායක කම අපේක්‍ෂා නොරන බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදාල පක්‍ෂ ව්‍යූහයන් තුළ මතය විමසා එවැනි තීන්දුවක් ගත්තාද නැද්ද යන්න වෙනම කාරණයකිත ඒ අනුව අනෙක් පක්‍ෂ නායකයින්ට තමා සමඟ බහුතර මන්ත‍්‍රීවරු පිරිසක් සිටිනවාද නැද්ද යන්න විමසා බැලීමේ අවම වගකීමක් කථානායකවරයාට ඇත. එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යම් මන්ත්‍රීවරුන් පිරිසක් තම පක්‍ෂයවිසින් ගත්තා යැයි කියන තීන්දුවක් නොසලකා සන්ධානයේ සෙසු පක්‍ෂ සමඟ එකතුව විපක්‍ෂයක් ලෙස පෙනීසිටීඹ අභියෝගයට ලක්කිරීමට කථානායකවරයාට බලයක් නැත. එහි හරිවැරැද්ද පක්‍ස විසින් සහ ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුකළ යුතුය.
ඒ සියලු කරුණු අනුව පෙනී යන්නේ විපක්‍ෂනායක පත්කිරීමේදී දැනුවත්ව සහ සැලසුම් සහගතව යහපාලනයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සියළු සළුපිළි උනාදමා නිර්වස්ත‍්‍රව තීන්දුගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයා එක්ව කටයුතු කොට ඇති බවය. ඒ මඟින් 47 ලක්‍ෂයක ඡන්ද අයිතිය සහිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උඳුරාගන්නවාට අමතරව මෙතෙක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පැවති අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ද මරාදමා ඇත. ඒ අතින් හිටපු කථානායකවරුන් වන වි.ජ.මු. ලොකුබණ්ඩාර සහ දමල් රාජපක්‍ෂ මහත්වරුන්ගේ සපත්තුවක් තරම්වත් නොවටිනා තත්වයට කරූ ජයසූරිය මහතා පත්වී ඇත. එසේවූවත් සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර යාපා, නිමල් සිරිපාල, වැන්නවුන් කළ මහා පාවාදීම සමඟ සසඳන විට කරූ ජයසූරිය මහතා ලැජ්ජා බිය ඇති මහත්මයකු ලෙස පිළිගැනීමට සිදුවේ. සුසිල්ලා ප‍්‍රමුඛ තම ඡුන්දදායකයා අමු අමුවේ පාවා දුන් දේශපාලකයින් නැවත ගමට යන්නේ කෙසේදැයි ඉදිරි කාලයේදී ඔවුනට ඡන්දය දුන් ජනතාව තීන්දු කරනු ඇත.
කෙසේවෙතත් අවසාන විග‍්‍රහයේදී 47 ලක්‍සයක් ජනතාව නියෝජනාය කරන දේශපාලන දන්ධානයට විපක්‍ෂනායකකම අහිමි වන්නේ ඒ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා කටයුතු කළ පාවා දෙන්නන් පිරිසක් නිසා බව පිළිගැනීමට සිදුවේ. සෙසු කාරණා අවශේෂ කාරණා ලෙසද පිළිගැනීමට සිදුවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය භාවිතාකළ ජනතාව කිසිඳු ආකාරයකින් ජාතික ආණ්ඩුවක් සඳහා ජනවරමක් ලබාදී නැත. මහින්ද රාජපක්‍ෂ මහතා එම ජනවරම ඉල්ලීමේදී කිසිසේත්ම ජාතික ආණ්ඩුවක් හැදීමට දායක නොවන බව ප‍්‍රකාශ කලේය. ඒ අනුව ජනවරමට පිටින් ජාතික ආණ්ඩුවක් හැදීමට දායක වූ සියළු දෙනා පාර්ලිමේන්තුව තුළ සිදුවෙමින් බවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී බලහත්කාරයට වගකිව යුතුය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර.

(උපුටා ගැනීම :- lanka news web )
තව කෙනෙකුට කියවන්න Share කරන්න

තරිඳුගේ දුස්රා පන්දුව නීතිවිරෝධී බව ICCය කියයි

තරිඳුගේ දුස්රා පන්දුව නීතිවිරෝධී බව ICCය කියයි
icc ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞශාල්ගේ දුස්රා පන්දුව නීති විරෝධී බවට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පවසනවා. එහෙත් ඔහුගේ සාමාන්‍ය පිට දඟ පන්දු යැවීමට බාධාවක් නොමැති බවයි ඔවුන් අද නිවේදනය කළේ. තරිඳු කෞශාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට පසුගිය ඉන්දියානු ටෙස්ට් තරඟ සංචාරයේදී විනිසුරුවරුන් අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයට පැමිණිලි කළා. ඉන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ඉන්දියාවේ දී පරීක්ෂණයකට ද භාජනය කරනු ලැබුවා. එහි ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරමිනුයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය මෙම තීරණය නිවේදනය කළේ. 
තව කෙනෙකුට කියවන්න Share කරන්න

සුද්දන්ට එන්න කියමු..අපේ රට බෙදන්න කියමු


සුද්දන්ට එන්න කියමු..අපේ රට බෙදන්න කියමු

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ වැනි පාවාදෙන්නන්ගේ නිවට,නියාලු,පොන්න ක්‍රියාවලිය හරහා  අමෙරිකාව ප්‍රමුඛ රටවල් 4ක් විසින් ඉදිරිපත් කල යෝජනාවට අනුව මේ රට බෙදා වෙන්කිරිමේ දිශාවට යොමුකර තිබේන බව ඉතා පැහාදිලිය. එම වාර්තාවේ එක් වගන්තියක සදහන්ව ඇත්තේ දේශපාලන බලතල බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිගැනීමට ලක් කරමින්, ඉතා පැහැදිලිව දේශපාලන බලතල බෙදාහැරිමේ යාන්ත්‍රණය යනු රට බෙදිමේ යාන්ත්‍රනය මිස වෙන කිසිවක් නොව.

තවද ….ආරක්ෂක හමුදාවන් හි ගරුත්වය හා වෘත්තියභාවය වර්ධනයවීමට ඉඩ සැලසෙන පරිදි සම්ප්‍රදායික අධිකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සඵලදායී ආකාරයට හඳුන්වාදීම සඳහා, ශ්‍රී ලංකා රජය දිරි ගන්වන අතර මානව හිමිකම් උල්ලංඝණය හෝ මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම්වලට සම්බන්ධ යැයි සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් මගින්, වරදකරු වන්වූ ආරක්ෂක හා බුද්ධි ඒකක සාමාජිකයන් ඇතුළු කිසිදු අයෙක් ආරක්ෂක හමුදාවලට බඳවා ගැනීමට හෝ ආරක්ෂක හමුදාවල රඳවා ගැනීමට කිසිදු ඉඩකඩක් නොපවතින බවට තහවුරු කරමින්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් හා ප්‍රෝත්සාහන (දිරීදීම්) ලබාදීම් වැඩි කිරීම දිරිගන්වනු කැමැත්තෙමු.



පහත දැක්වෙන්නේ එම ප්‍රකාශනයයි .
මානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය –
කෙටුම්පත් යෝජනාවලිය
2 වන අයිතමය – ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා
මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම

මානව හිමිකම් කවුන්සලය

පෙර වදනට අදාළ ඡේද
පීපී 1. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්මයන් යළි ප්‍රතිඥා දෙමින්,
(මානව හිමිකම්: කවුන්සලයේ 25/1)
පීපී. 2. මානව හිමිකම් පිළිබඳ පොදු ප්‍රකාශනය, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මතය සහ වෙනත් විධිමත් ලේඛනවලින් මාර්ගෝපදේශකත්වය ලබා ගනිමින්,

පීපී. 3. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු හා වගවීම පිළිබඳ කටයුතු වර්ධනය කිරීම සම්බන්ධයෙන් 2012 මාර්තු 22 වන දිනැති අංක 19/2 දරණ යෝජනාව, 2013 මාර්තු 21 දිනැති අංක 22/1 දරන යෝජනාව සහ 2014 මාර්තු 27 දිනැති අංක 25/1 දරන යෝජනාවන් ද නැවැත සැලකිල්ලට ගනිමින්, (HRC 25/1 යාවත්කාලීන කළ)

පීපී. 4. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස, සමගිය හා භෞමික අඛණ්ඩතාව කෙරෙහි ඇපකැප වන බවට ප්‍රතිඥාදෙමින් (HRC 25/1)

පීපී. 5. මුළු මහත් ජනතාවට සියළුම මානව හිමිකම් හා මූලික නිදහස භුක්ති විඳීමට ඇති අයිතිය එක් එක් රාජ්‍යය වෙත පැවරෙන වගකීමක් බවට ප්‍රතිඥාදෙමින්, (HRC25/1)
පීපී.6. 2015ජනවාරි මාසයේ දී හා අගෝස්තු මාසයේ දී පැවති ඓතිහාසික නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ගැන සතුටුවෙමින්,

පීපී.7. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය සම්මත කරගැනීම හා ක්‍රියාවට නැංවීම මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත යුතුකම් වන ජාතික ප්‍රතිසන්ධානය හා සමගි සමෝධ්‍යාය ඇතුළුව, ප්‍රජාතන්ත්‍රික පාලනය හා ප්‍රධාන ආයතන ගැන ස්වාධීනව සොයා බැලීම සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව සැලකිල්ලට ගනිමින්,

පීපී.8. මානව අයිතිවාසිකම්වලට වැඩි වැඩියෙන් ගරු කිරීම සහ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් 2015 ජනවාරි මාසයෙන් පසුව ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්,

පීපී.9. අල්ලස් ගැනීම, දූෂණ, වංචා හා බලතල වැරදි ලෙස පාවිච්චි කිරීම පිළිබඳ චෝදනා පිළිබඳ විමර්ශන පැවැත්වීම, එම විමර්ශනවල වැදගත්කම අවධාරණය කිරීම සහ දුර්විපාක බලපැවැත්වීම වැළැක්වීමෙන් තොරව හා යහපාලනයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය විසින් දරන ලද ප්‍රයත්න සතුටින් පිළිගනිමින්,

පීපි.10. කලින් ගැටුම්වලින් බලපෑමට ලක් වූ උතුරු හා නැගෙනහිර පළාත් වල සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීමත්, යටිතල පහසුකම් නැවත ගොඩගැනීම, බිම් බෝම්බ ඉවත්කිරීම හා අභ්‍යන්තරව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, මෙම ප්‍රයත්නයෙන් හිදී විශේෂයෙන්ම කටයුතු කඩිනම් කොට අභ්‍යන්තරව අවතැන් වූ සියලු දෙනාටම කල්පවතින විසඳුම් සලසාදීමෙහි ලා එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ඉල්ලා සිටීමට ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්,

පීපි.11.ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා අපචාරයන් පිළිබඳ වාර්තා සැලකිල්ලට ගනිමින්, ලිංගික අපරාධ සහ වදදීම් සම්බන්ධයෙන් මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් හා සිවිල් සමාජ සාමාජිකයින් පැහැරගැනීම, ඔවුන් කෙරෙහි එල්ලවෙන තර්ජන හා බියවැද්දීම් පිළිබඳ ප්‍රශ්ණ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශිතවම කර ඇති ඇප කැපවීමේ සැලකිල්ලට ගනිමින් සිවිල් සමාජයේ සාමාජිකයින් හා මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සඳහා උදාකර දී ඇති යහපත් වාතාවරණය ගැන සතුට පලකරමින්, (HRC 25/1+ නව අර්ථකථනය).

පීපි.12 ආගම්, විශ්වාස සහ වර්ගවාදය පිළිබඳ භේද ගැන නොතකා සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී හා ඒකීය භූමියක් තුළ මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳීම සඳහා ඇති අයිතිය ගැන නැවත ප්‍රතිඥා දෙමින්, (HRC 25/1)

පීපි.13. ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරක දී රාජ්‍ය ජාත්‍යන්තර නීතිය පිළිබඳ බැඳීම්වලට, විශේෂයෙන් අදාළ වන පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ නීතිය හා ජාත්‍යන්තර මානව හිතවාදීන් පිළිබඳ නීතිය පිළිබඳ බැඳීම්වලට යටත් විය යුතු බවට නැවත ප්‍රතිඥා දෙමින්, (HRC 25/1)

පීපි.14.2015 පෙබරවාරි 04 වන දින රජය විසින් කරන ලද සාම ප්‍රකාශය සම්බන්ධයෙන්

හා සියලුම ජාතිවල හා ආගම්වල ප්‍රචන්ඩත්වයට ගොදුරු වු හා ජීවිත හානියට පත්වූවන් සිහිපත් කිරීම සම්බන්ධයෙන් කරන ලද කටයුතු ගැන සතුට පළ කරමින්,
පීපී.15. වගවීම තහවුරු කර ගැනීමත්, සාධාරණත්වය සලසාදීමත්, විපතට පත්වූවන් සඳහා පිළියම් සෙවීමත්, සමථයකට පත් කිරීමත්, ප්‍රතිසන්ධාන කටයුතු කිරීමත්, සමස්ත ආරක්ෂක පද්ධතිව ගැන ස්වාධීනව සොයා බැලීමත්, රජයේ ආයතන පිළිබඳ විශ්වසය තහවුරු කිරීමත්, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීතියට අනුකූලව නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමත්, ප්‍රචණ්ඩත්වය හා අපචාර නැවත සිදුවීමේ අවස්ථා ඇහිරීමත් සඳහා නෛතික හා නෛතික නොවන පියවර ගැනීම, පෞද්ගලික නඩු පැවරීම් හා හානිපූරණයන්, සත්‍ය සෙවීම්, ආයතනික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම, රාජ්‍ය සේවකයන් හා නිලධාරීන් විශේෂ පරීක්ෂණයට භාජනය කිරීම හා එම කටයුතු නිසි ආකාරව කිරීම සම්බන්ධයෙන් සමවබෝධ ප්‍රවේශයක් ගැනීමේ වැදගත්කම අවධාරණයට ලක් කරමින්,(HRC 25/1)
පීපී.16. පසුගිය කාලයේ සිදු වූ අපචාරයන් හා උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සහන කටයුතු කරන ආයතන ස්වාධීන, අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු වන විට, ඒවා ඉහළම නිපුණත්වයෙන් යුතු, අවංක හා අපක්ෂපාතී පුද්ගලයින් විසින් නිර්මාණාත්මක හා සහභාගිත්ව ක්‍රම අනුගමනය කරමින්, එනම් සියලුම ප්‍රදේශවල සියලුම ආගමික හා වාර්ගික කොටස් නියෝජනය කරන විපතට පත්වූවන්, කාන්තාවන් හා තරුණ තරුණියන්ගේ සහභාගිත්වය ඇතිව, එහෙත් ඔවුන්ට පමණක් සීමා නොකොට සියළු දෙනා සාධාරණ සහයෝගිත්වයෙන් සිදුකරන විට එම යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වන බව පිළිගනිමින්,
පීපී.17. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අයථා භාවිතය වඩාත්ම වගකිව යුතු පුද්ගලයන් හා විශ්වාසනීය වගවීමේ ක්‍රියාවලියන් ස්ථාපනය කිරීම මගින්, ගරුත්වයෙන් හා වෘත්තීයභාවයෙන් යුතුව යෝග්‍ය ආකාරයෙන් කටයුතු කළ ආරක්ෂක හමුදා ඇතුළු සියලු පුද්ගලයන්ගේ කීර්තිය ආරක්ෂා වනු ඇති බව පිළි ගනිමින්,
පී.පී.18. වරදට දඬුවම් ලබා නොදීමේ යුගය අවසාන කිරීමේ අරමුණ සහිතව ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ගණයෙහි ලා සැලකෙන මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝණය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝණය කිරීම් සඳහා වගකිව යුතු වන පුද්ගලයන්ට චෝදනා කිරීම සඳහා ඇති බැඳීම ඉටු කිරීම පිණිස රාජ්‍යයන්ට ඇති වගකීම සිහිපත් කරමින්, (මානව හිමිකම් කවුන්සලය 25/1)
පීපී.19. රජය විසින් පවරා ගෙන තිබූ අධි ආරක්ෂිත කලාප පිළිබඳව සමාලෝචනයට ලක් කර, එම ඉඩම් නැවත ඒවායේ නියම හිමිකරුවන් වූ සිවිල් ජනතාවට ලබාදීමට හා සිය ජීවනෝපායයන් ආරම්භ කර නැවත සාමාන්‍ය ජීවිතයට එළඹීම සඳහා දේශීය ජනතාවට සහායවීමට රජය ගත් මූලික පියවර පිළිගනිමින්,
පීපී.20. දේශපාලන බලතල බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිගැනීමට ලක් කරමින්,
පීපී.21. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ඇති හිතකර නිර්දේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින්,
පීපී.22. 2015 මාර්තු 30- අප්‍රේල් 03 අතර කාලය අතරතුර සිදුවූ සත්‍ය, සාධාරණත්වය, හානිපූරණය හා මෙවැනි සිදුවීම් නැවත ඇති නොවන බවට තහවුරු කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වාර්තාකරුගේ සංචාරය හා ඊට අදාළ නිරීක්ෂණ මෙන්ම නොවැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිත බලාත්කාරයෙන් හා ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සංචාරය ද පිළිගැනීමට ලක් කරමින්,
පීපී.23. ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම්, අයථා භාවිතයන් හා ඒ හා අදාළ අපරාධ සම්බන්ධයෙන් 25/1 මානව හිමිකම් කවුන්සල යෝජනාව මගින් ඉල්ලා සිටි විමර්ශනය අවශ්‍ය වූයේ වගවීම පිළිබඳ විශ්වාසනීය ජාතික ක්‍රියාවලියක් නොමැති වූ නිසා බව හඳුනාගනිමින්,
ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද

1. මානව හිමිකම් කවුන්සලයේ 27 වන සැසිවාරයේ දී මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ වාචික යාවත්කාලීන කිරීම්, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාව හා 25/1 මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය මගින් ඉල්ලා සිටි පරිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් සකස් කරන ලද විමර්ශන වාර්තාවේ සොයා ගැනීම් හා නිගමන ඇගයීමට ලක් කිරීම හා සත්‍ය සෙවීම, සාධාරණත්වය, හානිපූරණය හා එවැනි සිද්ධීන් නැවත සිදු නොවන බවට සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ දී ඒවායේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවමින්, ඇගයීමටලක්කරමු.

2. 2015 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රජය හා මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය අතර පැවති ධනාත්මක වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිගනිමින්, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිණිස සහ සත්‍ය සෙවීම සහ සාධාරණත්වය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රියාවලීන්ට සහභාගිවීම පිණිස මෙන්ම ජාත්‍යන්තර සහාය ලබාදිය හැකි යෝග්‍ය ආකාරයන් සොයා බැලීම පිණිස ද එවැනි අන්තර් සම්බන්ධතා දිගින් දිගටම පවත්වා ගෙන යා යුතු බවට දිරිමත් කිරීමට උත්සුක වෙමු.

3. සත්‍ය සෙවීම, සාධාරණත්වයඇතිකිරීමේහා හානිපූරණ ක්‍රියාවලීන් හි විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීමට සහාය ලබාදෙමින්, ජාත්‍යන්තර විශේෂඥතා සහය හා විශිෂ්ඨ පරිචයන්ගෙන් ආභාෂය ලබා ගැනිමට, මෙම ක්‍රියාවලීන් සැලසුම් කරන හා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අදහස් ලබා ගනිමින් බලපෑමට ලක් වූ සියලු ප්‍රජාවන්, වින්දිතයන් හා සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කරගනිමින්, පුළුල් ජාතික කතිකාවතක නියැලීම, මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවන බවට සහතික වීම සම්බන්ධ වන ක්‍රියාමාර්ගවලට සහයෝගය දෙමු.

4. අධිකරණ හා අධිකරණමය නොවන පියවර ගණනාවක් ඇතුළත් කරමින් අතීතය පිළිබඳ කටයුතු කිරීම සඳහා විස්තීරණ ප්‍රවේශයකට එළඹීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිලිගනිමු. මේ සම්බන්ධයෙන් සත්‍යයසෙව්ම, සාධාරණත්වය, ඇතිකිරීමේ‚ප්‍රතිසන්ධානය හා නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා කොමිෂන් සභාවක්, අතුරුදන් වූ පුද්ගලයන් සඳහා කාර්යාලයක් හා හානි පූර්ණය සඳහා වූකාර්යාලයක් ස්ථාපනය‚ කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යෝජනාව පිළිගන්නාඅතර, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගෙන් මුල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහාය ලබාගැනීම සඳහා එම එක් එක් යාන්ත්‍රණයට නිදහස ලබාදීමට රජය දක්වන කැමැත්ත ද පිලිගන්නෙමු.එමෙන්ම මෙය පූර්ණ ලෙස හා විශ්වාසනීය ලෙස ඉටුකරනු ලැබුවහොත්, බරපතල අපරාධ සඳහා සියලු පාර්ශ්වවල වගවීම ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රතිසන්ධානය ළඟාකර ගැනීමටත්, එමගින් සහාය සැලසෙනු ඇති බවත් විශ්වාස කරන්නෙමු.

5. ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානවහිමිකමිසංවිධානයේ විමර්ශන වාර්තාවේ (OISL) සඳහන් කර ඇති ආකාරයට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා නීති කඩකිරීම් සෙවීම සඳහා වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක අවශ්‍යතාවය අපි පිලිගන්නෙමු.

6. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට අයත් ජනතාව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය ගොඩ නැංවීම සඳහා “වගවීම” අත්‍යවශ්‍ය බවට ශ්‍රී ලංකාරජය විසින් හඳුනාගෙන තිබීම පිළිගැනීමට ලක් කිරීම සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම් සිදුකරන ලදැයි පැවසෙන අවස්ථා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ පරිදි විශේෂ කවුන්සිලයක් සහිත අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය කර ඇති යෝජනාව ඇගයීමට ලක් කරමු.එමෙන්මවිශ්වාසනීය අධිකරණ ක්‍රියාවලියක් සඳහාඅවංක හා අපක්ෂපාතී පුද්ගලයන් විසින් මෙහෙයවන ස්වාධීන අධිකරණ හා අභිචෝදක ආයතන පවතින බවට සහතිකවීම අවශ] බවත්පොදු රාජ්‍ය මණ්ඩලයීය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්ගෙන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, අභිචෝදකයන් හා විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ උපදේශක කාර්යාලයක සහභාගීත්වය ඇතුළු ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණයක බලයයටතේ අවශ්‍ය බව මේ සම්බන්ධයෙන් තවදුරටත් වැදගත් වන බවට සහතික කිරීමට කැමැත්තෙමු.

7. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව මගින් ආවරණය කරන ලද කාල පරිච්ඡේදය ද ඇතුළත් වන සේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම්වලට අදාළව ජාතීන්ගේ ප්‍රජාව විසින් හඳුනාගෙන ඇති සාමාන්‍ය නීති මූලධර්ම යටතේ සියලු අපරාධවලට වඩාත්ම වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු විභාගයක් කර දඬුවම් ලබාදීම ද ඇතුළත් කරමින් හා ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන ලෙස, සිය වගකීම් හා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ මෙන්ම, 25/1 යෝජනාවලිය මගින් දක්වා ඇති මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාවේ නිර්දේශ ද ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි බවට සහතික කෙරෙන අන්දමින් සිය දේශීය නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා රජය දිරි ගැන්වීමට ද කැමැත්තෙමු.

8. ආරක්ෂක හමුදාවන් හි ගරුත්වය හා වෘත්තියභාවය වර්ධනයවීමට ඉඩ සැලසෙන පරිදි සම්ප්‍රදායික අධිකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සඵලදායී ආකාරයට හඳුන්වාදීම සඳහා, ශ්‍රී ලංකා රජය දිරි ගන්වන අතර මානව හිමිකම් උල්ලංඝණය හෝ මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම්වලට සම්බන්ධ යැයි සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් මගින්, වරදකරු වන්වූ ආරක්ෂක හා බුද්ධි ඒකක සාමාජිකයන් ඇතුළු කිසිදු අයෙක් ආරක්ෂක හමුදාවලට බඳවා ගැනීමට හෝ ආරක්ෂක හමුදාවල රඳවා ගැනීමට කිසිදු ඉඩකඩක් නොපවතින බවට තහවුරු කරමින්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් හා ප්‍රෝත්සාහන (දිරීදීම්) ලබාදීම් වැඩි කිරීම දිරිගන්වනු කැමැත්තෙමු.

9. සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය යාවත්කාලීන කිරීමට හා නීතිය සමාලෝචනය කිරීමට මෑතකාලීනව ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගැනීමට ලක් කිරීම හා සාක්ෂිකරුවන්, වින්දිතයන්, විමර්ශනයන්, අභිචෝදකයන් හා විනිශ්චයකාරවරුන් ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට අනුග්‍රහ සැලසීම මගින් මෙම අත්‍යවශ්‍ය ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය දිරි ගැන්වීමට ද කැමැත්තෙමු.

10. ඉඩම් නැවත ලබාදීමට ගනු ලැබූ ආරම්භක පියවර පිළිගැනීමින් සහ ඉඩම් එහි නියම හිමිකරුවන්ට නැවත ලබාදීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉඩම් භාවිතය හා හිමිකාරිත්වයට අදාළව පවතින ඉදිරි කටයුතු නිරාකරණය කිරීම සඳහා; විශේෂයෙන්ම සිවිල් කටයුතුවලට හමුදාවේ මැදිහත්වීම අවසන් කිරීම, සිවිල් ජනතාවගේ ජීවිත නැවත සාමාන්‍ය තත්ත්වයට පමුණුවා ඔවුන්ගේ ජීවනෝපායයන් නැවත ආරම්භ කිරීම, ආදිය සඳහාතවදුරටත් කටයුතු කිරීම වෙනුවෙන්රජය දිරිගන්වන අතර මෙම ප්‍රයත්න සඳහා සිවිල් සමාජ නියෝජිතයන්, සුළු ජාතීන් ඇතුළු දේශීය ජනතාවගේ පූර්ණ සහභාගිත්වය ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමට කැමැත්තෙමු. ( නව අර්ථකථනය – මානව හිමිකම් කවුන්සිලය 25/1)

11. පුවත්පත්කලාවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, සුළු ජාතික කණ්ඩායම්වල සාමාජිකයන් හා සිවිල් සමාජයේ වෙනත් සාමාජිකයන් හා ආගමික ස්ථාන එල්ල කරමින් පුද්ගලයන් හා කණ්ඩායම් විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීමටත් එම ප්‍රහාරවලට වගකිව යුතු අපරාධකරුවන්ට ඒ සම්බන්ධ වගකීම පැවරීමටත්, අනාගතයේ දී එම ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගැනීමටත් ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමට කැමැත්තෙමු. (මානව හිමිකම් කවුන්සිලය 25/1)
12. මහජනආරක්ෂකපනත සමාලෝචනය කිරීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කර ඒ වෙනුවට ජාත්‍යන්තරව විශිෂ්ට යැයි සැලකෙන තත්කාලීන පරිචයන්ට අනුකූල ත්‍රස්තවාදයට එරෙහි නවපනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිගන්නෙමු.

13. බලහත්කාර අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන්ව ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියන්ට අප්‍රමාදීව අත්සන් තැබීමට හා බලහත්කාරඅතුරුදන් මතු කිරීමටත්, බලහත්කාර අතුරුදන් කිරීම් අපරාධ ලෙස සැලකීමටත්, තාවකාලිකව සහය පියවරක් වශයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වලට “දක්නට නොමැති” සහතික නිකුත් කිරීම ආරම්භ කිරීමටත්, ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිගනු කැමැත්තෙමු.

14. පූර්ව ජනාධිපති කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම ද පිළිගනු කැමැත්තෙමු.

15. මානව හිමිකම් කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩකිරීම් හා අයථා භාවිතයන්ට අදාළව රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල පවතින සියලු වාර්තා ලිපිලේඛන ආරක්ෂා කිරීම සඳහා විස්තීරණ සැලසුමක් හා යාන්ත්‍රණයක් සැකසීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට කැමැත්තෙමු.

16. අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර ගැනීම මගින් දේශපාලන විසඳුමක් සඳහා යාමට ආණ්ඩුවේ ඇති කැපවීම පිළිගන්නා අතර, ප්‍රතිසන්ධානය හා ජනගහණයේ සියලු කොටස් විසින් මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳින බව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වූවක් වන දේශපාලන බලය බෙදා හැරීම වෙනුවෙන් ආණ්ඩුව දරන වෑයම දිරිමත් කරමු. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියලු පළාත් සභාවලට ඵලදායී ලෙස කටයුතු කළ හැකි බව තහවුරු කරගැනීම සඳහා, ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට ද කැමැත්තෙමු. ( මානව හිමිකම් කවුන්සිලය 25/1 නව අර්ථ කථනය)

17. වධහිංසා, දූෂණ හා ලිංගික අපරාධ ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමට අදාළ සියලු ක්‍රියා තහනම් කර ඇති බවටත්, එවැනි උල්ලංඝණය කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කොට, දඬුවම් ලබාදෙන බවටත් ආරක්ෂක අංශවල සියලු කොටස්වලට පැහැදිලිව උපදෙස් නිකුත් කිරීම සඳහා රජයේ ඇති කැපවීම පිළිගැනීම හා ලිංගික අපරාධ හා වධ හිංසාවලට අදාළ සියලු වාර්තා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය දිරිමත් කිරීම ද,

18. මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ නිර්දේශ හා ප්‍රතිසංධානයට, වගවීමට හා මානව හිමිකම්වලට අදාළ වෙනත් ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමෙහි ලා දක්වන ප්‍රගතිය ඇගයීම සඳහා අඛණ්ඩව කටයුතු කරන මෙන් ද, මානව හිමිකම් කවුන්සිලයේ තිස්දෙවන සැසිවාරයේ දී එම කටයුතුවල තත්ත්වය පිළිබඳ වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන මෙන් ද, මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවන සැසිවාරයේ දී වත්මන් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් ඉල්ලා සිටීම ද,

19. ඉටු නොකළ ඉල්ලීම්වලට විධිමත්ව ප්‍රතිචාර දැක්වීමද ඇතුළුව, විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් සමඟ අඛණ්ඩ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමටද කැමැත්තෙමු. (නව අර්ථකථනය – මානව හිමිකම් කවුන්සිලය 25/1)

20. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ එකඟත්වය ලබාගෙන, ඉහත කී පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය හා අදාළ විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් දිරිමත් කිරීමට කැමැත්තෙමු.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (6) වගන්තිය:

යම් ක්‍රියාවක් කළ හෝ යම් නොකර හැරීමක් සිදුවූ අවස්ථාවේදී ඒ ක්‍රියාව හෝ නොකර හැරීම වරදක් නොවී නම් ඒ ක්‍රියාව නොකර හැරීම සම්බන්ධයෙන් කිසිම තැනැත්තකු වරදකට වරදකරුවකු නොවිය යුත්තේය. තවද, යම් වරදක් සිදුකරනු ලැබූ අවස්ථාවේදී ඒ වරද සම්බන්ධයෙන් බල පැවැත්වූ දණ්ඩනයට වැඩි කිසිම දණ්ඩනයක් ඒ වරද සම්බන්ධයෙන් නියම නොකළ යුත්තේය.

යම් ක්‍රියාවක් කළ හෝ යම් නොකර හැරීමක් සිදු වූ අවස්ථාවේදී එය ජාතීන්ගේ සම්මතයෙන් පිළිගත් පොදු නෛතික මූලධර්ම අනුව සාපරාධී ක්‍රියාවක් හෝ නොකර හැරීමක් වූවිට‚ඒ ක්‍රියාව හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කවර වූ හෝ තැනැත්තකු නඩු විභාගයට භාජන කොට දඬුවම් කිරීමට මේ ව්‍යවස්ථාවේ අතුළත් කිසිවකින් හානියක් නොවන්නේ ය.

යම් වරදක් සඳහා නියම කරනු ලබන අවම දණ්ඩනය ඒ වරද සිදුකළ අවස්ථාවේ දී ඒ වරද සඳහා නියමිතව තිබුණු උපරිම දණ්ඩනය නොඉක්මවන්නේ නම්‚ ඒ වරද සඳහා එකී අවම දණ්ඩනය පනවන ලෙස නියම කිරීම මේ ව්‍යවස්ථාවේ විධිවිධාන කඩකිරීමක් නොවන්නේ ය.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

ISIS පැරදවීමට පුටින් හා එක්ව කටයුතු කිරීමට කැමරන් කැමතිලූ

ISIS පැරදවීමට පුටින් හා එක්ව කටයුතු කිරීමට කැමරන් කැමතිලූ




ISIS ත‍්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම සඳහා රුසියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් කැමැත්තෙන් සිටින බව ඔහුගේ ප‍්‍රකාශිකාවක විසින් පවසා ඇතැයි වාර්තා වේ.

ඇය පවසා ඇත්තේ ත‍්‍රස්තවාදය රුසියාවට තර්ජනයක් වන තරමටම යුරෝපයට හා ලෝකයේ සෙසු රටවලට තර්ජනයක් ගෙන එන නිසා ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමට ක‍්‍රමයක් සොයාගත හැකිවනු ඇති බවයි.

කෙසේවෙතත් මොස්කව් සමග ඇති වන සහයෝගයක සීමා පිළිබඳවද ඉගි කර ඇති අගමැති ප‍්‍රකාශිකාව ජනාධිපති අසාද්ට සිරියාවේ රාජ්‍ය නායකයා ලෙස සිටිය නොහැකි බව අවධාරණය කර තිබේ.

නමුත් බි‍්‍රතාන්‍යයේ පළ වන සන්ඬේ ටෙලිග‍්‍රාෆ් පුවත්පත උපුටා දක්වා ඇති ආකාරයට සිරියාවේ දේශපාලන අර්බුදය විසඳීමේ එක් පියවරක් තුල තාවකාලිකව අසාද් බලයේ තබාගැනීම පිළිබඳව ඬේවිඞ් කැමරන් විවෘත ස්ථාවරයක සිටින බව පැවසේ.

නිර්නාමික බි‍්‍රතාන්‍ය රජයේ නිලධාරියකු පවසා ඇත්තේ ජනාධිපති අසාද් නායකයා ලෙස කටයුතු කරන සිරියාවකට දීර්ඝ කාලීන සාමකාමී විසඳුමක් අත්පත් කරගැනීමට නොහැකි වනු ඇති නමුත් අසාද් බලයේ සිටිය හැකි දේශපාලන පරිවර්තන යුගයක් අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇති බවයි.

තාවකාලිකව බෂාර් අසාද්ගේ ජනාධිපති ධුරය පිළිගැනීමට හැකි බව පසුගියදා ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් වෙතින්ද ඉගි පහළ විය.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

සිනමා ඉතිහාසයේ දුෂ්ටතම චරිතය තමයි මගෙ රංගන ජීවිතය වෙනස් කළේ

රවීන්ද්‍ර රන්දෙණිය දශක 5කට කිට්ටු කාලයක් සිංහල සිනමාව තුළ රංගන ප්‍රතිභාවය සනිටුහන් කළ විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහු ගැන ආයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවට එකතුවුණාට ඔහුගේ කැමැත්ත මුලින්ම තිබිලා තියෙන්නේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න. ලයනල් වෙන්ඩ්ට් ආයතනයෙන් පැවැත්වුණු නාට්‍ය හා රංග කලාව පිළිබඳව අවු: 3ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ඔහු යොමු වුණේ ඒ නිසයි. එම ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ ශිෂ්‍ය පිරිසට නාට්‍යයක් වේදිකාගත කරන්න සිදුවී තිබෙනවා. එදා ඔවුන් රඟ දැක්වූවේ මූදු පුත්තු වේදිකා නාට්‍ය.

නාට්‍ය අවසානයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්, මණික් සන්ද්‍රාසාගර වැනි අය වේදිකාවට පැමිණ රවීන්ද්‍ර රන්දෙණියට සුබ පැතුවේ ඔහුගේ රඟපෑම විශිෂ්ට මට්ටමක තිබුණු නිසයි.

ඊට පසුව තමයි මණික් සන්ද්‍රාසාගර ඔහු අධ්‍යක්ෂණය කළ කළුදිය දහර චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට රවීන්ද්‍ර රන්දෙණියව තෝරා ගන්නේ. කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්නත් ඉස්සෙල්ලාම රවීන්ද්‍රට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. තරංගා, දෑස නිසා, දුහුළු මලක්. ඒ විදිහට ලැබුණු චිත්‍රපට කීපයක් විතරයි.හැබැයි කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්න ඉස්සෙල්ලා තරංගා චිත්‍රපටය තිරගත වුණා.

මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කරනවා නම් දෑස නිසා ගැන සඳහන් කරන්නම වෙනවා. නිධානය, ගම්පෙරළිය, රේඛාව වැනි චිත්‍රපට බිහිකරපු අති දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා මා ගැන තබපු විශ්වාසය මම අදටත් අගය කරනවා. පෙම් ජවනිකාවලට සීමා නොවී වෙනස්ම ආකාරයේ රංගන ෙශෙලියකට මාව යොමු කළේ එතුමා. සාර්ථක නළුවෙකුට ඒක හුඟක් තදින් බලපානවා. “දෑස නිසා” චිත්‍රපටයේ තාපසයාගේ චරිතය රඟපාන්න ලැබිම ගැන ඔහු සඳහන් කළේ ඒ විදිහට.

ඊට පසුව සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ සිරිපාලගේ චරිතය රඟපාන්න ලැබිමෙනුත් රවීන්ද්‍ර රන්දෙණිය නළුවාගේ රංගන ජීවිතය වෙනස් මගකට යොමු කළා.

ඒ වන විට මම ක්‍රියාදාම චිත්‍රපටවලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒත් සිරිපාලගේ චරිතය මගේ රංගන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. යන කෝච්චිවලින් පනින්න, කැ‍ලේ හැංගිලා ඉන්න, වෙඩි තියන්න වගේ දෙවල් සිරිපාලගේ චරිතයත් එක්ක කරන්න සිද්ධ වුණා. ඒ නිසා සිරිපාලගේ චරිතයත් මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට මම සලකනවා.” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය පැවසුවා.

ඔහු තවදුරටත් පැවසුවේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ පුරන් අප්පුගේ චරිතය රඟපාන්නට ඔහුට අවස්ථාව හිමි වුණේ සිරිපාලගේ චරිතය රඟපෑ නිසා බවයි.

දෑස නිසා, සිරිපාල හා රන්මැණිකා යන චිත්‍රපටවල රඟපෑම් ගැන ඔහු සඳහන් කළත් රවීන්ද්‍ර රන්දෙණිය යන නළුවාගේ අද්විතීය රංගනය විදහා පෑ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඔහු පිළිගන්නේ “දඩයම” චිත්‍රපටයේ රඟපෑ ජයනාත්ගේ චරිතයයි.

වසන්ත ඔබේසේකර මට කිව්වා දරුණු, දුෂ්ට චරිතයක් තියෙනවා. ඒක භාරගන්න කියලා. ඒ චරිතයට දුෂ්ට නළුවකුව ගත්තොත් අන්තිමට සිද්ධ වෙන්නේ තරුණියව මරා දමන බව කල්තියාම ප්‍රේක්ෂකයින් දැන ගන්න නිසා එහෙම නළුවෙකුව යොදා ගන්නේ නැතිව මම වගේ නළුවෙකුව යොදා ගන්න වසන්ත ඔබේසේකර තීරණය කරලා තිබුණා.

කවදාවත් මට පෙම්වතා හෝ වීරයා වීමේ හෝ ප්‍රතිරූප මවාගැනීමේ වුවමනාවක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ හොඳ චරිතාංග නළුවෙකු වෙන්න. ඒ නිසා මම ඒ දුෂ්ට චරිතය රඟපෑමේ අභියෝගය භාරගත්තා. හැබැයි තිරපිටපත කියෙව්වාම නම් මගේ ඔළුව ගිනිගත්තා.” යනුවෙන් රවීන්ද්‍ර රන්දෙණිය සිය හැරවුම් ලක්ෂ්‍යය වූ චරිතය භාරගත් හැටි විස්තර කළා.

80 දශකයේදී සිනමා විචාරකයන් පවසා තිබුණේ ජයනාත්ගේ චරිතය තරම් දුෂ්ට,දරුණු චරිත රංගනයක් එතෙක් සිනමාවේ නොතිබුණු බව. ගුරුවරයකු වූ ජයනාත් පාසල් සිසුවියක් රවටා ඇයව ගැබ් කර පලා යෑමෙන් ඇගේ මුළු පවුලම විනාශ වෙනවා. ඊට පසුව ඔහු ඇයව යළි රවටා දෙවැනි වතාවටත් ගැබ් ගන්වා අවසානයේදී ඇයව මරා දමනවා. ඇයව ඔහුගේ රථයට යට කර කීප වරක් රථය ඇගේ සිරුර මතින් යවා ඇයව මරණයට පත්කිරීමේ කෲරත්වය සිය රංගනය තුළින් ඉස්මතු කිරීම ඇත්තටම රවීන්ද්‍ර රන්දෙණියට ලොකු අභියෝගයක් වුණා.

එහෙත් වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂවරයා සතු හැකියාව නිසාම ඔහුගේ රංගනය සාර්ථකව උකහා ගත් බවයි රවීන්ද්‍ර රන්දෙණිය සඳහන් කළේ. ඔහු පැවැසුවේ වසන්ත ඔබේසේකර දඩයම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඊට පෙර එම චිත්‍රපටය නරඹා තිබූ කෙනෙකු විදිහට බව.

දඩයම චිත්‍රපටයේ කාර් එකේ ඉදිරිපස වීදුරුව ස්වර්ණ කුඩු කරන දර්ශනයක් තිබෙනවා. ඒ වෙලාවේ වීදුරුව කෑලි කෑලිවලට කැඩිලා මගේ ඇස් තුවාල වී අන්ධවීමේ අවදානමකුත් තිබුණ. කාර් එකේ ගියර් මාරු කරන විට මගේ අතින් ගලා යන ‍ලේ සමීප රූප රාමුවකින් පෙන්වුවා. ඒ පෙන්වූවේ ඇත්තටම මගේ අතින් ගලා ගිය ‍ලේ. යාල වනෝද්‍යානය ළඟින් කළපුවට යන පාරේ තමයි ඒ දර්ශනය රූගත කළේ. අධික වේගයෙන් වාහනය ධාවනය කිරීමේ ත්‍රාසජනක අවස්ථාවට එදා මම කෙළින්ම මුහුණ දුන්නා.” ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය කෲරත්වය රංගනය තුළින් මතු කළ හැටි විස්තර කළා.

ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියට හොඳම නළුවාට පිදෙන ඕ.සී.අයි.සී. සම්මානය සිරිපාලගේ චරිතයට හිමිවී තිබුණත් හොඳම නළුවා විදිහට සරසවි, ජනාධිපති සම්මාන ප්‍රථම වතාවට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමට. මායා, සාගර ජලය මදි හැඬුවා, සුරබිදෙන, සිරිමැදුර වැනි චිත්‍රපට රාශියක සංකීර්ණ චරිත නිරූපණය කිරීමේ අවස්ථා ඔහුට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමෙන් පසුවයි.

තව කෙනෙකුට කියවන්න Share කරන්න

ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය නැවත්ත බිද වැටීමක් 

ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය නැවත්ත බිද වැටීමක් 
"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""'




ජනප්‍රියතාවයෙන් ලොව දෙවැනි ස්ථානය ගන්නා, ශ්‍රී ලංකාව තුළ ද ඉතා බොහෝ සෙයින් භාවිතයට ලක් වන Facebook සමාජජාල වෙබ් අඩවිය මිට පැයකට පමණ   (28/09/2015 ) 
පෙර ලොව පුරාම හදිසි බිඳවැටීමකට ලක් විය.

    සාමාන්‍ය වෙබ් අඩවි පිවිසුමෙහි පමණක් නොව Facebook සමාගම විසින් හඳුන්වා දී තිබෙන ජංගම දුරකතන මෘදුකාංග ආදී සෑම පිවිසුමකටම අදාල වන පරිදි මෙම බිඳවැටීම සිදුවිය.

    මෙහි දී ලොව වටා සිටින මිලියන ගණනක් වූ Facebook සාමාජිකයින්ට තම ගිණුම්වලට හෝ කිසිදු Facebook පිටුවකට පිවිසිය නොහැකි තත්ත්වයක් උදා වූ අතර එක් එක් රටවල්වලට වෙනස් වූ කාල සීමාවන් තුල මෙය බලපෑවේ ය.

    සිදුවූ අපහසුතාව පිළිබඳව Facebook සමාගම සැප්තැම්බර් 24 තම කණගාටුව පළකොට ඇති අතර අද දවසෙ බිද වැටීම පිලිබදව කිසිදු සදහනක් මෙතෙක් දක්නට නැත ..

    මෙම බිඳවැටීම සිදු වූ අවස්ථාවේ දී Facebook අතුරු මුහුණත දර්ශණය වූයේ පහත ආකාරයෙනි.





තව කෙනෙකුට කියවන්න Share කරන්න

විමල් වීරවංශ මහතා 27/09/2015 සම්පුර්ණ කතාව

බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය ලද ‘පරාජයම’ අද යළි මේ රට කැබලි කිරීමේ මෙහෙයුමේ අඩිතාලම බවට පත්කර ගත යුතු නිසයි ශ‍්‍රී ලංකාව ජිනීවාවල මාතෘකාවක් බවට පත්ව ඇත්තේ. - ජානිපෙ නායක, විමල් වීරවංශ



බටහිර පිල්ලි විසින් මෙහෙයැවු බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය ලද ‘පරාජයම’ යළි මේ රට කැබලි කිරීමේ බටහිර මෙහෙයුමේ අඩිතාලම බවට පත්කර ගත යුතු නිසා ශ‍්‍රී ලංකාව අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මාතෘකාවක් බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(27) බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ‍්‍රයේදී ‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ යන තම දේශනය මාලාවේ පළමුවැන්න පවත්වමින් විමල් වීරවංශ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘එස්.ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ සමරුව ඊයේ පැවැත්වුණා. 1948දී සුද්දා මේ රට දාලා ගියත් 1956ට කලින් මෙහි බොහෝ ක්‍ෂේත‍්‍රවල, ආයතනවල ඔවුන්ගේ බලය ගොනු වෙලා තිබුණා. ඒ කාලය තුළ ඔවුන්ගේ කඳවුරු තිබුණා. කැල්ටෙක්ස් වැනි සමාගම් තමන්ගේ බලය පතුරවමින් සිටියා. ගුවන් විදුලි සංස්ථාවේ ඉංග‍්‍රීසි සේවයේ ඉහළ තනතුරු දැරුවේ ඉංග‍්‍රීසි ජාතිකයන්. 1956 පෙරළිය, ඒ තත්ත්වය වෙනස් කරන්න සමත් වුණා. එතෙක් රාජ්‍යයේ පැවැති දෙමුහුන් ස්වභාවය ඉවත් කිරීමේ ගමන ඇරඹෙන්නේ 1956 පෙරළියත් සමග. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් සමරන මේ වෙලාවේ ඔහු මුල් වී නැති කරන ලද රාජ්‍යයේ දෙමුහුන් ස්වභාවය, වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක විසින් යළි අලූත් වටයකින් ඇති කරමින් සිටිනවා.

ඔබත් අපත් අද මෙසේ හමු වන්නේ ඉතාමත් තීරණාත්මක අභියෝගයක් පාමුල තබාගෙනයි. බෙදී වෙන් වී යාමේ ඉම වෙත රැගෙන විත් තිබූ රට, නැවත එක්සේසත් කොට, නැවත පණ දී ඉදිරියට ගෙන යමින් සිටියදී අද එහි ගෙල සිඳ මරා දැමීමේ ඉරණමට ඇදගෙන යමින් සිටිනවා. මෙබඳු මොහොතක අවදි නොවන ජාතියක් නිර්වින්දනය කරන ලද ජාතියක් මිස හෘදසාක්‍ෂියක් සහිත ජාතියක් නොවෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුමත කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව අද වන ශ‍්‍රී ලංකා රජය ද පිළිගත් යෝජනාවක් බවට පත් වී තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවෙහි ගැටළු සහගත තැන් පිළිබඳව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතාට, ‘එවැනි විවේචන ඔබ විසින් නොකළ යුතුව තිබුණා’ යැයි පවසමින් මේ ආණ්ඩුවේ බලධාරීන් තරවටු කළ බව අද Sunday Times පුවත්පතෙහි දේශපාලන ලිපියෙහි සඳහන්ව තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි. මේ ආණ්ඩුවට ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවෙහි කොතරම් විෂ තිබුණත් ඒවා පෙන්වා දීමේ උවමනාවක් නැති බව.

‘දෙමුහුන් අධිකරණය’

බොහෝ අය අනාවැකි පළ කළා, විශේෂයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප‍්‍රකාශයෙහි පවා සඳහන් වුණා. ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවෙහි ‘දෙමුහුන් අධිකරණයක්’ යන කරුණ ඇතුළත් නොවන බවට. ඇත්ත මෙම යෝජනාවෙහි ‘දෙමුහුන් අධිකරණය’ කියන වචනය ඇතුළත්ව නැහැ. නමුත් ඇමෙරිකානු - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව අනුව පිහිටුවනු ලබන අධිකරණය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල විනිසුරුවරුන්, නීතිඥවරුන් සහ අභිචෝදකයන් යන අයගෙන් සමන්විත ව්‍යුහයක් විය යුතු බව එහි සඳහන් වෙනවා. දැනටමත් මෙම යෝජනාව ශ‍්‍රී ලංකා රජය විසින් පිළිගෙන අවසන් නිසා සැප්තැම්බර් 30 වැනිදා එය සම්මත වීමේදී සුළු වශයෙන් හෝ සංශෝධනය වීමේ ඉඩකඩක් නැහැ. මෙම ක‍්‍රියාවලිය ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රයක් අනුව සිදු වන නිසා, සුදු විනිසුරුවරුන්, පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් හිටියත් නැතත් මෙම අධිකරණය, යටත්විජිත සමයේ මේ රටේ පිහිටුවනු ලද, 1947 සිට ක‍්‍රමයෙන් අභාවයට යවන ලද, 1956දී අවසන් කළ අධිකරණ ව්‍යුහය මත පිහිටුවන්නක් මිස වෙනෙකක් නොවෙයි.

අපි දන්නවා, යටත්විජිත හමුදා ඇතුළේ හිටියා සිංහල මිනිස්සු. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට සුදු හමුදා නිලධාරීන් සමග ගියේ සිංහල මිනිස්සු. එදා එක්නැලිගොඩ සමග ගිය ස්වදේශික පිරිස රජු අල්ලා ගත් මොහොතේ බිසෝවරුන්ගේ ආභරණ ඔවුනට තුවාල සිදුවන අයුරින් පැහැර ගනු ලැබුවා. ඒ විතරක් නොවෙයි එක්නැලිගොඩ රජුව වැලකින් ගැටගසා සතෙක් වගේ ඇදගෙන යන්න කටයුතු කළා. එතැන සුද්දෝ හිටියේ නැහැ. නමුත් ඒ හමුදාවේ නායකත්වයේ හිටියේ සුද්දෝ. සුදු අධිරාජ්‍යවාදීන් එදා පිහිටුවනු ලැබූ රාජ්‍ය ව්‍යුහයේ ප‍්‍රමුඛස්ථානයේ සිටින අතර, පළාත් පාලනය කරනු ලැබුවේ උඩරට නිලමේවරුන්. ඒ වගේම එදා ඌව-වෙල්ලස්ස අරගලය මර්දනය කරන්න යැවුවේ ඌව දිසාවේවරයා වූ මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්. ඔහුගේ හමුදාවෙහි සුදු සේනාංකවලට වඩා හිටියේ ස්වදේශික සේනාංක. එහෙම බැලූවොත් යමකුට කියන්න පුළුවන් එදා පැවතියේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනයක් නොවෙයි, ‘දෙමුහුන් පාලනයක්’ කියලා. බි‍්‍රතාන්‍ය පාලන සමයේ පමණක් නොවෙයි, එළාර යුගය දක්වා මේ කතාව කියන්න පුළුවන්. එළාරගේ හමුදාවෙත් ‘අංගම් සටන් කලාව’ පවා හදාරපු ස්වදේශික භට පිරිස් පමණක් නොවෙයි ස්වදේශික සෙනෙවිවරුන් පවා සිටියා. එහෙම බැලූවොත් එළාර යුගයෙත් පැවතියේ ‘දෙමුහුන් පාලනයක්’ කියලා යමකුට තර්ක කරන්න පුළුවන්.

1956න් පසුව මේ මිහිතලය මත ප‍්‍රථම වතාවට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදයේ උවමනාවට අනුව, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට අනුව ඔවුන්ගේම අභිමතාර්ථයන් ඉටු කරවා ගැනීමට අධිකරණයක් පිහිටුවීමට සැරසෙනවා, ශ‍්‍රී ලංකාවේ නීත්‍යානුකූල සන්නද්ධ හමුදා ගැන සෙවීමට. මේ වාර්තාවේ බොරුවට කොටි සංවිධානය පිළිබඳව සඳහන් වූවාට ඔවුන් ගැන සෙවිල්ලක් සිදු වන්නේ නැහැ. මෙතැන ප‍්‍රායෝගික දෙපාර්ශ්වයක් නැහැ. සොයන්නේ ශ‍්‍රී ලංකාවේ නිත්‍යනුකූල සන්නද්ධ හමුදා පිළිබඳව විතරයි. තමන්ගේ රටේ පැවැති බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක් පරාජයට පත් කළාට පස්සේ ඒ රටේ නිත්‍යනුකූල හමුදා පිළිබඳව සෙවීමට විදේශික රටවල විශේෂිත උවමනාවට අනුව විශේෂිත අධිකරණයක් පිහිටුවා ඇත්තේ ලෝකයේ කුමන රටේද? තමන්ගේ හමුදාවට එරෙහිව එහෙම කරපු රටක් මේ පෘථිවි තලය මත තිබෙනවාද?. තමන්ගේ නීත්‍යනුකූල හමුදා නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපයන් පිළිබඳව සෙවීමට පවතින නීතිය යටතේ අධිකරණ ක‍්‍රියාමාර්ග ගත් අවස්ථා ලෝකයේ තිබෙනවා. එදා ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විසින් වියට්නාමය තුළ දැඩි මර්දනයක් දියත් කරන අතර ‘මයිලාවි’ කියන ගම සම්පූර්ණයෙන් විනාශ කරනු ලැබුවා. මීට එරෙහිව දැවැන්ත ජාත්‍යන්තර මතයක් ආවා. ඒ නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකයට පෙනෙන්න, ඒ රටේ අධිකරණයට, තිබුණු නීති අනුව තමන්ගේ හමුදා ප‍්‍රධානියෙක් කැඳවූවා. නඩුව අහන කාලය තුළ අදාළ අධිකරණය ආසන්නයේ නිවසක ඔහුට පවුලේ සියලූ දෙනා සමග වාසය කිරීමට එදා ඇමෙරිකානු රජය ඉඩකඩ සලසා දුන්නා. ඔහු දඩුවම් වින්දෙත් ඒ නිවසට වෙලා. ලෝකයට පෙනෙන්න ඇමෙරිකාව එදා නඩු ඇහුවා. ඒත් ඒ හමුදා ප‍්‍රධානියාට අගතියක් වීමට කිසිඳු ඉඩක් තැබුවේ නැහැ. අපේ රටෙත් ගෙවී ගිය අවුරුදු 30 තුළ ඇතැම් සිදුවීම් පිළිබඳව පවතින නීතිය අනුව නඩු අහලා දඩුවම් ලබා දුන් අවස්ථාවන් දැක ගත හැකියි. ශ‍්‍රී ලංකා රජය ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවේ පාර්ශ්වකරුවකු වීම මගින් ලෝකය හමුවේ පිළිගෙන හමාරයි ‘අපේ හමුදාව සමූහ ඝාතන කළා, යුද අපරාධ කළා ඔවුන් ගැන සොයන්න ඕනෙ’ කියලා.

බටහිර අධිරාජ්‍යවාදීන් සැලසුම් කළ ආකාරයට පත් කළ විපක්‍ෂ නායකවරයා, දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් අද කියනවා, ‘ඇමෙරිකානු යෝජනාව අපි සාදරයෙන් පිළිගන්නවා. මේක අපේ පරිශ‍්‍රමයේ ප‍්‍රතිළුලයක්’ කියලා. කොටි හිතවාදී ඩයස්පෝරාවේ සාමාජිකයන් අද ජිනීවා නගරයට රැස්වෙලා ඔල්වරසන් දෙනවා. යුද්ධයට එරෙහිව එදා ඊනියා සාමවාදී මතවාද පොම්ප කරපු රාජ්‍ය නොවන සංවිධානවල ගැත්තෝ අද රූපවාහිනි නාලිකාවල සංවාද පවත්වමින්, පත්තර පිටු පුරවමින් මේ මහා පාවාදීමට වෙනත් අර්ථකථනයක් දීමට උත්සාහ ගනිමින් සිටිනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා කියනවා, ‘ඇමෙරිකානු යෝජනාවේ සැර ටිකක් අඩු වෙලා’ කියලා. මේක හරියට වදකයා රතු වද මල් මාලයක් දමා ගෙන එන කොට, ඔහු එන කාරිය අමතක කරන්න අර මල් මාලය ගැන වාර්ණනා කරනවා, වගේ වැඩක්. මෙවැනි තත්ත්වයක් තිබෙන නිසා අපට සිදු වෙනවා, අපි ඉදිරිපිට තිබෙන අභියෝගය හරි ආකාරයට හඳුනා ගන්න. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට වස බෝතල් දෙන්න කතා කළ කෙනා දැන් කියනවා ‘ඇමෙරිකාවයි මේ ආණ්ඩුවයි යාළුයි. ඒ නිසා යාළුකමට පරණ ලිපිගොනු දැන් වහලා දාන්න යනවා’ කියලා. මේ විදිහට මේ නග්න පාවාදීම එක් එක් පුද්ගලයන් ලවා වර්ණ ගන්වලා ඊට එරෙහිව සක‍්‍රීය බලවේගයක් විදිහට මහජනතාවට නැගී සිටීම වැළැක්වීමේ මෙහෙයුමක් දැන් ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා.

‘ජවිපෙ මර්දනයේදී ජිනීවා යෝජනා ආවාද?’

ශ‍්‍රී ලංකා හමුදා යුද්ධයෙන් පැරදිලා, කොටි සංවිධානය දිනුවා නම් ශ‍්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මාතෘකාවක් බවට පත් වෙනවාද? ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කළා. 60,000ක් දරුණු ලෙස මරා දැම්මා. පාරවල්වල, ගංගාවල මළ කඳන් ප‍්‍රදර්ශනය වුණා. ඒත් හ‍්‍රී ලංකාව ජිනීවාවල මාතෘකාවක් වුණේ නැහැ. ‘ඒ පිළිබඳව සෙවිය යුතුයි, විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි’ කියලා යෝජනා ආවේ නැහැ. එදා සමූහ වශයෙන් මිනිස්සු මරපු තැන් තිබුණේ නැද්ද? ඒවා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොවෙයිද? බටලන්ද වදකාගාරය එහෙම තැනක් නොවෙයිද? එහෙම නම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැන් ශ‍්‍රී ලංකාව ගැන සොයන්න මතක් වෙලා තියෙන්නේ ඇයි? මේ රට බෙදන්න හදන පිරිස්වල එක් උපායමාර්ගයක් මේ රටේ නීත්‍යනුකූල හමුදා විසින් වළක්වනු ලබපු නිසයි. ඊට නායකත්වය දුන්නා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්, එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු මෙම ඡායාරූපයේ සිටින ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන් හා ඊට පහළින් සිටින හමුදා ප‍්‍රධානීන් විශාල සංඛ්‍යාවක්. මුළුමහත් ජාතියක අපේක්‍ෂාවන් සඵල කිරීමට එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සමත් වුණා.

එදා කොටි සංවිධානයේ නායකයන් බේරා ගැනීමට බටහිර බලවතුන් කොතරම් වලිකෑවාද? එවකට මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති රොබට් ඕ බිලේක් ඒ සඳහා යෝජනා කීයක් ඉදිරිපත් කළාද? එක්සත් ජනපද නාව්ක හමුදාවේ ‘මැරයින් බලකායේ’ නැවක් ගෙනවිල්ලා ශ‍්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයේ නවත්වා ගෙන සිටියේ නැද්ද? ඒ නැවෙන් කොටි නායකයින්ව රැගෙන යන්න සැලසුමක් තිබුණේ නැද්ද? යුද්ධය තියුණු ලෙස යන අන්තිම දින කිහිපයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ලංකාවට එන්න කොපමණ උත්සාහ කළාද? ඔහුගේ සැලසුම තිබුණේ කෙසේ හෝ ගැටුම් තිබුණු ප‍්‍රදේශයට යන්න. මට මතකයි ඇමෙරිකා එක්සත් ජනපදය මැරයින් බලකායේ නැවක් ගෙන ආපු වේලාවේ චීනය පැවසුවා, ‘අපිත් නැවක් ගෙනෙනවා’ කියාල. එහෙම රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රශ්නයක් මතු වුණාම තමයි ඇමෙරිකාව තම නැව ඉවත් කරවා ගත්තේ. කොටි නායකයින් ඒ විදිහට බේරාගත්තා නම් යුද්ධයට තිත තබන්න නොහැකි වෙනවා, කොමාවක් තමයි තබන්න වෙන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් විසින් පිටුපස සිට මෙහෙයවනු ලැබූ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය තමයි අපේ වීරෝදාර ආරක්‍ෂක හමුදා විසින් එදා පරාජය කරනු ලැබුවේ. මේ බටහිර පිල්ලි විසින් මෙහෙයවනු ලැබූ බෙදුම්වාදී ත‍්‍රස්ත කල්ලිය ලැබූ පරාජයම යළි මේ රට කැබලි කිරීමේ ඔවුන්ගේ මෙහෙයුමේ අඩිතාලම බවට පත් කර ගත යුතු නිසයි ශ‍්‍රී ලංකාව අද ජිනීවාවල මාතෘකාවක් බවට පත් වී ඇත්තේ.

මෙම තත්ත්වය වඩා හොඳින් තේරුම් ගැනීමට මම ඔබට ඉදිරිපත් කරන්නම් ජනවාරි 08 වැනිදායින් පස්සේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයාට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා යැවූ ලිපියක්. ඒ ලිපියේ එක තැනක මෙහෙම සඳහන් වෙනවා. ‘අර්බුදයට පත් වූ ප‍්‍රදේශවල සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමේ පියවරක් වශයෙන් උතුරු හා නැග‍ෙනහිර පළාත්වල හමුදා ආණ්ඩුකාරවරුන් ඉවත් කොට ගෞරවනීය සිවිල් නිලධාරී පත් කිරීම, නව රජය බලයට පත් වූ විගස සිදු කරන ලදී. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සනාථ කරමින් මාධ්‍යවේදීන් වෙත පනවා තිබූ සීමා බන්ධන ක්‍ෂණිකව අක‍්‍රීය කරන ලදී. තහනම්කර තිබූ වෙබ් අඩවි නොපමාව සක‍්‍රීය කෙරිණි. (‘ටැමිල් නෙට්’ ද ඇතුළුව) මෙරටට පැමිණීමට අපේක්‍ෂා කරන සියලූම විදේශ මාධ්‍යවේදීන්ට මෙරටට පැමිණ කිසිඳු බියක් සැකක් නොමැතිව සංචාරයකර ප‍්‍රවෘත්ති වාර්තා කිරීමේ නිදහස උදා වී ඇත.(කැලම් මැක්රේ ද ඇතුළු)

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ආරක්‍ෂක අමාත්‍යාංශ රාමුවෙන් ඉවත් කර ප‍්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත් කිරීමෙන් මානව අයිතිවාසිකම් ක‍්‍රියාකාරීන් ඇතුළු මානව හිමිකම් ප‍්‍රජාව සහ සිවිල් සමාජය සමග ක‍්‍රියාකාරීව බැඳීම සනිටුහන් කරමින් රජය විසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඇතුළු සිවිල් සමාජ සමග ක‍්‍රියාකාරකම් අරඹා ඇත.’ මේ සියල්ලම දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම්.

ඊළගට කියනවා, ‘පීඩිතයන්ට හා සාක්‍ෂිකරුවන්ට රැකවරණය ලබා දෙන පනත සම්මත කිරීමේ කටයුතු පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ඇත. අධිආරක්‍ෂිත කලාප පිළිබඳව සමාලෝචනයක් සිදු කෙරේ. මෙම ක‍්‍රියාවලිය සිදු වන අතර උතුරු - නැග‍ෙනහිර පළාත්වල සාමාන්‍ය ජනතාවට ලබාදීමට නියමිත ඉඩම් හඳුනා ගෙන ඇත. යුද අපරාධ පිළිබඳ රෝම ආඥා පනතට ශ‍්‍රී ලංකාව අත්සන් තබා නොමැති බැවින් එවන් කරුණු පිළිබඳව සාධාරණත්වය ඉටු කිරීම ජාතික ස්වාධීන අධිකරණ යාන්ත‍්‍රණයක වගකීම වේ.’ කියලා.

‘රයන් ගුඞ්මාන්ගේ ලිපිය’

අපි රෝම ප‍්‍රඥප්තියට අත්සන් තබලා නැති නිසා ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරිපිටට රැගෙන යාමට බැහැ. ඒ නිසා අපි ලංකාවේදී ඒ වැඬේ කරනවා කියලයි ඉහත පවසා ඇත්තේ. මේ සියල්ල කියලා මංගල සමරවීර මහතා ඉල්ලා සිටින්නේ, ‘ශ‍්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ 29 වැනි සැසි වාරයට දාන්න එපා. 30 වැනි සැසි වාරයට ඉදිරිපත් කරන්න’ කියලයි. ශ‍්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මාතෘකාවක් වීම සහ මංගල සමරවීර මහතා මානව හිමිකම් කොමසාරිස්වරයාට ලබා දුන් සහතිකය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? මංගල සමරවීර මහතා නොකියා කියන්නේ කුමක්ද? ‘අපට කාලය දෙන්න. අපි ඔබ කියන සියල්ල ඉටු කිරීමට සූදානම්’ කියලයි. ‘අපට මහ මැතිවරණයක් තිබෙනවා. ඊට කලින් අපි මේ නැටුම නැටුවොත් විවිධ කල්ලි කණ්ඩායම් එකතු වෙලා ලබා ගත් අපේ බලය මහ මැතිවරණයේදී ගිලිහෙන්න පුළුවන්. මහින්ද රාජපක්‍ෂ සතුරා යළි බලයට එන්න පුළුවනි. අතිගරු කුමාරයාණෙනි කරුණාකර අප ගැන සිතා මේ වාර්තාව එළිදැක්වීම කල්දාන්න’ කියලයි මංගල සමරවීර මහතා මෙම ලිපියෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් බැගෑපත්ව ඉල්ලා තිබෙන්නේ.

මේ බව තවදුරටත් තහවුරු වෙනවා, 2015-01-19 දින ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ශ‍්‍රී ලංකාව පිළිබඳ පළ වූ පහත ලිපියෙන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින රාජ්‍යතාන්ත‍්‍රික දූත සේවාවල නිතර වන බොහෝ නිලධාරීන් පරිශීලනය කරන පුවත්පත වන්නේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතයි. එම පුවත්පතට බොහෝ ලිපි සපයන්නෙත් විශ‍්‍රාම ගිය ඇමෙරිකානු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් සහ ඔත්තු සේවා නිලධාරීන් විසින් මෙම ලිපිය ලියා ඇත්තේ නිව්යෝක් සරසවියේ දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන රයන් ගුඞ්මන් මහතා විසින්.

‘දෙමළ කැරැල්ල 2009දී පාගාදමා ඉන්පසුව තම සහෝදරයා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස රදවා ගෙන ඒකාධිපතිවාදය කරා ගිය ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉවත් කර දැමීමට එහි ඡන්දදායකයෝ පියවර ගත්හ. එමගින් ඔවුන් තම රට පමණක් නොව ලෝකයම විමතියට පත් කළහ. මාධ්‍ය නිදහස, විනිශ්චයකරුවන්ගේ නිදහස, ආගමික නිදහස සහ සුළුතර ජනවර්ගවල නිදහස, යළි තහවුරු කිරීමට නව ජනාධිපතිවරයා ප‍්‍රතිඥා දී තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්, ජෝන් කෙරී ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්‍ෂකයින් පවසන්නේ මෙය ශ‍්‍රී ලංකාව තුළ නව යුගයක් ආරම්භ කිරීම සඳහා දශකයකට පසුව ලැබුණු වැදගත් අවස්ථාවක් බවය.’ කියමින් ඔහු ලිපිය අරඹා තිබෙනවා.
‘එබැවින් රාජපක්‍ෂ මහතා යළි බලයට පත්වීමේ තර්ජනය අතුගා දැමීම මගින් තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණය රැුක ගැනීමට තීරණාත්මකව ක‍්‍රියා කිරීම නව රජයේ යහපතට හේතු වේ. ගෝඨාභයගේ සහෝදරයා වන මහින්ද රාජපක්‍ෂ විසින් ප‍්‍රබල විපක්ෂයේ පාලනය සියතට ගැනීමට සමත් වුවහොත් මෙය සිදුවීමේ(ගෝඨාභය නැවත හිස එසවීමේ) නිසැක අවකාශයක් පවතියි.
දැන්ම රාජපක්‍ෂ මහතා කොන් කිරීම වැදගත් වන්නේ එහෙයිනි. යුද අපරාධ විභාග කිරීම සඳහා විදේශීය මැදිහත්වීම නැවැත්වීමේ අටියෙන් අපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයකට තමන් සූදානම් බව නව ජනාධිපති සිරිසේන මහතා පෙන්වා දී තිබේ. යම් යම් යුද අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශකයා විසින් පවසා තිබේ. සිවිල් යුද්ධය අවසන් දවසේදී සුදු කොඩි රැගෙන යටත්වීමට ආ කොටි නායකයින් හමුදා සෙබළුන් විසින් මරා දමන ලදැයි චෝදනා එල්ල වන සිදුවීම එබඳු එක් යුද අපරාධයකි. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශකයාගේ එම ප‍්‍රකාශය අතිශය වැදගත් කමක් සහිත එකකි. මන්දයත් බොහෝ ශ‍්‍රී ලාංකිකයන් දන්නා පරිදි සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද කොංග‍්‍රස් මණ්ඩලයට වාර්තා කළ පරිදි ‘‘උන් ඔක්කොම මරන්න ඕනෑ’’ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව එවකට සිටි හමුදා ප‍්‍රධානියා විසින් ප‍්‍රකාශ කොට තිබුණි. යුද අපරාධ අධිකරණය හමුවේ සාක්‍ෂි දීමට ද තමා සූදානම් යැයි ඔහු පසුව තවදුරටත් පැවසීය.’ මේ කියන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළිබඳවයි.

‘රාජපක්‍ෂ පාලනය අවසන් කිරීමේ මෙහෙයුම’

නැවත ශ‍්‍රී ලංකාව අස්ථාවර කිරීමේ මෙහෙයුමේ පූර්ව කොන්දේසියක් වුණා රාජපක්‍ෂ පාලනය අවසන් කිරීම. මේ බව ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ මෙහෙයුමෙහි නිරතව සිටි ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප්හි ප‍්‍රධානියා ඇලන් කීනත් ඉතා පැහැදිලිව 2013දී පවසා තිබුණා. ‘රාජපක්‍ෂ පාලනය අවසන් කරන තෙක් ඉවසන්න’ කියලයි ඔහු ඩයස්පෝරාවට පැවසුවේ. ඉන්දීය රෝ ඔත්තු සේවයට උපදෙස් දෙන අශෝක් මේතා මහතා සිය ලිපිවලින් කිහිප වරක් අනාවරණය කොට තිබුණා ‘රාජපක්‍ෂ පාලනය පෙරළීමට සිංගප්පූරුවේදී සහ ලංකාවේදී මා වසර 02ක් තිස්සේ විවිධ පුද්ගලයන් හමුව සාකච්ඡා කළා’ කියලා. ඒ වගේම එරික් සෝල්හයිම්, ජෝන් කෙරී වගේ අයත් කියනවා, ‘මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරලීමේ ගෞරවය අයිති අපටයි’ කියලා. ඉන්දීය ජනරජ දිනයේදී ඉන්දියාවට පැමිණි ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සිය කතාවේදී පැවසුවා ‘මියන්මාරයේ සහ ශ‍්‍රී ලංකාවේ සිදු කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී බල පෙරළිවලට සහාය දැක්වීම පිළිබඳව මා ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා’ කියලා.
මේ අනුව ඉතා පැහැදිලියි, දෙවන දෙමළ ඊළාම් මෙහෙයුම ආරම්භ කිරීමේ පූර්ව කොන්දේසිය ‘මහින්ද රාජපක්‍ෂ පාලනය පලවා හැරීම’ කියලා. නිකම් පලවා හරින්න බැහැ. ජිනීවාවලට සමූහ මිනිස් ඝාතන චෝදනාවක් රැගෙන එන්න ඕනෙ. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා රැගෙන එන්න ඕනෙ.
දැන් බලන්න, හිටපු අගවිනිසුරුවරිය ඉවත් කළේ ව්‍යවස්ථාවෙහි සඳහන් නිසි ක‍්‍රියාපටිපාටිය අනුගමනය කරලයි. ඒත් එය නීතියේ ආධිපත්‍යයට එල්ල කරන ලද ‘මරු පහරක්’ බවයි අද ජිනීවා යෝජනා ගෙන එන අය පෙන්වා දුන්නේ. ඒත් බලන්න මොහාන් පීරිස් හිටපු අගවිනිසුරුතුමන්ව ඉවත් කළ අන්දම. අගවිනිසුරුවරයකු ඉවත් කිරීමට අදාළව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති එක අකුරක්වත් නොතකා හරිමින් තමයි හිටපු අගවිනිසුරුවරයා කනෙන් අල්ලා එළියට දැම්මේ. එතුමා නැති වේලාවේ පුටුවේ වාඩි වුණා. එවැනි ජවනිකා දකුණු ඉන්දියානු චිත‍්‍රපටවල නම් තිබෙනවා. ඒකට බටහිරින් නිවේදන එනවා, ‘ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සුරැකීමට ගත් පියවර අපි බෙහෙවින් පැසසුමට ලක් කරනවා’ කියලා.
රාජපක්‍ෂ පාලනය එලවීම රනිල් වික‍්‍රමසිංහට තනිවම කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒකට රතු අලි පැටියාගේ, හෙළ බොදු අලි පැටවුන්ගේ, සෝභිත හාමුදුරුවන්ගේ, සරත් විජේසූරිය වැනි නානාප‍්‍රකාර විදග්ධයන්ගේ උදව් ඕනෙ වුණා. රාජපක්‍ෂ පාලනය පලවා හැරීම රසවත් දෙයක් බවට පත් කිරීමට මේ අය හොඳ හැටි රස කාරක දැම්මා. අවසානයේදී මේ අය එකතුවෙලා රාජපක්‍ෂ පාලනය පන්නා දැම්මා. දැන් බලන්න පරාජයට පත් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ඒ මතවාදය දරන පිරිස විතරනේ. දැන් අනෙක් අය 08 වැනි පාර්ලිමේන්තුවේ අටවපු ආණ්ඩුවේ ඉන්නවානේ. ජාතික ආණ්ඩුවක් යැයි කියා ගන්නා දෙමුහුන් ආණ්ඩුවක් හදලා අද 2/3කුත් හදාගෙන තිබෙනවානේ. ‘යහපාලනය’ විසින් පරිභවයට ලක් කළ අයත් අද ඇමති මණ්ඩල සමූහ ඡායාරූපයේ ඉන්නවානේ. හොරු ඇල්ලීමේ මහා වීරයා, රන්ජන් රාමනායක සමග මීගමුවේ මන්ත‍්‍රී ලන්සා එකට ඉන්නවානේ. දැන් පැහැදිලිව පෙනෙනවානේ, තමුන් එතනෝල්කාරයෝ, කුඩුකාරයෝ කියපු අය නොවෙයිනේ සැබෑ ප‍්‍රශ්නේ වෙලා තිබුණේ කියලා. ඒවා බොරු ප‍්‍රශ්න විතරයි. එහෙම නම් ජනවාරි 08 වැනිදා ආරම්භ කරන ලද අගෝස්තු 17 වැනිදා තහවුරු කරන ලදැයි කියන ‘දේදුනු විප්ලවයෙන්’ කුමක්ද සිදු කරලා තියෙන්නේ? බටහිරට, ඩයස්පෝරාවට එලවා ගන්න ඕනෙ වුණු රාජපක්‍ෂ බලවත් ජනාධිපතිවරයාගේ ග‍්‍රහණයෙන් රාජ්‍යය නිදහස් කර ගැනීම.

‘මෙලොව නොතේරෙන පඹයෝ’

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යම් රටකට එරෙහිව යෝජනාවක් සම්මත කළාට ඒ රට බැඳී නැහැ එම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට. ඕනෙ තරම් යෝජනා තිබෙනවා ඔවුන් සම්මත කළාට අදාළ රටවල් ගණන් නොගෙන සිටින. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බැහැ රටකට එරෙහිව සම්බාධක පැනවීමට. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාම කියනවානේ ‘අපි රෝම ප‍්‍රඥප්තියට අත්සන් කරලා නැහැ. ඒ නිසා අපිව අන්තර්ජාතික අපරාධ අධිකරණයට රැගෙන යන්න බැහැ’ කියලා. යුද අපරාධ පිළිබඳ ක‍්‍රියාදාමය ලෝකය තුළ ක‍්‍රියාත්මක වෙලා තිබෙනවා ආකාර තුනකට. රෝම ප‍්‍රඥප්තියට අත්සන් කළ රටවල නායකයන්ව, හමුදා නිලධාරීන්ව අන්තර්ජාතික අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්න පුළුවන්. අනෙක් ක‍්‍රමය තමයි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය විසින් ගනු ලබන තීරණයක් අනුව යම් රටක් යුද අපරාධ අධිකරණයකට ඉදිරිපත් කිරීම. නමුත් එවැනි යෝජනාවක් අප වැනි රටවලට එරෙහිව ආරක්‍ෂක මණ්ඩලයට ආවාම චීනය හා රුසියාව විරුද්ධ විය හැකි නිසා එයත් සාර්ථක වීමට ඇති ඉඩකඩ අඩුයි. තුන්වැනි ක‍්‍රමය තමයි අදාළ රටේ එකගතාව අනුව එවැනි අපරාධ අධිකරණයක් පිහිටුවීම. කාම්බෝජයේ ඒක කළා. නමුත් ඒක කළේ පොල්පොට්ගේ ක‍්‍රියාකාරීත්වය හොයන්න. සියෙරා ලියෝන්වල මේ දෙය කළා. සියෙරා ලියෝන් කියන්නේ, සම්පත් කොල්ල කෑමට භාජනය වූ අසමත් රාජ්‍යයක්. ඒ වගේ දුර්වල රටක කැමැත්තෙන් එවැනි අධිකරණයක් පිහිටුවලා තියෙනවා. ශ‍්‍රී ලංකාව තුළත් අද මේ පණ ගැන්වෙන්නේ මේ තුන්වැනි ක‍්‍රමයයි. එය කළ හැක්කේ අදාළ රටේ එකගතාවයෙන් පමණයි. මේ ආණ්ඩුව අද සිදු කර ඇත්තේ එකගතාව ලබාදීම. ශ‍්‍රී ලංකා රජය එකග නොවන්නේ නම් මානව හිමිකම් කවුන්සිලය කවර යෝජනා සම්මත කළත් එහි නීත්‍යනුකූල හමුදාවන්ට එරෙහිව විශේෂිත අධිකරණයක් පිහිටුවලා නඩු අහන්න බැහැ. අද මේ යෝජනාව එන්නේ එක්සත් ජනපද - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවක් විදිහටයි. රාජපක්‍ෂ පාලනය තිබුණා නම් තුන්වැනි ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට හැකි වන්නේ නැහැ. ඒ නිසා මේ තුන්වැනි ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්නත් රාජපක්‍ෂ පාලනය එලවලා එලොව, මෙලොව නොතේරෙන පඹයෝ පුටුවල වාඩි කරන්න ඕනෙ වුණා.

ශ‍්‍රී ලංකා සන්නද්ධ හමුදාවලට එල්ල කොට ඇති චෝදනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවෙන් ශ‍්‍රී ලංකා සන

වර්තමානයේ පවතින දේශපාලන  ඊනියාව  තුලින් රට යන මග පිළිබද නිසි තොරතුරු එසැනින් දැනගන්න පිවිසෙන්න
Facebook -www.facebook.com/sriavtvnetwork
Twitter -www.tiwtter.com@sriavtvnetwork
Youtube - www.youtube.com/sriavtvnetwork
Blogspot -  www.sriavtvnetwork.blogspot.it
Google+ - www.plus.google.com/sriavtvnetwork

තව කෙනෙකුට බලන්න share කරන්න
page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා හරි.....
ℓιкє ✔ тαg & ✔ ѕнαяє. තව කෙනෙකුට කියවන්න Share කරන්න

Copyright © 2012 Sri Av Tv Network