ආණ්ඩුවේ උවමනාවට එක්නැලිගොඩ ඝාතනයට ගෝඨාභය කොටු කරගැනීමේ රහස් පොලිස් වෑයමක්
ආණ්ඩුවේ උවමනාවට එක්නැලිගොඩ ඝාතනයට ගෝඨාභය කොටු කරගැනීමේ රහස් පොලිස් වෑයමක්
රහස් පොළිස් පරීක්ෂක ශානි අබේසේකර වර්තමාන ආණ්ඩුවේ උවමනාවට ගෝඨාභය රාජපක්ෂ මහතා මිනීමැරුම් චෝදනා එල්ල කිරීමේ අරමුණින් රණවිරුවන් ලවා අත්සන් කරගැනීමට නියමිත පාවාදීමේ ලියවිල්ල හා සම්බන්ධ කුමණ්ත්‍රණයක් ගැනඊයේ 2015.12.21 දින පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා හෙළි කළේය.
මේ ආණ්ඩුව ඉතාමත් ලැඡ්ජාසහගත ලෙස අපේ බුද්ධි අංශ හා හමුදාව පාවාදෙන ආකාරය පිළිබද හෙළිදරවු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මම නීතිඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහටත් මට හිමි වරප්‍රසාද අනුව දැනට බන්ධනාගාර ගතකර සිටින ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීමට සම්බන්ධයැයි චෝදනා ලබන බුද්ධි අංශ නිළධාරීන් හමු වුනා. දැනට ඒ චෝදනාව යටතේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ වීරසේකර, සාජන් මේජර් උපසේන, ක්‍රෝප්‍රල් රූපසේන යන රණවිරුව්න සිව්දෙනා රදවාගෙන ඉන්නවා.
ඉතා වගකීමෙන් කියන්න ඕනි මේ නිලධාරීන් හතර දෙනාම ප්‍රගීත් එක්නැලිගොඩ කියන පුද්ගලය ඇස් දෙකෙන්වත් දැකල නෑ. මේ අයගෙ කතාව ඉතාම දුක්බරයි. කොටින්ගේ බුද්ධි අංශය වන ටොසී බුද්ධි අංශයේ සිංහල කොටින් අතර සම්බන්ධීකරනය භාරව සිටිය තවෙන්ද්‍රන් නැමැත්තා හමුදාවට භාර වුනාට පස්සේ ඔහු පිළිබදව කටයුතු කරන්න ඔහුගෙන් තොරතුරු ලබාගෙන කොටි බුද්ධි අංශයයේ අනික් අය ගැන අනාවරණය කරගන්නට භාරව තිබ්බේ බුද්ධි අංශ නිලධාරීන්ට. මේ සිංහල කොටින් අතර හිටිය රංජිත් නැමැත්තා ප්‍රගීත් එක්නැළිගොඩ විදිහට පිලිගන්න ලෙස මේ නිලධාරීන්ට අද පොලිසියෙන් දැවැන්ත බලපෑමක් එල්ල වෙනවා.
මේ අය හදාගෙන තියෙනව ලස්සන කතාවක් . අර පින්තූර ප්‍රෙහ්ලිකාවල වගේ . මේ එක එක නිලධාරීන්ට ප්‍රකාශ කිරීමට වෙන වෙනම කතා හදල දීල තියෙනවා. මේ කතා හතර එකතු කලාම කියවෙන්නේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්නගේ නියෝගය මත අනික් නිලධාරීන් එකතුවෙලා ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කලා කියන්න ඕනි. එතකොට ශම්මි කරුණාරත්න කියන්න ඕනි ගොඨාභය රාජපක්ෂ මහතා මට දුරකතනයෙන් දුන්නු උපදෙසක් මත තමයි මම මේ දේ කලේ කියල.
ලුතිනන් කර්නල් ප්‍රබෝධය විරසේකර එක්නැලි ගොඩ අතුරුදහන් වුනා කියල කාලය පුරාම කුකුලේ ගග නේවාසික පුහුණුවක ඉදලා තියෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීමේ කිසිම පදනමක් නෑ. මේ නිලධාරියාට සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර කියනවා. ඔබ කිසි වරදක් කරලා නෑ ඔබව අපිට රදවා ගෙන ඉන්නට බෑ. ඔබගේ ප්‍රකාශය අපි හදලයි තියෙන්නේ ඔයා තියෙන්නේ අත්සන ගහන්න හෙට ගෙදර මේ වගේ සැම නිලධාරියෙකුගේම ප්‍රකාශයන් හදලා තියෙන්නේ. ඔයගොල්ල මේ අත්සන ගහල ගෙදර යන්න. මේ අපේ ප්‍රකාශයට අත්සන් නොකලොත් කවදාවත් ගෙදර යන්න වෙන්නේ නෑ. කවුද මේ කියන්නේ සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර.
එතකොට මේ ප්‍රකාශයට අත්සන් කරන් කැමති වේච්ච සජන් මේජර් රන්බණ්ඩා අද නිදහස් වෙලා ගෙදර ගිහින් තියෙනවා. මේ රටේ ජනතාවගේ හිතේ ජාතික විරයෙක් විදිහට සනිහිටුවන් වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කරලා එතුමාව විනාශ කරන එක ජාති ජාතිත් පඩිසන් දෙන පාප කර්මයක්ය කියලා මේ නිලධාරින්ට හිතෙන නිසා අනන්ත දුක් විදිමින් තමත් හිරකුඩුවේ ඉන්නවා මේ ප්‍රකාශය අත්සන් නොකර.
දැන් මොකද වේලා තියෙන්නේ පොලිසියේ උප පොලිස් පරික්ෂක ප්‍රේමතිලකත් සැරයන් මෙන්ඩිස් කියන දෙදෙනා සාජන් මේජර් උපසෙන, ක්‍රෝප්රල් රුපසේන, ගොල්‍ෆොස් ගිරින් කැබින් (Golface green cabin) එකට අරන් ගිහිල්ලා හොදටම බොන්න දිලා මොකටද හිරේ දුක් විදින්නේ කියලා බලපැම් කරලා මේ ප්‍රකාශයට අත්සන් කරන්න කියලා බලපැම් කලා. මේ නිලධාරින් මත් වුනත් තමන්ගේ දේශප්‍රේමිත්වයත් අවංක භාවයත් පවා දුන්නේ නෑ. ඊට පස්සේ හිරේ ඉන්න නිලධාරින්ගේ බිරින්දැවරුන්ට බලපැම් කරනවා. ඔයාගේ මහත්තයාට පිස්සු මෙහෙම හිටියොත් ඩි.අයි.ජි වාස් ගුණවර්ධන එල්ලුම් ගහට යැවුවා වගේ ඔයගෙ මහත්තයත් අපි එල්ලුම් ගස් යවනවා. ඔයාගේ මහත්තයා ඔයාට දරුවන්ට ආදරේ නැද්ද? මෙන්න මේක අත්සන් කරලා ගෙදර එන්න කියන්න. මේ වගේ දේ කියලා රැට රැට දුරකථනයෙන් කතා කරලා බලපැම් කරනවා. පැහැදිලි වෙන මේ ආණ්ඩුවේ දුෂ්ඨ අරමුණු දෙකක් එළියට එනවා. එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශ්‍ය ජනප්‍රියතාව මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් සේ දැනුනු නිසා එතුමාගේ චරිත ඝාතනයක පොලිසිය යොදා ගෙන මේ ආණ්ඩුව යෙදනවා. අනිත් එක තමයි එක්නැලිගොඩගේ සැබැ ඝාතකයා සගවා තැබිමට මේ ආණ්ඩුව උත්සහ කරනවා කියලා මේ බොරු ලියන්න කියන්න කරන මේ බලපැම් වලින් පෙනවා. එක නිසා ප්‍රගිත් එක්නැලිගොඩගේ සැබැ ඝාතකයා මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ද කියලා අපිට හිතෙනවා. අපි මේ ආණ්ඩුවට කියන්නේ රණවිරුවන් තමන්ගේ ජිවිත පරදුවට තියලා අපේ ජිවිත බේරා ගන්න. එනි අපි ඉහලම ගෞරවයෙන් සලකන්න ඔනේ නැතුව තිරිසන් සතුන්ට වගේ සලකන්න එපා කියලා අපි කියන්න කැමතියි. රණවිරුවන් බිල්ලට දිලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න එපා. මේ රණවිරුවන්ට කරන අපරාධයට මේ රටේ ජනතාව කවමදාවත් සමාව දෙන්නේ නෑ කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.
අපිට මතකයි චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතිතුමා ඝාතනය පිටුපස විජය විමලරත්න සෙන්පතිතුමා හිටියා කියලා ඔය වගේම කතාවක් ගොඩනගලා, කොමිසමක්දලා දේශප්‍රේමි කියලා ජනතාව හිතාගෙන හිටිය විජය විමලරත්න සෙන්පතිතුමා කිරිබත්ගොඩ තිබුණු පිලිමයත් කඩලා දැම්මා. අවසානයේ පාපෝච්චාරනයෙන් ඔප්පු වුණා මේ ඔක්කොම ගොතපු කතාවක් කියලා. එදා චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කරපු ජාතික අපරාධය නැවත කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
මේ රණවිරුවන් අද මානසිකව හොදටම කඩාගෙන වැටිලා. කෙසග වෙලා. හඩා වැටෙමින් කියුවා අනේ සර් අපි ජිවිතය පරදුවට තිබ්බේ ත්‍රස්ථවාදවට එරෙහිව සටන් කරන්න. අද අපි අත්අඩංගුවට අරන් තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ත්‍රස්තවාදයට සහය දුන්නා කියලා. රණවිරුවෙකුට මිට වඩා අපහසයක් කරන්න පුළුවන්ද? අපි අහන්නේ ජනවාරි 08 අපිට පොරොන්දු වුණේ මේ වගේ යහපාලනයක්ද? මෛත්‍රී යුගය මේක ද? මේ වගේ තුච්ච පාලනයක් ලොකයේ කොහෙවත් බිහිවෙලි නෑ. මම වගකීමෙන් කියනවා ඉඩියමින් මිට වඩා හොදයි කියලා. ඉඩියමින් තමන්ගේ හමුදාව මේ වගේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න පාවිච්චි කළේ නෑ. අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි රණවිරුවන්ට අත තියනවා කියන්නේ පනයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා.
ඩොලරයි රුපියලයි සමාන කරන අකාරය උදය හෙළිකරයිඅපි දැක්කා පහුගිය අයවැය ඉහලින්ම සම්මත කරගත්තා කියලා ආණ්ඩුව පාරම්බානවා. මිත්‍රවරුනේ සම්මත කරගන්න අයවැයක් තිබුනේ නෑනේ තුනෙන් දෙකක් ලැබුණා නමුත් අයවැය කියන්නේ ඉදිරි වසරේ අපේ රටේ ආර්ථිකය තිරනය වන හැටි දක්වලා අයවැය ඉදිරිපත් කරලා අපි දින 12ක් විවාදය කලා. ඡන්දය විමසුවා. දෙවැනි වතාවේ දින 17ක් විවාදය කරලා ඡන්දය විමසුවා. අමවය සම්මත වෙන්න දෙපාරක් අත උස්සන්න ඔනේ එකම පිරිස එකට හේතුව තමයි හොදට හිතලා මතලා අත උස්සන්න ඔනේ රටේ ඉරනම තිරණය වන නිසා. නමුත් මෙවර අයවැය මුලින්ම මුදල් ඇමතිවරයා වෙනස් කලා. ඊළගය ජනධිපතිතුමා, අගමැතිතුමාත් වෙනස් කලා මුදල් ඇමතිතුමා හිත හදා ගත්තා කමක් නෑනේ මට වැඩිය උඩින් ඉන්න අයනේ කියලා. ඊට පස්සේ ඇමතිවරුත් අයවැය වෙනස් කරන්න පටන් ගත්තා. නවින් දිසානායක ඇමතිතුමා ඇවිත් කියනවා තේ කර්මාන්තයට අපි පොහොර සහනාධාරය දෙන්න තීරණය කලා කියලා. දුමින්ද දිසානායක ඇමතිතුමත් කියනවා අතිරේක බෝග වලටත් අපි පොහොර සහනාධාරය දෙන්න තීරණය කලා කියලා. කැබිනට් ඇමතිවරුනම් කමක් නෑ රවි කරුණානයක ඇමතිතුමාට හිත හදා ගන්න පුළුවන් අනේ ඉතින් මගේ කැබිනට් සගයොනේ කියලා. රජ්‍ය ඇමති ඩිලාන් පෙරේරාත් අන්තිම සිකුරාදා අයවැය සංශෝදනය කරන්න ගත්තා. යොජනා 18ක් අපි වෙනස් කර ගත්තා කියලා කියුවා. මේකෙන් මොක්ද කියවෙන්නේ ඇමති මණ්ඩලයියි, ජනාධිපතිතුමයි කියනවා විරුද්ධව අත උස්සපු අය හරි කියලා. එහෙම තියෙද්දිත් එකසිය ගානක් එකසිය හැටක් පමණ මට මතක විදිහට පක්ෂව ඡන්දය දුන්නා. හැබැයි මේ අය පක්ෂ වුණේ මොකටද කියලා දන්නේ නෑ. අයවැය පියවන විදිහ අයවැය යොජනා ජනවාරි මසයේ ඉදිරිපත් කරනවා කියලා අගමැතිතුමා මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ වගේම අද ශ්‍රි ලංකාවේ රුපියල වේගයෙන් පහලට බහිනවා එක ඩොලර් එකක් රුපියල් 146 දක්වා මේ වන විට පත් වෙලා තියෙනවා. මේ රුපියල දිගින් දිගටම අවප්‍රමානය විම නිසා රුපියල ස්ථායි කරනය කිරීම ආණ්ඩුවේ වගකීමක් නේද කියලා ඇහුවම ආණ්ඩුව කියනවා හොදයි කියලා අර ඔරුව පෙරලුනාම හොදයි කියනවා වගේ. රුපියල අව ප්‍රමානය වේද්දි අපනයන දිරිමත් වෙලා ආනයන ධෛයිරමත් වෙනවා හරිම හොදයිනේ කියලා. මේක ඇත්තනම් අපි ආණ්ඩුවෙන් අහනවා 1977 දී ආණ්ඩුව බාර ගද්දි ඩොරලයට ගෙයුවේ රුපියල් 08යි. අද 146යි. මට පේන විදිහට විසි ගුණයකින් විතර රුපියල අවප්‍රමානය වෙලා තියෙනවා. අපනයන ආදායම වැඩිවෙලා ආනයන වියදම අඩු වෙනවා නම් 1977 දී අපේ අපනයන ආදායම ආනයන වියමදට වඩා වැඩියි. රවි කරුණානායක ඇමතිතුමා කියන කාරනය ඇත්ත නම් අපගේ අතිරික්තය විසි ගුණයකින් පමණ වැඩි වෙලා තියෙන්න ඔනේ. හැබැයි වෙලා තියෙන්නේ අපනයන වගේ දෙගුණයකට වඩා ආනයන වියදම වැඩි වෙලා අතිරික්ක වෙළද හිගයක් බවට පත්වෙලා තියෙනවා. පහුගිය අවුරුදු වලින් අපිට පෙන්නනවා අපනයන වැඩි වෙලා ආනයන අඩු වුනා කියලා ප්‍රශ්නය විසදෙන්නේ නෑ කියලා.
රුපියල අව ප්‍රමානය වන එක නතර කර ගන්න ඔනේ කොහොමද කරන්නේ ආණ්ඩුවට උත්තරයක් නෑ මට නම් තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ හිත මිත්‍ර බැරුක් ඔබාමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඇමරිකාවේ භාණ්ඩාගාරික ලේකම් තනතුරට රවි කරුණානායක ඇමතිතුමාව පත් කරන් කියලා එතකොට ඩොලරය අව ප්‍රමානය වෙන්න පටන් ගන්නවා. අපේ රුපියල අවප්‍රමානය වන එක නවතිනවා අවුරුදු පහකට ඇමරිකාවේ භාණ්ඩාගාරික ලේකම් තනතුරට රවි කරුණානායක ඇමතිතුමාව පත් කරගන්න පුළුවන් වුනොත් රුපියල සමානයි ඩොලර් එක වෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. ගරු අගමැතිතුමනි හිත මිත්‍ර බැරුක් ඔබාමා ජනාධිපතිතුමාගෙන් රවි කරුණානායක ඇමතිතුමාට මේ තනතුර ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ඩිලාන් පොරේරාට ධූර ශෝකයක්
මගේ හිතමිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතිතුමා මේ දවස් වල අපිට තොලතොංචියක් නැතුව අපිට බනිනවා. එවට මම අද උත්තර දෙන්නේ නෑ. ඩිලාන් පෙරේරා ඇමතිතුමා බෝහෝ කාලයක් කැබිනට් ඇමතිධුරයක් දරපු කෙනෙක් අද අර ලක්ෂමන් කිරිඇල්ල කියන නවක ඇමතිතුමාගේ රාජ්‍ය ඇමති බවට පත්වෙලා තියෙන්නේ. එතුමාට කියෙනවා ධූර ශෝකයක්. ධූර ශෝකය යනු තමන් බලාපොරොත්තු වනු
ධූරය නැතිවුන විට ඇතිවන දුක. ඉතින් ජනාධිපතිතුමාගේ හිත දිනාගෙන රාජ්‍ය ඇමතිකම කැබිනට් ඇමතිකමක් කර ගන්න මට බනිනවා. මට බැනලා කැබිනට් ඇමතිකම ගන්න මම බැනුම් අහන් කැමතියි එහෙම අරගෙන හරි ඔය තියෙන ධුර ශෝකය නැති කර ගන්න.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න